27
May

අපේ සංස්කෘතිය, සදාචාරය සහ අපේ විදිහ හදන්නේ ‘තහනම’ විසින්

සිනමාවේදී අශෝක හඳගම සුපුරුදු පරිදි ලාංකේය ප්‍රේක්ෂකාගාරය නමැති දෙබරයට යළි ගල් ගසා ඇත. එයින් ප්‍රේක්ෂකාගාරය කිසියම් කැළඹීමකට ලක්ව ඇති සෙයකි. ආන්දෝලනාත්මක ඔහුගේ සිනමා භාවිතය බොහෝ විට ප්‍රේක්ෂකයා ප්‍රකම්පනය කරවන සුළුය. ඒ ප්‍රකම්පනය හරහා ඇතිවන තිගැස්ම ප්‍රේක්ෂක විඥාණය විනිවිද යන්නේ හීයක වේගයෙනි.

ඇගේ ඇස අග  නමැති හඳයාගේ නවතම චිත්‍රපටය ඔහු තනා ඇත්තේ ද එකී ආස්ථානය මත පිහිටා බව පෙනෙන්නට තිබේ. එය මේ වන විට පුළුල් සමාජ කතිකාවක් බවට පත්වෙමින් ඇත. හඳයා මෙසේ අප සමඟ සංලාපයට එක් වන්නේ ද ඇගේ ඇස අගපිළිබඳ වෙනස් මානයකින් සිය මාතවාදයන් ගෙන හැර පෑමටය.

ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට දෙකක් අතර හිඩැස පුරවමින් තමයි ඔබ ඇගේ ඇස අගප්‍රදර්ශනයට එක්කර තිබෙන්නේ. ඇයි මෙවැනි අවදානම් සහගත තීරණයකට එළඹුණේ?

සාමාන්‍යයෙන් මම අවදානම් දරන්න කැමැතියි නේ. මෙතනදි ඒ අවදානම දරන්න හේතුවක් වුණේ චිත්‍රපට බෙදා හැරීමේ තිබෙන ගැටලු සහගත තත්ත්වය. ප්‍රදර්ශන පෝළිමේ හිටියා නම් අඩුම තරමින් අවුරුද්දකට එහා කාලයක් යනවා මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට. මේ චිත්‍රපටය අලුත්. මට අවශ්‍ය වුණේ පරණ වෙලා, පුස්කෑවයින් පස්සේ මේක නිදහස් කරන්න නෙවෙයි. ඒ තීරණයේ ඔබ කිව්වා වගේ යම් අවදානමක් තියෙනවා තමයි. ඒත් මම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තීරණය කළේ ඒ පිළිබඳ මට යම් විශ්වාසයක් තිබෙන නිසා.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ විගස ප්‍රේක්ෂකයන් අතරට යන්නේ නෑනේ. එතකොට මේ සති දෙකක් වගේ කාලයකදී ඔබේ අරමුණ ඉටු කර ගැනීමට හැකි වෙයිද?

අද වෙනකොට චිත්‍රපටයක් ප්‍රේක්ෂකයා අතරට යන විවිධ ක්‍රමවේදයන් තියෙනවා. වෙනත් ෆ්ලැට්ෆෝම්ස්. ඒ හරහා මේ චිත්‍රපටය කාලයක් පවතීවි. එක පාරට මැරෙන්නේ නෑ. අද අපි මේ සිනමාවේ අර්බුදයක් ගැන කතා කරනවානේ. හැබැයි අර්බුදය තියෙන්නේ සිනමාකරුවන්ගේ නෙවෙයි. මේ බෙදා හැරීමේ සිස්ටම් එක ඇතුලෙයි ඒ අර්බුදය තියෙන්නේ. ඒ අර්බුදය අනිවාර්ය එකක්. මීට කලිනුයි ඒ අර්බුදය පැමිණෙන්න තිබුණේ. නමුත් දැන් ඒ අර්බුදය බොහොම පැහැදිලිවම අපි දකිනවා. සිනමාකරුවන් හැටියට අත්විඳිමින් සිටිනවා.

ඒ අර්බුදය අද කිසිවකුටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා?

ඉස්සර වගේ චිත්‍රපටයක් දින සියයක් දිව්වා කියන තත්ත්වයක් අද ලෝකේ කොහේවත් නෑ. එක පාරටම ප්‍රදර්ශනය වෙනවා. නැති වෙනවා. එහෙමනෙ වෙන්නේ. දැන් උදාහරණයකට තමල්නාඩුවේ එක සතියකට එක චිත්‍රපටයක් ප්‍රදර්ශනයට එක් වෙනවා. ඒ එක්කම සියලු ෆ්ලැටිෆෝමිස්වල නිදහස් කෙරෙනවා. ඒත් අපේ එහෙම දෙයක් එකවර සිදු වන්නේ නෑ.

