26
Apr

මගේ හැම චිත්‍රපටයක්ම මගේම ආත්ම බද්ධ ප්‍රකාශන ප්‍රසන්න විතානගේ

Written by Administrator on 26 April 2016.

සිනමා මාධ්‍ය වූ කලී සකලවිධ කලාවන් නූතන විද්‍යාව මගින් සමතික්‍රමණය කොට මනුෂ්‍යයා විසින් අත්පත් කරගන්නා ලද උසස් තාක්ෂණික ජයග්‍රහණයකි. කවර සිනමාකරුවකු විසින් හෝ එය මනුෂ්‍ය  සංහතියේ ්‍රගමණ වෙනුවෙන් යොදා ගන්නේද, හේ විශිෂ්ට සිනමාකරුවකු ලෙස හැදින්වීම සාධාරණයි.

සිනමාකරුවාගේ ඒකායන අරමුණ විය යුත්තේ තම නිර්මාණ තුළින් ප්‍රෙක්ෂකයාගේ යථාර්ථ ඥානය අවදි කොට ජීවිතාවබෝධය ලබා දීමයි

ප්‍රසන්න විතානගේ නමැති  තරුණ සිනමාවේදියා අපට වැදගත් වන්නේ මෙම සන්දර්භය තුළයි.

සිනමා බස හැසිරවීමෙහිලා ඔහු දක්වන බුහුටි කමත් මනුෂ්‍ය ජීවිතවල ඇති සංවේදීතාවත්, ඉතාමත් නිර්මාණශීලී ලෙස සිනමාව තුළ ්‍රතිනිර්මාණය කිරීමෙහිලා ඔහු දක්වන ශක්‍යතාව කෙරෙහි ඔහුගේ සිනමා නිර්මාණ දෙස් දෙයි.

පරිවර්තකයෙක්, නාට්‍යකරුවෙක් සහ සිනමාකරුවෙක් ලෙස ක්ෂේත්‍ර කිහිපයකම නියැලී සිටින ඔබ සිනමාකරුවෙක් ලෙස පමණක් හැදින්වීම කෙතරම් සාධාරණ ?

ඔබ මා සිනමාකරුවෙක් ලෙස පමණක් හැඳින්වීමේදී මගේ සිතට යම් කනගාටුවක් දැනෙනවා. මම මගේ පස්වන චි්‍ත්‍රපටයඉරමැදියමනිපදවූවාට පසුවහොරු සමග හෙළුවෙන්නාට් සමගින් නැවතත් වේදිකාවට පිවිසුනා. ඉන් පසු මම උත්සාහ කරනවා මගේ සෑම චිත්‍රපටයකටම පසුව වේදිකා නාට්‍යයක් කිරීමට. මෙවරත් මගේ උත්සාහය එයයි. මෙම මාධ්‍ය දෙකෙහිම නිරතවීමට ලැබීමෙන් මා අසීමිත සතුටක් ලබනවා. සිනමාව මගේ ආත්ම ්‍රකාශන මාධ්‍ බව ඇත්ත නමුත් වේදිකාව මම සලකන්නේ  ඕනෑම කලාකරුවකුට නිරතුරු අලූත් විය හැකි තැනක් ලෙසය. වේදිකාව ඉතාම සජීවී මාධ්‍යයක් එම සජීවී බවට මම අසීමිත ලෙස ආදරය කරනවා. එම නිසා මම කැමතියි මම නාට්‍යකරුවෙක් සහ සිනමාවේදියෙක් ලෙස හඳුන්වනවාට.

ඔබගේ චිත්‍රපට නිර්මාණ ක්‍රියාවලිය සැකෙවින් විස්තර කළ හැකිද?

