16
Jun

බල්ටි ගහන්න බැරි නිසා ජනප්‍රිය නළුවෙක් වෙන්න බැරි වුණා -ටෝනි රණසිංහ

ටෝනි රණසිංහ මගේ සිනමා ෆැන්ටසියේ වීරයා. සිංහල රිදි තිරයේ විජය තරම්ම ලස්සන කඩවසම් රූපයක් ටෝනිට තිබුණා.  ඒ නිසා 60 -70 දශකයේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමාරයා වුනේ  ටෝනි.මා විසින් ලියන ලද  ‘තාරකාවෝ මනරම්ය‘ කෘතියට ඇතුළත්වූ මෙම ලිපිය තුළ ටොනිගේ ජීවිතයේ හරස් කඩක් සංක්ෂිප්තව ගැබිවෙලා තියනවා කියා මට හිතෙනවා

.

ඔබ අලුතින් පොතක් එළිදැක්වූවා කියලආරංචියි?

ඔව් ශේක්ස්පියර්ගේ දොළොස්වැනි රාත්‍රිය නාට්‍ය පිටපත පොතක් හැටයට එළිදැක්වූවා.

නළුවෙක් වෙන්න කලින් ඔබ ලිපිකරුවෙක්?

ලිපිකරුවෙක් නෙවී. ලඝු ලේඛකයෙක්. ඒක නළුකමට බාධාවක් වුණ නිසා අයින් වුණා.

රස්සාවෙන් අස්වීම ඒ කාලෙ හැටියට අවදානමක් වුණේ නැද්ද?

අවදානමක් කියල මුලදි හිතුණා. රස්සාවෙන් අස්වෙන්න කලින් මංMr. පීරිස් (ලෙස්ටර් ජේම්ස් පීරිස් ) වත් ගාමිණීවත් හමුවුණා. ඒ දෙන්නම මගේ බය නැති කළා.

ඔබට බොහොම ලස්සණ රූපයක් තිබුණත් ජනප්‍රියම නළුවෙක් වෙන්න බැරි වුණා කියල හිතෙන්නෙ නැද්ද?

හොඳ ළුවෙක් ජනප්‍රියත් වෙනවා නම් හොඳයි. නමුත් මං දැඩි වාණිජවාදී ච්ත්‍රපටවල රඟපෑවෙ නෑ.

චරිත තෝරා බේරාගෙන ද රඟපෑවෙ?

මෙහෙමයි මං වඩාත්ම ප්‍රේක්ෂකයෝ අතරකතා බහට ලක්වුණේ ‘ දෙලොවක් අතර ‘ චිත්‍රපටයෙන්. ඊට පස්සෙ මට වැඩියෙන් රඟපාන්න ලැබුණෙ ඒ වගේ චරිතනෙ.

මොකක්ද ඒචරිතෙ වීශේෂත්වය?

නිශ්ශංක මානසික ගැටුමකට මැදි වුණ චරිතයක්. ඊට පස්සෙ ‘හන්තානේ කතාව‘ ‘අහසින් පොළොවට‘ ‘දුහුළු මලක්‘ වචෙරිතත් මානසික ගැටුම් වලට මුහුණ දුන් ඒවා.

ජනප්‍රියත්වයයි චරිතාංග රංගනයයි ගැන මොකද හිතෙන්නෙ?

චාලි චැප්ලින් කිව්වෙ 75% ක් වාසනාවත් 25% ක් කුසලතාවත් තිබුණා නම් සාර්ථක නළුවෙක් වෙන්න පුළුවන් කියලයි. චැප්ලින් ඒ කාලෙ ඔය වාසනාව කියන එකෙන් අදහස් කළේ ජනප්‍රියත්වයයි කියල මං විශ්වාස කරනවා.

ඉතිං ඔබට ඒ වාසනාව තිබුණෙ නැද්ද?

මෙහෙමයි... ඒ කාල ජනප්‍රිය නළුවෙක් වෙන්න නම් නටන්න සින්දු කියන්න, බල්ටි ගහන්න ඔය වගේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්න එපැයි.

ඉතිං ඒ කාලේ ජනප්‍රිය නළුවන්ට ඔය හැමදේම පුළුවන් වුණා ද?

ඔය හැමදේම කරල ජනප්‍රිය වෙච්ච හුඟ දෙනෙකුට බල්ටි ගහන්න පුළුවන් වුණත් හරියට නටන්න පුළුවන් වුණා කියල මම හිතන්නේ නෑ.

