23
Aug

අපි දෙන්නට අපි දෙන්නා ලැබුණ නිසා අපේ ජීවිත ලස්සන වුණා-චතුරිකා පීරිස්


චතුරිකා පීරිස් රඟපෑ මුල්ම ටෙලි නාට්‍යයෙන්ම ඉතාම ජනපි‍්‍රය වුණා. එතැන් සිට එක දිගටම චතුරිකා මේ රටේ ජනපි‍්‍රයම නිළිය හැටියට ස්ථාපිත වුණා. වසරේ ජනපි‍්‍රයම කිරුළ පැළැන්දාහ.

ඒත් චතූ මං මේ ප‍්‍රශ්නෙ අහනවා. අද ඔයාට එදා තිබූ ජනපි‍්‍රයතාවය නැහැයි කියලා මං කිව්වොත්?

(සිනාසෙමින්) ජනපි‍්‍රයත්වය කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අද එක්කෙනෙක් ජනපි‍්‍රයයි. හෙට තවත් කෙනෙක් ... එහෙම ලබන ජනපි‍්‍රයත්වය ටික කාලයයි පේ‍්‍රක්ෂකයෝ අතර රඳා පවතින්නේ. එහෙම ටික කාලයක් හරි කෙනෙක් ජනපි‍්‍රයත්වය ලැබූවත් ඒ කෙනාගේ නම පේ‍්‍රක්ෂක ජනතාවගේ හදවත් තුළ නෑ. සමහරු නම් දන්නෙත් නෑ.

‘... ඇත්තටම ඉන්දු මට මගේ ජනපි‍්‍රයත්වයට වඩා වටින්නේ පේ්‍්‍රක්ෂකයන්ගේ හදවත් තුළ එදා වගේම අදත් හෙටත් හැමදාමත් චතුරිකා පීරිස් කියන නම රැුඳිලා තියෙනවට. ඒ නිසයි මං හොඳ නිර්මාණ වලින් පේ‍්‍රක්ෂකයෝ අතරට යන්නේ. ඇත්තටම එදා වගේම අදත් හැමදාමත් මට විතරක් නොව මගේ නමටත් ආදරය කරන පේ‍්‍රක්ෂකයෝ බොහෝ ඉන්නවා.

ලාබාල වියේදීම චතුරිකා ජීවිතයේ බොහෝ හැල හැප්පීම් වලට මුහුණ දුන්නා. මං හිතන්නේ පුංචි කෙල්ලෙකුට ඔරොත්තු නොදෙන තරම් ... කොහොමද ඔයා එච්චර පුංචි වයසේ දී ඒ දේවල්වලට මුහුණ දුන්නේ?

ඇත්තෙන්ම ඉන්දු ප‍්‍රශ්න කියන දේවල් මං ගණන් ගන්නේ නෑ. ප‍්‍රශ්නයක් ඇති වුණා නම් ඒ දේ ඒ මොහොතේම කතා කරලා විසඳගන්නවා. එක් වතාවක්, දෙවතාවක්, දිගින් දිගටම ඒ දේවල් ගැන මං හිතන්නේ නෑ. එහෙම හිතන්න ගියාම තමයි නැති ප‍්‍රශ්නත් ඇති වෙන්නේ.
අතීතය දිහා දැන් බලනකොට ගොඩක් මෝඩකම් කරා කියලා ඔයා හිතවද?

(සිනාසෙමින්) අනේ ... ගොඩක් නෑ එකක් දෙකක් තුනක් විතර නම් කළා තමයි. හැමදේම වෙන්නේ හොඳටනේ. ඉතින් අද මං ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. ගොඩක් ආඩම්බරයි.

දැන් ඔයාගේ ජීවිතේ දෙවෙනි ගමනේ ලස්සනට මල් පිපිලා සුවඳ හමනවා. කොහොමද අලූත් ජීවිතේ ...?

ඇත්තෙන්ම ඉන්දු අලූත් ජීවිතේ ගොඩාක් හොඳයි. ජීවිතය ඇත්තටම පුදුම විදියට අලූත් වෙලා.