සිනමා ශාලාවල වගේම වෙනත් විකල්ප මාධ්‍ය ඔස්සේත් චිත්‍රපටය එකවරම සමාජය වෙත මුදා හැරෙන බවයි ඔබ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ච්.ඍ.ච් මාධ්‍යයෙන් පවා?

ඔව් ච්.ඍ.ච්.,ර්‍ණදතඪදඥ සහ සැටලයිට් ඊ.ඍ අරවා, මේවා තියෙනවානේ. ඉතින් ඔහොම ඔහොම යන්න පුළුවන්. ඒවා උරගා බලන්න තියෙන අවස්ථාව තමයි අපි අහුරාගෙන ඉන්නේ චිත්‍රපටයක් විගසින් ප්‍රදර්ශනය නොකිරීම ඇතුලේ. ඒක නිසා අපි ඒ අවදානම අරගෙන චිත්‍රපටය හෝල්වලට දැම්මා. මේ ගංවතුර තර්ජනය නොතිබුණා නම් මම හිතනවා මේ වෙනකොට මීටත් වඩා උණුසුමක් සමාජය තුළ ඇති වෙන්න තිබුණා. ඒකට ඉතිං කරන්න දෙයක් නෑ. ඒවා අපට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.

කුටුම්භයතුළට තුන්වැන්නෙකු පැමිණීම කියන සුලබ කාරණාව තමයි ඔබ මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. මෙවැනි ආකෘතීන් අපේ සිනමාවට ආගන්තුක නෑ?

කුටුම්භයතුළට තුන්වැන්නකුගේ පැමිණීම එහි සමතුලිතතාවය කඩා බිඳ දමන්නක්. ඒ පිළිබඳ අපේ සිනමා ඉතිහාසයේ විවිධ විදිහට කතා වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ලංකාවේ දැනට පවතින සමාජ , දේශපාලන, සංස්කෘතික පසුතලයේ එක් පැතිකඩක්. ඒ පසුතලය ඇතුලේ එබඳු තත්ත්වයක් තුළ කුමක් ද සිදු විය හැක්කේ, සිදු විය නොහැක්කේ කියන කාරණය තමයි මම මේ චිත්‍රපටය හරහා මතු කරන්න උත්සාහ කළේ.

වයස්ගත මහාචාර්යවරයෙක් සහ ලාබාල විශ්ව විද්‍යාල යුවතියක් අතර ඇති වන අසම්මත ලිංගික ඇසුරක් වටායි මේ කතා පුවත දිග හැරෙන්නේ. සමාජ සම්මතයන්ට කිසිසේත් නොපෑහෙන මෙබඳු චරිත දෙකක් ඇයි ඔබ එකට ගළපන්න උත්සාහ කළේ?

අපේ සංස්කෘතිය, සදාචාරය සහ අපේ විදිහ හදන්නේ තහනමවිසින්. එතකොට ඒ තහනම විසින්නේ අපේ ආශාවහදන්නේ. තහනම් දේට තමයි අපි ආශා කරන්නේ. එතකොට ඒක තමයි මම මෙතනදි විෂයය කර ගත්තේ. දැන් මේ වයස්ගත මහාචාර්යවරයා ඉන්නේ වෙන ශික්ෂණයක් ඇතුලේ. වෙන සංකීර්ණ ජීවිතයක් එයාට තියන්නේ. නමුත් ඔහුගේ මානුෂික සමබරතාවය බිඳෙනවා මේ තුන්වැන්නාගේ ආක්‍රමණශීලී පැමිණීමත් එක්ක. තහනම විසින් යටපත් කරගෙන සිටින ආශාව තමයි එතකොට එළියට එන්නේ. ඒක ඇතුලේ ඔහු කොහොමද ක්‍රියා කරන්නේ කියන දේ තමයි චිත්‍රපටයේ තියෙන්නේ.

මහාචාර්යවරයා වගේම ඔහුගේ බිරියත් සිය කුටුම්භය තුළ මේ අසමතුලිතභාවය නැති කර ගන්නට කොහොමද මැදිහත් වන්නේ කියන කාරණය ඔබ ඉස්මතු කරනවා?

ඔව්. ඕක ඇතුලේ ඉතින් විවිධ මාන විවර වෙනවා කතා කරන්න.

මේ මහාචාර්යවරයා ඇතැම් අවස්ථාවල හැසිරෙන්නේ ඔහුට තරම් නොවන ආකාරයට. සමහර වෙලාවට නිකං මොංගල්චරිතයක් වගේ. එබඳු පුද්ගලයකුගේ හැසිරීම් රටාවන් එහෙම වෙන්න පුළුවන්ද?

