12
Nov

රසමසවුළු- විසිපස් වසරක්ම ඒ සොඳුරු යෞවනිය මා සමඟය

70 දශකයේ ලාංකේය චිත‍්‍ර කලාව වර්ණවත් කළ අපුර්වතම සිත්තරා සීවලී ඉලංගසිංහය.

වන්නියේ ඉපිද, ගහ කොළ සතා සර්පයා සම`ග දිවි ගෙවු සීවලිගේ අව්‍යාජ අත්දැකීම් සමුදාය ඔහුගේ සිත්තම්වල හෘදයාංගමට ලියැ වී තිබුණේ ය.

70 දශකයේ දී ඔහුගේ පළමු චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත් වූණේ කොළඹ කලාභවනේ දීය. එය නරඹන්නට ගිය අවස්ථාවේදී මට දැනුණේ තනිකරම හරිත වනයක ගහ කොළ සතා සර්පයා සමග තනි වූ වාක් මෙනි.

අඳුරු වනයේ තුරු ලතා අතර රතු මල් පීපි තිබුණේය. තුරු ලතා අතරින් මතුව ආ ගැහැණුන් ගේ සහ පිරිමින්ගේ වියලී ගිය දෑස් අතරින් දකින්නට ලැබුණේ දාර්ද්‍රතාවයේ - පිඩිත භාවයේ සංකේතය. සීවලිගේ වර්ණ සමග එළියට පනින්නේ ඔවුන්ගේ ගුඪ ආත්මයන් ය. එසේ වුවද ඒ දෑස්වල ජීවත්වීම පිළිබඳ අප‍්‍රමාණ ප‍්‍රාර්ථනා ද නොඅඩුව දැල් වුණේ ය. තරුණ ළඳුන්ගේ දිගු දෑස්වල පේ‍්‍රමයද අනුරාගයද දැල් වී තිබුණේ ය. ඔවුන්ගේ දෑස් යට සැඟවී තිබුනේ ලිංගිකමය වැලපීමකි.

වන්නියේ ශුෂ්ක පරිසරයක විසු ඒ මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ප‍්‍රාර්ථනා ද සීවලි තම කැන්වසය මත ලීවේ අපුර්වතම වර්ණ වලිනි. එකී මිනිසුන්ගේ අධ්‍යාත්මයන් පිළිඹිබු කෙරුණු ඒ අපුර්වතම වර්ණ පදාසයන්, මානව රූප වෙතින් දිස් වූ හැඩතල ද අපේ රටේ කිසිදු චිත‍්‍ර ශිල්පියකු වෙතින් දකින්නට ලැබුණේ නැත.
චිත‍්‍ර කලාව පිළිබ`දව වැඩිදුර කියවන්නටත් සොයා බලන්නටත් පටන් ගත් පසු සීවලීගේ චිත‍්‍රවලට සමාන අනුභූතීන්, වර්ණ පදාසයන් සහ ඇතැම් මානව රූපවල හැඩතල මට දකින්නට ලැබුණේ පෝල් ගොගැන්නේ සිතුවම් වලිනි. ගොගැන් ස්වකීය දරු පවුල ද අතහැරදමා තහිටි දුපත්වල වෙසෙමින් එහි මිනිසුන් සගම ජිවිතය බෙදාහදා ගනිමින් ලද අත්දැකීම් ඇසුරින් අඳින ලද සිතුවම්වලින් මට සීවලි කැන්වස් මත ඇඳි මිනිසුන් සිහිපත් කළේ ය. එසේ වුවද වන්නියේම ඉපිද එහිම හැදුණු වැඩුණු සිීවලීට ගොගැන් ගේ චිත‍්‍ර හදාරන්නට ඉඩකඩක්, ශාස්ත‍්‍රාලීය වට පිටාවක් 70 දශකයේ දී තිබුණා යයි මම නොසිතමි. එහෙයින් සීවලීගේ සිතුවම් කිසිලෙසකින්වත් ගොගැන්ගේ සිත්තම්වල අනුකරණ යැයි කියන්නට තරම් මම සාහසික නොවෙමි.

