19
Oct

මඩුවලිගෙන් ගහන්නට ඕනෑ කාටද?

වසර 62 පුරා මේ රටේ නාට්‍යකරුවන්ට සෙවන දුන් සුදර්ශි සිංහල සංස්කෘතික ආයතනය සතු ඉඩම  ඊනියා යහපාලන ආණ්ඩුව මගින් ජපානයේ සසකාවා ආයතනයට විකීණීමට පියවර ගෙන ඇත.

04
Oct

සීලරත්න සෙනරත්ගේ ජීවන අත්දැකීම් නවකතාවකට -කෘතිය දොරට වැඩුම ඔක්තෝබර් 6දා

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී සීලරත්න සෙනරත් මහතා ගේ ජීවන අත් දැකීම් පාදක කරගනිමින් අශෝක ප්‍රියන්ත ලියූ ‘අඩා මහත්තයා‘ නවකතාව ඔක්තෝබර් 6 දා සවස 2.00ට  කොළඹ මහවැලි කේන්ද්‍ර යේදී දොරට වඩී.

28
Sep

ඔක්.6දා සිට උසාවිය නිහඩයි

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඩයි‘ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටය ඔක්තොබර් 6 දා  සිට කොළඹ රීගල්- බොරැල්ල  ලිඩෝ- සහ මහරගම ඇමෙටි යන සිනමා ශාලාවල සවස 4.15 ට තිරගත වෙයි

18
Aug

සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති  සීතා රංජනීගේ සාහිත්‍ය - සමාජ දායකත්වය ඇගයෙන සහෘදමය සංවාදයක් 2016 සැප්තැම්බර් මස 06 වන අඟහරුවාදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

25
Jul

මගේ පුංචි පැටියා තවම මාස හතරක චූටි පැටියෙක්-උපේක්ෂා

‘‘මගෙයි සමන්තගෙයි හිත් සතුටින් පිරිලා ඉතිරිලා ගිහින්. අපි මුල ඉඳලම හිතන් හිටියෙ ඉක්මනින් බබෙක් හදනවා කියල. පෙර වාසනාවකට දෝ අපට හනිමුන් බේබි කෙනෙක්ම ලැබන්නයි යන්නේ.ඒ ගැන ගොඩක් සතුටුයි.

13
Oct

සලරූ සිත්තම් ඔක් . 24-25 කැලණිය සරසවියේදී

Written by Administrator.

කැලණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිබිම්බ කලා තෙවන වසර විදයාර්ථියකු වන ඔෂාන් යාපා අමරසේකරගේ ‘සල රු සිත්තම්‘ ප‍්‍රදර්ශනය ඔක්තෝම්බර් 24 සහ 25 දෙදින පුරා උදෑසන 9 සිට සවස 5 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආලින්දයේ දී පැවැත්වේ. අධ්‍යයන කාලසීමාව අතරතුර ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත‍්‍රපට දැක්මක් හා ඔහුගේ ම තෙලිතුඩින් සිත්තමට නැගුණු හෙළ සිනමාවේ විශේෂ චරිතයන්ගේ සිතුවම් දැක්මක්ද මේ දෙදින පුරා ප‍්‍රදර්ශනය කෙරේ.

සල රු සිත්තම් ප‍්‍රදර්ශනයට එක්වන ඔබට, සිතුවම් කරන ලද හෙළ සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ උඩු කය චිත‍්‍ර ප‍්‍රදර්ශනය, හෙළ සිනමාවේ මහා නළුවන් සයදෙනාගේ උඩු කය ඡුායාරූප ප‍්‍රදර්ශනය, හෙළ සිනමාවේ දක්ෂතම හා සුරූපී ම නිළියන්ගේ උඩු කය ඡායාරූප ප‍්‍රදර්ශනය, හෙළ සිනමාවේ පේ‍්‍රමණීය යුග ප‍්‍රදර්ශනය, කුළුදඳුල් කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ආදී ඔෂාන් යාපාගේ නිර්මාණකරණයන් කිහිපයක්ම රසවිඳිය හැකිය.

