03
Feb

‘මංගල .තෑග්ග‘දෙවෙනි කොටස සනත් අතින් ටෙලියකට

මීට දශක තුනකට ඉහත සනත් ගුණතිලක ප්‍රධාන චරිතය රඟ පෑ ‘ මංගල තෑග්ග‘ චිත්‍රපටයේ දෙවෙනි කොටස ටෙලි නාට්‍යයක් ලෙසින් මේ දිනවල සනත් අතින් නිර්මාණය වෙමින් පවතී.
එකල පැවති සිනමා සම්මාන උළෙල කිහිපයකින් සම්මානයට පාත්‍ර වූ සහ විවිධ විචාරක අවධානයට හසුවූ එච්. ඩී ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ දෙවෙනි කොටස සනත් ටෙලි නාට්‍යයක් ලෙසින් නිර්මාණය කරනුයේ එදා රංගනයට එක් වූ නළු නිළියන් එකතු කරගෙනය.

එදා මංගල තෑග්ග චිත්‍රපටයට රංගනයෙන් එක්වූ රවීන්ද්‍ර රන්දෙනියල ශ්‍රියන්ත මෙන්ඩිස්ල ජයලත් මනෝරත්නල සනෝජා බිබිලේල රමනී සිරිවර්ධනල සිරිල් වික්‍රමගේල මැණිකේ අත්තනායක ඇතුළු රංගන ශිල්පීන්ගේ සුවිශේෂී දායකත්වය මේ සඳහා සනත්ට ලැබෙයි

මංගල තෑග්ග ටෙලි නාට්‍යය : මෙගා නොවන- තිර රචනය හා අධ්‍යක්ෂණය සනත් ගේම වන අතර ඔහු එහි රඟ පෑ ‘ චන්දන‘ ගේ චරිතයද ඔහු විසින්ම රූපණය කරයි. මේ නිර්මාණය සඳහා ‘ මංගල තෑග්ග‘ චිත්‍රපටයේ මුල් අයිතිකරු වන මිය ගිය එච්. ඩී ප්‍රේමරත්න මහතාගේ සොහොයුරු එච්. ඩී සුනිල් ගේ සහ ප්‍රේමරත්න මහතාගේ පුත් රංග ප්‍රේමරත්න ගේ කාරුණික අනුග්‍රහය සහ ආශිර්වාදය සනත්ට ලැබී ඇත.

ටෙලි නාට්‍යෙයහි නව නිෂ්පාදන කටයුතු සඳහා තවත් ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන් රැසක් සහ ජනප්‍රිය නවක චරිත රැසක්ද සම්බන්ධ වෙති
පසුගිය දිනක එහි ආරම්භක රූ ගත කිරීම් සිදුවුණ අතර මේ දිනවල එය උස්වැටකෙයියාවල වත්තල අවට රූගත වෙමින් කෙරේ.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday48
mod_vvisit_counterYesterday456
mod_vvisit_counterThis week504
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month14154
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2127657

Follow us on Facebook

Online Users

We have 4 guests online