10
Mar

Lanka Live සම්මාන උළෙලේ විශිෂ්ටයෝ

Lanka-Live-Awards-32

ලංකා ලයිව්' සිනමා සම්මාන උළෙලේදී 'නිකිණි වැස්ස' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් චාන්දනී සෙනෙවිරත්න හොඳම නිළිය ලෙසත්, ජගත් මනුවර්ණ හොඳම නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර වූහ. එහිදී වසරේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 10ක් දිනා ගැනීමට 'නිකිණි වැස්ස' චිත්‍රපටය සමත් වූ අතර සමනල සංධ්වනියෙන් සිනමාවට පිවිසි පූර්ණිමා කස්තුරිආරච්චි සහ සූර්යාලෝක දයාරුවන් නැඟී එන නිළිය සහ නැඟී එන නළුවා ලෙස සම්මාන දිනා ගත්හ.

'ලංකා ලයිව්' සිනමා සම්මාන උළෙලේ තවත් කැපී පෙනෙනම අවස්ථාවක් වූයේ ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ප්‍රදානයයි. පුරා මාස කිහිපයක් තිස්සේ 'මව්බිම' පුවත්පතේ පළවූ කූපන්පත් සහ lankalivestar.com වෙබ් අඩවිය ඔස්සේ ලැබුණු මනාප ඡන්ද සලකා බලා වසරේ ජනප්‍රියම නළුවා ලෙස සාරංග දිසාසේකර සම්මානයට පාත්‍ර වූ අතර ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවේ සෙනාලි ෆොන්සේකාය.

හොඳම ශබ්ද පරිපාලනය, (අරුණ කලුආරච්චි) හොඳම පසුබිම් සංගීතය (දර්ශන රුවන් දිසානායක) යන සම්මානද සමනල සංධ්වනිය චිත්‍රපටයට හිමි වූ අතර හොඳම සහාය නළුවා ලෙස බිමල් ජයකොඩි සම්මානයට පාත්‍ර වූයේ 'බෝම්බ සහ රෝස' චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.

සෙසු සම්මානලාභීන් මෙසේය. හොඳම ගේය පද රචනය - අමිල තේනුවර (සමනල සංධ්වනිය), හොඳම අංග රචනය - ජයන්ත රණවක (සමනල සංධ්වනිය), හොඳම කලා අධ්‍යක්‍ෂණය උදේනි සුබෝධනී කුමාර (නිකිනි වැස්ස), හොඳම ගායනය - අමරසිරි පීරිස් (සමනල සංධ්වනිය), හොඳම සංස්කරණය - ජීවන්ත දේවප්‍රිය (නිකිණි වැස්ස) හොඳම කැමරාකරණය - ඡන්න දේශප්‍රිය (නිකිණි වැස්ස), හොඳම තිර රචනය _ අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස), හොඳම සහාය නිළිය - සුලෝචනා වීරසිංහ (නිකිණි වැස්ස), හොඳම අධ්‍යක්‍ෂණය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස).

ලංකා ලයිව් සිනමා සම්මාන උළෙලට කෙටි චිත්‍රපට 52ක් ඉදිරිපත් කර තිබුණු අතර කෙටි චිත්‍රපට විනිශ්චය මණ්ඩලය ලෙස ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, ඉනෝකා සත්‍යාංගනී, සුනිල් මිහිඳුකුල සහ ගුණසිරි සිල්වා යන අය කටයුතු කළහ. සිනමා සාහිත්‍ය කෘතිය තේරීමේ විනිශ්චය මණ්ඩලය ලෙස ජේ‍යෂ්ඨ කථිකාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ජයන්තා රුක්මනී සිරිවර්ධන සහ ගුණසිරි සිල්වා යන අය කටයුතු කළහ.

2013 වසරේ තිරගත වූ චිත්‍රපට 17ක් සලකා බලා මෙම සම්මාන ප්‍රදානයන් සිදු කෙරිණි. එහිදී ජූරි සභිකයන් ලෙස ක්‍රියා කළේ සමන් වික්‍රමාරච්චි, එම්. ඩී. මහින්දපාල, කථිකාචාර්ය අරුණ ලොකුලියන, පියල් කාරියවසම්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ගුණසිරි සිල්වා සහ කුමාරි කුමාරගමගේ යන මහත්ම මහත්මීහුය.

සිනමා සම්මාන උළෙලෙකදී ප්‍රථම වරට සිනමා සාහිත්‍ය කෘතියක් ඇගැයීමට ලක් කිරීමද මෙහිදී සිදුවූ අතර 'සුගත් - නව පරපුරක පුරෝගාමියා' යන ග්‍රන්ථය රචනා කළ ජීවන්ත දයානන්දට එම සම්මානය හිමි විය.

හොඳම කෙටි චිත්‍රපටය සඳහා සම්මානය හිමි වූයේ ‘Untitle - 2’ නිර්මාණය කළේ රවීන් වෙත්තසිංහටය.

lankalivestar.com සහ endless events එක්ව ප්‍රථමවරට සංවිධානය කළ ලංකා ලයිව් සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ Endless Events ආයතනයේ අධිපති රසික ජිනසෙන් මහතාය. අනුශාසකත්ව ධුරය දැරුවේ 'මව්බිම' පුවත්පතේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී, සිනමා විචාරක ගුණසිරි සිල්වා මහතාය. මෙහි නිල මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ 'මව්බිම' පුවත්පත, සිංහ FM සහ CSN නාළිකාව මඟිනි.

lanka-live1.jpg lanka-live10.jpg lanka-live11.jpg lanka-live12.jpg lanka-live13.jpg lanka-live14.jpg lanka-live15.jpg lanka-live16.jpg lanka-live17.jpg lanka-live18.jpg lanka-live19.jpg lanka-live2.jpg lanka-live20.jpg lanka-live21.jpg lanka-live22.jpg lanka-live23.jpg lanka-live24.jpg lanka-live25.jpg lanka-live26.jpg lanka-live27.jpg lanka-live28.jpg lanka-live29.jpg lanka-live3.jpg lanka-live30.jpg lanka-live31.jpg lanka-live32.jpg lanka-live33.jpg lanka-live34.jpg lanka-live35.jpg lanka-live36.jpg lanka-live37.jpg lanka-live38.jpg lanka-live39.jpg lanka-live4.jpg lanka-live40.jpg lanka-live41.jpg lanka-live42.jpg lanka-live43.jpg lanka-live44.jpg lanka-live45.jpg lanka-live46.jpg lanka-live47.jpg lanka-live48.jpg lanka-live49.jpg lanka-live5.jpg lanka-live50.jpg lanka-live51.jpg lanka-live6.jpg lanka-live7.jpg lanka-live8.jpg lanka-live9.jpg

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday654
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week654
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12217
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099308

Follow us on Facebook

Online Users

We have 131 guests online