08
Apr

රේඛාව වැදගත් වන්නේ ගම විනිවිද දැකීම නිසයි-අශෝක හඳගම

රේඛාව අපේ සිනමාවේ කඩඉම් රේඛාවක් වුණේ මට

හිතෙන හැටියට මෙන්න මෙහෙමයි. අපේ සිනමාවේ විවිධ

ප්‍රවණතා පිළිබඳ ජනප්‍රිය කතාබහේ දී කඩඉම් දෙකක්

අපට මුණගැහෙනවා. එකක් වෙන්නෙ ලෙස්ටර් මහතාම

කියන විදිහට 1964 දී එළිදැක්වුණු ගම්පෙරළිය සිනමා

කෘතිය. දෙවන එක 1974 දී ධර්මසේන පතිරාජ නිර්මාණය

කරපු ‘‘අහස් ගව්ව’’ සිනමා පටය.

මේ සිනමා පට යුගලය

අපේ සිනමාවේ පැහැදිලිව හඳුනාගත හැකි කඩඉම් දෙකක්

බව සත්‍යක්. ඒත් අද දින අපේ අවධානය යොමුවෙන්නේ

ලෙස්ටර්ගේ මුල්ම සිනමාපටය වූ ‘‘රේඛාව’’ වෙතයි.

මට අනුව ලංකාවේ සිනමාවේ පළමු කැරැල්ල ගම්පෙරළිය

සිනමා කෘතිය නෙවෙයි. ලෙස්ටර් ගේ ‘‘රේඛාව’’ කියන

එකයි මම ඉදිරිපත් කරන්න යන අදහස. 1956 ලෙස්ටර් ගේ

‘‘රේඛාව’’  ඕපපාතිකව බිහිවූවක් නෙමෙයි.

ලංකාවේ සිනමාවේ ඊට පෙර විවිධ සිනමා කෘති

කීපයක් අපිට හම්බවෙනවා. ඒවා මේ ගමනට අඩිතාලම

දමාපුව වෙනවා. 1948 බී..ඩබ්. ජයමාන්න නිෂ්පාදනය

කරපු ‘‘කඩවුණු පොරොන්දුව’’ අපේ සිනමාවේ මුල්ම

සිනමාපටය වුණාට ඒක අපි කවුරුත්  දන්න

ඉන්දියානු සිනමාවට තවත් භාෂාවක් එකතු වුණාය කියන

ජයවිලාල් විලේගොඩගේ කියමන සනාථ කරන දෙයක්.

ඒක අපේම සිනමා පටයක් හැටියට අපි හඳුනාගන්නවාද

නැද්ද කියන ගැටලූව අපිට ඉදිරිපත් කරනවා. ඒත්

අවුරුද්දේ නිර්මාණය වුණ ශාන්ති කුමාර්ගේ ‘‘අශෝක

මාලා’’ සිනමාපටයත්, සිරිසේන විමලවීරගේ සිනමා භ්‍යාසත්

ස්වතන්ත්‍ර කලාත්මක දේශීය සිනමාවත් සොයාගෙන යන

ගමනේ සැලකිය යුතු නිර්මාණ ලෙස අපිට හම්බවෙනවා.

කේ. ගුණරත්නම් 1953 වසරේ කරපු ‘‘සුජාතා’’

තාක්ෂණික වශයෙන් ඉහළ තත්ත්වයක තිබුණු චිත්‍රපටයක්

ලෙස සැලකෙනවා. ලංකාවේ සිනමාව විදිහට පරිණාමය

වන කොට ලෝක සිනමාවේ නව ප්‍රවණතා දෙකක් අපිට

හම්බවෙනවා.

