Face to Face
ඒ සබඳතා .ප්‍රේමයට ළඟයි සහ දුරයි
මම බොහොම පිටිසර ගමක ඉපදුණු නිසා ප්‍රේමය කියන වචනයේ සංස්කෘතික සීමාව දැනගෙන හිටියේ නෑ. ඒ හින්දා මට එක පැත්තකින් හමුවෙන්නෙ අම්මා සහ ඇගේ ආදරය. මං ප්‍රේමය කියලා වටහාගත්තෙ ඒ ආදරය.
මගේ ප්‍රේමය හංසවිලේ කැලැඹුණා- ධර්මසිරි බණ්ඩාරනායක
මම නාට්‍ය කලාවට, සිනමාවට සම්බන්ධ වෙන්නෙ පාසල් යන කාලෙදි. "බක්මහ දීගෙ" තමයි මගේ සිනමා රංගනයේ පළමුවැන්න. ආදර කතාවක් තුළට මං පළමුවෙන්ම පිවිසෙන්නෙ "බක්මහ දීගෙ" ප්‍රේමදාස තුළින්. එතකොට මට අවු. 18යි. ඉස්කෝලේ යනවා."බක්මහ දීගෙ" මං නැවැත නැවැත නරඹද්දි මට හිතුණා ප්‍රේමදාසට තිබුණේ උමතුවක්ද කියලා. ඒ කාලෙ මට ඒක තේරුණේ නෑ. එහෙම කිව්වාට ඒක පිස්සුවක්මත් නෙවෙයි. ඔහු ඉල්ලාගෙන යන්නෙ ආදරේ. ආදරයේ විවිධ පැතිකඩවල් තියෙනවා. ඒ නිසා අපට ඒක හඳුනාගන්න අමාරුයි.
ඒ දර්ශනයෙන් පස්සෙ අවංකවම සංගීතාට ආදරේ කළා-රන්ජන් නදීකයි මායි විශිෂ්ට ලෙස තොල් සිප ගත්තා-සනත් රන්ජන්-සනත් තිරයේ සිපගැනීම් ගැන කියති.
රන්ජන් රාමනායක
මගේ සිනමා ජීවිතයේ පළමු සිප ගැනීමේ දර්ශනය කළේ සංගීතා එක්ක. 'දුවට මවක මිස' චිත්‍රපටයේ තමයි ඒ දර්ශනය තිබුණේ. සුමිත්‍රා පීරිස් මහත්මියගේ කලාත්මක චිත්‍රපටයක්. සුමිත්‍රා පීරිස් මහත්මිය කතා කරලා මට කිව්වා රන්ජන් මේකේ කිස් කරන සීන් එකක් තියෙනවා කියලා. බොරු කියන්න ඕනෙ නෑනේ මට අවංකවම සතුටක් දැනුණා. ඒ කාලේ සංගීතා ගැන හරි ආදරයක් තිබුණා. ඉතින් මම හරිම ආසාවෙන් කැමැති වුණා.
එයත් මට සතුටට වඩා දෙන්නේ දුකක් - සනත් ගුණතිලක මෙතෙක් නොකී කතාව
ආදරය, ප්‍රේමය වගේ දේවල් උත්තරීතරයි. ඒ උත්තරීතර ප්‍රේමය කෙනෙකුට උරුම නම් ඒක ලැබෙයි. උරුම නැත්නම් නොලැබෙයි. ඒත් ඒ සැනසිල්ල මට තියෙනවා.ද ඔබේ ජීවිතේ ආදරය මුලින්ම හමුවෙන්නේ කොයි කාලෙද?අවුරුදු 18දි විතර. මං බොහොම තරුණ කාලෙදි.
රැවුල කපනකොට විජයගෙ ඇස්වලට කඳුලු ආවා-පතිරාජ
මම ඒ ගතියට කැමැතියි පාර දිගේ චිත්‍රපටයේ තිර රචකයා තමයි අජිත් තිලකසේන. ඔහුගේ බොහෝ නිර්මාණ තුළ ඉතා සියුම්ව අධි යථාර්ථවාදී ස්වරූපයක් ගැබ්වෙලා තියෙනවා. මේ සමාජය ගැනම තමයි ඔහු ලියන්නේ. ඒත් ඒ ශෛලිය ඇතුළේ අධි තාත්ත්වික බවක් තියෙනවා. ඒකම තමයි සිනමාවටත් මතු වෙන්නේ. ඔහුගේ ඒ ගතියට මම කැමැතියි. මතුපිටින් සරල ආඛ්‍යානයක් පෙනුණත් නිර්මාණ අභ්‍යන්තරයේ සංකීර්ණව සමාජ යථාර්ථය ඔහු ග්‍රහණය කරන ස්වභාවයක් තිබෙනවා
ඒ ප්‍රේමයේ සුවඳ තාමත් දැනෙනවා-මහේන්ද්‍ර
ප්‍රේමය කියන්නෙ විවිධාකාර අර්ථකථන දෙන්න පුළුවන් දෙයක්. ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා වාගෙ ප්‍රේමයත් වෙනස් වෙනවා. ඒත් මිනිස්සුන්ට ප්‍රේමයෙන් වියුක්ත වෙලා ඉන්න බෑ. ඒක මොන වගේද කියනවා නම් මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් ඕනෑ වගේම ප්‍රේමයත් ඒ තරමටම ඕනෑ.