ඔබට නටන්න සින්දු කියන්න බල්ටි ගහන්න බැරිද?

බෑනේ... ඔය කිසිදෙයක් මට බෑනේ.

ඔබට මනස විග්‍රහ කරන චරිතම ලැබුණු නිසා ජනප්‍රිය චිත්‍රපට හදන අධ්‍යක්ෂවරුන්ගෙන්ඉල්ලුමක් තිබුණෙනෑ කියල කිව්වොත්?

ඔව් ඒක හරි. සමහරු ඒ කාලෙ මාව හැඳින්වූයේ culture actor කියලා.

ජනප්‍රිය චිත්‍රපටයකට ආරාධනා ලැබුණෙම නැද්ද?

ලැබුණා.‘රන් රස‘ කියලා චිත්‍රපටයක රඟපාන්න ගියා. අධ්‍යක්ෂවරයා කිව්වා මට ශිවාජි ගාන්ෂන් වගේ රඟපාන්න කියලා. මාත් එක්ක ගිය අනුලට කිව්වා සරෝජනී දේවි වගේ රඟපාන්න කියලා.

ඉතිං මොකද වුණේ?

ඒකට ගැලපෙන නළුවෙක් හොයා ගන්න කියල මං ආවා.

එතකොට අනුලා?

එයත් බෑ කිය ආවා. ස්සෙ ඒ චරිත දෙකට අශෝක පොන්නම්පෙරුමයි ලීනා ද සිල්වායි දාල කළේ. චිත්‍රපටය මාසයක්වත දිව්වෙ නෑ.

ඔබත් එක්ක එකට රඟපෑ නළුවො ගැන මොකද හිතෙන්නෙ?

ඒ කාලෙ අපේ සමකාලීනයන් වුණු ගාමිණී, ජෝ රංගනයට බොහොම දක්ෂයි. ගාමිණී ඒ කාලෙත් රංගනය ගැන හැදෑරීම් ළා. පොතපත කියෙව්වා. මටත් බ්‍රිතාන්‍ය කවුන්සලයට ගිහින් රංගනය ගැන පතපොත හදාරන්න කියල උපදෙස් දුන්නා

ගාමිණී එයාගේ රඟපෑම් ගැන විවේචනය කරනවට කැමති නෑ නේද ?                     

ඔව්. ‘සාගරයක් මැද‘ චිත්‍රපටයේ දොස්තර මොලදණ්ඩ හැටියට කළරංගනය ගාමිණී මගෙන්ඇහුවා. මං කිව්වා මොකක්ද අර නහයක් දාගෙන කළේ කියලා. ඒකට එයාට තරහ ගිහින් කාලයක්ම කතා කළේ නෑ.

‘හන්තානේ කතාව‘ චිත්‍රපටයේ දී හමුවුණු විජය ගැන මොකද හිතන්නෙ?

විජයගෙ රඟපම් කොහොම වුණත් සිංහල සිනමාවෙ හිටිය ආකර්ෂණීය නළුවා ඔහුයි. ස්ත්‍රීන් ආකර්ෂණය වෙන අන්දමේ ලස්සණ රූප සම්පත්තියක් ඔහුට තිබුණෙ.

රංගනය පිළිබඳ ඔබත් පතපොතින් දීර්ඝ ලෙස හැදෑරීම් කළා නේද?

ඔව්. මාත් පොතපත කියෙවවා.ඒක බොහොම පුළුල් විෂයක් . හැබැය මට දැන් හිතෙනවා රංගන ශෛලීන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා කියලා.

ඒ කිව්වෙ?

දැන් ඒ කාලෙ අපි පමණ ඉක්මවා කළ රඟපෑම් ප්‍රතික්ෂේප කළා. නමුත් අද ලෝකයේ ප්‍රකට නළුවන්ගේ ඇතැම් රංගනයන් පමණ ඉක්මවා ගිය ඒවා.

ඔබ ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ ඉදිරිපත් කළ රංගනය කොහොමද?

 Mr. පීරිස් නිතරම නළුනිළියන්ගෙන් අපේක්ෂා කළේ අවරංගනයක්. පමණ ඉක්මවා කරන රඟපෑම් ඔහු ප්‍රිය කළේ නෑ. ඒවා දැඩි භාවාතිශය රංගනයන් හැටියට ඔහු සැලකුවේ. 