පළමු එක තමයි ඉතාලියානු නව යථාර්තවාදය අනෙ ප්‍රංශ සිනමාවේ නව රැල්ල. 1942 ලූෂීනෝ විස්කොන්සිගේ Ossessione

සිනමා කෘතියෙන් ඇරැඹෙන්නේ ඉතාලියානු

නව යථාර්තවාදය. ඒකට අයිතිවෙනවා. රොබෝතෝ

රොසලිනීගේ Rome Open City 1945 වසරේ නිෂ්පාදනය

කරපු. එක්කම වික්ටොරියෝ ඩිසිකාගේ Bicycle Thieves

ඔයසැඩැි 1948 නිෂ්පාදනය කළ, 1952 දී නිෂ්පාදනය කරපු

ඩිසිකාගේම Umberto D සිනමාපටයක්. මේ ඉතාලියානු

නව යථාර්තවාදී සිනමාවේ සුවිශේෂී නිර්මාණ. මේ සිනමා

ප්‍රවණතාව සිනමාව ඇතුළේ අලූත් සමාජ විඤ්ඤානයක්

ප්‍රදර්ශනය කරනවා. ඒවායේ ප්‍රධාන අනුභූතිය වුණේ අපි

කවුරුත් දන්නවා පශ්චාත් යුද පාලන ඉතාලියේ වැඩ

කරන පන්තියේ දෛනික ජීවන අරගලය සහ දුෂ්කරතාව ශ්‍රමයෙන් සහ ජීවිතයෙන් පරාරෝපණය කරනු ලැබූ ජනතා

ජීවන දෘෂ්ටිය තමයි මේ චිත්‍රපට පෙළ ඔස්සේ නිරූපණය

වුණේ.

මේ සිනමා `ප්‍රවණතාව හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ

වුණේ චිත්‍රාගාර පසුතල වෙනුවට සැබෑ ස්ථානවලම

රූපගත කිරීම, වෘත්තීය නොවුණු රංගන ශිල්පීන් චරිතාංග

නිරූපණය සඳහා යොදා ගැනීම, දිගු රූප රාමු තිබුණු එක.

මේ ඉතාලියානු නව යථාර්තවාදී සිනමාවට වැඩි ආයුෂ

තිබුණේ නෑ. ඩිසිකාගේ Umberto D සිනමාපටයත් සමඟ

එය නිමාවට පත්වෙනවා. මේ ්‍රවණතාව එතරම් කලක්

අල්ලාගෙන නොසිටියාට, ඒක ලෝක සිනමාව ප්‍රංශ නව

රැල්ල තරම්ම බලපෑමක් කළා.

මේ ්‍රවණතාවට අයත් විශේෂ කෘතියක් වෙච්ච

ඩිසිකාගේ Bicycle Thieve කෘතිය සත්‍යජිත් රායි ගේ

සිනමා රීතිය හැඩගැස්වීමට සුවිශාල ආස්වාදයක් වූ බව

සත්‍යජිත් රායිම පවසනවා. ලෙස්ටර් කැමරාව චිත්‍රාගාරයෙන්

එළියට ගෙන එන්නේ ආස්වාදයෙන් වෙන්න ඇති කියල

අපිට අනුමාන කරන්න පුළුවන්. එතකොටරේඛාවඅපේ

සිනමාවේ වැදගත් කෘතියක් ලෙස සැලකෙන්නේ මේ

එළිමහන් රූපගත කිරීම නිසා බවයි ජනප්‍රිය  කතාබහේ

දී අපට හැඟවෙන්නේ. ඒත් එළිමහනේ රූපගත කෙරුණු

ලංකාවේ පළමු වෘත්තාන්ත සිනමාපටය ලෙසටරේඛාව

හැඳින්වුවද ‘‘රේඛාව’’ අපේ සිනමාවට වැදගත් වෙන්නේ

එළිමහනේ රූපගත කළ නිසාමද? කියන ගැටලූව තමයි

මම නඟන්නේ.

ලංකාවේ  ග්‍රාමීය  ප්‍රදේශවලට මේ ඇති කළ යුද්ධය සහ

ග්‍රාමීය  ජනතාවට කරන ලද බලපෑම මුල් කරගෙන

අපේ පරම්පරාව 90 දශකයේ අග භාගයේ සහ 2000

දශකයේ මුල් භාගයේ සිනමාව හසුරවන්න පටන් ගත්තා.