30
Sep

මම සිනමා විචාරයට පමණක් කොටු වී නැහැ

ප්‍රවීණ සිනමා විචාරක, ලේඛක හා මාධ්‍යවේදී ගුණසිරි සිල්වා රචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එළි දැක්විණ. ඒ 'ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය' සහ 'ලාංකේය දේශපාලනයේ අර්බුද හා අරගල' නමැති විචාරාත්මක කෘති ද්විත්වයත් 'සමීප ආගන්තුකයා' නවකතාවත්ය.

අද ගුණසිරි මෙසේ අප හා සංලාපයට එක් වන්නේ එය නිමිති කොට ගනිමිනි.

01
Sep

අර්බුද, අරගල සහ සරල මිනිහෙක්

පත්තර කන්තෝරුවේ රස්සාවට ආපු මුල්ම දවසේ වෙනස් වටපිටාව එක්ක දැකපු චරිත අතරේ බොහොම වෙනස්

වගේම අමුතු මාදිලියක චිත්‍රයක් හිතේ මතු කරපු පුද්ගලයෙක් ඉන්නවා. ඩෙනිම් කලිසමට යට කරපු ශර්ට් එක, දුඹුරු පාට සපත්තු, උඩට පීරපු කොන්ඩේ, එතරම් උසක් නැති මේ මනුස්සයා බොහොම සීරුවට තමන්ගේ රාජකාරිය කරගෙන ඉන්නවා දැක්කා. මුණ ගැහුන මුල්ම නිමේෂයේ බොහොම අව්‍යාජව හිනා වෙලා පස්සෙ විස්තර එහෙම කතා කරලා දවසක් දෙකක් ගියාම තමයි දැන ගත්තේ කව්ද මේ පුද්ගලයා කියලා.

'හොඳ පත්තර කකුලක්, හැත්ත ගණන් වල ඇත්ත පත්තරේ පවා හිටියා, හොඳ හොඳ පොත් ලියපු පොරක්, පොඩ්ඩක් ආස්සරේ කරලා බලපං. ඔය මනුස්සයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා උඹට.'

11
Aug

කිසිම අරගලයක් ජයගන්න බැරි වුණා - ගුණසිරි සිල්වා

ඔබේ මේ අලූත් වෑයම ගැන යමක් කියන්න?

මේ පොතේ නම ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල’ අගෝස්තු 12 වනදා සවස තුනට මහවැලි කේන්ද්‍රයේ දී එය එළි දකිනවා.

මෙය ඔබේ ළඟ ළඟම එන දෙවන දේශපාලන කෘතිය?

පාඨකයා බොහෝ වෙලාවට මාව හඳුනා ගන්නේ සිනමා විචාරකයෙක් විදියට. මීට කලින් මම පොතක් කළා අවිචාර සමය’ කියලා. ගොඩක් අය දැන් අහනවා ආපහු දේශපාලන පොතක් කරන්නේ ඇයි කියලා. ඒකට මට කියන්න තියෙන්නේ කොහොමත් හැමදාම මගේ සිනමා විචාරවලත් තිබුණේ දේශපාලන දැක්මක්. හැමදේම දේශපාලනිකයි.

21
Jul

කැලුම් සියත නාලිකාවේ අධ්‍යක්ෂ ධුරයට


ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු වන කැලුම් පාලිත මහීරත්න , සියත tv නාලිකාවේ අධ්‍යක්ෂවරයකු  ලෙස 

පසුගියදා වැඩ බාරගත්තේය

05
Oct

එහෙම වාරණ නියෝගයක් තාම මං අතට ලැබිලා නෑ-ප්‍රසන්න

‘උසාවිය නිහඩයි‘ චිත්‍රපටය සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා ඇති බවට පළවූ පුවත අනුව දැනට එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිනමා ශාලාවලින් අත්හිටුවා ඇතත් එබඳු වාරණ නියෝගයක් මේ මොහොත තෙක් තමා වෙත ලැබී නැතැයි ප්‍රවීණ සිනමාවේදී  ප්‍රසන්න විතානගේ මහතා ලංකා ලයිව් ස්ටාර් වෙබ් අඩවිය සමග පැවැසුවේය.

