Face to Face
ප්‍රථම ප්‍රෙමයට අවුරුදු 12යි - පෙම්හසුන් 5,000යි - - අශෝක හඳගම
ආදරයක් පටන් ගන්න නිශ්චිත හේතුවක් නැති වෙන්න පුළුවන්. එක මොහොතක තමන්ටත් තේරුම් ගත නොහැකි ආකාරයකින් ආදරයක් පැනනැඟිය හැකියි. ඒත් ආදර සබඳතාවක් බිඳවැටීම අහම්බයක් නෙවෙයි. ඒක තීරණයක්. ඒ නිසා එක සවිඥානිකයි.
මගේ හැම රූප රාමුවකම තියෙන්නේ ඒ ප්‍රේමය-ජයන්ත චන්ද්‍රසිරි
මගේ ප්‍රේමය හා කලාව ගැන ටිකක් විවේකීවත්, ගැඹුරටත් කල්පනා කරනකොට මා යැවෙන්නේම මගේ ළමා කාලයට. එය ඉතාම චමත්කාරජනක උදෑසනක් වගෙයි. ඊට හේතුව මා මවුපියන්ගෙන් අනෙකුත් වැඩිහිටි ඥාතීන්ගෙන්, ගුරුවර ගුරුවරියන්ගෙන් පමණක් නොව මට වඩා බාලයන්ගෙන් පවා අතිශය ආදරය ලැබූවෙක් වීම. මමත් පෙරළා හැමෝටම ආදරය කළා.
අවුරුදු18 යි චිත්‍රපට 18යි වෙනින් කවුරුත් නොවෙයි-උදයකාන්ත
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය 'කොස්තාපල් පුඤ්ඤසෝම' දැන් තිරගත වෙයි. ඔහු තම චිත්‍රපටය පිළිබදවත් සිනමාවේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් දැක්වූ අදහස් මෙසේය.
කොස්තාපල් පුඤ්ඤසෝම ඔබේ කීවැනි චිත්‍රපටයද?
18 වැනි චිත්‍රපටය.
එයාට හාදු දෙන්න පොලිසි යන්න ඔනෙද මට?- මංජුලා තිළිණි
රඟපාන්නෙත් නෑ, වැඩිය දකින්නෙත් නෑ... ඒත් ඇයි මේ කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වෙලා කරළියට එන්නේ...?
මගේ සමනල සිහිනයට තටු දුන්නේ ඔහු- සුමිත්‍රා රාහුබද්ධ
කලාකරුවාගේ පෞද්ගලික අත්දැකීම් බොහෝ විට ඔවුන්ගේ නිර්මාණවලට පාදක වෙනවා. ඇත්ත වශයෙන් එම නිර්මාණ සහෘදයාට වඩාත් හෘදයාංගමව දැනෙන්නේ ඒ නිසයි. එය ගීතයටත්, නවකතාවටත් සිනමාවටත් පොදු සාධකයක්. අද 'මගේ ප්‍රේමය හා කලාව, තුළ ස්වකීය නිර්මාණවලට මුසු වූ හෘදයාංගම අත්දැකීම් ගෙනහැර දක්වන්නේ ප්‍රවීණ නවකතා කතුවරියක සහ තිර නාටක රචිකාවකද වන සුමිත්‍රා රාහුබද්ධයි.
නිරුවත් රංගනයකට ටැලන්ට්ස් නෑ - මුතු තරංගා
"සුන්දර චන්දරේ" ටෙලි නාට්‍යයේ ඔබ අන්ධ යුවතියක්. ඒකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳයි. ඒකේ මම "සැංගී, සැංගී අෑත සූරියා දිලෙන්නා" කියන ගීතය ගායනා කරන කොටසක් තියෙනවානෙ. ඒක කියන්න කියලා තමයි ගොඩක් ප්‍රේක්ෂකයෝ මගෙන් ඉල්ලන්නෙ.