අනාගත සැමියා ගයාන් කොහොමද?

 

(සිනාසෙමින්) ගයාන් කියන්නේ ගොඩාක් හොඳ ආදරණීය සැමියෙක්. ඇත්තෙන්ම මට ගයාන්ගෙන් ආදරය, සෙනෙහස, භක්තිය වගේම ලොකු රැකවරණයක් ලැබෙනවා.
... වෙලාවකට ගයාන් පොඩි බබෙක් වගේ. හරිම හුරතල්. හරි දඟයි. ඇත්තටම අපි දෙන්නා ඉන්නේ ගොඩක් සතුටින්.

ඔව්. මං අහලා තියෙනවා ගයාන් වික‍්‍රමතිලක කියන්නේ ඉක්මන් කාරයෙක් කියලා. චතුරිකාටත් කේන්ති යනවා නේද? මෙම පසුබිම උඩ ඔයාලගේ පවුල් ජීවිතේ හැලහැප්පීම් ඇතිවන්නේ නැද්ද?

අපි දෙන්නට දෙන්නා ගැන තියෙන්නේ හොඳ විශ්වාසවන්ත අවබෝධයක්. ඉතින් එහෙම ප‍්‍රශ්නයක් ඇතිවෙලාම නැහැ.

මං මෙහෙම ඇහුවොත් ... චතුරිකා නිසා ගයාන්ගේ ජීවිතය ලස්සන වුණාද ...? එහෙම නැත්නම් ගයාන් නිසා ඔයාගෙ ජීවිතේ ලස්සන වුණාද ...?

අපි දෙන්නට අපි දෙන්නා ලැබුණ නිසා අපේ ජීවිත ලස්සන වුණා ... මං හිතනවා චතුරිකාගේ ජීවිතේ ලස්සන වුණේ ගයාන් නිසා. ගයාන් කියන්නෙත් මගේ ජීවිතේ ලස්සන වුණෙත් මගේ චතූ නිසා කියලා.

මේ ඔයාලගේ ජීවිතේ මධුර මධුසමය කියලා මම කිව්වොත් ...?

ම් ... ඔව්. ඔයා හරි ඉන්දු. නමුත් දැන් වගකීමෙන් වැඩකරන්න ඕන කාලේ.
... මොකද කියනවානම් පාසල් නිවාඩු කාලේ නිසා ගයාන්ගේ බබාලා දෙන්නත් ඇවිත් ඉන්නේ. එක්කෙනෙකුට අවුරුදු හතර හමාරයි. අනිත් කෙනාට අවුරුදු 6 යි. ඉතින් බබාලට පොත්පත්වල වැඩ කියලා දෙනවා.
... (සිනාසෙමින්) ඇත්තම කිව්වොත් මේ දවස්වල බබාලා තුන්දෙනෙක් බලාගන්නවා. අපි දෙන්න මොන තරම් ජනපි‍්‍රය වුණත්, මේ ක්ෂේත‍්‍රයේ ඉහළටම ගියත්, මොන තරම් සල්ලි හම්බකරත් වැඩක් නෑ ඉන්දු දරුවන්ගෙ අනාගතේ අසාර්ථක වෙනවා නම්. අපි දෙන්නට ඕන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබලා දීලා, සාරධර්ම, ගුණ ධර්මවලින් පිරිපුන් සමාජයට රටට වැඩදායක පුද්ගලයන් බවට පත් කරන්න එයාලගෙ ජීවිත ලස්සන වෙනවා දකින එක තරම් සතුටක් තවත් නෑ. ඇත්තෙන්ම අපි හතරදෙනා හරිම සතුටින් විනෝදෙන් කල් ගෙවනවා කිව්වොත් වඩාත් නිවැරදියි.

කොහොමද චතුරිකාගේ කලා ජීවිතය ...?