යුද්ධය කේන්ද් කරගෙන ආර්ථිකයට ගමේ තරුණයන්

ගමේ පොළොවේ සහ ශ්‍රමයෙන් පරාරෝපණය කෙරෙද්දී

ගමේ පාර පද්ධතීන් වෙනස් වී ඇති අයුරු පිළිබඳව යොමු

වීම මේ සිනමාපටවල පොදු නිරීක්ෂණයක් වුණා. ලංකාවේ

ගම පිළිබඳව මේ නිරූපණය නගරයේ සිටිමින් සුන්දර ගැමි

සිහින දකින බොහෝ දෙනෙකු ගේ හිත රිදවන්නට හේතු

කාරක වුණා.

නිසාම අපට එල්ල වුණු චෝදනා සිනමා විචාරශිලි

සීමාව ඉක්මවා ගිය සාහසික ඒවා වුණා. ඒවා කොතරම්

සාහසික වුණාද යන්න ඔබ හැමදෙනාම දන්නවා.

සිනමාකරුවන් එල්ලා මරන්නත් එක්තරා කාලයක

යෝජනා වුණා. මේ අවස්ථාවේ එය කිව යුතුයි. අද මම

අශෝක හඳගම හැටියට කකුල් දෙකෙන් හිටගෙන ඉන්නෙ,

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිසා.

මම ‘‘මේ මගේ සඳයි’’ චිතරපටය නිෂ්පාදනය කරලා

එහි ප්‍රදර්ශනය සඳහා නිදහස් කරන්න අවසරය ගැනීමට

සංස්ථාවට ගිය වෙලාවේ ‘‘මේක නිදහස් කරන්න නෙමෙයි.

මේක පැත්ත පළාතේ තියාගන්න හොඳ චිත්‍රපටයක්

නෙවෙයි’’ කියලා පරීක්ෂක මණ්ඩලය නිර්දේශ කළා.

වෙලාවේ ලෙස්ටර් මහත්තයා තමයි චිත්‍රපටය වෙනුවෙන්

පෙනී සිටියේ.

ඔහු එදා එහෙම නොකරන්නට, සමහර විට

මගේ නමින් සිනමාකරුවෙක් ඔබට හමුනොවෙන්න තිබුණ

‘‘චන්දකින්නරි’’ ගෙන් පස්සේ.

මේ තත්ත්වයේ මෙහෙම තිබෙන විට මට සුවිශේෂ

අවස්ථාවකට මුහුණ දෙන්න ලැබුණ 2006 වසරේදී. තමයි

2006 අවුරුද්දේ අද වගේම දවසක කොළඹ රීගල් සිනමා

හළේ දී ‘‘රේඛාව’’චිත්‍රපටය මුල් කරගෙන විශේෂ උත්සවයක්

පැවැත්වුණා. චිත්‍රපට උලෙළේදී ‘‘රේඛාව

ප්‍රදර්ශනය කළා. එය පීරිස් මහතාටත් අපිටත් දෙපිරිසටම

විශේෂ දෙයක් වුණා. ලෙස්ටර් සිනමාකරුවාට මේ සුවිශේෂ

වුණේ මීට අවුරුදු 50කට පෙර නිෂ්පාදනය කළ චිත්‍රපටයක්

ඊට පරම්පරා දෙකකට පස්සෙ සිනමාකරුවන් පිරිසක්

එක්ක නරඹන්නට වාසනාව ලැබීම. ඒක සිනමාකරුවෙකුට

ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. වගේම ඒක වාසනා

ගුණයක්. උදාහරණයක් හැටියට ගත්තොත් මම මගේ පළමු

චිත්‍රපටය රූගත කළේ 1993 අවුරුද්දේ නිදහස් කළේ 1998

අවුරුද්දේ. තවම අවුරුදු 20 ක්වත් ගෙවිල නෑ. ඒත් අවුරුදු

පනහක් පිරෙන කල් අපි ජීවත් වෙයිද දන්නේ නෑ.

