10
Oct

විවාහයක් නම් ඔනැම නෑ කියල හිතුණා -සබීතා පෙරේරා

‘ඇඩ්ඩ්‍රස් නෑ‘ චිත්‍රපටය තුළින් ඔබ නැවතත් සිනමාදෙකින්න ලැබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

මම සිනමා රංගනයෙන් ඈත් වෙලා ඉඳලා අවුරුදු 9ට පස්සෙයි ‘අබා‘ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ. ඊට පස්සෙ ‘අජාසත්ත‘ සහ දැන් ‘ඇඩ්ඩ්‍රස් නෑ‘.චිත්‍රපටය. පිටපත ලැබිලා සන්ධ්‍යා ගේ චරිතය කියවාගෙන යනකොට මුලින්ම මම බය වුණා. ඒත් අන්තිමේ මම තේරුම් ගත්තාඇය එදිනෙදා සමාජයේ ජීවත් වෙන මේ පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් බව.

ඇය ඔබට අභියෝගයක් වුණාද?

ඔව්. ඇත්තටම චරිතයක් කියන්නෙ අභියෝගයක් තමයි. ඒත් සන්ධ්‍යාලා මේ සමාජයේ ඕනෑ තරම් ජීවත් වෙනවා. අපි අහලා තියෙනවා ප්‍රවෘත්ති විදිහට. පත්තර වලින් අප කියවනවා. එහෙම ගැහැණුන්ට ඇඟිල්ල දික්කරනවා විතරයි. එහෙම තැනකට පත්වෙච්ච හේතුව දකින්නේ නෑ. මේ චරිතය තුළ ඇයව ප්‍රේක්ෂකයාට වඩාත් දැනෙයි කියලා හිතනවා. ඇය සමාජයට පණිවිඩයක් ගෙනයාවි කියලා හිතනවා.

මේ චරිතය ඔබ මෙතෙක් රඟපෑ චරිත අතර සුවිශ්ෂ හැඩහුරුවක් ඇති චරිතයක් නේද?

ඇත්තටම ඔව්. ඒගොල්ලො ගැන අලුතින් හිතන්න සන්ධ්‍යා මාවත් පෙළඹෙව්වා. ගැහැණු හුඟක් වෙලාවට මුහුණ දෙන ප්‍රශ්න එකවගෙයි.එකිනෙකට වෙනස්කම් ඇති කරන්නෙ ඔවුන් ජීවත්වෙන සමාජ පරිසරය විසිනුයි.ඔවුන් ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න පෙළඹෙන්නෙ ඒ පරිසර වෙනස තුළ ඉගෙනයි.කල්පනා කරලා බලද්දි සන්ධ්‍යා ගෙ ජීවිතේ හරිම ඛේදවාචකයක්.ඒ දේවල් පොදුවේ ගැහැණුන්ට ජීවිතේදි අඩු වැඩි වශයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල්.ගැහැණියක් විදිහට ඒ ‍බොහෝ දේවල් වලට ඇය අකමැති වුණත් ඈ ඒ දේවල් කරන්නෙ සමාජය එතැනට ඇයව තල්ලු කරපු නිසා.කවුරුත් දකින්න අකමැති අන්න ඒ ඇත්ත ‘ඇඩ්ඩ්‍රස් නෑ‘තුළ දකින්න සලස්වා තිබෙනවා. ජැක්සන් මේ පිටපත ලියා තිබෙන්නෙත් බොහෝ කාලයක් රිසර්ච් කරලයි.

මගතොට දි හමුවෙන අය නිතරම අහනවා දැන් රගපාන්නේ නැත්තේ ඇයි කියලා. ඒ අයට මං ආරාධනා කරනවා මගේසිනමාජීවිතේමට ලැබුණු වෙනස්මමේ චරිතය මං නිරෑපනයකලේ කොහොමද කියල බලන්න

ඔබ එදා වානිජ සිනමාවේ මල් ගස් වටේ නටමින් ගී ගැයූ දකාර පෙම්වතියක්. දැන් ඔබට මේ රපාන්නට ලැබෙන චරිත ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේ අත්දැකීම් කොහොමද නිළියක විදිහට ඔබට දැනෙන්නෙ?