සීවලිගේ සිත්තම් කෙරෙහි මා තුළ පැවැති අසීමිත පේ‍්‍රමය නිසාම ඔහුගේ සිත්තමක් පත්තරක, ස`ගරාවක දුටු ගමන් එය කපා එකතු කරන පුරුද්දක් එකල මට විය. වර්ණ මුද්‍රණ තාක්‍ෂණය එදා අද තරම් දියුණු තත්ත්වයක නොතිබුණු බැවින් එම සිතුවම් පුවත්පත් සහ සඟරාවල පළවුයේ කළු සුදු වර්ණයෙනි. නැතිනම් තනි වර්ණයකිනි. එසේ තනි වර්ණයෙන් මුද්‍රණය වූ සීවලිගේ සිතුවම් 70 දශකයේ දී චින්තන ජයසේන විසින් සංස්කරණය කරන ලද ‘විලාසිතා’ සඟරාවේ මුල් පිටුවේ පළ වී තිබුණේ ය.

එය, මුහුණ දෙපසින් ගලා හැලෙන සුන්දර කෙස් කළඹක් සහිත යෞවනියකගේ ආලේඛ්‍ය චිත‍්‍රයකි. ඇගේ හිස් මුදුනේ වන මලකි. පපුවට තුරුළු කර ගත් දැත පුරාම මල් ය. තනි දුඹුරු වර්ණයෙන් මුද්‍රණය වී තිබු එම සිත්තම කෙරෙහි කෙතරම් මා සිත බැ`දි ගියේ ද යත්, එය මගේ ලියන මේසයේ වීදුරු කෑල්ලක් යට පරිස්සමට තබා ගතිමි. මේසය අසල හි`ද ගන්නා හෑම මොහොතකම ඒ යෞවනීය මා සම`ග කතා කරන්නාක් මෙන් මට හැඟේ. කෙතරම් බැලූවත් සැහීමකට පත් නොවන ඒ යෞවනිය සමෙග ආත්මීය වශයෙන් බැඳීමේ උවමනාවකින් මා සිත නලියන්නට වූයේ ය.

පුරා දශක දෙකක් මුළුල්ලේ ඒ යෞවනිය ඇසුරු කළ මම ඇය සමග ආත්මීය වශයෙන් වඩාත් බැඳෙන අපුරු ක‍්‍රමයක් සොයා ගත්තෙමි. හඳුනන චිත‍්‍ර ශිල්පියකුගෙන් තෙල් සායම්ද, පින්සල්ද ඉල්ලාගෙන කැන්වසයක් සකස් කර ගත් මම දිගු කලක් මා සමග විසු ඒ යෞවනියගේ හැඩතල කැන්වසය මත සටහන් කරන්නට විමි.

යෞවනියගේ සිත්තම දුඹුරු පාටින් පමණක් මුද්‍රණය වී තිබු නිසා මගේ සිත්තම ද තනිකරම දුඹුරු වර්ණයෙන් වර්ණ ගැන්විණි. මුහුණේ හැ`ගීම් සහ අනෙකුත් හැඩතල මතු කර ගැනීම ස`දහා සුදු වර්ණය යොදා ගතිමි. අන්තිමේ දී එම සිත්තම දුඹුරු වර්ණයෙන් පමණක් වර්ණවත් වූ හාස්කමක් ලෙස මගේ මිතුරෝ අගය කරන්නට වූහ.

ඒ සිත්තමට සිත ගිය කාන්තාවක් එය රුපියල් පන්දහසකට ඉල්ලා සිටියා ය. දැඩි මුදල් අවශ්‍යතාවක් මත ඒ මොහොතේ අතේ සතයක් නැතුව සිටියත් මගේ ආත්මගත යෞවනිය මුදලට විකුණා දමන්නට සිත දුන්නේම නැත. එහෙත් මුදල් ප‍්‍රශ්ණයට පිළියමක් ලෙස කාන්තාවට පසු දින එන්තැයි කියා එදින රැය පුරා මගේ සිත්තමට සමාන අනු පිටපතක් ඇඳ අර කාන්තාව පෙන් වූ නමුත් එය ඇගේ සිත් ගත්තේ නැත.

එබැවින් මුදල් ප‍්‍රශ්නය විසඳුනේ නැත.

නමුත් සිත්තම මට ඉතිරි විය.

සිද්ධිය ඇසු ජගත් රණතුංග නමැති මගේ මිතුරකු ඒ අයුරින් කෙටි කතාවක් ලියා තරගයකට ඉදිරිපත් කොට මුදල් ත්‍යාගයක් ද ලබා ගත්තේ ය.

විසි පස් වසරක් පුරා ඒ යෞවනිය මා අත්හැර ගොස් නැත.

මේ ලියන මොහොතේ ඇය මා දෙස බලා සිටින්නේ දයාවෙනි.

-ගුණසිරි සිල්වා

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday54
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3358
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7458
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990247

Follow us on Facebook

Online Users

We have 53 guests online