එහෙම වෙන්න පුළුවන්නේ. නමුත් ප්‍රසිද්ධ ජිවිතයේ ඔහු වැදගත් චරිතයක්. ඔහු විශ්ව විද්‍යාලය ඇතුලේ ඉන්න හැටි, සමාජයට මුහුවන ආකාරය උගත් මහාචාර්යවරයකුගේ විදිහම තමයි. සමාජය තුළ අනෙකාට පෙනෙන්නට කරන ක්‍රියාදාමය නෙවෙයි ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තියෙන්නේ. එය අතිශයෙන් සංකීර්ණයි. සමාජ සම්මතයන් කොහොම වුණත් අපි අපේ හිත ඇතුලේ ඒවාට තහනමක් දාගන්නේ නෑනේ.

තමන්ගේ දියණිය එක්තරා අවස්ථාවක දුම්රියට පනින්නට යද්දී ඇය ගළවා ගන්නට දිව යන්නේ අර තරුණිය. ඔවුන් දෙදෙනා පසුපස මහ සෙනඟ මැද්දෙන් මහාචාර්යවරයාත් දිව යනවා. හරියට ගම හරහාදුවනවා වගේ. මුළු රටක් හඳුනන මහාචර්යවරයෙක් මේ වගේ හැසිරෙයිද?

අපිඔක්කොම හීනෙකනෙ ඉන්නේ නේද? ඒ මොහොත වන තුරුත් මහාචාර්යවරයා ඉන්නේ එක්තරා හීනෙකනේ. ඔහොම හීනෙක ඉන්නකෙට ඒ හීනය ඇතුලෙම තමයි අපේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඔය හීනෙන් මිදෙන්න හදිසි අනතුරක් වෙන්න ඕනෑ. කවුරු හරි පොල්ලකින්වත් ගහන්න ඕනෑ නේ? ඉතින් ඒක තමයි එතැන සිද්ධ වෙන්නේ. ඒ තුන් හතර දෙනාම ඇත්ත ලෝකෙට ඇදලා දාන්නේ අර දියණිය මුහුණ දෙන්නට යන ඇක්සිඩන්ට් එකත් එක්ක. ඒ දුම්රිය අනතුරින් ඈ ගැළවෙන රූප රමුවට පස්සේ ඊළඟ දර්ශනය ඡේදනය වෙන්නේ නිවසට. ඔවුන්ගේ මුහුණුවල තිබෙන්නේ තුෂ්නිම්භුත වූ ආකාරයක්. හරියට කෝමා එකකට මූණ දුන්නා වගේ.

දියණිය ඊට පෙර අවස්ථාවේ තමන්ගේ පියාට කතා කරන්නේ තමුසෙකියලා. මෙබඳු ආමන්ත්‍රණයක් ශිෂ්ට සමාජයක සිදු විය හැක්කක්ද?

දියණිය බැරිම තැන තමයි එහෙම කියන්නේ. ඇය තමන්ගේ පීඩනයනේ ඒ විදිහට මුදා හරින්නේ. ඒකේ ප්‍රතික්‍රියාව හැටියට තමයි පියා දියණියගේ කණට ගහන්නේ. දියණියකගේ වදන ඔහුටත් දරාගන්න බැරිව යනවා. ඇය දුම්රියට පනින්න යන්නේ ඒ සිදුවීමෙන් පස්සේ. තමන් තුළ තිබණු ශික්ෂණය කැඩුනට පස්සේ මේ දෙන්නටම ඒක දරාගන්න බැරි වෙනවා.

නිතර දෙවේෙලේ බුදුන් වඳින මහාචාර්යවරයාගේ බිරිය පවා ඇතැම් විට අර තරුණියට කතා කරන්නේ නොසරුප් වදනින්. ඇය තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීමට දරන උත්සාහය ඇතැම් විට සාර්ථක වන්නේ නෑ. ඇයගේ චරිතය තුළ මා දකින්නේ එක්තරා විදිහක ද්විඝටණාත්මක ස්වභාවයක්?