ආරම්භයේ වානිජ සිනමාවේ එවැනි චරිත තමයි වැඩිපුර ලැබුනේ. ඒත් එක්තරා මොහොතකදී මට දැනෙන්නට ගන්නවා රගපාන්න තියෙන්නේ ඒවා විතරක්ම නෙමෙයි කියලා.එතැන ඉදලා මමම වඩා පුළුල් චරිත සොයන්න පටන් ගත්තා.

මොන විදිහටද ඒ සොයායෑම පටන් ගත්තෙ?

ලෝකයේ විශිෂ්ට සිනමා නිර්මාන නැරඹුවා.තිස්ස අබේසේකර මහත්මයා හොද මග පෙන්වීමක් කළා. අසවල් තැන හොද චිත්‍රපට පෙන්වනවා. අසවල් තැන සිනමාව ගැන සාකච්ඡා කරනවා. කියලා ඔහු නිතරම දැනුවත් කළා. ඊට අමතරව මං සිනමාව ගැන , රසවින්දනය ගැන පාඨමාලා වලට පවා සහභාගි වුණා. විරාගය‘සිසිල ගිනිගනී‘ ‘සහන් එළිය‘ (තිරගත වුණේ නෑ) ඒ චරිත මුල් කාලයේදී මගේ ගමන වෙනස් කරපු චරිත.පිටගම්කාරයෝ, ඇසල කලුවර, දණ්ඩේලූ ගිනි, අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍ය වල චරිතත් ඒ වගෙයි.රංගනයෙන් බහැරව හිටපු කාලයේත් මං බොහෝ චිත්‍රපටනැරඹුවා. පොත් පත් කියෙව්වා. අධ්‍යනයක හිටියා. ඒ දේවල් මනසින් විදිමින් මං පුළුල් වුණා.

එදා එක්ක බලද්දි අද සිනමාවේ ජනප්‍රිය නළු නිළියෝ නැතිවීම ගැන ඔබට මොකද හිතෙන්නෙ?

හේතු කාරනා ගොඩක් තියෙනවා. මාලනී- ගීතා පරම්පරාවට පසු පරම්පරාව අපි. ඔය යුග අපේ සිනමාවේ ස්වර්ණමය කාලය හැටියටයි සැලකෙන්නෙ. ඒ කාලයේ චිත්‍රපට හැදුනා. අධ්‍යක්ෂවරු නිෂ්පාදක වරු හිටියා . කර්මාන්තයක විදිහට තිබුණා.යුද්ධයත් එක්ක 89කලබල වලදි සිනමා ශාලා විනාශ වුණා. නැවත ඒ සිනමා ශාලා හැදුනේ නෑ. කර්මාන්තයක් විදිහට වර්ධනය වුනේ නැහැ.නිෂ්පාදකවරු සිනමාව වෙනුවෙන් ආයෝජනය කළේ නෑ. එතනදි නළු නිළියන්ට රගපාන්න චිත්‍රට නැති වෙනකොට ප්‍රේක්ෂකයන් ගෙනුත් ඔවුන් ඈත් වුණා. අදටත් මිනිස්සු ආසයි හොද චිත්‍රපට බලන්නත. අද වෙනකොට අලුත් අධ්‍යක්ෂවරුන් බිහිවෙලා ඉන්නවා ඒත් කිහිපදෙනයි. චිත්‍රපට ගොඩක් කෙරෙන්නේනෑ. නිෂ්පාදකවරුන් එන්නෙත් නෑ පොදුවේ කර්මාන්තක් වදියට තියෙන මේ කඩා වැටීම නළු නිළ ජනප්‍රියත්වයටත් බලපා තියෙනවා. ‍

අලුත් පරපුර ඔබේ පරම්පරාවේ නළු නිළියන්ට දක්වන ප්‍රතිචාර මොනවගේද?

