01
Oct

ලෝක ළමාදින ජාතික රූපවාහිනිය ළමුන් බඩගින්නේ තබයි!

හොඳම දේ ළමයින්ට කියා කියා ජාතික රූපවාහිනිය මගින් අද (ඔක් 01) දවස පුරා පැවැත්වූ ලෝක ළමා දින උළෙලේදී රාජ්‍ය බැංකු- බිස්කට්- කිරි සමාගම් -සහ අභ්‍යාස පොත් සමාගම් රූපවාහිනි සජීවී වැඩසටහන  ඔස්සේ නොසෑහෙන්නට  ඔවුන්ගේ නිෂ්පාදන සහ වෙළෙද නාම ප්‍රචාරය  කරගත්තා මිස ළමා දිනය සමරන්නට පැමිණි දරුවන්ට  දහවල් කෑම  පැකට්ටුවක් තබා බිස්කට් පැකට් එකක්වත්  කිරි පැකට් එකක් වත් අඩුම තරමේ වතුර බෝතලයක්වත්  නොමිලේ ලබාදෙන්නට තරම් කාරුණික වී නැත.

ලංකා බැංකුව- මැලිබන් බිස්කට් සමාගම- කොත්මලේ කිරි සමාගම සහ ඇට්ලස් අභ්‍යාස පොත් සමාගම මගින් අද දින රූපවාහිනි සංස්ථා  සහ නිදහස්  චතුරශ්‍ර පරිශ්‍රෙයේදී  පවත්වන ලද විවිධ තරග  සඳහා සහභාගි වන්නට ළමුන්ට අවසරය ලබාදී ඇත්තේද  ඔවුන් ගේ නිෂ්පාදන මිළට ගැනීමෙන් අනතුරුව ලබාදුන් කූපන් පතක් ඉදිරිපත් කළ අයට පමණි. එහිදී තෑගි වශයෙන් ඔවුන්ගේම නිෂ්පාදන බෙදා දී ඇත්තේද ජයග්‍රහාකයන් කිහිපදෙනකුට පමණි. තරග සදහා සහභාගි වූ  සෙසු සිඟිත්තන්ට සැනසිලි තෑගි වශයෙන් බිස්කට් පැකට් එකක්වත්- කිරිපැකට් එකක්වත්  නොදුන් නිසා ත්‍යාග නොලත් සිඟිත්තන් දැඩි  සිත්තැවුලට පත්වූ බවද කියති.

මෙසේ  ලෝක ළමා දිනය තනිකරම ව්‍යාපාරිකයන්ට තමන්ගේ වෙළෙද  ව්‍යාපාර  ප්‍රචාරය කරගන්නට පමණක් ඉඩහැරීම ළමා දින අරමුණු අමු අමුවේ කෙලෙසීමක් වන අතර එහි  වරද තනිකරම පැටැවෙන්නේ ජාතික රූපවාහිනී සංස්ථා බලධාරීන් පිටය. උත්සවය සංවීධානය කිරීමේදී දරුවන්ට දිවා ආහාරය හෝ වෙනත් සැහැල්ලු ආහාර පැකට්ටුවක් ලබාදීම කෙරෙහි ඔවුන්ට යථෝක්ත වෙළෙඳ සමාම්වල අවධානය යොමු කරවන්නට ඉඩ තිබීණ. අනෙක් අතට රාජ්‍ය උත්සව සහ අනෙකුත් උත්සව අවසානයේ ඒවාට සහභාගි වන්නන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහ -  කොක්ටේල් සාද  පැවැත්වෙන අතර අඩුම තරමින් සුළුවෙන් හෝ සංග්‍රහයක් කිරීම අද සාමාන්‍ය සිරිතකි. එසේ තිබියදී  පාසල් වලින් දුර බැහැර පෙදෙස්වලින් පැමිණි සිසුන්ට ලෝක ළමා දිනය සමරන්නට  සිදුවී ඇත්තේ කුස ගින්නේය.

ලෝක ළමා දිනය නිමිති කරගනිමින් අද දවස පුරා ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය කෙරුණු  දැන්වීම් වලින් පමණක්  මිලියන ගණනක අදායමක් සංස්ථාව  උපයාගත්තේ ළමාදින උත්සවයේ දරුවන්ට එසේ කුසගින්නේ සිටින්නට ඉඩ හැරීමෙනි . අද දින සමාරම්භක උත්සවයට සහභාගිවූ රූපවාහිනී බලධාරීන් සජීවී ප්‍රචාරය ඔස්සේ පාරම්බෑවේ ජාතික රූපවාහිනිය හැමදාමත් ළමයින් වෙනුවෙන් ඉහළම දේ ලබාදෙන බවකි!

ඇට්ලස් අභ්‍යාස පොත් සමගම මගින් පවත්වන ලද තරගවල ජයග්‍රාහක සිසුන් ගෙන් එක වසරේ සිට 10 වසර දක්වා සිසුන් සියල්ලන්ටම ත්‍යාග වශයෙන්  ලබාදී ඇත්තේ  මොන්ටිසෝරි දරුවන්ට පමණක් අවශ්‍යවන  පාට කරන පොත්- ලොකු කොටු රූල් සහ සුදු කඩදාසි අභ්‍යාස පොත් පමණක් බවද කියති.

මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ජාතික රූපවාහිනී සංස්ථා  බලධාරීන් ලෝක ළමා දිනය තනිකරම  වෙළෙන්දන්ගේ දිනයක් බවට පත් කර ගැනීමට ඉඩහැරීමය.

 

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday216
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1456
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10298
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028367

Follow us on Facebook

Online Users

We have 6 guests online