ම් ... විශේෂයෙන් කියලාමත් නෑ. තෝරා බේරා ගැනීමක් ඇතුව හොඳ නිර්මාණවලට දායක වෙනවා. මං අර කලින් කිව්වා වගේ පේ‍්‍රක්ෂකයෝ අතර හැමදාමත් රඳා පවතින මතකයේ රැුඳෙන හොඳ නිර්මාණවලින් පේ‍්‍රක්ෂකයෝ අතරට යන්න තමයි මට ඕනි.
ඔයාලගෙම ඡුරදාමජඑදබ ්‍යදමිැ එකක් තියෙනවනේ. ඒකෙන් මොනවද දැන් කෙරෙන්නේ? ඒකේ ආම්පන්න පිට අයටත් දෙනවද?
දැන් ආම්පන්න ඉවත් කරලා තියෙන්නේ. මේ දවස් වල නම් මොනවත් කරන්නේ නෑ.

කතාවක් යනවා දැන් චතුරිකා ගයාන් නැතුව රඟපාන්නේ නැහැ කියලා. ඔයත් ගන්නවා නම් එයත් ගන්නම ඕනලූ. ඇත්තද ඒ කතාව ...?)

අනේ නෑ. එහෙම දෙයක් නෑ. ඔය ඊර්ෂ්‍යාවට මිනිස්සු කියන කතා. ටෙලි නාට්‍ය හොඳ නම්, චිත‍්‍රපටය හොඳ නම් අප දෙන්නා වෙන වෙනම වුවත් රඟපාන්න ඕන වෙලාවක සූදානම්.
අද ටෙලි නාට්‍ය ගැන නොයෙක් විවේචන නැගෙනවා ටෙලි නාට්‍ය කලාව අර්බුදයකට ලක්වෙලා කියලා කියනවා. ඔයාලටත් ඒක බලපානවද?

.. නොයෙක් විවේචන තියනවා තමයි. (සිනාසෙමින්) අපට ඒක බලපාන්නේ නැහැ. දැනටමත් අපි පිළියමක් යොදලයි තියෙන්නේ. කලින් මං කිව්වා වගේ හොඳ නිර්මාණයක් අවුරුදු දෙකකට සැරයක් වගේ පේ‍්‍රක්ෂකයෝ අතරට දෙන්නයි අපි තීරණය කළේ.

මං මෙහෙම දෙයක් ඇහුවොත්? ටෙලි නාට්‍ය කලාවේ අර්බුද ඇතිවෙන්න හේතු මොනවද ...? ඔයාගේ මතය මොකක්ද?

එකක් තමයි ‘කලාව’ කියන වචනෙ තේරුමවත් නොදන්න අය ක්‍ෂේත‍්‍රයට එන එක. අනික් එක තමයි ඉන්දියානු, කොරියානු ටෙලි නාට්‍යවලට වැඩිපුර විකාශන කාලයක් ලබා දීම වැඩි කාලයක් විදෙස් නාට්‍යවලට වෙන් කළාම සිංහල ටෙලි නාට්‍ය මිනිස්සු අතරට යන එක අඩුයි. තව එකක් තමයි අනුකරණ නාට්‍ය බිහිවීම.

... ඇත්තෙන්ම අපේ දේ අපි අගය කරන්න ඕන. කලාව ගැන නිසි අවබෝධයක් තියෙන අය මේ ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දෙන්න ඕන. ඒ වගේම සිංහල ටෙලි නාට්‍ය සඳහා වැඩි විකාශන කාලයක් ලබා දෙන්න ඕන. ඒ වගේම අනුකරණ නාට්‍ය වෙනුවට කාලෝචිත හොඳ නිර්මාණ බිහි කරනවා නම් ටෙලි නාට්‍ය කලාව සඳහා කිසිම අර්බුද තත්ත්වයක් ඇතිවෙන එකක් නෑ.

මේ මොහොතේ චතුරිකාගේ අනාගත සැලසුම් කොහොමද?