ඇය විටෙක අර තරුණියට පට්ට වේසියනුවෙන් පවා ආමන්ත්‍රණය කරනවා. ඇය ඒ තැනට පත්වෙන කොට මම දැක්කා ප්‍රේක්ෂකාගාරය තුළ ඇතිවන වෙනස. ඒ පීඩනය මහාචාර්යවරයාගේ බිරිය වෙතින් අර විදිහට මුදා හැරෙන කොට ප්‍රේක්ෂකයාට ඉන් සහනයක් ලැබෙනවා ඇති යන්තං එයා එහෙම හරි කිව්වාකියලා චිත්‍රපටය නරඹපු කාන්තාවක් ඒ දර්ශනය ගැන කතා කරමින් සඳහන් කර සිටියා. හරි නම් ඕක එතනින් නතර නොවී ඊට වඩා ලොකු කේස් එකක් වෙන්න එපායැ නේ. ඒක නොවී යන්තම් එතනින් නතර වුණා. ඊළඟ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු ඕඩියන්ස් එකේ හිටපු කාන්තාවන්ට තමන්ම අර තරුණියට බැන වැදුණා වගේ හැඟීමක් තමයි හිතට දැනුණේ. ඔවුන් තුළ එතෙක් වෙලා තිබුණ ආතතිය මුදා හැරුණා වගේ හැඟීමක් ඔවුන්ට ආවා.

සාමාන්‍යයෙන් ඔබේ චිත්‍රපටවල අප දකින කාන්තා නිරුවතමේ චිත්‍රපටයෙත් සුපුරුදු පරිදි ඔබ යොදා ගන්නවා. ඒ ඔස්සේ ලිංගිකත්වය මා(ර්)කට් කරන්න ඔබ උත්සාහ කරන බවටත් චෝදනා නැගෙනවා නේද?

මේ චිත්‍රපටයේ විෂයය ඒකනේ. ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන එක වෙනම කථන්දරයක්. චිත්‍රපටයට එළියේ මම කොතැනකවත් කාන්තා රූපය මාකටිං එකට යොදාගෙන නෑනේ. මම නිරුවත මා(ර්)කට් කරනවායි කියන අය තමයි මා(ර්)කටිං ඉවෙන්ට් එකක් හැටියට ඒක හදන්නේ. මම නෙවෙයි. කටවුට්, පෝස්ටර්වලවත් මම ඒ ගෑනු ළමයාගේ ඡායාරූපයක් යොදාගෙන නෑ. ඒත් මට අර විදිහට චෝදනා නඟනවා. ඉතිං මම ඒකට මොකද කරන්නේ.

එක්තරා විචාරකයෙක් අශෝක හඳගමගේ සිනමාව හඳුන්වන්නේ කැත සිනමාවඑහෙම නැතිනම් විරූප සිනමාවයනුවෙනුයි?

පළමුවෙන් කියන්න ඕනෑ ඔහු විචාරකයෙක් නෙවෙයි.

නමුත් විරූපවාදියාගේ සංස්කෘතික නෂ්ටකාමයයනුවෙන් ඔහු ඒ විචාරය සපයා තිබෙන්නේ ජාතික පුවත්පතකට. ඔබතුමා ඒක දකින්න ඇති?

ඔව්. මම දැක්කා. ඒත් මට අනුව ඔහු විචාරකයෙක්වත්, චින්තකයෙක්වත්, ලේඛකයෙක්වත් නෙවෙයි. ඉතින් ඔහු විචාරකයෙක් හැටියට කවුරුහරි ගණන් ගන්නවා නම් ඒ අය ගැන මට තියෙනවා ගැටලුවක්.

තමන්ට එරෙහි විචාර උපේක්ෂාවෙන් විඳ දරා ගන්නට නොහැකිව ඇතැම් සිනමාකරුවන් පෙරලා විවේචකයන් විවෙච්නය කරන පසුබිමක් අද නිර්මාණය වී තිබෙනවා. ධර්මසේන පතිරාජයන් පවා මෑතකදී ප්‍රකාශ කර තිබුණා අද හරිහමන් විචාර කලාවක් නෑ කියා?

මම විචාර විවේචන පිළිගන්න කෙනෙක්. උදාහරණයක් විදිහට ජ්චජඥඡධධඬ එකේ පළ වෙනවා. ඒවාට මම මොකුත් කියන්න යන්නේ නෑනේ. කෙනෙක් මේ නිර්මාණයට කැමැති වෙන්න පුළුවන්. අකැමැති වෙන්න පුළුවන් මොකක් හරි තර්කයක් පිටිපස්සේ ඉඳගෙන. තර්කයන් නැතිවත් ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ගේ කැමැත්ත කියලා කියන්න පුළුවන්. ඒවාට අපිට මොකුත් කියන්න බෑනේ. උදාහරණයක් හැටියට ඉනිඅවන්චිත්‍රපටය යන වෙලාවේ ගාමිණී වියන්ගොඩ මට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මම ඉතින් ගාමිණී එක්ක තරහා වුණේවත් ඔහු ලියපු දේ විවේචනය කරන්න ගියේවත් නෑනේ. ඉතින් ඒ විචාරකයෝ.

-Asanka dewamithra (sarasaviya)


Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday182
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week451
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11874
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125377

Follow us on Facebook

Online Users

We have 31 guests online