එදා ‘‘රේඛාව’’ බැලීම අපිට වැදගත් වුණේ අපට

සිනමාකරුවන් වන්නට පාර කෑපු වසර 50 කට කලින්

නිෂ්පාදනය වුණු සිනමා කෘතියක් නිර්මාණය කළ

නිර්මාණකරුවා සමඟ නරඹන්නට ලැබෙන දුර්ලභ

අවස්ථාව අපට උදා වුණ නිසයි.

එදා දර්ශනයෙන් ලැබුණු ආස්වාදයෙන් යුතු

පුවත්පතකට මම සටහනක් තැබුවා. මේ පහත පළවන්නේ

සටහනෙන් උපුටාගත් කොටසක්.

රූපවාහිනියේ දෙතුන් වතාවක් තැනින් තැනින් දැක්ක

‘‘රේඛාවයි’’ තිරයේ දැක්ක ‘‘රේඛාවයි’’ දෙකක්. සිංහල

සිනමාවේ පළමු වැනි කැරැල්ල ගම්පෙරළිය නෙමෙයි.

‘‘රේඛාවයි’’ කියලා හිතුණේ එහෙම බලනකොට. ලංකාවට

ගැළැපෙන විදිහේ අච්චාරුවක් කරන්න ගිහින් කතා

වින්යාසයේ ඇතිවුණු අඩු ලූහුඬුකම් නොවන්නට ඇත්තටම

එහි ප්‍රකාශනය අතිශය සිනමාත්මකයි, දේශපාලනිකයි.

ඉතාමත්ම ප්‍රාථමික සිනමා මෙවලම් රැසක් එක්කරන සිනමා

හරඹයේ මහන්සිය පේනවා. සිනමාත්මක රූප නුහුරු

අපේ අයරේඛාව’’ බැලූවේ නැති රහස අපිට අහුවෙනවා.

‘‘රේඛාවේ’’ විෂය ලංකාවේ ගම වුණාට රූපය සැකසෙන්නෙ

බටහිර සම්ප්‍රදායකට යාබඳවයි. එය නාගරිකයි සත්‍යජිත්

රායි ඉන්දියානු ගම ඔබන්නෙත්, කුරසොවා ජපාන ඉතිහාස

කතා ඔබන්නෙත් මේ රූප සංයුතිය තුළටයි. ‘‘ ඕළු නෙළුම්

නෙරිය රඟාලා’’ ගීතයෙන් ඔබ්බෙහි වන රේඛාවේ ගම

අහිංසකයන් ගෙන් මෙන්ම පික් පොකැට් කාරයන් ගෙන්

මංකොල්ලකාරයන් ගෙන් ඊර්ෂ්යා කාරයන් ගෙන් සැදුණ

එකක්.

බොරු කකුල්කාරයා දවසක් තිස්සේ කඹුරා සොයාගත්

තුට්ටු දෙකට ගමේ දෙන්නෙකු විදින්නට හදනවා. ගිනි

කාෂ්ඨකයේ පයින් ඇවිදින විට ලිෆ්ට් එකක් දෙන්න

ඉදිරිපත් වන කෙනාගේ පොකැට්ටුවට අනිනවා. ඇස්

නොපෙනෙන දැරිවියකට ගුලි දෙකක් සහ කසායක් ලියා

දෙන කොණ්ඬේ බැඳපු වෙද මහත්තයා හොඳ නොවුණොත්

දොස්තර මහත්තයෙකුට පෙන්වන්නැ යි කියනවා. දැරියගේ

දැස් සුවකරන්නට ආස්වාමික ගැහැනියකට රුපියල් 50 ක්

දෙන්නේ නිවසත් හරක බානත් දෙකම උකසට තබාගෙ

නයි.

