03
Jun

ඇගේ ඇස අග ගිනි පුපුරු

ඔබ විවාහක පුරුෂයෙක්ද? එසේනම් ඔබේ කුටුම්භයේ අංශු මාත්‍රයක් ‘ඇගේ ඇස අග‘ ඇත .

ඔබ විවාහක කාන්තාවක්ද? එසේනම් ඔබේ කුටුම්භයේද  අංශු  මාත්‍රයක් ‘ඇගේ ඇස අග‘ ඇත.

ඔබ අසම්මත ප්‍රේමයක මැදිවූ විවාහක පුරුෂයෙක් නම් ඔබේ ජීවිතයේ අංශු මාත්‍රයක්ද ‘ඇගේ ඇස අග ‘ ඇත.

27
May

අපේ සංස්කෘතිය, සදාචාරය සහ අපේ විදිහ හදන්නේ ‘තහනම’ විසින්

සිනමාවේදී අශෝක හඳගම සුපුරුදු පරිදි ලාංකේය ප්‍රේක්ෂකාගාරය නමැති දෙබරයට යළි ගල් ගසා ඇත. එයින් ප්‍රේක්ෂකාගාරය කිසියම් කැළඹීමකට ලක්ව ඇති සෙයකි. ආන්දෝලනාත්මක ඔහුගේ සිනමා භාවිතය බොහෝ විට ප්‍රේක්ෂකයා ප්‍රකම්පනය කරවන සුළුය. ඒ ප්‍රකම්පනය හරහා ඇතිවන තිගැස්ම ප්‍රේක්ෂක විඥාණය විනිවිද යන්නේ හීයක වේගයෙනි.

ඇගේ ඇස අග  නමැති හඳයාගේ නවතම චිත්‍රපටය ඔහු තනා ඇත්තේ ද එකී ආස්ථානය මත පිහිටා බව පෙනෙන්නට තිබේ. එය මේ වන විට පුළුල් සමාජ කතිකාවක් බවට පත්වෙමින් ඇත. හඳයා මෙසේ අප සමඟ සංලාපයට එක් වන්නේ ද ඇගේ ඇස අගපිළිබඳ වෙනස් මානයකින් සිය මාතවාදයන් ගෙන හැර පෑමටය.

15
May

දෙරණ සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂ ප්‍රසන්න

 ඊයේ  (14) රාත්‍රී පැවැති දෙරණ සිනමා සම්මාන උලෙලේදී  2015 වසරේ  හොඳම සිනමා අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ  ‘ඔබ නැතුව ඔබ  එක්ක‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේය.

10
May

‘ඇගේ ඇස අග‘ මැයි 13 වෙනිදා සිට සීමිත දින කිහිපයකට.

දැනටමත් උණුසුම් කතා බහකට විෂය වී ඇති අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය 'ඇගේ ඇස අග' මැයි මස 13 වෙනිදා සිට කොළඹ රීගල් ඇතුළු ප්‍රධාන පෙලේ සිනමාහල් වල සීමිත දින ගණනකට ප්‍රදර්ශනය අරඹයි.

21
Apr

හඳගම ගේ 'ඇගේ ඇස අග' 17 වෙනි ජොන්ජු සිනමා උළෙලේ ලෝක සිනමා විශිෂ්ටයින් ගේ අංශයට

අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය " ඇගේ ඇස අග" (Let Her Cry ) අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා පැවැත්වෙන දකුණු කොරියාවේ 17 වෙනි ජොන්ජු ජාත්‍යන්තර සිනමා උළෙලේ 'ලෝක සිනමා විශිෂ්ටයින්' ගේ ( World Cinemascape - Masters' ) අංශය නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන ඇත.

01
Jun

රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය 3දා

 

12 වැනි රයිගම් ටෙලි සම්මාන ප්‍රදානොත්සවය ජූනි 3 දා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි.