සැබැවින්ම මෙය ජීවමාන ක්‍රියාවලියක්. සෑම විටම මෙම ක්‍රියාවලිය එකිනෙකට සමාන වෙන්නෙ නැහැ. මේ වනතුරු මගේ සෑම නිර්මාණයක්ම මගේ ආත්මබද්ධ ්‍රකාශන ලෙසයි සලකන්නේ. ටෝනි රණසිංහයන් තිරරචනා කළපවුරු වළළුචිත්‍රපටය වුවත් මගේ ආත්ම ප්‍රකාශනයක් ලෙසයි එළි දකින්නේ. සමහර විට එය එක චරිතයකින් ආරම්භ වෙනවා. නැත්නම් අහඹු සිදුවීමකින් විය හැකියි. නොඑසේ නම් අප කියවා තිබූ දෙයකින් විය හැකිය. ‘ඔබ නැතුව ඔබ එක්කචිත්‍රපටයට පාදක වුනේ මා කියවා තිබූ දොස්තවුස්තිගෙ කෙටි කථාවක්.

ඉන්පසු මගේ එම අත්දැකීම සහාය තිර රචකයන් සමග එක්වී තිර රචනාවක් ලෙස ගොඩනගා ගන්නවා. මා විසින් ආරම්භ කරන ලද සැකිල්ල ලෙයින් මසින් පිරවීම තමයි තිරරචනා ක්‍රිවලියේදී සිදුවන්නේ. ඉන් පසු කෙසේද එය රූපමය අත්දැකීමක් ලෙස ්‍රකාශ කරන්නේ? එහිදී මා සහාය අධ්‍යක්, කැමරා අධ්‍යක් සහ කලා අධ්‍යක් සමග එකට වාඩි වී සාකච්ඡා කරනවා. එය ඉතාමත් රසවත් අත්දැකීමක්. රූපගත කිරීමේ කාලය වැදගත්වන්නේ නළු නිළියන් සමග එක්ව චරිත ගොඩනැංවීමයි. එහි ඇති අපූර්වත්වය වන්නේ මගේ පෑනට හසුනොවූ දේ ඔවුන් තම හැඟීම් තුළින් මතු කිරීමයි. එය තව දුරටත් ඔපවත් කිරීම අධ්‍යක්ෂවරයා විසින් කරනවා.

සංස්කරණ මේසය මතදී සංස්කරණ ශිල්පියා නළු නිළියන්ගේ දෑස් තුළින් දකින්නේ අලූතින් උපතක් ලද නිර්මාණයක්. ඔහුට මගේ තිර රචනාවත්, නළු නිළියන්ට මා දුන් විධානවත් අදාළ වන්නේ නැහැ. සංස්කරණ මැදිරිය තුළදී මම දකිනවා මා දුන් විධානවලින් ඔබ්බට ගොස් නළු නිළියන් සියුම් හැඟීම් මතුකර ඇති ආකාරය. දෙය හරි හැටි ගොඩනැංවීම තමයි සංස්කරණ ශිල්පියාගේ කාර්යභාරය මා ඉතා වැදගත් කොට සලකනවා. රූපය වගේම ශබ්දයත්, රූපය ගොඩනැංවූවා සේම එයට ආවේනික පරිසරය ශබ්ද අවකාශයක් මගින් ගොඩනැංවිය යුතුයි. උදාහරණයක් ලෙසඔබ නැතුව ඔබ එක්කචිත්‍රපටයේ ඉන්දීය සංස්කරණ ශිල්පියා සමග වැඩ කිරීමේදී අපි තීරණය කළා සතුටු හඬ නංවන කුරුල්ලන්ගේ ශබ්දය රූප රාමු තුළින් ඉවත් කිරීමට. බගවන්තලාව ්‍රදේශයේ බහුලව ඇසෙන කුරුල්ලන්ගේ සතුටු හඬ චිත්‍රපටයේ නිරූපණය වන අත්දැකීමට හානියක් විය හැකිව තිබුණා. මෙලෙසයි මගේ චිත්‍රපට ක්‍රියාවලිය සැකසෙන්නේ.

ඔබගේ සිනමා නිර්මාණ මඟින් ආමන්ත්‍රණය කරනු ලබන ඉලක්කගත ප්‍රෙක්ෂකාගාරය කෙබඳුද?