ම් ... අනාගත සැලසුම් ගොඩක් තියෙනවා. දැන් තියෙන ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන හොඳ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව මේ දවස්වල අලූත් නිවසක් ඉදිකරමින් පවතිනවා. මේ අවුරුද්ද අවසාන වෙනකොට නිවසේ සියලූම වැඩත් ඉවර කරන්න ඕන.

විශේෂයෙන්ම කියන්න ඕන ගයානුයි මායි එන්ගේජ්වෙලා ඉන්නේ. ඉතින් ලබන අවුරුද්දේ වෙඩින් එකට සූදානම් වෙන්න ඕන. ඉතින් කියන්නම ඕන දේ තමයි දරු දෙන්නයි ගයානුයි එක්ක මේ ඉන්නවා වගේ හැමදාමත් සතුටින් ඉන්නයි මට ඕන.

... මං දැන් වගකීම් සහිත ගැහැනියෙක්. ගොඩාක් වැඩ මා පිට පැවරිලා. ඒකට මං ආසයි. ගායන්ගේ බබලා දෙන්නා හොඳට ඉගෙන ගෙන ලොකු තැනකට එනවා දකින්න මං ආසයි. ඒ සුරතල් පුත්තු දෙන්නාට අනේ මං හරි ආදරෙයි. මේ දවස්වල අපිත් එක්කමයි ඉන්නේ ...
... හදාගෙන යන ගේ ගොඩාක් ලස්සනට හදලා ඉවර වෙලා අපි එහෙ පදිංචියට යන්නේ මනාල යුවළක් විදියට. දැනට අපි විවාහ ගිවිස ගෙන ඉන්නේ. එන අවුරුද්දේ ස්ථිර වශයෙන්ම අපි දෙන්නා විවාහ වෙනවා.

චතුරිකාට අතීතය ගැන හිතෙනකොට දැන් දැනෙන්නේ තෘප්තියක්ද? දරාගන්න බැරි කලකිරීමක්ද?

(මා අභියස අසුන්ගෙන සිටින චතුරිකා හැසිරෙන අන්දම ඇත්තෙන්ම බලා ගෙන ඉන්න ආස හිතෙන තරම්. විටෙක ශබ්ද නගා සිනාසෙනවා. තවත් විටෙක අත්පුඩි ගහනවා. උස් හඬින් කතා කරනවා. විටෙක මොන මොනවදෝ මුමුණනවා වගේ. ඉහත ප‍්‍රශ්නය මං ඇහුවහම අත්පුඩි ගහලා හිනාවෙන්න ගත්තා.)

ඇයි හිනාවෙන්නේ ...? කලකිරීම්වලට හිනාවෙන සිරිතක් තියෙනවද ...?

කලකිරීමක්. මොන කලකිරීමක් ද ...? එදත් මං පූර්ණ සතුටින් හිටියේ. අදත් එහෙමයි.
ඔයා හිතන්න. මගේ මේ වයසට මං ලබා තියන දේවල් මදිද? අතීතේ පුංචි පුංචි දේවල් වුණා නම් මං මුලින් කිව්වා වගේ මගේ හිතේවත් ඒ කිසි දෙයක් නැහැ. හෙට අනිද්දා මේ චතුරිකා පීරිස් ලස්සන නිවසක ලස්සන මනමාලියෙක් වෙනවා. මා පැතූ ගායන් මගේ සැමියා වෙනවා. මං බිරිඳක්. ගෘහණියක්. අනේ මං කොයිතරම් ආසද බිරිඳ, ගෘහණිය යන වචනවලට. ඒවා ළඟදීම යථාර්ථයක් බවට පත්වෙනවා. ඔව්, දෙවියනි! යථාර්ථයක් බවට පත් වෙනවා.
ෙ චතුරිකාගේ ජීවිතයේ නැවුම් සුන්දර බලාපොරොත්තු පැතුම් ඉතිරිලා ගොහින්. ඒ සියල්ල සපිරේවායි ඇයව දයාවෙන් වැළඳගෙන මං සමුදුන්නා.

-ඉන්දු මධුමාලා


Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday265
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week414
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4659
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150212

Follow us on Facebook

Online Users

We have 47 guests online