15
Nov

ආදරය වෙනුවෙන් මාව වෙනස් කරගන්න කැමැති නෑ

22

නදීෂා හේමමාලි

ජීවත්වෙන්න ආදරය අවශ්‍ය ම ද...?

මට නම් ජීවත් වෙන්න අනිවාර්යයෙන් ම ආදරය ඕනෑ... ආදරය නැතිව ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.....

ආදරයට උස් - පහත් මට්ටම්, වයස් පරතරය වගේ දේවල් බලපානවා ද.....?

එහෙම දේවල් බලපානවා කියලා මම නම් හිතන්නේ නෑ..... ආදරය සර්වකාලීනයි.

ආදරය වෙනුවෙන් ඔයාට ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන් ද....?

මට නම්.... ආදරය වෙනුවෙන් එහෙම කැප කිරීම් කරන්න බෑ..... මම මගේ නිදහස සියයට සියයක් ම අගය කරන කෙනෙක්. ආදරය වෙනුවෙන් මගේ නිදහස වෙනස් කරගන්න මට බෑ. ඒකට මං කැමති නෑ..... මගේ අනන්‍යතාව මට තියෙන්න ඕනෑ. මං මට කැමතියි. ආදරය වෙනුවෙන් මං මාව වෙනස් කරන්න කැමැති නෑ..... එහෙම වුණොත් එතැන ඉන්නෙ මම නෙවෙයි නේ......


ආදරයේදී වෛරය වගේ දෙයකට ඉඩක් තියෙනවා ද....?

අපි කවුරුත් පෘථග්ජන මිනිස්සුනේ. එහෙම දේවල් වෙන්නත් පුළුවනි. ඒ විතරක් නෙවෙයි.... පසුතැවිල්ල වගේ ව්‍යාධීන් ඇති වෙන්නත් පුළුවනි. ඒත්.... හොඳ ම දේ ඒ වගේ දේවල් ඇති නොවන විදියට කටයුතු කරන එකයි.

රැවටීම, බොරුව කියන දෙයක ආදරය තියෙන්න පුළුවන් ද....?

එහෙම දේවල් තියෙනවා නම් ඒක සැබෑ ආදරයක් වෙන්න බෑ.... ඒ මවාපෑම් කළ ආදරයක් නේ.....

ඔයා එහෙම රැවටුණු අවස්ථා තියෙනවා ද.....?

හ්ම්....... තියෙනවා.....


ඒ වගේ වෙලාවට ඔයා හිත සනසවා ගන්නෙ කොහොම ද....?


එහෙම විශේෂ දෙයක් මං කළේ නෑ. ඒත් කිසිම දෙයක් සදාකාලික නෑ කියන අනිත්‍යය මෙනෙහි කළා....


මැරෙන තුරාවට වෙන් වෙන්නෙ නෑයි කියන ආදරය ගැන මොකද හිතෙන්නේ.....?


ආදරේ ගැන එහෙමත් කියනවා. මං විශ්වාස කරන්නේ හිතට බරක් නැති ආදරයක්. වචනවල අර්ථයටත් වඩා වැඩි යමක් එතැන තියෙනවා...


එහෙම ආදරයක් ඔයාට ලැබිල ද තියෙන්නේ.....?


ඔව්. මට එහෙම ආදරයක් ලැබිලයි තියෙන්නේ. මං ආදරවන්තියක්....


එයා කලා ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් ද....?


ඒක නම්..... රහසක්...


විවාහය ගැන ඔයාගේ පැහැදිලි කිරීම මොන විදියට ද....?


විවාහය කියන්නේ.... ස්වභාව ධර්මයේ හැටියට මනුෂ්‍යයන්ට අවශ්‍ය දෙයක්. ආදරය, දැඩි විශ්වාසය, ආරක්‍ෂාව බෙදා හදා ගන්නා බැඳීමක්. විවාහය ගැන මගේ බලාපොරොත්තුවත් එහෙම තමයි.....


ළගදීම ඔයාගෙ ඒ බලාපොරොත්තුව මල්පල ගැන්වෙනවා ද....?


මට තව වගකීම් ටිකක් තියෙනවා..... ඒ දේවල් ඉවර වුණා ම මං විවාහ වෙනවා..... ඒක හින්දා දැන් ම දින වකවානු ගැන කියන්න බෑ......

Share

Privious Articles

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday209
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1153
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12716
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099807

Follow us on Facebook

Online Users

We have 5 guests online