අපි විශ්වාස කිරීමට කැමතියි අපට සුවිශේෂි වූ ප්‍රෙක්ෂකයන් පිරිසක් සිටින බව. සමහර විට එය සත්‍ය නොවිය හැකිය. මා තුළ කිසියම් විශ්වාසයක් තියෙනවා මගේ චිත්‍රපට මේ රටේ උගත් මධ්‍යම පන්තිය නරඹන බව. රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්, සිනමාව හදාරණ විද්යාර්ථීන් වැනි කොටස්. නමුත් එය චිත්‍රපටයක් දුවන්න තරම් ්‍රමාණවත් නැහැ. චිත්‍රපට බොහෝ විට සාර්ථක වන්නේ සිනමා කුලකයෙන් නැතහොත් සිනමාව කියන සාධකයෙන් ඔබ්බට ගොස් වැඩි ජන සහභාගීත්වයක් ඇති වූ විටයි. උදාහරණයක් ලෙස මගේපුරහඳ කළුවරචිත්‍රපටය සඳහා එයට පැනවූ තහනම, එම නඩුතීන්දුව ආදි කරුණු තීරණාත්මක සාධක බවට පත්වුණා. වගේම එම චිතරපටයෙන් මතුකළ දෑ සිනමාවෙන් පිටස්තරයි. සුළු පිරිසක් පමණක් දන්නා බහුතරයක් නොදන්නා සත්‍යයක් මා එතුලින් මතු කළා. එම නිසාම එම චිත්‍රපටය වැඩි ප්‍රෙක්ෂක පිරිසක් අතරට ගියා. සිනමාකරුවා කැමතියි සියලූම ප්‍රෙක්ෂකයන් ඉලක්ක කර ගැනීමට. නමුත් චිත්‍රපටයෙන් චිත්‍රපටයට එය වෙනස්විය හැකියි.

සිනමා නිර්මාණයේදී ඔබ පිටපතට දෙනු ලබන්නේ කවර ස්ථානයක් ?

සිනමාවේදී අපට පිටපතක් අවශ් ඇයි. එමඟින් තමයි චිත්‍රපටයේ ආකෘතිය තීරණය කරනු ලබන්නේ, චරිත ගොඩනැංවෙන ආකාරය, දර්ශන ගොඩනැංවෙන ආකාරය සියල්ල පිටපතේ ඇතුළත්. එම නිසා පිටපත අත්‍යවශයයි. එය ඉතා වෙහෙස මහන්සි වී ඉටුකළ යුතු කටයුත්තක්. ඉන් පසු එය තමාගේ අධ්‍යාත්මය බවට පත්වෙනවා. ජෝන් ෆෝඞ් නමැති බොලිවුඞ් අධ්‍යක්ෂවරයා වරක් තවත් අධ්‍යක්ෂවරයකුට පැවසුවා තිර රචනය පැත්තකට දමා ්‍රව්‍යාබාධිතයකුට තේරුම් ගතහැකි පරිදි චිත්‍රපටයක් නිපදවන ලෙස.චිත්‍රපටයට මූලික අත්තිවාරම් සපයන්නේ තිරරචනයයි. මම බොහෝ විට කැමැතියි සුසාදිත  තිර රචනයක් සමග වැඩ කිරීමට තිර රචනය ඇතැඹුලක් ලෙස තබාගත යුතුයි. සිනමාව ජීවමාන ්‍රියාවලියක් නිසා තම මනස නිරතුරුවම විවෘතව තබාගත යුතුයි. නමුත් සියල්ල සිදුකළ යුත්තේ තිර රචනය නැමැති මූලික පදනමේ සිටයි.

මෙය වාර්තා චිත්‍රපටයටත් පොදුයිද?

මෙය වාර්තා චිතරපටයට අතිශයින්ම අදාළයි. වාර්තා චිත්‍රපට කරණයේදී වැදගත්ම දෙයක් බවට පත්වන්නේ පරිසරයේ නිරීක්ෂණය. පරිසරය සහ චරිත අතර ඇති සහ සම්බන්ධතාවය ඉතාම වැදගත්. එසේම එම චරිතවලට (ඉරු්එයසබට ීච් එකක් සලසා දිය යුතුයි. එසේ නොමැතිව අපට ඔවුන්ගේ ජීවිත ගැන කථාකල නොහැකි වෙනවා. එම නිසා වාර්තා චිත්‍රපටකරණයේදීත් තිර රචනය අත්‍යාවශ්‍ය සාධකයක්.

