25
Feb

කොච්චර මඩ ගැහුවත් අපි අපේ මතවාදයත් එක්ක වැඩ කරනවා-සමනලී

ඇය සමනළියක ලෙසින් නිදහසේ සිටි කාලයක් ඇත . කාලයත් සමග උස් මහත් වෙද්දී පවුලේ අභාෂය හරහා කුඩා කල සිට දුටු කලාවට ඇය ආදරය කළත් ඒ හා සමගම ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙසින් වෙනස්ම කෝණයකින් වටපිටාව දකින්නට සමත් වුවාය . තම වයසට වඩා මුහුකුරා ගිය ජිවිතාවබෝධය සමග ගමන් කල ඇය සමාජයේ බොහොමයක් ගැටළු ඉදිරියේ ප්‍රබල හඩක් නැගුවාය. නිසග නිර්මාණ කුසලතා සහිත සුජාත රංගවේදයක් උදෙසා ජිවිතය  කැප කළ ෆොන්සේකා  පරම්පරාවේ වත්මන් පුරුක සමන්මලී ෆොන්සේකාය.

 

පසුගිය වසරේදී ‘මෝර්ටර් බයිසිකල්‘ සිනමාපටයෙන් වෙනස්ම නිර්මාණශිලිත්වයක් දුටු ඇය අද දවසේදී තවත් වෙනස්ම වූ රු පෙලකින් රිදී තිරය හැඩ කරන්නීය. ඒ    ප්‍රේමය නම්    සිනමාපටයයි .. 

ඉතිං කොහොමද ?

(ඇයට සුන්දර සිනහවක් ඇත .නිරන්තරයෙන් ඕනෑම කෙනෙකුට අව්‍යාජව අයගේ මුවගේ නැගෙන සිනහවත් සමග) " මම හොදින් ඉන්නවා. වැඩ කිහිපයකයම නියැලිලා ඉන්නවා බුඩි කිර්තිසේනගේ නවතම වෙනස්ම ආරක ටෙළි  නාට්‍යයක්  වන ‘රු මස්සල‘ රුගත කිරීම් වෙනවා.‘ ප්‍රේමය නම් ....‘ චිත්‍රපටයේ ප්‍රචාරක කරයුතු එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. 

‘ප්‍රේමය නම් ....‘සිනමාපටය වෙනස්ම වූ අත්දැකීමක් ලබා දෙන නිර්මාණයක් . අපි ඒ ගැන ටිකක් කතා කළොත් ?



ඔව් ලංකාවේ සිනමා ලෝලීන්ට සැබවින්ම වෙනස්මවූ අත්දැකීමක් ලබා දෙනවා .මානසික ව්‍යාකුල තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙක් වටා ගෙතුණු කතාවක් . ඔහුගේ සෑම වටපිටාවක් එක්කම ආදරය සමග කොහොමද ඔහු ව්‍යාකුලත්වයෙන් එලියට එන්නේ කියන දේ තමයි කතාවේ තියෙන්නේ සැබවින්ම වෙනස්ම කතා තේමාවක් .  

‘ප්‍රේමය නම්...‘ හි  සමාධි ඔබයි . කොහොමද සමාධි ඔබට දැනෙන්නේ ?

 සමාධි ඉවසිලිවන්තව ජීවිතය දිහා බලන , සුභවාදිව ජීවිතය දැකලා ජීවිතය සාර්ථක කර ගන්න අභියෝග වලට මුහුණ දෙමින් අමාරු තීරණ වලට එළබෙන තරුණියක් . චිත්‍රපටය බලන්න කියල මම හැමෝටම ආරාධනා කරනවා . බලල කියන්න මට දැනෙන විදියටම ඔබටත් මේක දැනෙනවද කියලා ,මම අසාවෙන් ඉන්නවා මගේ ආදරණිය රසියකන්ගේ ප්‍රතිචාර දැන ගන්න. 



ඔබගේ ජීවිතය සහ සමාධි බද්ධ වෙනවද ? 
නැහැ සමාධි වෙනස්ම චරිතයක් ,මම එහෙම මගේ ජීවිතය ගැන ජිවිතේ සන්ධිස්ථාන වල හැසිරුණේ කොහොමද කියලා මම බලන්නේ නැහැ . එහෙම උනොත් මමම තමයි ඒ චරිතයෙන් පේන්න ගන්නේ. මම සමාධි වෙලා ඉන්නකොට මම සමාධි ගේ අතීතය වර්තමානය අනාගතය ගැන පමණයි හිතුවේ ,මම චරිතයක් භාර ගත්තම ඒ විදියට චරිතේ එක්ක ජිවිත් වෙනවා මිසක් එක මගේ ජීවිතය ගලපා ගන්න හිතන්න නැහැ 

වැඩිය පේන්න නැති නිසා ඔබ හොදටම චරිත තොර බේරා ගන්න බවක් පේනවා. මෙලෙස තේරීම් සිදු කරන්නේ කෙසේද ?

