03
Nov

එයා දැන් මගේ හොඳම යාලූවගේ පෙම්වතිය

Vishwa Kodikara

විශ්ව කොඩිකාර

ඔබට දැනෙන ආදරය මොනවගේ ද?


මට නම් ආදරය කියන්නේ බොහෝම සුන්දර දෙයක්. ඒ සුන්දරත්වය මෙන්න මේ වගේ කියලා කියලා ඉවර කරන්න මට වචන මදිවෙයි. දෙන්නෙක් හරි විදියට ආදරය කරනවනම්..... ආදරය විඳිනවනම්, ඒ තරම් පිනක්.... වාසනාවක් ජීවිතේ තවත් නැතිව ඇති.

ආදරය ජීවිතයට මොන තරම් අවශ්‍ය ද?

ඒක ඒ අවශ්‍යතාවයේ ප‍්‍රමාණයට වෙනස් වෙන්න පුළුවන්. ආදරයට ජීවිතයක් අලූත් කරන්න පුළුවන්. බි

ඳුණ හදවතක් සතුටු කරන්න පුළුවන්. ආදරය හිතට දැනෙන වයසට.... පෙම්වතියක්.... පෙම්වතෙක් ඉන්නවා කියන එක මොන තරම් ‘ජොලියක්ද’.


එතකොට ආදරයේ වේදනාව?

ආදරයේ වේදනාව කියන්නෙ.... ඔය මම කියපු හැම දේකම අනිත් පැත්ත.

ඔයා ආදරය කරලා තියෙනවා ද?

ඔව්.... ඒ සුන්දර අත්දැකීම මම විඳගත්තෙ 2004 අවුරුද්දෙ..... මට වයස අවුරුදු දහහතරෙදී...

කොහොමද ඒ ආදර සම්බන්දෙ ඇතිවුණේ?

එයාව දැකපු මුල්ම දවසෙම ආදරයක් හිතුණා. ජීවිතේ පුරාම එයාට ආදරේ කරන්න හිතුණා...

බාධක එහෙම ඇතිවුණේ නැද්ද?

බාධක ඇතිවුණේ නැහැ. ඒත් ඒ ආදර සම්බන්ධය තිබුණෙ මාස දෙකක් වගේ කෙටි කාලයක් පමණයි.

ඇයි එහෙම වුණේ...?

එයාට මගෙන් ඈත් වෙන්න  ඕන වුණා.

ඒ ආදරෙන් හිටපු මාස දෙක මොනතරම් සුන්දර වුණාද ?

හරිම සුන්දරයි. මට මතකයි එක දිගටම සතියක්ම අපි හමුවුණා.

ඒ හම්බවුණු දවස්වල මොනවද මතකයේ තියෙන විශේෂ දේවල් ?

ඒ හැම දවසකම එයාගෙන් අහලා... එයාගෙ අතින් අල්ලගෙන.... ඒ මූණ දිහා බලාන හිටියා. ඒ මතකය තාමත් මගේ හිත ඇතුළෙ තියෙනවා.


කොහොමද ඒ වේදනාව දරා ගත්තේ ?

දරාගන්න අපහසු වුණා. කාමරේ දොර වහගෙන අඩපු දවස් තිබුණා.

දැන් එයා...?

මගේ තවත් හොඳම යාළුවෙකුගේ පෙම්වතිය වෙලා...

මේ වේදනාව වෛරයක් බවට පත්වුණේ නැද්ද?

මම දෙවියන්ට ස්තූති කරනවා එසේ නොවීම ගැන...

ඒ ආදරය වෙනුවෙන් මොනතරම් හීන හිතේ තිබුණද ?

ලොකු ආසාවක් තිබුණා, එයත් එක්ක නුවර මාලිගාවට ගිහින් වැඳගන්න. වැව රවුමෙ අතින් අල්ලගෙන කතා කරන්න.

දැන් ආයෙමත් පෙම්වතෙක්ද ?

නෑ.

ඇයි... ආදරය කරන්න බයද ?

බය නෑ. රගපෑමේ වැඩකටයුතුත් එක්ක ඒ ගැන හිතන්න තරම් විවේකයක් තිබුණෙත් නෑ. ඒ තරම්ම ආදරයක් හිතෙන කෙනෙක් හමුවුණෙත් නෑ.

ඳින්නෙ ආදරය කරලද ?

අනිවාර්යයෙන්ම.... ආසයි මාලිගාව වැඳගන්න යන්න.... අත්අල්ලන් වැව රවුමෙ ඇවිදින්න.... ඒ හැම දෙයක්ම කරදරයක් එක්ක අත්විඳින්න  ඕනෙමයි.

මේ වෙද්දි කැමරාව ඉදිරියේ නිළියො කී දෙනෙකුගේ පෙම්වතා වෙලා තියෙනවද?

අනර්කලී, ෂෙරිල්, ඩෙකර්ස්, මහේෂි, කවීෂා, මේනකා, තිසුරි.

ඒ කා ගැනවත් යටි හිතෙන්වත් ආදරයක් හිතුණේ නැද්ද ?

එහෙම ආදරයක් හිතුනනම් හිතේ හංගගෙන ඉන්නෙ නෑ. කෙළින්ම අහනවා.

ගාමිණී වාසලසූරිය

Share

Privious Articles

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday634
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week634
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12197
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099288

Follow us on Facebook

Online Users

We have 127 guests online