ඔබගේ සිනමා නිර්මාණය ගොඩනැංවෙන්නේ සංස්කරණ මැදිරිය තුලදීද?

සෑම විටම චිත්‍රපටය ගොඩනැංවෙන්නේ සංස්කරණය මේසයේදී නොවේ. එහි ආරම්භය තිර රචනය ලිවීමත් සමඟම ඇතිවී සංස්කරණ මේසය මත දී නැවත උත්පත්තියක් ලබනවා. බොහෝ දෙනාගේ මතය වන්නේ තිර රචනාව ලියා එය කැමරාගත කළ පසු සියල්ල හමාර බවයි. මගේ විශ්වාසය අනුව නම් තමා කළ දෙය නිවැරදිව දකින්න ලැබෙන්නේ සංස්කරණ මැදිරිය තුලදීයි. අපි නොදන්නා බොහෝ දේ නළු නිළියන්ගේ මුහුණුවලින් ඔවුන්ගේ සාත්වික අභිනය හරහා දැකගත හැකිවන්නේ එහිදීය. මම උදාහරණයක් දක්වන්නම්. ‘ආකාස කුසුම්චිත්‍රපටයේදී නිම්මි හරස්ගම මගේ තිරරචනාවට වඩා සංවේදිත්වයක් සහ ගෞරවයක් ඇගේ චරිත නිරූපනය තුළින් ලබාදී තිබෙන බව මම පළමු වරට දුටුවේ සංස්කරණ මැදිරිය තුළදියි. සංස්කරණය යනු සිනමාවේ පදනමයි. රූපයක් තවත් රූපයක් සමඟ ගැටෙන විටදී තමයි ඉන් රසයක් මතුවන්නේ. තිර රචනයේදී වචනවලින් උපකල්පනය කළ ඇති දේ ක්‍රියාවක් බවට පරිවර්තනය වී ඇත්දැයි අධ්‍යක්ෂවරයාට නිවැරදිව දැකගත හැකි වන්නේ සංස්කරණය මේසය මතදීය. චිත්‍රපටයේ රසවත්ම කොටස සංස්කරණයයි. සංස්කරණයේ විපුල ඵල නෙලා ගැනීමට නම් අධ්‍යක්ෂවරයාගේ නිහතමානීත්වය අත්‍යාවශ්‍යයයි. මගේ චිත්‍රපට පහකම සංස්කරණ ශිල්පියා ඉන්දියානුවෙක්. ඔහු කිසි දිනෙක ඉංග්‍රිසි බසින් ලියන ලද තිරපිටපත මත යැපෙන්නේ නැහැ. ඔහු යැපෙන්නේ රූපය මතම පමණයි.

විශ්වීය කලා මාධ්‍යයක් වන සිනමාව තුළින් දේශීයත්ව ඉස්මතු කළ හැකි වන්නේ කෙසේද?

සිනමාව විශ්වීය කලා මාධ්‍යක් බවට පත්වන්නේ එහි භාෂාව නිසා. සිනමාවේ බස රූපයයි. එය සියලූම ජාතීන්ට පොදු දෙයක්. මා මෙතෙක් නිපදවූ සියලූම චිත්‍රපට වලින් නිරූපනය වන්නේ ලාංකීය ගැහැනුන් සහ මිනිසුන්. ඔවුන් මුහුණපාන අත්දැකීම් ්‍රකාශ කරන්නේ කිසියම් සංස්කෘතික සහ භූගෝලීය පරිසරයක් මත ජීවත්වන චරිත ලෙසයි. සිනමාකරුවකු ලෙස මගේ අභියෝගය වන්නේ රූප මාධ්යය තුළින් වෙනත් භූගෝලීය පරිසරයක ජීවත්වන කෙනෙකුට දැනෙන පරිදි එය ්‍රතිනිර්මාණය කිරීමයි. මගේ චිත්‍රපටයක එන වන්නිහාමි වේවා රායිගේ චිත්‍රපටයක එන  ඕපූ හෝ චාරුලතා වේවා ඔවුන් ගේ පෞද්ගලික වූ අත්දැකීම් පොදු අත්දැකීම් ලෙස අපේ හදවත්වලට කාන්දු වෙනවා. චිත්‍රපටය හරහා දේශීයත්වයේ ගුණ සුවඳ ඉන් ඔබ්බටත් පැතිරි යා යුතුයි. තවදුරටත් විස්තර කළොත් වන්නිහාමිගේ ්‍රශ්නය හුදු ලාංකීක ගැමියකුගේ වුවත් එය ඇමරිකාවේ තිරගත කළ විට පොදු අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකයින් විඳිනවා. එම නිසා දේශීයත්වය යන්න සිනමාවේදී චරිත තේරුම් ගැනීමට රුකුලක් වෙනවා.

