14
May

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ඉනෝකා

ප්‍රවීණ සිනමාවේදී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිනිය ලෙස පත්කොට තිබේ.

ජාතික රූපවාහිනී  සංස්ථාවේ සභාපති තනතුරට කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

සිය පළමු චිත්‍රපටය වූ ‘සුලං කිරිල්ලී‘ තුලීන්  වැඩිම ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් දිනාගත් ඉනෝකා සත්‍යංගනී අනතුරුව ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටය නිර්මාණය කළ අතර මෑතකදී ‘සාර සුබාවට මල් පිපිලා ‘ මැයෙන් අලුත් චිත්‍රපටයක වැඩ ආරම්භ කළාය.

සිනමාව-රූපවාහිනිය- මාධ්‍යය පමණක් නොව සාහිත්‍ය විෂයෙහි ලාද හසල දැනුමක් ඇති ඉනෝකා නිතරම අලුත් දැනුමෙන් යාවත්කාලීන වන නූතනවාදී කාන්තාවකි. කාලාන්තරයක් මුළුල්ලේ නිසි නායකත්වයක් නැතිව- ඉදිරි දැක්මක් නැතිව වල්බිහිවී ඇති රූපවාහිනී සංස්ථාවේ අභිවෟද්ධිය වෙනුවෙන් ඇයට කළ හැකි වැඩකොටස විශාල බව අපි විශ්වාස කරමු

01
May

සිනමා ප්‍රාඥයාගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව හෙට නිදහස් චතුරශ්‍රයේ

 ආසියාවේ මහා සිනමා ප්‍රඥයා වූ අභාවප්‍රාප්ත  ආචාර්ය ලෙස්ටර්  ජේම්ස් පීරිස් මහතාගේ දේහයට සිනමා ශිල්පීන් ගේ ගෞරවය දැක්වීම සඳහා ඒ මහතාගේ නිවසේ සිට හෙට (02) උදේ 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයට රිය පෙරහරකින් රැගෙන එනු ලබන අතර අනතුරුව සිනමා ශිල්පීන් ගේ සහ අනෙකුත් කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් දේහය නිදහස්  චතුරශ්‍රයට ගෙන එන බව අවමංගල්‍ය කමිටුව නිවේදනය කරයි.

25
Mar

හොදම නළුවා- මහේන්ද්‍ර- හොදම නිළිය - නදී ජනප්‍රියම නළුවා -තුමිදු ජනප්‍රියම නිළිය -නයනතාරා හොදම ටෙලි නාට්‍යය- බැද්දේ කුලවමිය ජනප්‍රියම ටෙලි නාට්‍යය- කූඹියෝ

ඊයේ  (24) නෙළුම් පොකුණ රඟහලේදී පැවැති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවා -හොඳම  නිළිය- හොඳම තිර නාටකය-හොඳම අංග රචනය-හොඳම කලා අධ්‍යක්ෂණය- හොඳම සහාය නළුවා- හොඳම නැගී එන නළුවා- හොඳම කැමරාකරණය-   හොදම සංස්කරණය-හොඳම අධ්‍යක්ෂණය- හොඳම  නිෂ්පාදනය ඇතුළුව සම්මාන රැසක්ම  බැද්දේ කුලවමිය  ටෙලි නාට්‍යයට හිමි විය.

09
Mar

හොදම නිළිය චාන්දනී ද? නදී ද? හිමාලි ද?

rigam actress

අද රාත්‍රී කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් නිර්දේශ නාම ප්‍රකාශ උලෙලේදී  2017 වසරේ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය වූ ටෙලි නාට්‍ය   සහ අනෙකුත් වැඩසටහන්  වෙනුවෙන් සම්මාන පිදීම  සඳහා  නිර්දේශ වුණු ශිල්පීන්  මෙසේය.

