05
Feb

ජෝ - නිසල දිය පොකුණක්          

නිම්මි - ලාවා ගලන ගිනි කන්දක්

- ප්‍රසන්න විතානගේ

prasanna-withanage

ප‍්‍රසන්න විතානගේ ලංකාවේ සිටින අතිශය ප‍්‍රතිභාපූර්ණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. නිර්මාණය කරන ලද සියළුම චිත‍්‍රපට සඳහා එතෙර, මෙතෙර සම්මාන දිනා සිටින ඔහු තම නවතම නිර්මාණය වන ඔබ නැතිව ඔබ එක්කඔබ හමුවට ගෙන ඒමට සූදානමින් සිටිනවා. තම නිර්මාණවල නළු නිළියන් මෙහෙ යවීමේ දී ඔවුන්ගේ රංගනය උපරිම ලෙස ඉස්මතු කරගන්නට යොදන උපක‍්‍රම පිළිබඳව ඔහු ප‍්‍රකාශ කරන අදහස් පිළිබඳව අපි අවධානය යොමු කරමු.

 මගේ මුල්ම චිත‍්‍රපටය සිසිල ගිනිගනීප‍්‍රධාන චරිත සඳහා තෝරාගත්තේ එවකට ජනප‍්‍රිය තරුවක් සහ තාරකාවියක්. සනත් වගේම සබීතාත්ඒ කාලෙ බොහොම ජනප‍්‍රිය චරිත දෙකක්. සබීතා හමුවන්නට ඇගේ නිවසට ගිය විටදී ඈ මා ඉදිරියේ හැසිරුණේ ඒ ජනප‍්‍රිය තාරකාවිය ලෙස නොවෙයි. ඇය හමුවූ මොහොතේ ඇගෙන් දුටු බාහිර ස්වරූපය නිසා ඇයට මේ චරිතය කරන්නට පුළුවන් යැයි විශ්වාසයක් මා තුළ 

Sisila-Gini-Ganiගොඩනැගුණා. නළු නිළියන්ගෙන් සාර්ථක චරිත නිරූපණයක් ලබා ගැනීමේදී මං බොහෝ විට සාහසික වුණා. එහිදී මා ඔවුන්ගේ ජීවිතය ඇතුළේ මතක ගබඩාවන් හාරා අවුස්සනවා. සිසිල ගිනි ගනී චිත‍්‍රපටයේ එක් දර්ශනයක් රූපගත් කරන්න ගිය අවස්ථාවේදී මට අවශ්‍ය රංගනය ලබා ගැනීම සඳහා උපක‍්‍රමශීලී ලෙස සියලූම ශිල්පීන් දර්ශන තලයෙන් ඉවත් කොට, මා සබීතාට ළංවී, වරක් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇයට එල්ල වූ චෝදනාවන් නිසා විඳින්නට වූ පීඩාව ගැන හාරා ඇවිස්සුවා. එහිදී ඇය තමන් අත්විඳි පීඩාව ඇගේ මුහුණේ සටහන් වුණා. ඉන්පසු මා රූපගත කිරීම ආරම්භ කළා. ඇය තම මතක ගබඩාව තුළ තිබූ පීඩාව පරිකල්පනීය අවස්ථාවක් හැටියට මනාව නිරූපණය කළා.

 සනත් ගුණතිලක, හැරිස් මාකලන්ද ලෙසට ම චරිතයට පණ දීමේදී එවකට නළුවකු ලෙස ඔහු තුළ තිබූ වීරත්වය මු`ඵමනින්ම අමතක කොට ඒ දේශපාලනඥයාගේ අඳුරු චරිතය හරිහැටි බදා වැලඳගත්තා. සනත් එහිදී මා ඉල්ලා සිටි දෙය ඔහුගේ ජීවිතයේ කොටසක් ලෙසට මට මැනැවින් ප‍්‍රදානය කළා. ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය වෙලා තිබුණේ ඒ අඳුරු චරිතය සියුම් ලෙස රඟපෑමක් නොවන අයුරින් සනත්ගෙන් මතුකර ගැනීමටයි.