ඔබට බලපෑ සිනමාකරුවන් කවුද?

පළමුව බලපෑම් එන්නේ දේශීය වශයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර වගේම තවත් බොහෝ විද්වද් සිනමාකරුවන්ගේ නිර්මාණ මට බලපෑමක් කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ සත්‍යජිත් රායි සහ ඉරාන සිනමාකරුවන් විශාල වශයෙන් මට බලපෑම් කළා. විශේෂයෙන්ම ඉරානය වැනි රටක සිනමාකරුවන් එරටෙහි පවතින වාරණයක් සමඟ ළමා චිත්‍රපට වේශයෙන් ඉතා ගැඹුරු තේමාවන් සිනමාව තුළින් විශිෂ්ට ලෙස සාකචඡාවට බඳුන් කරනවා.

ඔබගේඔබ නැතුව ඔබ එක්කසමාජය තුළ යම් කතිකාවකට ලක්වුණා. නමුත් 80 දශකයේ තිබූ විදග්ධ සිනමා විචාරය අද අපට අහිමිවී තිබෙනවා.

ඔබත් මමත් දන්නවා පසුගිය කාලය තුළදී සිනමා විචාරය ඇණහිට තිබුණ බව. අපට සිටි හොඳ විචාරකයන්ගේ අභාවයත් සමඟම. වගේම මේ ක්ෂෙත්‍රවල සිටින ප්‍රමාණිකයන්ගේ හිඟකම. මෙය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකටම පොදු වූ තත්ත්වයක්. නමුත්ඔබ නැතුව ඔබ එක්කචිත්‍රපටය හරහා රටේ නැවතත් චිත්‍රපටයක් කියැවීමට බොහෝ දෙනෙක් පෙළඹුනා. විචාරයන් විශාල ්‍රමාණයක් ලියැවුණා. හරහා චිත්‍රපටයට විවිධ කියැවීම් ලැබුණා. අද බොහෝ සමාජ වෙබ් අඩවි හරහා චිත්‍රපට විචාරය සිදුවෙමින් පවතිනවා. එය ඉතාමත් සාධනීය තත්ත්වයක්. චිත්‍රපටයට ලැබුණ උණුසුම් ්‍රතිචාර ගැන මම තෘප්තිමත්. චිත්‍රපටයක හා ප්‍රෙක්ෂකයා අතර පාලමක් වන්නේ විචාරයයි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය පියසීලි විජේගුණසිංහ වැනි විදග්ධ විචාරකයින්ගේ වියෝව චිත්‍රපට විචාරයට අනිවාර්යයෙන්ම බලපෑවා.

ඔබගේ නවතම චිත්‍රපටයේ ්‍රධාන නිළි චරිතයට විදේශීය නිළියක් යොදා ගන්නවා. නළුවරණය ගැන යමක් පැහැදිලි කළ හැකිද?

චිත්‍රපටයක චරිතයට සුදුසුම කෙනා තෝරාගත්තොත් චිත්‍රපටයෙන් සියයට අසූවක්ම සාර්ථකයි. නළුවරණය එතරම්ම වැදගත්. ඇය ඉන්දීය නිළියක් වූ නිසාම නොවෙයි එම චරිතයට තෝරා ගත්තේ එම චරිතයටම ගැලපෙන අපූරු ඇස්දෙකක් සහ මුහුණක් ඇය සතුයි. නිසාමයි ඇය එම චරිතය සඳහා තෝරා ගනු ලැබුවේ. එහි ්‍රධාන චරිතය රඟපාන නළුවා ශ්‍යාම්. ඔහුවෙස්මුහුණක් පැළදි මිනිසෙක්වගෙයි. ඔහුට දුක්බර නෙත් යුගලක් සතුයි. අධ්‍යක්ෂවරයාගේ අභියෝගය වන්නේ චරිතය සඳහා සුදුසුම අය තෝරා ගැනීම.