27
May

නූතන ලාංකීය සිනමාවේ ආරම්භය දෙලොවක් අතරට පනස් වසරයි

්කොළඹ මහ බැංකුවේ ගොඩනැඟිල්ල ඇතුළු නිශ්චල ඡායාරූප රාශියක කෙළවර අප යොමු වනුයේ සම්පූර්ණයෙන් විකල රූපයකටය. එයින් පසු කොළඹ විශාල ගෘහයන් සපිරි මාවතක් දිගේ සයිකලයක් පැදගෙන එන්නෙකි. ඔහු සමඟ වත්තකට ඇතුළු වන කැමරාව මේ හාදයා පුවත්පත් අලෙවි කරන්නෙකු බව පෙන්වයි. ඔහු විසින් වීසි කරනු ලබන පුවත්පත නිවසක වසා ඇති දොර ළඟ වැටෙයි.

ගේ ඇතුළේ සිටින මැදිවියේ ගැහැනිය තේ ට්‍රොලියක තබාගෙන එන්නේ සැමියාටය.

11
May

රයිගම් ටෙලි සම්මාන නිර්දේශිත නාම ප්‍රකාශිත රාත්‍රිය 13දා

12 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මාන සදහා නිර්දේශිත නාමලාභින් සඳහා සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මැයි 13 දා  සවස 6.00ට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි.

2015 වසරේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ ටෙලි නාට්‍ය සහ අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම සඳහා ජූරි සභිකයනි විසින් නිර්දේශිත නාම එදින ප්‍රකාශයට  පත් කෙරෙන අතර එහිදී සහතික පත්‍ර සමග රුපියල් ලක්ෂ 10 වටිනා රක්ෂණ සහතික ප්‍රදානය කිරීම මෙම උළෙලේ විශේෂත්වයකි.

28
Apr

‘ඇගෙ ඇස අග‘- තමන් විසින් තමා සොයා යැම

අශෝක හඳගමගේ  අලුත්ම සිනමා ආඛ්‍යානය ‘‘ඇගේ ඇස අග‘‘  මාධ්‍ය දැක්මක් ඊයේ (27) සවස තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණු අතර එය   ප්‍රෙමය - විවාහය- ලිංගිකත්වය සහ ලිංගික මාත්සර්යය  පිළිබඳ ගැඹුරු  තකිකාවකට මුල  පිරූ අතිශය  සංකීර්ණ මනෝභාවයන් ප්‍රකට කරන්නක් විය. චිත්‍රපටය පිළිබඳ දිර්ඝ කතිකාවක් ඉදිරියේදී ගොඩනැගෙනු නොඅනුමනය. ඒ පිළිබඳව මුහුණු පොතේ ලියැවුණු මුල්ම සටහන මෙසේ  පළකරන්නේ ‘ඇගේ ඇස අග‘‘ ඔස්සේ ඉදිරියේදී ගොඩ නැගෙන  පුළුල් සංවාදයට ප්‍රවේශයක් ලෙසයි

.-සංස්කාරක (lankalivestar.com)

මිනිසුන්ට ජීවිතයේ කිසියම් මොහොතක හෝ තමන්ව සොයා ගැනීමට සිදුවෙනවා. එය කිනම් අවදියක දැයි කියන්නට බැහැ. මහාචාර්යවරයා තම සිසුවිය හරහාත්, සිසුවිය සිය ගුරුවරයා හරහාත් තමන්ව සොයා යන්නේ ඒ නිසා. මහාචාර්යවරයාගේ බිරිඳ ආගම හරහා තමන්ව සොයන්නට වෙහෙස වෙනවා.

08
Apr

රේඛාව වැදගත් වන්නේ ගම විනිවිද දැකීම නිසයි-අශෝක හඳගම

රේඛාව අපේ සිනමාවේ කඩඉම් රේඛාවක් වුණේ මට

හිතෙන හැටියට මෙන්න මෙහෙමයි. අපේ සිනමාවේ විවිධ

ප්‍රවණතා පිළිබඳ ජනප්‍රිය කතාබහේ දී කඩඉම් දෙකක්

අපට මුණගැහෙනවා. එකක් වෙන්නෙ ලෙස්ටර් මහතාම

කියන විදිහට 1964 දී එළිදැක්වුණු ගම්පෙරළිය සිනමා

කෘතිය. දෙවන එක 1974 දී ධර්මසේන පතිරාජ නිර්මාණය

කරපු ‘‘අහස් ගව්ව’’ සිනමා පටය.