 අනන්ත රාත‍්‍රියචිත‍්‍රපටයේ සුවිසල් ලෙස තෝරාගත් රවීන්ද්‍ර රන්දෙණියටතිබුණේ එම චරිතය අතීතයේදී සිදුකළ වරදක් නිසා වර්තමානයේ ඔහු තුළ පවතින පශ්චාත්තාපයත්, හෘද සාක්‍ෂියත් නිසා ආධ්‍යාත්මිකව වැළපෙන ඉහළ මධ්‍යම පාන්තිකයකුගේ භූමිකාවක් නිරූපණය කිරීමටයි. සුවිසල් තුළ පවතින උභතෝකෝටිකය මනා ලෙස නිරූපණය කොට තමන්ගේ තාරකා ප‍්‍රතිරූපයෙන් මිදී එය ජයගන්නට රවීන්ද්‍රට හැකි වුණා. රූපගත කිරීම්වලට කලින් අපි දින ගණනක් එවැනි චරිත ගැන දීර්ඝ වශයෙන් කතා කළා. එම නිසා දර්ශන තලයේදී ඔහු මෙහෙයවන්න සිදුවුණේ අඩුවෙන්.

ananatha rathriya

ස්වර්ණා මල්ලවාරච්චිඇගේ ශරීර විලාසිතාවන්, ජීවන විලාසිතාවන්, ඇගේ නිදහස්ශීලී ජීවිතය තුළින් මතුකරගත් සාම්ප‍්‍රදායික බැඳීම්වලින් තොර නිළියක්. අනන්ත රාත‍්‍රියචිත‍්‍රපටයේ පියුමිගේ චරිතයට මා තිර පිටපතින් ලබාදුන් අදීනත්වයට වඩා වැඩි යමක් ස්වර්ණා විසින් ඇගේ රංගනයෙන් මතුකොට තිබුණා. ඒ බව චිත‍්‍රපටයේ සංස්කරණ ශිල්පි ලාල් පියසේනට මටත් වඩා හොඳින් තහවුරුවුණේ සංස්කරණ මේසයේදී.

ජෝ අයියාට තමන්ගේ ජීවිතය කියවා ගන්නවාට වඩා සූක්‍ෂම ලෙස පරිසරය කියවා ගැනීමේ හැකියාවක් තිබුණා. පුරහඳ කළුවරචිත‍්‍රපටයේ දෑස් අඳ වන්නිහාමි කටුමැටි නිවෙස ඉදිරිපිට වාඩි වී සිටින්නේ නිකම්ම නොවේ. තම පුතාගේ වියෝව, ඔහු මියගිය බව විශවාස නොකිරීම ඇතුළුව ඔහුගේ ආධ්‍යාත්මිකව කැකෑරෙන සංවේදනයන් කිසිදු අංගචලනයකින් තොරව ඔහු ඒ අවස්ථාවේදී මුහුණෙන් මුදා හැරියා. මෙහිදී මට මතක් වෙනවා එලියාකෂාන්නැමැති ඇමෙරිකානු අධ්‍යක්‍ෂවරයාගේ කියමනක්. ඔහු හඳුන්වන්නේ විශිෂ්ඨ නළුවකු, මුනිවරයකු ලෙසටයි. ඔහු සමීපතමයකුටවත් නොකියන රහස් තම රංගනය තුළින් ලෝකයට විවෘත කරනවා. ඒ හරහා මනුෂ්‍යත්වය දැකීමට සලස්වනවා. ජෝ එබඳු න`ඵවෙක්. ඔහු වන්නිහාමිගේ චරිතය තුළින් තමන්ගේ ජීවිතය එළියට දුන්නා. ඔහුගෙන් ලබා ගන්නවාට වැඩි දෙයක් ඔහු මට ප‍්‍රදානය කළා.

purahada2ජෝ අබේවික‍්‍රමයන්නිසල දිය පොකුණක් නම් නිම්මි හරස්ගමකියන්නේ ලාවා ගලන ගිනිකන්දක් වගේ. ඉර මැදියමචිත‍්‍රපටයේ, චමරිගේ චරිතය තුළින්, ඇය එම චරිතය අභ්‍යන්තරය තුළ සැවී ගත් ආතතිය, බාහිර චලන මගින් ඇගේ හැම ඉරියව්වකින්ම මතු කළා.