ලෝක සිනමාව තුළ අපට ඇති ස්ථානය කෙබඳුද?

අපි පිළිගත යුතුයි ලංකාව ඉතා කුඩා දූපතක්. කොදෙව්වක්. මේ කොදෙව් සිනමාව තුළ මානුෂික සම්බන්ධතා ගැන සාකච්ඡාවන සිනමාවට රාජ්‍ය දායකත්වයක් ලැබෙන්නේ නැති තරම්. අපට පෙර පරම්පරාවේ සිනමාකරුවන් වන ලෙස්ටර්, රතිරාජ, වසන්ත සහ ධර්මසිරි වැනි අය කරන ලද හුදකලා අරගල මතයි, අපේ සිනමාව ලෝක අවධානයට ලක් වුණේ. මට හිතෙනව අපිට පෙර පරම්පරාවේ අයගේ නිර්මාණ මීට වඩා ලෝක අවධානයට ලක්විය යුතුව තිබුණා. කෙසේ වුවත් මේ වන විට ලාංකීය සිනමාව පිළිබඳ ලෝක අවධානයක් ලක්වෙමින් පවතිනවා. අපේ පරම්පරාවේ මා ඇතුළු හඳගම, විමුක්ති වැනි සිනමාකරුවන්ගේ නිර්මාණ ලෝක අවධානය දිනාගැනීමට සමත්වී තිබෙනවා. මෙය ්‍රවණතාවයක් ලෙස මතුවීමට නම් හොඳ චිත්‍රපට කිහිපයක්වත් සෑම වසරකම නොකඩවා බිහිවිය යුතුයි.

මගේ පුරහඳ කළුවර, අනන්ත රාත්‍රිය අන්තර්ජාතික අවධානය දිනාගැනීමෙන් පසුව අශෝක හඳගමගේ චිත්‍රපට වගේම විමුක්තිගේසුළඟ එනු පිණිසකාන්ස් චිත්‍රපට උළෙලේ සම්මාන දිනා ගත්තා. එම වසරේ කාන්ස් චිත්‍රපට උළෙලේ ලංකාව වෙනුවෙන් දිනයක් පවා වෙන්කරනු ලැබුවා. එය ඉතාමත් සුබදායි තත්ත්වයක්. නමුත් ඊට පසුව චිත්‍රපට වාරණය. තර්ජන සහ චිත්‍රපටවලට එරෙහිව සතුරු ආකල්ප මේ ගමන කිසියම් ලෙසකට අඩාළ කළ බවයි, මට හැගෙන්නේ. සිනමාකරුවන් ගේ නිර්මාණ දිරිගන්වන සුළු වාතාවරණයක් රටතුළ නිර්මාණය වෙනවා වෙනුවට තරුණයන් අධෛර්යට පත්වුන තත්ත්වයක් පසුගිය වකවානුවේ අප දුටුවා. රාජ්‍ය බලපෑම් වලට යටත් නොවී අපි සිනමාකරණයේ නියැළුනා. මහින්ද රාජපක් යුගයේවත් රාජ්‍ය අවශ්‍යතාවන්ට අනුව අපි චිත්‍රපටකරණයේ නියැළුනේ නැහැ. මට හිතෙන්නේ ලෝක අවධානය දිනා ගැනීමට නම් අපි සිනමාවේ නිම් වළළු පුළුල් කල යුතුයි. කොදෙව්වාදී චිත්තනවලින් මිදිය යුතුයි.

සංවාදය - ජගත් චන්ද්රලාල්

(ඉරුදින_)

Share

Privious Articles

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday179
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week378
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12417
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083750

Follow us on Facebook

Online Users

We have 66 guests online