අධිරජ ධර්මාශෝක
නූතන සමාජය පුරා ම ව්‍යාප්ත ව පවතින්නේ ගුණාත්මක භාවයෙන් තොර අටෝප සාටෝපභාවයෙන් ආඪ්‍ය සර්ව පිත්තල ලෝකයකි. එය අධ්‍යාපනය මගින් ද විශද වේ. එනිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සැබෑ දක්ෂයා යටපත් වී කට පාඩම් කිරීමේ හැකියාවෙන් යුතු ගිරා පෝතකයින් ජයග්‍රහණයේ සීමාව කරා සැපත් වේ. මම බලාපොරොත්තු වූ කැම්පස් ජීවිතය මෙය නම් නොවෙමි. එනිසා නිවසින් විශ්වවිද්‍යාලය කරා පිය නගන්නේ ද නැවත නිවස බලා පැමිණෙන්නේ ද තැවුල් සිතකින් යුතුවය.
මගේ සිතේ ගොඩනැගී තිබූ ධෛර්ය දවසින් දවස ක්ෂය වෙමින් පවතින බව මට ම හැඟේ. මා වෙනුවෙන් කැපවූවන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීම උදෙසා එලෙස සිඳී යමින් පවතින ධෛර්ය නැවත දල්වා ගැනීමේ තදබල අවශ්‍යතාවක් පැන නැඟී ඇත. එසේම රත්න ශී‍්‍ර විජේසිංහ පැවසූ ලෙස ”දුෂ්කරයි කියා හැර යායුතු ද? ජීවිතය කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස” යන්න නිරතුරු ව ම සිහියට නැ`ගීම ප්රස්තුත කොට ගෙන පරාජය බාර ගැනීමට ද සූදානමක් නැත. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය සෙවීමට උත්සාහ ගතිමි. ගීතයන්ට සවන්දීමෙන් හෝ පොත් කියවීමෙන් යම්බ`දු උත්තේජනයක් ලබා ගත් බව සැබෑවකි. නමුත් අවසානයේ දී වඩාත් ම ඵලදායී වින්දන මාර්ගයක් සොයා ගතිමි. ඒ අධිරජ ධර්මාශෝක නැරඹීමය.
අධිරජ ධර්මාශෝක ඉන්දියානු ටෙලි වෘතාන්තයකි. ටී වී දෙරණ ඔස්සේ සෙනසුරාදා හා ඉරිදා රාතී‍්‍ර 8.30 සිට 9.30 දක්වා අප හමුවට පැමිණෙයි. භාරත දේශය නියෝජනය කළ අශෝක නම් අධිරාජ්‍යයාගේ චරිතය අළලා නිර්මාණය කර ඇත. ඉන්දියාවට ආසන්න රටේ ජීවත් වන අප අශෝක ගැන දන්නේ ඉතා අල්ප තොරතුරු ටිකක් පමණි. එනම් අශෝක ස්වකීය පාලන ප්‍රදේශය විශාල කර ගැනීමේ අරමුණින් චණ්ඩාශෝක වූ බවත් බුදුදහම වැලඳ ගැනීමෙන් පසු ධර්මාශෝක වූ බවත් පමණකි. ඒ අතුරින් පුද්ගල සංහාරයක් විනාශ කරමින් චණ්ඩාශෝක වූ බව නම් හොඳට මතකය. එනිසා අශෝක චරිතය වටා ගොඩනැඟී පැවති අසහාය වීරත්වය, ධෛර්ය මෙන් ම මානවහිතවාදී ස්වභාවය ගැන දන්නේ නැත. එම අසහාය වීරත්වය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සිදු වන්නේ අධිරජ ධර්මාශෝක ටෙලි වෘතාන්තය මගිනි. ඓතිහාසික කතාවක් නව නිර්මාණයකට නැඟීම යන්නෙන් අදහස් වන්නේ ඉතිහාස පුවත සපුරා ම ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම නොවේ. පේ්රක්ෂක රස වින්දනයට තුඩුදෙන පරිද්දෙන් ඉතිහාසගත පුවත වඩාත් තිව්ර කිරීමේ අභියෝගය නිර්මාණකරුවා සතු වේ. එහි දී ඉතිහාසය විකෘත කිරීමට නොව තව දුරටත් උද්දීපනය කොට ප්‍රතිනිර්මාණය කිරීමට අවකාශ ලැබේ. එය පුරාවෘත්ත මත පදනම් වී ඇති නිසා සත්‍යවාදී නොවේයැයි ඔබ මා හා තර්ක කිරීමට පෙළඹෙනු ඇත. එසේ වුව ද අපගේ ජීවිතය නිවැරදි මානයක් කරා මෙහෙයවීමට අශෝක චරිතාපදානය වැදගත් වේ.
