11
Aug

කිසිම අරගලයක් ජයගන්න බැරි වුණා - ගුණසිරි සිල්වා

ඔබේ මේ අලූත් වෑයම ගැන යමක් කියන්න?

මේ පොතේ නම ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල’ අගෝස්තු 12 වනදා සවස තුනට මහවැලි කේන්ද්‍රයේ දී එය එළි දකිනවා.

මෙය ඔබේ ළඟ ළඟම එන දෙවන දේශපාලන කෘතිය?

පාඨකයා බොහෝ වෙලාවට මාව හඳුනා ගන්නේ සිනමා විචාරකයෙක් විදියට. මීට කලින් මම පොතක් කළා අවිචාර සමය’ කියලා. ගොඩක් අය දැන් අහනවා ආපහු දේශපාලන පොතක් කරන්නේ ඇයි කියලා. ඒකට මට කියන්න තියෙන්නේ කොහොමත් හැමදාම මගේ සිනමා විචාරවලත් තිබුණේ දේශපාලන දැක්මක්. හැමදේම දේශපාලනිකයි.

ඊට අමතරව මට මේ පොත කරන්න තවත් හේතුවක් බලපෑවා. එක්තරා විශ්වවිද්‍යාලයක පැවැති සිනමා සම්මන්ත‍්‍රණයක් ඉවර වෙලා පසුව මම ශිෂ්‍යයන් එක්ක කතා කරමින් ඉන්න විට හතර වන වසරේ උපාධි අපේක්ෂකයෙක් මගෙන් ඇහුවා. ”83 කළු ජූලිය කියන්නේ මොකක්ද?” කියලා. ඇත්තටම මම විස්මයට පත් වුණා. විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉන්න ශිෂ්‍යයෙක් කළු ජූලිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නම් ඒක බරපතළ ප‍්‍රශ්නයක්. මම ඔහුට කිව්වා මල්ලී ! මේක ඔයාගේ ප‍්‍රශ්නයක් නෙවෙයිරටේ අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්නයක්” කියලා. එහෙම කියලා මම කිව්වා මේ සිද්ධි සම්බන්ධව මම අදම  පොතක් ලියන්න පටන් ගන්නවා කියලා.

පොතේ අන්තර්ගතය?

මේ පොතේ අඩංගු වෙනවා 53 හර්තාලය, 58 ජාතිවාදී කෝලාහලය, 59 බණ්ඩාරනායක ඝාතනය, 71 කැරැුල්ල, 80 ජූලි මහා වැඩ වර්ජනයවිජය කුමාරණතුංග ඝාතනය, 88/89 භීෂණයරෝහණ විජේවීර ඝාතනයඑල්ටීටීඊ නැගී සිටීම ආදිය පිළිබඳව. මම මේ දේවල්වලින් ගොඩක්ම ආමන්ත‍්‍රණය කරන්නේ අලූත් පරම්පරාවට. මේ කියවීම වඩාත් ප‍්‍රයෝජනවත් වෙන්නේ ඔවුන්ට. අනෙක් අයටත් ඒ සිදුවීම් නැවත මතක් කරගන්න මෙය ප‍්‍රයෝජනවත් වේවි. මම කියන්නේ නැහැ මේක මහා ලොකු විශ්ලේෂණයක් කියලා. මම ඉතාම සංක්ෂිප්තව ලිපි 11ක් මඟින් මේ ඉතිහාසයේ ක‍්‍රියාදාමය වාර්තා කරනවා. ඒක ඇතුළේ දත්ත තියෙනවා. ඒ වගේම මගේ විවේචනයක් තියෙනවා.

වසර පනහකහැටක ඉතිහාසය සිද්ධි එකොළහකට සංක්ෂිප්ත කර ගන්න ඔබ යොදා ගත් නිර්ණායක මොනවදසමහර සිදුවීම් අත හරින්න වෙනවනේ!

සමහර විට මම මේ පොතේ දෙවන කොටසකට යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් චන්ද්‍රිකා බලයට පත්වීමරාජපක්ෂ පාලනය බිඳලා මෛත‍්‍රී පාලනය පැමිණීම ආදිය ලොකු කි‍්‍රයාදාමයක්. ඒ දේවල් ගැන කතා කරන්න අපිට දෙවන කොටසකට යන්න වෙනවා. මම අර්බුද සහ අරගල කිව්වේ ඒකයි.  අපේ රටේ තිබුණ ප‍්‍රධාන දේවල්අදටත් අපි විඳවන දේවල් තමා තෝර ගත්තේ. මේ පොත ලියලා ඉවර කළාම මට දැනුණ ප‍්‍රධානම දේ තමයි අපිට මේ කිසිම අරගලයක් ජයගන්න බැරි වුණා. ඒක තමයි වැදගත්ම දේ. අපේ රටේ අරගල තිබුණා. ජනතාව ඒවට සහභාගි වුණා. ඇයි ඒ අරගල දිය වුණේ කියන ප‍්‍රශ්නේ මේක ඇතුළේ මතු වෙනවා. මේ අරගලවලට මිනිස්සු ජීවිත පරිත්‍යාග කළා. ඒ ගැන දුකක් සහ කලකිරීමක් ඇති වෙනවා. මේ සටන්වලට අවසාන වශයෙන් මොකද වුණේනමුත් මම මේකෙන් අපේක්ෂා භංගත්වය ගැන නෙවෙයි කතා කරන්නේ. මම මේ පොතෙන් අහන්නේ මේ අපේක්ෂාභංගත්වයට හේතුව කුමක්දවමේ ව්‍යාපාර සහ අනෙකුත් සියලූ දේශපාලන පක්ෂ අතිශය අවස්ථාවාදීව තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ. තවදුරටත් කරන්නෙත් ඒකමයි. ඒ නිසා නැවත අරගලයක් කරනවා නම් අපි දෘෂ්ටිමය දුගීභාවයෙන් මිදෙන්න  ඕනේ. මම දෙන පණිවුඩය ඒකයි.

-කසුන් සමරතුංග

සත්හඬ 2016-08-07


Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

Dekala Purudu Kenek

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday150
mod_vvisit_counterYesterday247
mod_vvisit_counterThis week397
mod_vvisit_counterLast week1519
mod_vvisit_counterThis month5246
mod_vvisit_counterLast month8155
mod_vvisit_counterAll days2185759

Follow us on Facebook

Online Users

We have 18 guests online

Asandimiththa

Ginnen Upan Seethala