Face to Face
'බඩුව' කියන්නේ කුණුහරුපයක්ද? - ටෙනිසන් කුරේ
01. හාස්‍ය උත්පාදන රංගන ශිල්පියා නොකියා විකට නළුවා කියද්දි දැනෙන හැඟීම?
ලෝක සිනමාවේ අද ශේ්රෂ්ඨයි කියලා අපි කතා කරන බොහෝ රංගන ශිල්පියෝ බොහෝ දෙනෙක් හාස්‍ය රංගන ශිල්පියෝ. උදාහරණයක් විදියට "චාලි චැප්ලින්" හිට්ලර්ගේ වියරුව ඔහු එදා හරිම අපූරුවට තම රංගනය තුළින් නිර්භීතව හාස්‍යයට ලක් කළා. ලංකාවේ නම් මේ තත්ත්වය වෙනස්. හාස්‍ය උත්පාදනය කරන්නාට විකට නළුවා කියලා දෙවැනි තැනට දාලා තියෙන්නේ. හාස්‍ය තුළින් විශාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. හිනාවෙන්න අපි හැමෝටම පුළුවන් නමුත් කෙනෙක්ව හිනස්සවන්න හැමෝටම බැහැ. එහෙම බැලුවම මේක තමයි කරන්න අමාරුම රංගනය. රංගන ශිල්පියා කිව්වම හාස්‍යයද සම්භාව්‍යද කියලා නැහැ හැමෝම රංගන ශිල්පීන්. ලොව අමාරුම රංගනය තමයි හාස්‍ය උත්පාදන රංගනය කියන්නේ. එය මම නොබියව කියනවා.
ඔව් මම චණ්ඩියෙක් - රොජර් සෙනෙවිරත්න
ඔබ චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල සුදු චරිත තුළින් බොහෝ විට දකින්නට ලැබෙන්නෙ. ඒ ඇයි?
ඇත්තටම මම රඟපාන්නෙ තෝරා බේරාගෙන. දර්ශන 2ක්, 3ක් තිබුණත් ඒ තුළ දාර්ශනික යමක් තියෙන්න ඕනෑ. මා තුළ යම් වපසරියක් තියෙනවනේ. දර්ශන අඩු වුණත් යමක් කරන්න තිබෙනවා නම් මම ආසයි. ඒත් එක දිගට එකම චරිතය තුළින් කිහිප වරක් පෙනී ඉන්න අකැමැතියි. නළුවෙක් විදියට ඒක වාසියි. මට මහ ලොකුවට සල්ලි නෑ. ලොකු හිතක් තියනවා. ඒ රඟපෑමට සුදුද, කළුද භේදයක් නෑ යමක් තියෙනවා නම්.
මේ සම්මානය මගේ නෙවෙයි ධම්මික බණ්ඩාරනායක ගේ - ජැක්සන් ඇන්තනී
ගොඩක් කාලෙකට පස්සේ සම්මාන උළෙලකදී කන්දක් තරම් දුකක් උහලගෙන නිහඬවම හිටපු අප්පච්චිව ඉහළින්ම අගය කෙරුණා. අවුරුද්දක් තිස්සෙ දරුවො හතරදෙනෙක්ගෙ දුක වැලඳගත්ත මේ අප්පච්චි රයිගම් සම්මාන උළෙලදි හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ අපි හැමෝගෙම අප්පච්චි. උතුම් පියසෙනහස අගය කෙරුණ ඒ සම්මාන රාත්‍රියේ අප්පච්චචි වෙලා අපේ ආලින්දයට ගොඩවුණු ජැක්සන් ඇන්තනී සම්මානය දෝතින්ම තුරුලුකර ගත්තා. වසර පහළොවකට පසු පුංචි තිරයේ රංගනය දියකර හල ජැක්සන්, අප්පච්චිලාව ඉහළින්ම ඔසවා තැබූ අයුරු අපිට කිව්වා..
හඳ ඈතයි ගෙට ගන්න බෑ මං කවුළුව වසා දැම්මා - ඉනෝකා
ප්‍රෙමය මට නම් හුස්ම ඉහළ පහළ හෙළන තරම්ම වැදගත් දෙයක්. ඇත්තටම ජීවිතය අල්ලල තියාගන්න ප්‍රධාන කාන්දම තමයි ප්‍රේමය.
මගේ ඒ රංගනය දේව ආශීර්වාදයක් රයිගම් සම්මාන උළෙලේ හොඳම නිළිය නිලුක්ෂි
සඳැසි වැනි චරිතයක් රඟපාන්න ලැබීමම ඔබේ රංගන ජීවිතයේ මුහුණ දුන්නු අභියෝගයක් නේද?
අභියෝගයක් වගේම එවැනි චරිතයක් ලැබීමම මගේ වාසනාවක්. සඳා ටෙලි නාට්‍යයේ අධ්යක්ෂවරයාට ඕනෑ වෙලා තිබුණේ අලුත් මුහුණක්. සම්මුඛ පරීක්ෂණයේදී පිටපත ගැන සහ ඒ චරිතය ගැන අහන්න ලැබුණාම මට පුදුම ආසාවක් ඇති වුණා. අනේ ඒ චරිතය මට ලැබෙනවා නම් කියල මං හිතුවා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ මට පස්සෙ දන්වන්නම් කිව්වා. මට ඒ චරිතය ගැන හරියට ලෝබ හිතුණා. මං ගෙදර ගිය ගමන් කණ්ණාඩිය ළඟට ගිහින් මගේ ඇස් දෙක දිහා බලාගෙන කල්පනා කළා මට ඒ චරිතය කරන්න පුළුවන්ද කියලාෙමං අහල තියෙනවා ඇස් අන්ධ අයගේ කළු බෝලය එහා මෙහා කරන්න බෑ කියල. ඒ වගේම ඇහිපිල්ලන් ගහන්නෙත් නෑ කියල. මං ඒක කණ්ණාඩිය ඉස්සරහ අත්හදා බැලුවා
සනී ලියෝන් එක්ක නිරුවතින් වුණත් රඟපාන්න කැමැතියි - මහේන්ද්‍ර පෙරේරා
01. ආචාර්ය සාලමන් ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා මේ දෙදෙනා ගැන වචනයක් කියන්න.
ලේසියෙන් ලංකාවේ බිහිවන්නේ නැති දෙන්නෙක්. මේ දෙදෙනාටම ඉතා සුවිශේෂී හැකියාවන් තිබුණා. ආචාර්ය සාලමන් ෆොන්සේකා අවුරුදු 10ක් චෙකෝස්ලෝවැකියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන අපේ රටට ආවත් මොකක්දෝ කරුමෙකට එතුමාගේ දැනුමෙන් ලංකාව ප්‍රයෝජන ගත්තේ නැහැ. යම් ප්‍රයෝජනයක් ගත්තා නම් ඒ මමයි කමල් අද්දරආරච්චියි විතරයි මම දන්නා තරමින්.