දැරිවියගේ ඇස් සුව වන්නේ සේනගේ ආශ්චර්යයකින්

යැ යි මිත්‍යාවක පැටලූණු සේනගේ පියා සේන

විකුණනවා. මැජික් එක වැරදී අබ්බගාත කොලූවා මිය

ගියාහම දේවසේන යක්ෂසේන වෙනවා. මහමඟ යන විට

ඔහුට ගම්මුන් ගල්වලින් ගහනවා. කුඹුරු ගොවිතැන් පාළු

කළ ඉඩෝරය ඔහුගේ අපලය යැ යි සිතා නොමරා මරනවා.

බලහත්කාරයේ නටන තොවිලයේ යකුන් දැක දරුවාට හිනා

යනවා. තොවිලයට කිසිදු සම්බන්ධයක් නැතිව වැස්සක්

අහම්බෙන් කඩාගෙන වැටෙනවා.

කට පාඩමින් විභාග පාස්වෙලා කොළඹට ඇවිත්

නාගරිකයන් වෙන්න හදන අය කැමති වුණත් අකමැතිවුණත්

මේ ලංකාවේ ඉස්සර ගමයි. නගරයට වඩා හොඳ ගමක්

ලංකාවේ තබා ලෝකයේ කොහේවත් නෑ. පස්සේ කාලේ

ලියැවුණු සින්දුවල මැවෙන ගැමි සුන්දරත්වයක් ඔළුවේ

මවා ගෙන හීනෙන් ස්වයං වින්දනයක යෙදෙන මේ අය

සංවර්ධනය කියල හිතාගෙන ඉන්නෙ තිබී නැති වී ගිය ගම

ආයේ ගොඩනඟන එකයි.

අමුඬේ ගහගෙන පාර්ලිමේන්තු ආපු දහනායක

දවස්වල රේඛාවට බැන්න. නුවන් නයනජිත්ගේ ලැයිස්තුවට

අනුව ‘‘රේඛාව’’ 41 වන චිත්‍රපටය. මර්වින් සිල්වා (දෙශපාලකයා නෙවි)

නිවැදිව කිව්වේරේඛාවලංකාවේ පළමු වන සිංහල

චිත්‍රපටය කියල. ඒක ඇත්ත. ‘‘රේඛාව’’ උත්සවයේ දී

මහාචාර්ය සුනිල් ආරියරත්න කිව්ව වගේ සිංහල හරියට

කතා කරන්න බැරි, සිංහලෙන් හිතන්න බැරි සිංහල සරමක්

ඇඳ සිටිනවා දැක නැති ලෙස්ටර් සිංහල ගම ගැන පළමු

චිත්‍රපටය කියා හාමුදුරුනමක්, බුදු පිළිමයක් පෙන්වන්නේ

නැතුවට ලෙස්ටර් සිංහල ගම සිනමාවට නැඟුවා.

1956 පෙරළියේ සංස්කෘතිය නියෝජනය රේඛාව,

විරාගය, මනමේ බිහිවිම මඟින් සංකේතවත් වන්නේ

යැ යි කියැවෙනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා

ලස්සන කතාවක් කිව්ව. ඔය 56 සිංහල පෙරළිය කරපු

බණ්ඩාරනායකලා ගේ මුනුපුරාලා ලංකාවට නොඑන්න

තීරණය කරලලූ. එතකොට සරත්චන්ද්‍රගේ දරුවනුත් ආයේ

ලංකාවට එන එකක් නැහැ. වික්‍රමසිංහගෙත් එහෙමයි. හොඳ

වෙලාවට ලෙස්ටර්ට දරු මුනුපුරන් කියල කවුරුත් නෑ.

විරාගය, මනමේ, රේඛාව 56 ගිණුමට වැටුණේ

අහම්බෙන්. නිර්මාණ කරුවන් තුන්දෙනා ගෙන්

එක්කෙනෙක්වත් 56 දරුවො නෙමෙයි. පැතිරුණු බීජවල

ඇත්ත ඵල තමයි අඩ සියවසකට පස්සෙ පැති බෝම්බ,

කාෆිර් මල්ටි බැරල්වලින් අපි නෙළාගන්නේ. හිතන්න

මොළේ කලඳක් නැති ජාතියක් බිහිවෙන්නෙ මේ පෙරළිය

නිසා.