28
Sep

නෙලූගෙන් පළමුවරට ප්‍රසංගයක්

ප්‍රවීණ ගායිකා නෙලූ අධිකාරී  පළමුවරට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්‘ මැයෙන‍් ප්‍රසංගයක් පැවැත්වීමට මේ දිනවල සූදානම් වෙයි.

23
Aug

අපි දෙන්නට අපි දෙන්නා ලැබුණ නිසා අපේ ජීවිත ලස්සන වුණා-චතුරිකා පීරිස්


චතුරිකා පීරිස් රඟපෑ මුල්ම ටෙලි නාට්‍යයෙන්ම ඉතාම ජනපි‍්‍රය වුණා. එතැන් සිට එක දිගටම චතුරිකා මේ රටේ ජනපි‍්‍රයම නිළිය හැටියට ස්ථාපිත වුණා. වසරේ ජනපි‍්‍රයම කිරුළ පැළැන්දාහ.

ඒත් චතූ මං මේ ප‍්‍රශ්නෙ අහනවා. අද ඔයාට එදා තිබූ ජනපි‍්‍රයතාවය නැහැයි කියලා මං කිව්වොත්?

(සිනාසෙමින්) ජනපි‍්‍රයත්වය කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අද එක්කෙනෙක් ජනපි‍්‍රයයි. හෙට තවත් කෙනෙක් ... එහෙම ලබන ජනපි‍්‍රයත්වය ටික කාලයයි පේ‍්‍රක්ෂකයෝ අතර රඳා පවතින්නේ. එහෙම ටික කාලයක් හරි කෙනෙක් ජනපි‍්‍රයත්වය ලැබූවත් ඒ කෙනාගේ නම පේ‍්‍රක්ෂක ජනතාවගේ හදවත් තුළ නෑ. සමහරු නම් දන්නෙත් නෑ.

04
Aug

ඉතිං ආයුබෝවන් මිතුරාණෙනි!

මේ රටේ තීරු ලිපි කලාව ඔලුවෙන් සිටවූ ‘කොලමේ‘ කෙරුමා ද අද (04) අප හැර ගියේය. කෙරුමා චින්තන ජයසේන ය.

චින්තන අප හඳුනා ගන්නේ 70 දශකයේදී ඔහු විසින් ලියා ඔහුගේම වියදමින්ම පළ  කළ ‘කොලම‘ නමින්වූ පුංචි තීරු ලිපියෙනි. අත් පත්‍රිකාවක් මෙන් මුද්‍රණය කෙරුණු එය ප්‍රමාණයෙන් කුඩා වුවද එමගින් එවකට ඇති කළ බලපෑම විශාල විය.

16
Jul

විශ්ව විද්‍යාලවලට හූ කියමු

විශ්ව විද්‍යාල සලකනු ලැබූයේ බාහිර සමාජයට වඩා උසස්, දියුණු හා පුළුල් වපසරියක් සහිත ආයතනයක් වශයෙන්. එහි අධ්‍යාපනයත්, අධ්‍යාපනය උදෙසා භාවිතා වන ශිල්පක්‍රමත්, අධ්‍යාපනය සඳහා වූ වටපිටාවත් පාසැලින් හා සමාජයේ අනෙකුත් අධ්‍යාපන ආයතනයන්ගෙන් වෙනස් වූවක් ලෙස අතීතයේ පටන් උත්කර්ෂයට නැංවුණා. එහි ඇත්තක් ද නොතිබුණා නොවේ. විකල්ප අදහස් දරන්නන් හෝ අලුත් අදහස් දරනන්නන් බොහොමයක් දෙනා මේ විශ්ව විද්‍යාලවලින් අධ්‍යාපනය ලත් අය බව පෙනෙන්නට තිබුණා. විශේෂයෙන් පාසැල්වල සිටි උපාධිධාරී ගුරුවරුන් මේ අතරින් කැපී පෙනුනා.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday203
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1108
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4674
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141950

Follow us on Facebook

Online Users

We have 51 guests online