රංගනයට එක්වීමට පෙර තිර රචනය කියැවීමේදී ඇය එහි දෙබස් සියල්ලම ඉංග‍්‍රීසි අකුරෙන් ලියා ගත්තා. ඊළ`ගට දර්ශන තලයට යන්නට පෙර ඇය ඒ සෑම දෙබසක්ම නිවැරැුදිව උච්ඡුාරණය කරමින්, දෙබස්වලට අදාළ කොටස් ර`ගපා පෙන්වූවා. කඳු`ඵ උණන තැන්වලදී ඇය කඳුළු සැලූවා. රූපගත කිරීම්වලදී මා බොහෝවිට කළේ ඇගේ ඇතැම් භාවයන් පාලනය කරමින් නාට්‍යාතිශය තත්ත්වයකින් මතුවීම වැළැක්වීම පමණයි.

ඉර මැදියම චිත‍්‍රපටයේ පීටර් අල්මේදා පුවත්පත් කලාවේදියා ලෙස කළ රංගනය මා උකහා ගත්තේ ඔහුගේම  ඉදාහ ක්බටම්ටැ එක තුළින්මයි. ඔහු බොහෝ දේ අත්දැකීමෙන් හඳුනාගෙන සිටියා. ඔහුගේ සමාජ භාවිතය එම චරිතය නිරූපණය කිරීමේදී ඔහුට වැදගත් වුණා. ඉතින් මම කළේ ඔහුවම එම චරිතය සඳහා භාවිත කිරීමයි. එම චරිතයට සුදුසු වෙනත් රංගන ශිල්පියෙකු ගැන මට හිතාගන්න බෑ. ඔහු ඒ චරිතය නිරූපණය කරන්න බෑ කීවා නම් මගේ මු`ඵ චිත‍්‍රපටයම අසාර්ථක වෙන්නත් තිබුණා.

ආකාස කුසුම්චිත‍්‍රපටය ගැන මුලින්ම මාලනී ෆොන්සේකාටඅදහසක් දැම්මේ 1993 දී. ඒත් සන්ධ්‍යාරාණිගේ චරිතය, මාලනීගේම චරිතය හැටියට ප්‍රෙක්‍ෂකයා තේරුම් ගනීවි යැයි කියා ඇය ඊට අකමැති වුණා.ira-madiyama

2007 දී මාලනී කිසියම් රෝගයක් උත්සන්න වීම නිසා ජීවිතයත් මරණයත් අතර බරපතළ සටනක නිරත වුණා. ඒ මොහොතේ ඇය තමන්ගේ ජීවිතය දිහා බලන ආකාරයෙහි පැහැදිලි වෙනසක් ඇතිවුණා. ඉන්පසුවයි මාලනී සන්ධ්‍යාරාණිහැටියට චරිත නිරූපණයට එක්වෙන්නේ.

මාලනී එම චිත‍්‍රපටයේ රනොපා කළ රංගනය තුළින් එය තමන්ගේම කතාව හැටියට පේ‍්‍රක්‍ෂකයා ඒත්තු ගන්නවා. චිත‍්‍රපටයේ ආරම්භක රූපවලදී ඇය තම නිසල බවද නාටකීය ගැටුමකට මුහුණ දුන් අවස්ථාවේදී ඇය තුළ හටගත් චංචල බවද මැනැවින් නිරූපණය කළා. ඇගේ මුහුණේ සියුම් චලනයන් මතුවන අවස්ථා වඩාත් හොඳින් පේ‍්‍රක්‍ෂකයාට කියැවීම සඳහා මා ඇගේ සමීපරූප රූපගත කරන්නට උපදෙස් දුන්නේ මන්දවේගයෙන් :ීකදඅපදඑසදබ* මාලිනී ඇගේ රංගනයේදී තමාව වසං නොකර තමන්ව දකින්නට උත්සාහ කළා. එයම ඇය තමන්ගේ ජීවිතය ප‍්‍රකාශ කරන්න වාහකයක් කර ගත්තා.