පගාකාරයෝ ස්ත්‍රී දූෂකයෝ කොමිස් කාක්කො රාජ්‍ය

ආයතනවල අමාත්‍යංශවල ලොක්කො වෙන්නේ.

හින්දයි ‘‘රේඛාව’’ බිහිවෙන්නේ ලෙස්ටර් බටහිර සිනමාව

ඉගෙනගත් හින්දයි. ඇත්තටම ලෙස්ටර් අපේ සිනමාවේ

පියා තමයි අවාසනාවකට ලෙස්ටර්ට පනස් හයේ දී හසු

වුණු රූපය ඊට අඩ සියවසකට පස්සේ ගොඩනඟන්න රෙජී

සිරිවර්ධනල, විලී බ්ලේක්ල, ටයිටස් තොටවත්තල, ඔහු

අවට හිටියේ නෑ. වටේම දැන් ඉන්නෙ පනස් හයේ දරුවෝ.

අඩසිය වසකට පස්සෙ රීගල් එකේ ගැලරියේ සීට් එකක

තිරයට පසුපස හරවාගෙන බිමට බරවුණු මුහුණින් යුතුව

ලෙස්ටර් හිනා වී නොවී සිටියේ හින්දා වෙන්න ඇති.


ලෙස්ටර් කරනවා. අවුරුද්දෙන්

අවුරුද්ද ගණන් කරනවාට වඩා නිදහසින් පසු ලියැවුණු

පළමු දශකයේ දේශපාලන පසුබිම තුළ පිහිටා රේඛාව

නැවත කියවීමයි වැදගත්.

මේ සටහන මීට අවුරුදු දහයකට පෙර පුවත්පතකට

ලිව්ව සටහනක් මේකේ මම කියන දේවල් අදටත් මට

ස්ථාවරයේ සිටගෙන කියන්න පුළුවන්. ‘‘රේඛාව’’ අපට

වැදගත් වෙන්නේ අන්න අරුතින්. එහෙම නැතුව හුදු

එළිමහනේ රූපගත කළ සිනමාපටයක් නිසාම නෙමෙයි.

අවසාන වශයෙන් ලෙස්ටර් සහ රේඛාව අපිට සහ අපේ

සිනමාවට කොතරම් වැදගත් යන්න ප්‍රකාශ කරන්න

දොස්තොව්ස්කි, ගොගොල් සහ ඔහුගේ හිම කබාය

කෙටිකතාව රුසියානු සාහිත්යයට කළ බලපෑම අරබයා

කළ ප්‍රකාශයක් උපුටා දක්වතොත් දොස්තොව්ස්කි කියනවා

අපි සහ අපේ සාහිත් එළියට ආවේ ගොගොල් ගේ ‘‘හිම

කබායෙන්’’ කියල. වගේ අපි සහ අපේ සිනමාව මෙතෙක්

දුර පැමිණියේ ලෙස්ටර් ගේ රේඛාව දිගේ

. - රවීන්ද්‍ර පුෂ්පකුමාර (ඉරුදින)

(ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා ගේ

97 වන ජන්ම දිනය පසුගිය අපිරයෙල් 05 වන දිනට

යෙදී තිබිණ. එයට සමගාමීව අජිත් ගලප්පත්ති ගේ

‘‘ලෙස්ටර් ශ්‍රී ලංකාවේ සිනමාවේ’’ කෘතිය එළිදැක්වීමේ

උලෙළෙහි දී සිනමාවේදී අශෝක හඳගම විසින්

පවත්වන ලද දේශනය ඇසුරින් සම්පාදනය කරන ලද

ලිපියකි.)

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday100
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3404
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7504
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990293

Follow us on Facebook

Online Users

We have 97 guests online