අධිරජ ධර්මාශෝක මගින් කුළුගන්වන්නේ අශෝකගේ වීරත්වයයි. පාටලීපුත්ර නගරයට පැමිණීමෙන් පසු සාමාන්‍ය බාලකයෙකු ලෙස විවිධ ගැහැටයන්ට නොබිය ව මුහුණ දෙයි. කිසිදු අභියෝගයක් අබිමුවේ බිඳ හෙළිය නොහැකි රූස්ස ගසක් මෙන් නැඟී සිටී. නීච ප්‍රාණියා යැයි ගැරහුම් ලබන නමුත් ඔහුගේ අපරිමිත උත්සාහය කිසිවකුට බිඳලිය නොහේ. දරුණු ආත්ම වේදනා හමුවේ වුව ද ඔහු සිය මාවත සකසා ගනී. ඒ තමා පිණිස නොව ප්‍රජාවගේ හිතසුව පිණිසය. වර්තමානයේ මෙබඳු ආකල්ප හුදු ව්‍යාජ පොරොන්දුවලට පමණක් සීමා වී පවතී. ඔහු සතු ව පැවති වීරත්වය නිසා ම රාජකීයන්ගේ පවා අවධානයට ලක් වූවෙකු බවට පත් වේ. සුසීම, හෙලේනා, මහා අමාත්‍ය ආදීන් ස්වකීය පැවැත්ම උදෙසා පවතින ප්‍රධාන බාධකය ලෙස අශෝක අරුත් ගන්වන්නේ සාමාන්‍ය දරුවෙකු ලෙසින් රජමැදුරේ සේවය කරන කල්හිමය. මෙකල ද සත්‍යය කුරිරු අයුරින් වැළලී යමින් අසත්‍යය රජ කරනුයේ බලවතුන්ගේ කි්රයාකලාප හේතුවෙනි. එවැනි අවස්ථාවන්හි දී අශෝක සත්‍යයට ඉබේ ම ඉස්මතුවීමට අවස්ථාව ලබා දුන් බව සත්‍යයකි. එවිට දුර්ජනයින් යම්බ`දු කාලයක් සත්‍යවාදීන් ව මැඩගෙන සිටී. නමුත් කෙදිනක හෝ අසත්‍යය මැඩගෙන සත්‍යය ජය ගනී යන යථාර්ථය පේ්රක්ෂකයා අභිමුවේ ගම්‍ය කිරීම වැදගත් ය. සියලූ බාධාවන් අභිභවමින් අශෝක රජු බවට පත්වීම මගින් ලොව පවතින සදාතනික සත්‍යයක් විශද කරයි. ඒ පදනමෙහි රාෂ්ට්‍ර පාලකයකු ප්‍රජාව කෙරෙහි නිරන්තරයෙන් කැපවිය යුතු ආකාරයත්, ප්‍රජා භක්ෂකයකු නොව රක්ෂකයකු විය යුතු බවත්ය. තව ද රජු, මාතාව, ආචාර්ය යන භූමිකා පුද්ගල චරිතයක් හැඩගැස්වීමෙහිලා කෙතරම් උත්කෘෂ්ට මෙහෙවරක් ඉෂ්ට කරන්නේද යන්න ද වරින් වර සිහි කැ`දවේ. අදීනත්වය කුඵගැන්වීම, අසාධාරණය තුරන්කිරීම, සියලූ ප්‍රජාව සමතන්හි තැබීම යනාදි පුරුෂාර්ථ පිළිබඳ කතිකාවක් ද ඉස්මතු වේ. අතීතාවර්ජන, සමීප රූප, අවස්ථාවෝචිත ගීත, සංගීතය යනාදි සියල්ල ම මෙහි ශ්‍රව්‍ය දෘශ්‍ය පරිසමාප්තිය උපරිම තලයකට නංවනු පිණිස හේතුකාරක වේ. මෙහෙයින් අප තත් නාට්‍යය නරඹන්නේ ඓතිහාසික කතාවට නව අර්ථ ආරෝපණය කෙරෙන ආකාරය කෙරෙහි මනාව සවිඤ්ඤාණිකවය. මනුෂ්‍යත්වය කෙරෙහි කෙතරම් උදාරත්වයක් ආරෝපණය කළ හැකිද යන්න පිළිබඳ විස්මයට පත්වය. ඒ කෙරෙන් පැනනඟින චමත්කාරය කෙරෙහි ආකර්ෂිතවය.
මෙලෙස අධිරජ ධර්මාශෝක බඳු ටෙලි වෘතාන්තයන්ගෙන් ජීවිතය නිවැරදි ව නිර්මාණය කර ගැනීමෙහිලා ලැබෙන පන්නරය පිළිබඳ නොසිතා විදේශ ටෙලි නාට්‍ය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන පිරිසක් ද ලංකාවේ ජීවත් වේ. නමුත් කාල, දේශ විරෝධතාවකින් තොර ව සර්වකාලීන ව සර්වදේශීය ව රස විඳිය හැකි නිර්මාණ ඇගයීමට පසුබට නොවිය යුතුය. විශාල වශයෙන් සාහිත්‍ය කලා නිර්මාණ බිහිවන යුගයක අතළොස්සක් නිර්මාණ අපගේ හදවත ග්‍රහණය කරගන්නේ ඒවායේ ගැබ්වන ප්‍රබලතාව නිසාය. අව්‍යාජ නිර්මාණාත්මක පරිසමාප්තිය හේතුුවෙන්ය. කලා නිර්මාණයක ගැබ්වන චරිත සෘජු ව ම අනුකරණය කිරීමට පෙළඹීමට නොහැකිය. නමුත් එම`ගින් සම්පාදනය කෙරෙන පුළුල් ජීවිත පරිඥානය සදාකල්හි ම අප සිත්සතන්හි නොවියැකී පවතිනු නියතය.
-මෙත්තා චිත්තානි