23
Nov

හිරේ යන්න බලාගෙන ලියූ වැකියට දඩය රුපියල් පනහයි!


එවකට පැවැති ආණ්ඩුවල දූෂණ හා වංචා ‘ඇත්ත’ ප‍්‍රධාන සිරස්තලය මගින් රටට හෙළිදරව් කළ අවස්ථාවලදී ‘බාප්පලා’ ‘ඇත්තේ’ ඇත්තන් සොයා ආ සැටිත්, ‘බාප්පලා’ට ඇත්තේ ‘සිරා’ මුහුණ දුන් සැටිත්, ‘බාප්පලා’ ‘සිරාට’ සැලකූ සැටිත් පසුගිය ‘රසමසවුළු’ වෙන් කතා කළෙමු.

ආණ්ඩුවේ හෝ ආණ්ඩු කරවන ඇත්තන්ගේ හෝ වංචාවක්, දූෂණයක් හෙළිදරව් කරන විට ‘බඩු’ (දත්ත) අතේ තියාගෙන ‘වැඬේ’ ට බහින්නට ඇත්ත කර්තෘ මණ්ඩලය හොඳ හැටි වගබලා ගත්තේ ය. එසේම පුවත ලියන ආකාරය (news angle) ගැනත් නීතිමය ප‍්‍රශ්නයක් ඇතිවිය හැකි නම් එයින් රිංගා යන ආකාරය ගැනත් ‘ඇත්තේ’ ඇත්තෝ හොඳ හැටි දැන සිටියහ. ඒ නිසාම එබඳු ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් ‘ඇත්තට’ වැටෙන නඩු විසිවෙයි. උසාවි යන්නට කලින් පුවත්පත් මණ්ඩලය හමුවේ පැවරුණු නඩු පහසුවෙන් ජය ගන්නට හැකි ජගතෙක්ද ඇත්තේ සිටියේය. ඔහු එවකට ඇත්ත ප‍්‍රවෘත්ති කර්තෘව සිටි නිවුටන් සෙනෙවිරත්නය.

කොයිතරම් නඩු වැටුණ ද පවතින ආණ්ඩුවක දූෂණ හා වංචා නොවලහා හෙළිදරව් කළද කිසි දිනෙක ‘ඇත්තේ’ ඇත්තකුට උසාවියෙන් වරදකරුවකු වී දඩුවම් විඳින්නට සිදුවූ අවස්ථාවක් ගැන මා අසා නැත.

එසේ වුවද යම් දේශපාලකයකුගේ ගොබ්බ කතාවකින් මාක්ස්වාදයට හෝ වෙනයම් දර්ශනයකට හෝ අගතියක් අපහාසයක් වුණුවිට ‘ඇත්තේ’ ඇත්තන්ට ‘මල පනින’
අවස්ථා එමටය. එවැනි අවස්ථාවලදී ‘සිරා’ටද ‘මල’ පැන්නේය.

එබඳු ‘මල පැන්න’ අවස්ථාවක බෙල්ල ගහල යන විදියේ කතුවැකි ලියන්නටත් ‘සිරා’ පසු බට වූයේ නැත.

1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ ඇමැත්තකු කළ එබඳු ගොබ්බ කතාවකින්

‘මල පැන, සිරා බෙල්ල ගහලා යන කතුවැකියක් ලියුවේය.

ඇමැත්තා, එවකට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයා වූ ඒ.ආර්.එම්.බී. අත්තනායක ය.

ඔහු කිසියම් අවස්ථාවකදී, ‘කාල්මාක්ස් උගත්කමක් නැතිව යාචක තත්ත්වයෙන් සිටියෙකැ’යි යනුවෙන් කටමැත දොඩවා ඇත. ඔහුගේ ප‍්‍රකාශය පුවත්පතක පළවී තිබුණු දැක ‘මල පැන්න’ සිරා කීවේ ‘මේකට නම් හිරේ යන්න බලාගෙන ලියන්න ඕනෑ’ කියාය.

එසේ කියා පසු දින පත‍්‍රයේ පළ කළ සිරාගේ වැකියේ සිරස්තලය මෙසේ විය.

‘ගොනා වුණාට උම්බෑ කියන්න එපා’.

තමාට අපහාස වුණැයි ඇමැත්තා වහාම ‘ඇත්තට’ එරෙහිව නඩුවක් ගොනු කළේය.
පහසුවෙන්ම නඩුවක් පවරන්නට එවකට සිටි නීතිපතිවරයාටද හැකි විය.

එසේ වුවද අපහාසය කෙරී ඇත්තේ ගොන් ප‍්‍රකාශයක් නිසා බව අධිකරණයේ උගත් විනිශ්චයකරුවන්ටද පෙනී ගොස් තිබුණා සේය.
නඩුව ඔප්පු වූ බැවින් ද`ඩුවමක් කරන්නටද උසාවියට සිදුවුණේය. ඒ නිසා ද`ඩුවමක් නියම කෙරුණේය.

දඬුවම රුපියල් පනහක දඩයකි !

උසාවිය මගින් ලබා දුන් ‘බරපතල’ දඬුවම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවයට පොඩි පහේ සමච්චලයක් කරන්නටද විත්ති පාර්ශවය වග බලා ගත්තේය.

මගේ මතකය නිවැරදි නම් ඒ අපුරු උපදේශය එවකට ඇත්ත උපදේශක කර්තෘ එච්. ජී. එස්. රත්නවීරයන්ගේ ය.

ඒ අනුව රුපියල් පනහේ දඩය ගෙවන්නට ‘ඇත්ත’ පාඨකයන්ගෙන් ආධාර ඉල්ලා දැන්වීමක් ඇත්ත මුල් පිටුවේම පළ කෙරුණේය.

ඉල්ලා සිටියේ එක් පාඨකයකුගෙන් සතය බැගිනි.

සතය බැගින් සම්මාදමක් ලෙස එකතු වූ මුදලින් දඩය ගෙව්වේය. රුපියල් පනහට වැඩියෙක් එකතු වූ ඉතිරි මුදල ඇත්ත ‘අරමුදලට’ එකතු කෙරුණේය.

-ගුණසිරි සිල්වා

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday50
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3354
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7454
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990243

Follow us on Facebook

Online Users

We have 49 guests online