25
Mar

කෑම්ප්එක වත්තේ සරනු රිසියෙමි

දුරවබෝධ සංකීර්ණතාවෙන් යුතු නවකතා එකහෙළා බැහැර කිරීමට ද මා කැමති නැත. එක හුස්මට, ඉතා පහසුවෙන් කියවා හමාර කළ නොහැකි නවකතා ප‍්‍රතික්ෂේප කරන්නේ නම් පියදෝර් දොස්තයෙව්ස්කි, ජේම්ස් ජොයිස් හා ඇතැම් විට ගාර්ෂියා මාර්කේස්ගේ නවකතා ද අපට මඟහැරෙනු ඇත. අනෙක් අතට පහසුවෙන් කියවා හමාර කළ හැකි අති සරල නවකතා වුව ද මඳක් කියවන කල ඇති දෙයක් නැතැයි සිතෙයි.

ඒ අතර ඇතැම් කෘති මනසට වද දෙමින් යළි යළි නවතමින් හෝ කියවන්නට සිතෙයි. මා නවකතාවක පහසුවෙන් කියවා නිමකළ නොහැකි බව අගයන්නේ කතුවරයා විසින් ආයාසයෙන් කතාව දුරවබෝධ නොකරන බව ඇඟවෙන කල්හිය. නවකතාවේ ගැබ්වන ගැඹුරත් සංකීර්ණතාවත් හුදු මවා පෑමක් නොව සන්දර්භය කෙරෙන් නිරායාසයෙන් ම පැනනඟින්නක් වන තැනදීය. එමෙන් ම පහසුවෙන් කියවිය හැකි නවකතා කෙරෙන් විමසන්නේ සරල භාවය මගින් අව්‍යාජ ව පැනනඟින චමත්කාරයය. සරල බව පිටුපස ඇති ගැඹුරය.

ගුණසිරි සිල්වාගේ නවතම නවකතාව වන ‘කෑම්ප්එක වත්ත‘ ද ආයාසයෙන් තොර ව කියවිය හැකි කෘතියකි. එහි ගැබ්වන ජිනසෝමගේ කතාව කාටත් වි`දිය හැක්කකි. කතුවරයා ව්‍යවහාර භාෂාවේ ජීවගුණය ඇසුරු කරගනිමින් ළගන්නාසුලූ ව කතාව ගොඩනඟයි. වර්තමානයේ ලියවෙන බොාහා් සිංහල නවකතාවන්හි අන්තර්ගතය පරයමින් පෙරමුණට පැමිණ ඇත්තේ ආකෘතියය. ශිල්පධර්මයන්ය. පශ්චාත් යථාර්ථවාදී රීතීන්හි ඡායාවන්ය. ඒ හා සසඳන කල ‘කෑම්ප්එක වත්ත‘ වඩාත් සමීප වන්නේ විරාගයෙන් පසු ඒ අනුව මනෝ විශ්ලේෂණාත්මක විධි ක‍්‍රමය යටතේ රචනා වූ නවකතාවන්ටය. මෙහිි ප‍්‍රධාන චරිතය වන ජිනසෝම ද එබඳ අන්තරාවර්තී චරිතයකි. එය හුදු අහම්බයක් නොවන බව ද සනාථ කරගත හැකිය.

”ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි, කරුමක්කාරයෝ, දෙපා නොලද්දෝ, ගන්දබ්බ අපදානය වගේ නවකතාත් සිරි ගුණසිංහගේ හෙවණැල්ලත් කියෝලා ජිනසෝමගේ කියවීමේ ආසාව වෙන පැත්තකට පැන්නා. සරච්චන්ද්‍රගේ වල්මත් වී හසරක් නොදිටිමි, මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දා කියවලා ජිනසෝමලෙග් හිත සසල වුණා”(96 පිටුව)