පිටපත ට තමයි වැඩිම අවධානයක් යොමු කරන්නේ. චරිතය ලියවී ඇති ආකාරය , චරිතයේ කොයි තරම් තැන් මට ප්‍රශ්න කල හැකිද යන්න මම බලනවා 

එහෙම තෝරා බේරා ගැනීම් කළ ටෙළි නාට්‍යත් තිබෙනවද ‍ෙ

ආර්ථික ප්‍රශ්න උඩ ටෙලි නාට්‍ය විදියට කරන්න අමාරුයි. ඒ නිසා ටෙලි නාට්‍යවල අමාරුවෙන්   බේරා ගැනීම් වලට යනවා . කොටස් 200,300 යන මෙගා නිර්මාණ වලටනම් මම දායක වෙන්නේ නැහැ .මෙගා ගැන වෙනම විවේචනය තියෙනවා මට 

ඒ විවේචනයක මොකද්ද කියලා විශ්ලේෂණය කරන්න පුලුවන්ද ?

ක ලොකුවට කතා කල යුතු මාතෘකාවක්. ඉන්දියානු හඩ  කවපු වගේම මේ වගේ තියෙන අනෙක් නිර්මාණ සමාජයේ පසුගාමිත්වයක් ඇති කරනව කියලා මම විස්වාස කරන්නේ  මිනිසුන්ගේ චින්තනය ආදී සෑම පැත්තකින්ම අද දකින්න  ලැබෙන්නේ පසුගාමිතවයක් . ලෝකය දියුණු වෙනකොට තාක්ෂණය දියුණු වෙනකොට මිනිසුන්ගේ ආකල්ප දියුණු  ඕන. එත් අද මේකේ අනික් පැත්ත සිද්ධ වෙන්නේ. ඉස්සර කාන්තාව ගැන බලපු විදියට නෙමෙයි අද ළමයි කාන්තාවන් දිහා බලන්නේ , මේ වගේ සෑම පැතිකඩකටම මේවා බලපානවා. අද සමාජයේ වෙළද භාණ්ඩයක් බවට ස්ත්‍රිය පත් වෙලා ,කිසිදු මානුෂීය පැත්තකින් ස්ත්‍රිය දිහා බලන්නේ නැහැ. හරිම පසුගාමී තැනක රට තියෙන්නේ .  මෙගා ටෙලි නාට්‍ය කියන්නේ තනිකරම ටෙලිවිෂන් ආයතන වල මාෆියාවක්. ඒ වෙළදාමට නිර්මාණකරුවන් බොහෝ පිරිසක් අහු වෙලා ඉන්නවා. ඔවුන් ආර්ථික මට්ටමෙන් ගියත් කලාකරුවන් විදියට පිරිහෙමින් පවතිනවා. ඒ ඔස්සේ ඔවුන්ගේ රසිකයනුත් පිරිහෙමෙන් පවතිනවා. 


පසුකාලීනව ඔබ සමාජ ක්‍රියාකාරිනියක් ලෙසින් බොහෝ දේවල් කතා කරනවා ‍ෙ කලාවට වත්මන් රජය ලබා දෙන අනුග්‍රහය ගැන සැහීමකට පත් වෙනවද ?
 

නිදහසක් තියෙනවා කියන එක දැනෙනවා. නිර්මාණ කරණයේදී වගේම ආකල්ප එලියට ගෙන යාමේදී පවා . නමුත් අපි බලාපොරොත්තු වූ දේවල් ඉටු වුනේ නැහැ මම විශ්වාස කරනවා. අපි උදාහරණයක් විදිහට ගමු අපි යුද්ධය ගැන චිත්‍රපටයක් කරන්න යනවා කියලා තාමත් ත්‍රිවිධ හමුධාවේ තිබෙන ඒ බලය ඒ මර්ධන බලය ඒ බලපෑම් ඒ විදියට කලා කරුවා මත තාමත් තියෙනවා.   පරාසයම වෙලාගෙන තිබුන බල කදවුරු කැඩිලා අපි දන්නවනේ ඒකාලේ  කලාකරුවන් මොන විදියටද හිටියේ කියලා .මේ බලය ගිලිහී  යාමත් එක්ක දක්ෂතා ඇති අංකුර කලා කරුවන්ට එලියට එන්න පුළුවන් වුණා . පොඩි පොඩි වෙනස් කම් මේ විදියට සිදු වෙලා තියෙනවා නමුත් අපි බලාපොරොත්තු වූ මට්ටමට වුනේ නැහැ 

ඉතිං එදා වගේ නැවත හඩක් නගන්න උත්සහයක් නැද්ද ?

අපි සංවිධානයක් ලෙසින් ක්‍රියාකාරීව වැඩ කරනවා. යාපනය කලාකරුවන්ගේ පොත් සිංහල භාෂාවට පරිවර්තන කරලා ඒවා කොළඹට ගෙනැල්ලා සියලුම ජනතාවට ඒ අදහස් යන්න අපි වැඩ කරනවා. වෙනත් කලා කටයුතු එක්ක සියල්ල සිදු වෙන්නේ හිමින්. නමුත් අපි වැඩ කරමින් ඉන්නවා .