03
Feb

ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙල පෙබ 08දා තරංගනියේ

අචාර්ය ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙලක්  සහ සමරු උත්සවයක් පෙබරවාරි 08 දා දවස පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙයි 

එදින උදේ 10.00ට ‘පාරදිගේ‘ චිත්‍රපටයද  දහවල් 1.00ට   ‘මතුයම් දවස‘  චිත්‍රපටයද  සවස 3.00ට A Search of a road වාර්තා චිත්‍රපටයද රාත්‍රි 7ට ‘ස්වරූප‘  චිත්‍රපටයද තිරගත කෙරෙන අතර සමරු දෙසුම පවත්වනු ලබන්නේ අශෝක හඳගම විසිනි

12
May

සම්මානලාභි ‘පවුරු වළලු‘ තිරනාටකය එළි දකී

ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු‘ චිත්‍රපටයේ තිරනාටකය දැන් නිකුත්වී ඇත.

ටෝනි රණසිංහ ගේ තිරනාටකයක් වූ ‘පවුරු වළලු‘ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ හොඳම චිත්‍රපට අතරින් එකක් ලෙස විචාරක පැසැසුමට ලක්වූ අතර ඕ. සී. අයි. සී. සිනමා උත්තමාචාර උලෙලේ ඊට හොදම තිරනාටකය- හොඳම අධ්‍යක්ෂනය - හොඳම නළුවා (ටෝනි රණසිංහ) හොඳම නිළිය (නීටා ප්‍රනාන්දු) හොඳම කැමරාකරණය (සුමින්ද වීරසිංහ) ඇතුළු සම්මාන රැසක් හිමි විය.

29
Apr

ආසියාවේ මහා සිනමා ප්‍රාඥයා අාචාර්ය ලෙස්ටර් සමු ගනී


ලාංකේය සිනමාවේ පෙර ගමන්කරු මහා සිනමාවේදී අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද රාත්‍රී ජිවිත සිනමාවෙන් සමුගත්තේය .

ආසියාවේ මහා සිනමාවේදීන් හැටියට ගෞරවයට පාත්‍රව සිටි ඉන්දීයාවේ සත්‍යජිත් රේ - ජපානයේ අකිර කුරෝසොවා හැරුණු විට මෙතෙක් ජීවත්ව සිටි ආසියාවේ එකම මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් පමණක් විය.

ඒ මහතාගේ 99වෙනි උපන් දිනය යෙදී තිබුණේ අප්‍රේල් 5දාය.

17
Mar

හොඳම නළුවා රොෂාන්ද? ශ්‍යාම්ද? මහෙන්ද්‍ර ද? රයිගම් ටෙලි සම්මාන මාර්තු 24ද නෙළුම්පොකුණේ

2018 රයිගම් ටෙලීස් සම්මාන උළෙල මාර්තු 24 සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි

2117 වසරේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ ටෙලි නාට්‍ය සහ අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙළේදී හොඳම නළුවා සම්මානය සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු- මහේන්ද්‍ර පෙරේරා සහ රොෂාන් රවීන්ද්‍ර නිර්දේශවී සිටින අතර හොඳම නිළිය සම්මානය සඳහා චාන්දනී සෙනෙවිරත්න- හිමාලි සයුරංගි සහ නදී කම්මැල්ලවීර නිර්දේශ වී සිටිති.

06
Mar

රයිගම් ටෙලීස් නිර්දේශ ලාභීන් අගැයීම් උළෙල 9දා

මාර්තු 24 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන රයිගම් ටෙලීස් සමමාන උළෙලලේ සම්මාන සඳහා නිර්දේශවන ශිල්පීන් හඳුන්වා දෙමින් ඔවුනට සහතිකපත් පිරිනැමීමේ උත්සවය මාර්තු 9 දා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වෙයි

26
Dec

2018 රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රීය මාර්තු 24 දා

රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන වසරේ සිට ආදාල වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට තීරනය කළ බව ‘ද කිංඩම් ඔෆ් රයිගම්‘ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා පවසයි.