ජිනසෝම තත් නවකතාවන්හි ප‍්‍රධාන චරිත වීරයන් ලෙස සැලකීමටත්, එම චරිතයන්හි සිතුම් පැතුම් හා චර්යාවන් තමනුට අනන්‍ය කරගැනීමටත් නිරායාසයෙන් ම පෙළඹුණු බව මෙහිලා තව දුරටත් දැක්වේ. කුඩා වියේ පටන් ග‍්‍රාමීය බෞද්ධ පරිසරයක හැදී වැඩෙන ඔහු තරුණ වියට පත්වත්ම නානාවිධ චින්තන ධාරාවන් කෙරෙහි ආකර්ෂිතව ඉන්පසු සාන්දෘෂ්ටිකවාදී නැඹුරුවක් සහිත ව ජීවත් වන බව හඳුනාගත හැකිය. විරාගයේ අරවින්ද, යළි උපන්නෙමිහි රණතුංග, හෙවණැල්ලෙහි ජිනදාස මෙන් ම ඔහු ද සම්මත සමාජ පරිස්ථිතියට පිටස්තරයෙකි. සාමාන්‍ය ලෙස කි‍්‍රයාකාරී නොවන නමුත් සිතින් බොහෝ දේ හඟින්නෙකි. වි`දින්නෙකි. ඔහුට ළමා වියේ පටන් බොහෝ දෙනා හා කටයුතු කිරීමට සිදුවෙයි. ඇතැම්හු පැමිණ ක්ෂණයෙන් වෙන්වෙති. තවත් අය මතකයේ නොමැකෙන සේ රැු`දී හිඳිති. ඒ සියල්ල කොරෙන් ජිනදාස අත්වි`දින්නේ සියුම් වේදනාත්මක සන්තෘප්තියකි. ජීවිතයේ සියල්ල නිස්සාරය යන්න ඒත්තු ගන්වමින් සර්ව අශුභවාදයකට යාමක් සපුරා මෙහි ගැබ් නොවේ. එහෙත් මේ පිටස්තර දිවි පෙවෙතේ සන්තෘප්තියක් නම් නැත. සම්මත සමාජ පරිස්ථිතිය අතුරෙහි ජීවිතයෙන් අපූර්ව ගැඹුරු වටිනාකමක් අයද සිටීමද මුලාවකි. මන්ද යත් මහා සමාජය ක්ෂණයෙන් පැනනැඟි අපූර්වත්වය සාමාන්‍යකරණයට භාජන කරන හෙයිනි. ඔහුට හමුවන අනෙකුත් චරිත ද මහා සමාජයට එරෙහි ව කැරලි ගසමින් වැඩි දුරක් ඒමට නොසමත්ය. යළි සුපුරුදු ම`ගට ම අවතීර්ණ වනසුලූය.

කතුවරයා ඇතැම් විට විවාහය, සම්මතය, පවුල් සංස්ථාව යනාදියේ පවත්නා වගකීම් සහගත පීඩනය හුවා දක්වනු වස් ආයාසයෙන් ම අවකාශ සලසා ගනී. ස්වකීය දර්ශනය සෘජු ව චරිතයන්හි මුවට නංවයි.

”ඔයාට ඕනෙ නම් පවුර ඇතුලෙ කොටුවක් හදාගෙන ජීවත් වෙන්න.. මට මේ විකාර ඇති වෙලා තියෙන්නෙ. ජීවිතේ අන්තිමට හරි අල්ල ගන්න අය ඉන්නෙ නවකතාවල නැත්නම් චිත‍්‍රපටිවල. මං වරද්දගෙන තියෙන හරිය හොඳටම ඇති. ඒත් මං හිනාවෙලා ඉන්නේ අවස්ථාවක් ආවම මේ ජීවිතේ අතහරින්න බලාගෙන. නහය ළ`ග ට ම ගිලූණු එකේ ඉතුරු ටිකත්්.... කසාදය.. ආදරේ.. ගැළපීම් ඔය ඔක්කොම ම`ගුල් මට එපා වෙලා.. ”(141 පිටුව)

බල්ලා කැටුව යන කාන්තාව කෙටිකතාවේ දී චෙකොෆ්, ඇනා කැරනිනා ලියූ තෝල්ස්තෝයි මෙන් ම එමා බෝවාරි රචනා කළ ප්ලෝබෙයා විවාහ සංස්ථාවට එල්ල කරන හද කකියවනසුලූ විරෝධය මීට වඩා මා සිත්ගනී. එහිලා ඔවුන් කසාදය යන වදන නොයෙදුව ද අන්නා සර්ගයෙව්නාගේ එක කඳුළක, ඇනාගේ රැවටෙනසුලූ සිතිවිල්ලක, එමාගේ නිලංකාර ව යන බැල්මක ඒ පීඩනය තිව‍්‍ර ලෙස ගැබ් වේ. ජිනසෝම හා යථෝක්ත අදහස් පවසන වත්සලා අප හිතනවාට වඩා ලෙහෙසියෙන් හා පහසුවෙන් වෙන් වී යාම කෙරෙන් පවා සනාථ වන්නේ තත් මානව සබදතාව සමාජ තහංචි හා දිවි හිමියෙන් ගැටීමට තරම් ප‍්‍රබල නොවන ආකාරයයි.