Akasa-Kusumසන්ධ්‍යා රාණිගේ දුව ප‍්‍රියා හැටියට රංගනයට එක්වූ නිම්මි හරස්ගමඑම චරිත නිරූපණය තුළිනුත් පුරුෂයෙකු ලෙස මා තුළ පවතින සීමාසහිත බවට අභියෝග කළා. ඇයගේ අතිශය නිදහස්කාමී රංගනය තුළින් පුරුෂයෙකු ලෙස මා සිටින තැන මටම ප‍්‍රත්‍යක්‍ෂකර දුන්නා. ඇය එය කළේ මගේ තිර පිටපතේ එන ප‍්‍රියාගේ චරිතයට ඇගේ ජීවිතයෙන් වැඩි ස්වාධීන බවක් එක්කරමින්.

මගේ අලූත්ම චිත‍්‍රපටය ඔබ නැතිව ඔබ එක්කචිත‍්‍රපටයේ සරත්සිරි ලෙස ර`ගන ශ්‍යාම් ප‍්‍රනාන්දුමෙහෙයවීම තුළින් මගේ ජීවිතයේ මෙතෙක් නොවින්ද ආනන්දයක්, ආශ්වාදයක් ලැබුවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සිනමා රංගනය කියන එක සනාථ කළා. රූපරාමුවේ ඔහුට හි මි කාලය තුළ සෑම මොහොතක්ම තම අභ්‍යන්තරය හෙළිකිරීමට කාලය මනාලෙස පාලනය කිරීමේ සකසුරුවම්කම ඔහුට තිබුණා. ඔහු රංගනයේදී කිසිදු මොහොතකට Akasa Kusum_Stills13තමාව වසං නොකරන නළුවෙක්. තමන්ගේ රංගනයෙන් පසු අත්වන ප‍්‍රතිඵලය ගැන කිසිදු අවධානයක් නැතිව රංගනයේ එම මොහොත මැනවින් විඳිනවා. රූපරාමුවක් තුළින් සියුම් මිනිස් හැ`ගීම් උපරිම ලෙස ප‍්‍රකාශ කිරීමේ තාක්‍ෂණික ඥානයක් ඔහුට තිබෙනවා. ඔහු අවශ්‍ය විට තම ඉරියව් පාලනය කළ හැකි රංග ශිල්පියෙක්.

ඔබ නැතිව ඔබ එක්කචිත‍්‍රපටයේ සරත්සිරි සහ සෙල්වි ආදරයේ අසීමාන්තික බවද, වෛරයද හෙළිකරන චරිත දෙකක්. එබඳු අසීමාන්තික ආදරයකදී චරිතවලට පිවිසෙන නළු නිළියන් අතර මනා රසායනයක් :ක්‍යැපසිඑරහ* තිබිය යුතුමයි. ඒ රසායනය ශ්‍යාම් ප‍්‍රනාන්දු වගේම පටෙල් තුළත් තිබුණා. ඇය මරාති ජාතික තරුණියක්. ඇය තමන්ගේ දෙබස් මරාති බසින් ලියා ගත්තා. රංගනයේදී ඇය කිසිම මොහොතක කිසිම දෙබසක් වැරැුද්දුවේ නෑ. හැම දෙබසක්ම මනාව උච්චාරණය කළා.

pahuruwalalu

සංවාද සටහන - ගුණසිරි සිල්වා



Share

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday206
mod_vvisit_counterYesterday421
mod_vvisit_counterThis week1584
mod_vvisit_counterLast week3643
mod_vvisit_counterThis month15567
mod_vvisit_counterLast month22523
mod_vvisit_counterAll days1954564

Follow us on Facebook

Online Users

We have 71 guests online