එවැනි රංගනයන් කරන්න ගිය අවස්ථා ලෙස්ටර් වැළැක්කුවාද?

ඔව්. මං ‘දෙලොවක් අතර‘ චිත්‍රපටයේ නිශ්ශංකගේ චරිතය කරද්දි මං මගේ භාව ප්‍රකාශනයන් සඳහා කම්මුලක මස්පිඬු නැටෙව්වා Mr.පීරිස් වහාම ඒක නැවැත්තුවා. මුහුණේ මස්පිඬු නටවන ඇස් නටවන ඉරියව් ඔහු ප්‍රිය කළේ නෑ.

එතකොට සුමිත්‍රා පීරිස්?

ඇය වෙනස්ම විදියකට නළු නිළියන් මෙහෙයවා ගන්න අධ්‍යක්ෂවරියක්. රූපගත කිරීමට කලින් සුමිත්‍රා රිහසල් එකක් බලනවා. ඒත් විධාන දෙන්න යන්නෙ නෑ. හැබැයි රංගනය ඉක්මවා ගියාම ඒක වළක්වනවා.

එහෙම අවස්ථාවක් මතකද?

ඔව්. යහළු යෙහෙළි චිත්‍රපටය රූ ගත කරද්දි ඒකෙ මං රඟපෑවෙ පරණ ස්කෝලෙ මහත්තයාගේ චරිතයක්. කාගේහරි ඉඩමක් අල්ල ගන්න ගියාම මිනිහා බඩ අත ගානවා. ඉතිං මාත් බඩ අතගාලා හිනාවක් දැම්මා.අපෝ ඔයා හියුගෝ ප්‍රනාන්දු වෙන්න යනවා‘කියල සුමිත්‍රා ඒක වැළැක්කුවා.

නළුවෙක් විදිහට ගෙවී ගිය කාලේ ගැන මොකද හිතන්නෙ?

ලඝු ලේඛකයෙක් වගේ රස්සාවක් කරගෙන හිටියට ඩා නළුවෙකු වීම හොඳයිනේ. ලඝු ලේඛකයා කරන්නේ තමන්ගේ බොස් කියන ඒවා ලඝු ලේඛන කරන එකනේ. නළුවන් කරන්නේ තිර පිටපතේ එක කරන එක වුණත් ඔහු කරන්නේ මැවීමක්නේ. ඉතිං ඒක අස්වාදයක්.

ඔබ කාලයක් නව කතා ලිව්වා. දැන්ලිවීම නතර කරලද?

නෑ. මං දිගටම ශේක්ස්පියර් නාට්‍ය පරිවර්තනය කිරීම ගැන වෙහෙසුණා. ඒ නිසා නවකතා ලිවීම මඟ හැරුණා. ඒත් මගේ 70 දශකයේ නවකතාවක් හෙට අනිද්දා එළි දක්වනවා.

මොකක්ද නම?

මට කවරුත් ආදරේ නැහැ.

ඔබට කවුරුත් ආදරේ කළේම නැද්ද?

අපෝ ආදරේ කරන අය නම් ඕනෑ තරම් හිටියා.ඒත් මං ඒ වෙනකොටත් විවාහකයෙක් නිසා යම් සීමාකම්වල රැඳුණා.

එහෙම සීමාකම්වල නොහිටියානම් හොඳයි කියල හිතුණෙ නැද්ද?

මොකද නැත්තෙ? ආදරය ප්‍රේමය වගේ දේවල් බොහොම සුන්දර ස්වාභාවික දේවල්නේ. ඉතිං ඒවා හොඳහැටි භුක්ති විඳින්න ලැබුණා නම් හොඳයි කියලා හිතෙනවා.

ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිමත් ද?

අතෘප්තියක් නෑ. ඒත් එක දෙයක් ගැන දැන් බොහො කනස්සලු වෙනවා.

ඒ මොක්ද?

ඒ කාලේ බීලා නාස්ති කරපු කාලේ ගැන. මොනතරම් කාලයක් ගත වුණා ද....? ඒ කාලය තුළ භාෂාවක් ඉගෙන ගත්ත නම් අද කොච්චර වටිනවද? 

-ධම්මිකා අක්මීමන

Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday277
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1927
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4173
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149726

Follow us on Facebook

Online Users

We have 21 guests online