‘කෑම්ප් එක වත්තේ‘ සිට ස්වකීය ජීවන පැවැත්ම හා ආත්මීය සහනය සොයමින් දිගු ප‍්‍රයාණයක නියැලෙන ජිනසෝම යළි සිටි තැනට ම පැමිණෙන විට බොහෝ දෑ වෙනස් වී ගොසිනි. කාලයේ ගලායාම මන්ද ගාමී නැත. එකට සිටි බොහෝ දෙනා මියගොස්ය. තවත් අයගේ ජීවන චර්යාව සපුරා කණපිට හැරී ඇත. වෙනස් නොවී ඇත්තේ ජිනසෝම පමණි. අධිවේගී සමාජ මාහෝඝයට නොපිවිස බැහැරින් සිට ජීවිතය නිරික්ෂණය කරන්නකුගේ අත්විඳුම එසේය. අවුරුදු හතළිහක කාලයක් තමන් එක්ක හිටිය ඵවන් නෑදෑයන් සියලූ දෙන අංශක එකසිය අසූවකින් වෙනස් ව සිටිය දී තමන් ට අංශක හැටකිනිවත් ජිවිතය වෙනස් කරගන්නට බැරි ඇයි දැයි ජිනසෝමට කල්පනා වන්නේ ඒ මොහොතේදීය. සිත්තරකුගේ දෑසින් ලොව දෙස බැලූ නිදහස් චිත‍්‍ර ශිල්පියා අවසානයේ වටින් ගොඩින් අඳුර ගලාගෙන එද්දීත් කලිසම් සාක්කුවල ඔබාගෙන හිස් බැල්මෙන් නුග ගහ දෙස බලා සිටින්නේ මෙබඳු වාතාවරණයක් යටතේය. මේ වනාහි පශ්චත්තාපී සියුමැලි හෘද සාක්ෂ්‍යයක සදාතනික වේදනාව නොවේ. පොදු වාතාවරණය මධ්‍යයේ ස්වකීය අනන්‍යතාව නොවළහා ඉල්ලා සිටි සංවේදී චරිතයක සන්තෘප්තියේ දෝංකාරයයි. එහි දී තමාට තමා කෙතරම් අහිමි ව ඇත්ද යත් ඔහු හුදෙකලාව පවා අත්වි`දින්නේ කම්පිතව නොවේ. වින්දනාත්මක ස්වරූපයෙනි.

ලියනගේ අමරකීර්ති ඵ්රසද ඪ්රට්ි ඛකදි් ගේ ඛැඑඑැරි ඔද ් ශදමබට භදඩැකසිඑ කෘතිය තරුණ නවකතාකරුවකු වෙත නමින් සිංහලයට පරිවර්තනය කර තිබෙන අතර එහි ගැබ්වන අදහසක් කෙරෙහි මෙහිලා අවධානය යොමු කරන්න කැමතියි.

”විචාරයට තනි ව ම එහි ඉතා ම සියුම් සහ ආනුභාව සම්පන්න ම අවස්ථාවෙදිවත් නිර්මාණය නමැති දේට සපුරා සමාන වෙන්නත්, නිර්මාණය යන්න සම්පූර්ණයෙන් විස්තර කරන්නත් බැරි බව පැහැදිලි ව කියන එකත් ඉතාම වැදගත් බ වමට පේනව. සාර්ථක ප‍්‍රබන්ධයක හෝ කිවයක හැමවිටම මොකක් හරි අංගයක් හෝ මානයක් තියෙනව තාර්කික විචාරාත්මක විග‍්‍රහයෙන් හරියට ම අල්ලන්න බැරි. ”(139 පිටුව)

එසේ වුව ද දිනෙන් දින විචාරක භූමිකාව මෙන් ම පාඨක මැදිහත් වීමත් පුළුල් වන බව නියතයි. මෙතෙක් සිංහල නවකතාව අත්කරගෙන ඇති තාක්ෂණික ශිල්පීය හා ආකෘතික විධික‍්‍රම ආපසු හරවා හැටේ දශකයේ නවකතා අනුගමනය කළ යුතුයි කියන පටු අතීතකාමි අදහස පිළිගන්න අමාරුයි. එහෙත් ඒ අවධියෙ තිබුණු, ගුණසිරි සිල්වා ‘කෑම්ප්එක වත්තෙන්‘ නැවත ඉස්මතු කරපු ආත්මීයත්වය කැටි වූ අන්තර්ගතමය පරිසමාප්තිය නූතන ශිල්පධර්ම අත්හදා බැලීමෙන් පලූදු කර නොගැනීම වැදගත්ය කියන අදහස මතු කරන්න කැමතියි.

-චින්තා පවිත්‍රානි

(කථිකාචාරිණි-  සිංහල අධ්‍යයන අංශය- කැලනිය විශ්ව විද්‍යාලය)

Share

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday212
mod_vvisit_counterYesterday421
mod_vvisit_counterThis week1590
mod_vvisit_counterLast week3643
mod_vvisit_counterThis month15573
mod_vvisit_counterLast month22523
mod_vvisit_counterAll days1954570

Follow us on Facebook

Online Users

We have 77 guests online