කාලෙකින් වැඩකළෙ නැති නිසා මට දැනේනේ නෑ ඒත් මං බොහෝ දේ අසා තිබෙනවා. රගපෑම ලෝක මට්ටමෙන් ගත්තාම හොද වෘත්තියක් වුනත් ලංකාවේ එහෙම නෑ. ඒ නිසා අපේ රටේ හුගක් නළු නිළයන්ට සිදුවන්නේ වෙනත් දෙයක් කරමින් එගපෑමේ නිරතවෙන්න. විශෙෂයෙන් නරූපන ක්ෂෙත්‍ර යේ වගේ. රග පෑම වෘත්තිය කරගත් අය ඒකට ාගෟරවනීයයි. එහෙම නොවුණාම ගෞරවය ආදරය අඩුවෙනවා.

දැන් ඔබ ආයෙත් දිගටම රඟපානවාද?

කාර්යබහුල වෙන්න නම් කැමති නෑ. බිරිඳක් සහ මවක් විදිහට මම දැන් ගත කරන්නෙ වෙනමම ජීවිතයක්. ඒ වගකීම විශාලයි. මට කොළඹින් බැහැරව දීර්ඝව කාලය ගත කරන්න අමාරුයි. ඒක හින්ද මං හොඳම දෙයකට විතරමයි ඉඩ හදා‍ ගන්නෙ. ‘අජාසත්ත‘ ච්‍රිපටය මේ දවස්වල තිරගත වෙනවා. ඊළඟට ‘ඇඩ්ඩ්‍රස් නෑ‘ තිරගත වෙන්න තියෙන්නෙ. ‘ඇඩ්ඩ්‍රස් නෑ‘ ිත්‍රපටයේ තේමාව මෑත කාලයේ කවුරුත් කතා නොකළ දෙයක් හින්ද ප්‍රේක්ෂකයන්ටත් වෙනසක් සහ විශේෂයක් වෙයි.

එදා ගතකල කාර්ය බුහල ජීවිතේට වඩා අද ගතකරන ජීවිතේගැන මොකදහිතෙන්නේ?

ජීවිතේ හැමදාම එකමදේ කරන් න ඕනෙ නෑ. අපේ ජීවිතවල එක එක කාලවල සිද්ධවෙන විවිධ දේවල් තියෙනවා. නිසි කාලයේදී බිරිදක් මවක්විදියට මගේ ජීවතේ සද්ධවුණු වෙනස හොදයි ඒ ගැන සතුටුයි. කලින් මම පාන්දර දෙකේ තුනේ ඉදන් නැගිටගෙන මේක්අප් කරගෙන වෙහෙසකාරී ජීවිතයකුයි ගතකලේ. කාර්ය බහුලකම හින්දම විවාහයක් ඔනෙම නෑ කියලයි එදා හිතුවෙ එත් අද මේ ගෙවනනිදහස් ජීවිතයට මං කැමතියි. එෟ නදහස මං හරියට අගය කරනවා.පුතා ලැබිල අවුරුදු 9ක්ම මං රගපෑවේ නෑ. ඒ නිදහස එක පැත්තක්. අනෙක් පැත්ත තිරනාටකයක් ලඅබුනාම මං එකට හැඩ ගැහෙනවා සාර්තකත්වයක් තියෙනවානම් ඒ සාර්තකත්වයට බලප ප්‍රධාන කාරණාව ඒකයි.

මනිසුන්ගේ හදවත්වල ජීවත්වෙන එකලේසි නෑ. කාලෙකින රගපෑවත් ප්‍රෙක්ෂක ප්‍රතිචාරත් එක්ක ඔවුන්ගේ හදවත්වල අපි තාමත් ජීවත්වෙන එක සතුටක් මිය යනතෙක්ම සිනමා නිළියක් හැටියට ඒ අදරය ගෞරවය එක්ක ජීවත්වෙන්නයි මං ප්‍රාර්ථනා කරන්නේ

ධම්මිකා අක්මීමන

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday191
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week1024
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8428
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991217

Follow us on Facebook

Online Users

We have 85 guests online