31
May

ඇගේ අැස අග විචාර කතිකාව 7දා

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හදගම ගේ නවතම සිනමා නිර්මාණය   "ඇගේ ඇස අග" පිළිබඳ   විචාරාත්මක කතිකාවතක් ජුනි 07 ප.ව 3.00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

15
May

රයිගම් ටෙලීස් හොඳම නිළිය නදීෂාද ? මේනකාද? නිරෝෂාද?

 ජූනි 3 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ 2015 වසරේ හොඳම  නළුවා  සම්මානය සඳහා   රොෂාන් රවීන්දු (දස්කොන්) සුරාජ් මාප (කළුඅරලිය) ශ්‍රියන්ත මෙන්ඩිස් (විෂ්ණ සංක්‍රාන්තිය) නිර්දේශවී සිටිති.

10
May

මරාගෙන මැරෙන මේ උත්සාහය ගෞරවාන්විතයි-හඳගම

ඇගේ ඇස අග' චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම දා 'තහනම වෙනුවට වසඟය' මැයෙන් බෙදූ අත් පත්‍රිකාව සම්බන්ධව කථා බහක් ඇති වෙමින් තිබෙනවා. ඒ චිත්‍රපටය පිළිඹඳ සමන් වික්‍රමාරච්චි ගේ කියවීමයි. පත්‍රිකාව බෙදා හැරියේ දර්ශනය අවසානයේ ගෙදර යන ගමන් ( කැමති නම් ) කියවන්නටයි. 

26
Apr

මගේ හැම චිත්‍රපටයක්ම මගේම ආත්ම බද්ධ ප්‍රකාශන ප්‍රසන්න විතානගේ

Written by Administrator.

සිනමා මාධ්‍ය වූ කලී සකලවිධ කලාවන් නූතන විද්‍යාව මගින් සමතික්‍රමණය කොට මනුෂ්‍යයා විසින් අත්පත් කරගන්නා ලද උසස් තාක්ෂණික ජයග්‍රහණයකි. කවර සිනමාකරුවකු විසින් හෝ එය මනුෂ්‍ය  සංහතියේ ්‍රගමණ වෙනුවෙන් යොදා ගන්නේද, හේ විශිෂ්ට සිනමාකරුවකු ලෙස හැදින්වීම සාධාරණයි.

සිනමාකරුවාගේ ඒකායන අරමුණ විය යුත්තේ තම නිර්මාණ තුළින් ප්‍රෙක්ෂකයාගේ යථාර්ථ ඥානය අවදි කොට ජීවිතාවබෝධය ලබා දීමයි

ප්‍රසන්න විතානගේ නමැති  තරුණ සිනමාවේදියා අපට වැදගත් වන්නේ මෙම සන්දර්භය තුළයි.

01
Apr

රන්ජන් 10 වෙනි වරටත් හොඳම සහ ජනප්‍රියම නළුවා

රන්ජන් රාමනායක 2016 වසරේ ස්ලිම් නිල්සන් ජනතා  සම්මාන උළෙලේදී ජතාවගේ හොඳම  නළුවා ලෙසත් තරුණ තරුණියන් අතර ජනප්‍රියතම නළුවා ලෙසත්   සම්මානයෙන් පිදුම් ලැබීය

ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේ රන්ජන් රාමායක  පිට පිටම 10 වෙනි වතාවටත් මෙසේ  සම්මනයෙන් පිදුම් ලැබීම  වාර්තාගත විශෙෂත්වයකි

More Articles...

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday80
mod_vvisit_counterYesterday175
mod_vvisit_counterThis week969
mod_vvisit_counterLast week11212
mod_vvisit_counterThis month21067
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2054202

Follow us on Facebook

Online Users

We have 80 guests online