මෙවන් ක්‍රියාකාරිත්වයන් තුලින් අදහස් කරන්නේ ඉදිරියේදී දේශපාලනයට අවතීර්ණ වීමටද ?

අපි කවදාවත් පක්ෂ දේශපාලනයක් කළේ නැහැ . නිකන් හරි දේශපාලන කතා කලොත් හැමෝම හිතන්නේ ඡන්දේ ඉල්ලන්න කියලා. කලා කටයුතු එක්ක සමාජ ක්‍රියාකාරීන් ලෙසට වැඩ කරනවා.ඒ තුල අපි දේශපාලන  මතයක් දරනවා. 

මොකද්ද ඒ මතය ?

ප්‍රධානම දේ තමයි දකුණේ තිබෙන ජාතිවාදී ප්‍රශ්නය විසදන එක.අපේ රටේ මිනිසුන්ගේ  ඔලු වලින් මේ ජාතිවාදී අදහස් නැති කරන්න ඕන. මේවා කරනකොට විශාල ලෙස මඩ වදිනවා නමුත් ඒවා අහක දාමින් අපි අපේ වැඩේ කරනවා. 

කාන්තාවක් විදියට කොහොමද මෙවන් අභියෝගයන්ට මුහුණ දෙන්නේ?

මම වැඩ කරමින් ඉන්න තලයත් එක්ක බලනකොට පල්ලෙහා තලය හරිම පොඩියට පේන්නේ. ඉස්සර ගමෙවලත් තිබ්බ හැංගිලා ගල් ගහන සංස්කෘතියක් .ඉස්සරහට එන්න  බයයි . ඒ වගේ තමයි අන්තර්ජාලය හරහා එෆ් බි එක හරහා එන මඩ ප්‍රහාර . මේක හරිම ග්‍රාමය ක්‍රියාවලියක්. ඕව ගණන් ගත යුතු නැහැ ඕව ගණන් ගත්තොත් මේ ගමන යන්නත් බැහැ 

 ඔබත් රියැලිටි වැඩ සටහනක් අධීක්ෂණය කරනවා . රියලිටි ගැන ඔබට තිබෙන්නේ කුමන අකල්පයක්ද ?

රියලිටි වැඩසටහන් ගැන මට එහෙම ලොකු පැහැදීමක් නැහැ. නමුත් හැම දේම තොර බේරා  ගන්න අමාරුයි. එත් මං විශ්වාස කරනවා ජරාජීර්ණ වූ රියලිටි වල රගපානවට වඩා මගේ විශ්වාසයක් රැක ගන්න පුළුවන් මේ තුල කියලා . මේක වෙනස් රියලිටි වැඩසටහනක් . වෙනස් හැකියාවන් ඇති අය මේකෙන් එලියට එනවා .

මෙම වසරේදී තවත් සිනමා නිර්මාණ වලට දායක වෙන්න අදහස් කරනවද ?

පසුගිය සතියේ අලුත් චිත්‍රපටයක පිටපතක් ගෙනත් දුන්නා තම ඒක කියවනවා තීරණයක් අරන් නැති නිසා ඒ ගැන කියන්න බැහැ.  , කරපු චිත්‍රපට කිහිපයක් එන්න තියෙනවා. සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහගුන් , චින්තන ධර්මදාසගේ ‘ඇවිලෙන සුළුයි , බුඩි කිර්තිසේනගේ ‘නිම්නයක හුදකලාව‘ මේ වසරේදී එයි කියල විශ්වාස කරනවා .‘දැවෙන විහගුන්‘ චිත්‍රපට උලෙලෙ කිහියක්ම නියෝජනය කළා . සම්මාන පවා දින ගත්තා. අනෝමා ජිආදරිගේ අති විශිෂ්ට රංගනයක් එම නිර්මාණයෙන් දැක බල ගන්න පුළුවන් වෙයි. 

ගෙවී ගිය කාලය දිහා අද බලනකොට සතුටක් ලබනවාද ?

හරිම හිමින් ගමනක් මං  ඇවිල්ල තියෙන්නේ. ඒ ගමනේදී සබඳතා ගිලිහිලා තියෙනවා. සම්බඳතාවලින් පන්නරය ලබලා තියෙනවා. සබඳතා එක්ක වෙනස් වෙලා තියෙනවා. මත වෙනස් කර ගෙන තියෙනවා මනුෂ්‍යත්වය පැත්තට තව තවත් නැඹුරු වෙලා තියෙනවා , කලාව තෝර බේර ගෙන ඉන්නවා . කලා නිර්මාණ හිමින් එලියට එන්නේ .  ප්‍රතිචාර හමුවේ, මා ගැන කරන විවේචන හැම දේම ගැනමම සතුටු  වෙනවා  

අශන්ති වරුණසුරිය 

 

Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday122
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1399
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6861
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966130

Follow us on Facebook

Online Users

We have 66 guests online