29
Nov

ඒවා මගේම කඳුළු නෙවි

09

සමනල සංධ්වනිය පළමු සිනමා අත්දැකීම නේද?
ඔව්.

පාසල් කාලේ රංගනය ගැන අත්දැකීම් ලැබුවද?
ඔව්. මම පාසල් වේදිකාවේ රඟපාලා තියෙනවා.

මේ දවස්වල මොනවද කරන්නේ?
මේ අවුරුද්දේ උසස් පෙළ විභාගය කෙළේ. මේ දවස්වල ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නවා.

ඉගෙන ගත්ත පාසල?
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය.

ඉදිරියේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ජනමාධ්‍ය අංශයෙන් ඩිප්ලෝමාවක් හදාරනවා. ඒ අංශයෙන් ඉදිරියට යන්න තමා බලාපොරොත්තු වෙන්නේ.

ඉදිරියේදී රඟපෑමට නැවැතීමේ තිතක් තැබේවිද?
හොඳ චරිත ලැබුණොත් රඟපානවා.

පවුලේ අයගෙන් මොනවගේ සහායක්ද ලැබෙන්නේ?
තාත්තා නම් ටිකක් අකැමැතියි. ඒත් හොයලා බලලා යන්න දෙනවා.

සමනල සංධ්වනිය බලලා ගෙදර අය මොනවද කිව්වේ?
හොඳයි කිව්වා. හොඳට කරලා තියෙනවා කිව්වා.

චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ජයන්ත සර්ගේ වයිෆ් තමයි අපිට සිංහල උගන්වන්නේ. ඒ මිස්ගේ මාර්ගෙන් තමයි මම චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. මිස් ගෙදර ගිහින් ජයන්ත සර්ට මං ගැන කියලා.
ඊට පස්සේ මගේ ඡායාරූපයක් එවන්න කිව්වා. ඒක දැක්ක ගමන් සර්ට මගේ ගැන මතක් වෙලා. අපේ පාසලේ තිබුණු උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට ජයන්ත සර් සහභාගි වුණා. එදා මම හුනුවටයේ කතාවේ ගෘෘෂාගේ චරිතය රඟපෑවා. ඒක තමයි මගේ ඡායාරූපේ දැක්ක ගමන් සර්ට මතක්වෙලා තියෙන්නේ. මේ චරිතයට මාව තෝරා ගන්න කිසිම සම්මුඛ පරීක්ෂණයක්වත් තිබ්බේ නෑ.

අහිංසා ඔයාට දැනුණේ කොහොමද?
අහිංසා කියන්නේ හරි අහිංසක ගැහැනු ළමයෙක්. වාදීෂ දිහා පැත්තකට වෙලා බලන් ඉන්න, එයාගේ දක්ෂකම් බලලා හදවතින්ම සතුටු වෙන චරිතයක්.

අහිංසා වාදීෂට ආදරේ කළා නේද?
ඔව්.

අහිංසා ඒක කවදාවත් වාදීෂට කිව්වේ නෑ නේද?
නැහැ. ඉඟිවලින්ම විතරයි ඒක දැනෙන්න ඉඩ දුන්නේ.

අහිංසා වාදීෂට ආදරේ කරන්නේ සංගීතය නිසාද?
ඔව්. මම හිතන්නේ එහෙම වෙන්න ඇති. ඒත් එයාගේ ගති පැවැතුම්වලට, හැසිරෙන විදියටත් ආදරේ කළා.

චිත්‍රපටය ඇතුළේ අහිංසා ඉස්මතු කරන්න අධ්‍යක්ෂවරයා මොනවද කෙළේ?
මට කරන්න ඕන විදිය කියලා දුන්නා. පාසල් යන ළමයෙක් විදියට. සංගීතය හදාරන කෙනෙක් විදියට මම හැසිරෙන්න ඕන විදිය, දෙබස් කියන්න ඕන විදිය පවා කියලා දුන්නා.

එක තැනක තියෙනවා වයලීන් එක ගහන ගමන්ම වාදීෂ දිහා බලන දර්ශනයක්. මම පළමු වැනි පාර ඒක කළා. ජයන්ත සර් කිව්වා හොඳයි ආයෙ හදන්න දෙයක් නෑ කියලා.

වේදිකාවේ ගීතය ගයන අවස්ථා දැනුණේ කොහොමද?
මම ආවේශ වෙලා වගේ තමයි කිව්වේ. ඒ දර්ශනය රූගත කරද්දී මට මුලින්ම කරලා පෙන්වන්න කිව්වා. ඉතින් මං මට හිතුණ විදියට කළා. ජයන්ත සර් මුකුත්ම කිව්වෙ නෑ. ඒත් අඬන විදියට කටත් හදන්න කියලා කිව්වා. එච්චරම තමයි කළේ.

ඒ වෙලාවෙ ඇත්තටම ඇඬුණද?
ඒ මුළු හෝල් එකම පිරිලා හිටියා. මට අඬන්න කිව්වා. ඒත් මට ඇඬුණෙ නෑ. ඊට පස්සේ ඇස් දෙකට ග්ලිසරින් දැම්මා.
හැබැයි තව ටිකක් වෙලා මම වේදිකාවෙ හිටිය නම් ඇත්තටම ඇඬෙනවා.

අහිංසා ගොඩ නැඟෙන්නේ බුද්ධිනිගේ ජීවිතේ අත්වින්ද දේ එකතුවෙලාද?
ඔව්. පාසල් හැමෝටම තියෙන අත්දැකීම්නේ. අපි හැමෝටම ඒවා තියෙනවා.
සංගීතය හදාරලා තියෙනවද?
නැහැ. ඒත් පාසලේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක් විදියට හිටියා.

සූර්යගෙන් ලැබුණු සහාය ගැනත් කියමු?
ඇත්තටම සූර්යා හොඳ සහායක් දුන්නා. අපි හොඳ යහළුවෝ වගේ හිටියේ. මම මුලින්ම සූර්යා එක්ක කතා කෙළේ රූගත කිරීම්වලදී. චිත්‍රපටයේ බස් එකක යන දර්ශනයක් තිබුණා. ඒ වෙලාවෙ අපිට මොනව හරි කතා කරන්න කිව්වා. එතකොට තමයි අපි දෙන්නා මුලින්ම කතා කෙළේ.

01.jpg 02.jpg 03.jpg 04.jpg 05.jpg 06.jpg 07.jpg 08.jpg 09.jpg

සවනි ශේශාධි හර්ෂා
ඡායා : මංජුල දයාවංශ

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday229
mod_vvisit_counterYesterday194
mod_vvisit_counterThis week1714
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12552
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030621

Follow us on Facebook

Online Users

We have 90 guests online