03
Nov

දැන්නම් හලෝ කියලා බායි කියලා සමු දෙනවා

Gayathri-Dias

ගයත්ත්‍රී ඩයස්

මුලින්ම ආදරය කළේ?

එතකොට මට අවුරුදු 17 යි උසන් පෙළ පටන් ගත්තා විතරයි. ඒ ආදරය තිබුණේ අවුරුද්දක් විතර. පස්සේ ටිකෙන් ටික අපි අතරේ නොගැළපීම් ඇතිවෙන්න පටන් ගත්තා. අන්තිමේදී අපි තීරණය කළා ඈත් වෙන්න.

ඒ කාලයේ සුන්දර අත්දැකීම් ඇති....?

අපොයි ඔව් අපේ ආදරය කළේ කියන්නේ. ඒ දවස්වල අපේ වර්ථමානය නේ. හරිම ආදරනීය විදියට කාලය ගතවෙලා ගියා. හැමදාම වගේ එයා වැඩ ඇරුනම මාව බලන්න එනවා.

ගෙදරින් ප්‍රශ්ණ අවේ නැද්ද?

ගෙදර අය දැනගෙන හිටියා එයා අපේ ගෙදරත් ආවා. අපේම ඕනකමට ඇති කරගත්ත සම්බන්දේ අපේ ඕනෑ කමින්ම පස්සේ නැවැත්තුවා.

දැන් කෝ එයා?

දැනුත් ඉන්නවා ඒත් මගේ හිතේනම් තියෙන්නේ මතකයක් විතරයි.

පළමු පෙම අමතක කරන්න බෑ කියනවනේ?

මමනම් විශ්වාස කරන විදියට ඒක බොරුවක්. විවාහ වෙනකල් ප්‍රේම සබදතා ගොඩ නැගෙනවනම් ඇයි අනිත් සබදතා අමතක වෙන්නේ. සමහරුන්ට අමතක කරන්න බැරිවුනාට මට පුළුවන්.

විවාහවෙද්දී ප්‍රේම සම්බන්ධතා කීයක් බිද වැටුණා ද?

ඇතිවෙන්නයි. නැතිවෙන්නයි කියල තිබුණේ එකම එකම ප්‍රේමයයි. ඒක තිබුනේ අවුරුද්දක් විතරයි. මායි චන්නයි අතරේ විවාහය සිදුවෙන්නේ ඒ ඔක්කොම අමතක කරාට පස්සෙයි.

ප්‍රේම සම්බන්ධතා බිදවැටෙන්න ඕනෑ ද?

නොගැලපෙනවානම් අනිවාරයෙන්ම බිද වැටෙන්න ඕනෑ. ඒක ඉතින් ඒ දෙන්නාගේ තීරණය.

ඒ වේදනාව දාරාගත්තේ කොහොමද?

ලෝකයේ තියන ලොකුම වේදනාව තමයි කියලා හිතුනා. ඒත් අවබෝධයෙන් වෙන් වෙද්දී දරාගන්න පුළුවන්.

බිදවැටුණු ප්‍රේමය අයෙත් මුණ ගැහුනොත්?

අපෝ... දැන්නම් හලෝ කියලා කතා කරලා බායි කියල සමුදෙන්න පුළුවන්. දැන් මට ආදරයක් තියෙනවනේ. චන්නයි මමයි දරුවොයි. බොහොම ආදරයෙන් ජීවත් වෙනවා.

 

 

Share

Privious Articles

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday34
mod_vvisit_counterYesterday175
mod_vvisit_counterThis week923
mod_vvisit_counterLast week11212
mod_vvisit_counterThis month21021
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2054156

Follow us on Facebook

Online Users

We have 34 guests online