Face to Face

20
Sep

මං ඇතුලෙ හිටියෙ ආදරය ඉල්ලා හඩා වැටුණු ගැහැනියක්-අනෝජා වීරසිංහ

දශක කිහිපයක්  තිස්සේ අපි අනෝජා වීරසිංහ ගැන කතා කළේ අපේ ප්‍රවීණ සිනමා නිළියක හැටියටයි. ඒත් දැන් මේ ඇය ගැන කතා කරන්නට සැරසෙන්නේ ඉන් බැහැර වෙච්ච යෝගිනියක් විදිහටයි..  ඇය මේ  භූමිකාව තුළ කරන්නට සැරසෙන අලුත්ම කටයුත්තක ආරංචියක් ගැනයි.

15
Sep

ආදායම් බදු නඩුවකදී නඩුකාරයා මට තමුසේ කිව්වා. ඒකට විරෝධය පෑවා කියලා හිරේ දැම්මා-අමරසිරි කලංසූරිය

ලාං‍කේය සිනමාවේ නළු භූමිකාව උඩියටිකුරු කරමින් හැත්තෑව දශකයේ සැබෑ තාරුණ්‍යයට නව අරුතක් දෙමින් මතුවූ සුවිශේෂම රංගන ශිල්පියා අමරසිරි කලංසූරියයි.

‘රැයත් දවාලත්’ කෙටි චිත්‍රපටයෙන් සිනමාවට අත් පොත් තබන්නට පෙර කලං තරුණයකු වශයේන අත් දුටු වේදනා අප්‍රමාණය.ඒවා ඔහු සිහිපත් කරන්නේ සංවේගය මුසු සතුටකිනි. කලංගේ රංග භූමිකාව සිසාරා පැතිරුණු ඒ සංවේදනයන් තවත් තරුණයකුට ජීවත්වීමේ බලාපොරොත්තු ඇති කරවන අත්දැකීම්ය. ඒ අත්දැකීම් නොවලහා ප්‍රකාශ කරමින් කලං තම ජීවිතය එළියට දමන්නට දැන් සූදානමින් සිටියි.

16
Jun

බල්ටි ගහන්න බැරි නිසා ජනප්‍රිය නළුවෙක් වෙන්න බැරි වුණා -ටෝනි රණසිංහ

ටෝනි රණසිංහ මගේ සිනමා ෆැන්ටසියේ වීරයා. සිංහල රිදි තිරයේ විජය තරම්ම ලස්සන කඩවසම් රූපයක් ටෝනිට තිබුණා.  ඒ නිසා 60 -70 දශකයේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමාරයා වුනේ  ටෝනි.මා විසින් ලියන ලද  ‘තාරකාවෝ මනරම්ය‘ කෘතියට ඇතුළත්වූ මෙම ලිපිය තුළ ටොනිගේ ජීවිතයේ හරස් කඩක් සංක්ෂිප්තව ගැබිවෙලා තියනවා කියා මට හිතෙනවා

24
May

මාලනීගේ හොඳම පෙම්වතා මං

ජීවිතයේ කුඩා කාලයේ මං හරිම සන්තෝෂයෙන් හිටපු කෙනෙක්. හොඳ මවුපියෝ මට හිටියා. ඒ අය අපිට කිසිදෙයකින් අඩුවක් කළේ නෑ. ඒත් මං කුඩා කාලයේ මගේ මව මියගියා. ඊට පස්සෙ අපිට මවු වුණේ පුංචි අම්මා.

ගමේ ඉස්කෝලෙ දෙවැනි පන්තියට පාස් වුණාට පස්සෙ මට ලැබුණා ඩබල් ප්‍රමෝෂන් එකක්. ඒ කියන්නෙ හතරෙ පන්තියට. ආනන්ද ගුරුගේ කියල අපේ ඥාතියෙක් හිටියා. එයා තමයි අ‍පේ තාත්තාට කිව්වෙ මාව බෞද්ධ ඉස්කෝලෙකට දාන්න කියලා. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මාව දැම්මෙ ඊට පස්සෙ. ඒත් ධර්මරාජයේ හතරෙ පන්තියක් නෑ. මට යන්න සිද්ධ වුණේ පහේ පන්තියට. මාව කරකවල අතෑරියා වගේ. විභාගෙනුත් මාව අසාර්ථක වුණා. ෆේල් වෙච්ච ලැජ්ජාවත් හින්දම හොඳටම වැඩ කරන්න ඕනැයි කියල මට හිතුණා. ඊට පස්සෙ හිතුවටත් වඩා ඉහළින් සමත් වුණා.

13
Apr

සුරංගනා රජදහනේ මැවූ පෙම් රැඟුම්

'තරංගා' චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණිය සමඟ පෙමින් වෙළුණු සුන්දර යුවතිය, මානෙල් වානගුරු චිත්‍රපටයේදී මුණ ගැසෙන්නටත් පෙර රවීන්ද්‍ර බොහෝ කලක් තිස්සේම දැන හැඳිනගෙන සිටියා.

එවකට මහරාජා ආයතනයේ සේවය කළ ඒ හුරුබුහුටි කෙල්ල එහිදී දකින්නට රවීන්ද්‍රට අවස්ථාව සැලැසුණේ ඔහුද නිතර එම ආයතනය සමඟ ගනුදෙනු කරන්නට පුරුදුව සිටි නිසයි

23
Dec

කලාව මීට වඩා හොඳ තැනකට ගෙන යෑමේ හීනයක් මට තියෙනවා-සමනලී

ඔයා මේ දවස්වල කාර්ය බහුල වෙලා කියල ආරංචියි?

ඔවි. ටිකක් කාර්ය බහුල වෙලා. මේ රටේ මිනිස්සු සුරක්ෂිත නෑ. රටේ නීතිය පැත්තෙන් ගත්තත් එහෙමයි. දූෂණය රජවෙලා. කලාව හැටියටත් සුරක්ෂිත භාවයක් නෑ.මේ යන විදියට ඉදිරියේදී දකින්න ලැබෙන්නෙ ණය බරිත රටක්. කලාකරුවො හැටියට අපිට  මේ මොහොතෙ අවකාශයක් හැදිල තියෙනවා මේ ව්‍යසනය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න. කලාකරුවන් කෙරෙහි මේ රටේ ජනතාව තුළ තියෙන්නෙ පවිත්‍ර ආදරයක්.අපිත් පෙරලා අපේ කෘතවේදීත්වය ඔවුන්ට පළ කළ යුතුයි. කලාකරුවන් හැටියට අපි මේ එක්කහු වෙලා ඉටු කරන්නෙ අපේ යුතුකමයි. 

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday275
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1925
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4171
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149724

Follow us on Facebook

Online Users

We have 27 guests online