02
May

වෙනසක පුරෝගාමියා සුනරුත් පැතුම සමග නික්ම ගියේය

ආයාලේ යමින් තිබූ ලාංක්ය සිනමාවට නිසි පදනමක් දමමින් එය ජාත්‍යන්තර කීර්තියට ලක්කළ වෙනසක පුරෝගාමියා වූ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද (2) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව- හමුදා ආචාර වෙඩි මුර මැද දැයෙන් සමුගත්තේ ඔහුගෙ මුළු ජීවිත කාලය තුළම පැවැති එකම පැතුම සුනරුත් පැතුමක් බවට පත්කර ගනිමිනි.

25
Apr

යශෝධරා 26 දා සිට දිවයින පුරා සිනමාශාලා 85ක

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘යශෝධරා‘ චිත්‍රපටය අප්‍රෙල් 26 දා සිට දිවයින පුරා සිනමාශාලා 85ක තිරගතවෙයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න ගේම තිර රචනයක් අනුව නිර්මාණය කළ ‘යශෝධරා‘ චිත්‍රපටයේ ‘යශෝධරා‘ ලෙස භාරතීය රංගන ශිල්පීනී පල්ලවී ෂුභාෂ් සහ සිද්ධාර්ථ ලෙස භාරතීය රංගන ශිල්පී ඒ. චෞද්රි චරිත නිරුපණය කරති.

16
Mar

උදය කාන්ත වර්ණසූරියගේ සිනමා චාරිකාවේ වෙනසක්

ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටය ‘මධුර චාරිකා‘ මෙතෙක් සිංහල චිත්‍රපටයකට විෂය නොවූ අපූර්ව තේමාවක් අනුව නිපදවූවක් වන අතර එමගින් 50 -60 දශකවල අපේ සිනමාවේ සහ සිනමා සංස්කෘතියේ හැඩ රුව හඳුනාගන්නට අලුත් පරපුරට හැකි වෙයි.

20
Feb

පරාරෝපිත මිනිසා ගේ පිළිබිඹුව

ධර්මසේන පතිරාජ, අපේ සිනමාවේ දෙවෙනි පරම්පරාවේ මුල් පුරුක, ඔහුගේ සමකාලීනයන් ගේ පතී, අපගේ ආදරණීය පති අය්යා  පසුගිය 27 වෙනිදා අපෙන් සමු ගත්තා. සමීපතමයෙකු ගේ මරණය කියන්නේ ජීවත්වන අයට ක්ෂතිමය අත්දැකීමක්. භාෂාවකින් විස්තරකරගන්න බැරි මේ ක්ෂතිය ඉවසාගන්න අපි විවිධ දේවල් කරනවා. පන සුන් දේහය දින කිහිපයක් නිවසේ තබාගන, විවිධ අවමඟුල් චාරිත්‍ර වාරිත්‍ර කරමින් අප ගැලවෙන්න උත්සාහ කරන්නේ ඒ ක්ෂතියේ කම්පනයෙනුයි. පතිරාජ නික්ම ගියේ ඒ කිසිවකට විරාමයක් නොතබා. එමෙන්ම එසේ නොකරන්නැයි, ඉල්ලීමක්ද කරමින්. ඔහුගේ නික්මයාමත් සමඟම නිසල වන්නේ අපේ සිනමාවේ එක්තරා යුගයක හද ගැස්මයි.

24
Dec

ජාත්‍යන්තර සම්මාන දිනූ අනෝමා ජනාදරී අගැයුම් උළෙළ 30 දා

ලොස්ඇන්ජලීස්  නුවර පැවැති ආසියානු ලෝක සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස  සම්මාන දිනූ ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී ඇගැයුම් උළෙලක් දෙසැම්බර් 30 දා සවස 4 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙයි.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday234
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1139
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4705
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141981

Follow us on Facebook

Online Users

We have 33 guests online