10
May

හින්දි සිනමාවේ කඳුළු බිඳුව

'Tragedy queen'
මා සිතින් පෙම් කළ එකම සිනමා නිළිය 'මීනා කුමාරී'(Mahjabeen)

Baiju Bawra චිත්‍රපටය තුළින් ඇය බෞතිස්ම ලැබුවා පැවසුවොත් එය නිවැරදිය. එයින් ඇය සම්මානයටද පාත්‍රවිය. ඉන් අනතුරුව තිරයට පැමිණි පරිනීතා, ශාර්දා , කොහිනූර්, zසාඩ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, දිල් ඒක් මන්දීර්, චේරාග් කහීන් රෝශ්නී කහීන්,සාන්ජ් ඕර් සවේරා වැනි චිත්‍රපට තුළින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනි.

මෙහිදී මට ඇය සම්බන්ධව විශේෂ කරුණක් මතක්වේ. සැබෑ ජීවිතේදි සිදුවූ එක්තරා දරුණු රිය අනතුරකින් ඇයගේ දිවි ගැලවුනත්, ඇයගේ වම් අතේ ඇගිල්ලක් හෝ දෙකක් අහිමිවෙයි. සිය සිනමා ජීවිතයට එය ගැටලුවක් වේ යැයි ඇය මහත් අපහසුතාවයකට පත්වෙයි. නමුත් ධෛර්යයමත්වන ඇය නැවත රංගනයට පිවිසෙයි. නරඹන්නාට නොදැනෙන ලෙසින් සිය වම් අත දකුණු අතින් සූක්ෂම ලෙස වසා ගනිමින් ඇය අපූරු ලෙස ඇගේ අඩුව සපුරාගනියි. මෙයයි ඇගේ දක්ෂතාවය.

ඉන් අනතුරුව ඉහත කී චිත්‍රපටය ඇතුලළුව දක්ෂතම නිළිය ලෙස හතර වතාවකින් සම්මනනීය වන්නට ඇය සමත් වෙයි. පරිනීතා, කාජල්, සහීබ් බිවී ඕර් ගුලාම්, අනෙක් චිත්‍රපට ත්‍රිත්වයයි.

මීනා විවාහ වන්නේ කමල් අම්රෝහී නම්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා සමගිනි. ඔහු ඇයට වඩා වසර ගණනකින් වැඩිමහලළුවූ අයෙකි. එම විවාහයේ සුන්දරත්වය ඉතා කෙටි කාලයකට සීමා වුනි. ඔහුගේ දැඩි අණසක යටතේ ඇයට ජීවත් වන්නට සිදුවිය. ඇයද හිතුවක්කර චරිතයක් බව පැවසේ. විවිධ මත ගැටුම්වලින් අනතුරුව එහි උච්චතම අවස්ථාවකදී මීනා ඔහු අතහැර තනිව ජීවත්වන්නට තීරණය කරයි. මේ වනවිට ඇය ක්‍රමයෙන් මත්පැනට යොමුවෙමින් තිබිණ.

මේ අවධියේ සිනමාවට පිවිසි කඩවසම් නවක නළු 'ධර්මේන්ද්‍ර' කෙරෙහි ඇයගේ සිත ප්‍රේමයෙන් වෙලයි. නමුත් මේ වනවිටත් ඔහු දරුවන් ඇති විවාහකයෙකි . ඔවුන් අතර ප්‍රේමයටද වැඩි ආයුෂ නොවීය. ධර්මේන්ද්‍රගේ වෙන්වීම ඇයට දරාගත නොහැකි වෙයි. ඇය තදින්ම මත්පැනට යොමුවන්නේ මේ අවධියේය. 

කවියට සහජ දක්ෂතාවයක් ඇති ඇයගේ සිත අනතුරුව නිරායාසයෙන්ම 'ගුල්සාර්' නම් කවියා, ගීත රචකයා. චිත්‍රපට අධ්‍යක්ෂවරයා වෙත බැඳුණි. එය අවබෝධයෙන් යුක්තවූ ඇසුරක් වුවද ඔහුටද ඇයගේ බීමත්කම නවතාලන්නට නොහැකි වෙයි.

දෙපිරිසකගේ මැදිහත්වීම මත එතෙක් අතරමග නතර කර තිබූ 'පාකීzසා' චිත්‍රපටය නිමකිරිමට කමල් අම්රෝහී සහ මීනා එකඟ වෙයි.නමුත් මේ වනවිට මීනාගේ සෞඛ්‍යය තත්ත්වය බෙහෙවින් පිරිහී තිබිණ. දර්ශන තලයේ ඇය ක්ලාන්ත වූ අවස්ථාවන්ද විය. නර්තන දර්ශන කිහිපයකදී (දුරස්ථ සහ පාද චලනයන් වලට) ඇය වෙනුවට අතිරේක නිළියක් යොදා ගැනිණි.

කෙසේහෝ අපහසුතා මැද්දේ චිත්‍රපටය නිමවුනි.මාධ්‍ය වෙනුවෙන් විශේෂ දර්ශනයක් පැවැත්විණි. එදින ඇය ඉමහත් සතුටින් සැනසුම් සුසුම් හෙලූබව සඳහන්ය.ඉන් දින කිහිපයක ඇවෑමෙන් ඇය දැඩි ලෙස රෝගාතුර විය. 

1972 මාර්තු 31 වැනිදා මහාරාස්ත්‍ර රෝහලකදී අක්මාවේ 'සිරෝසීස්' නම්වූ රෝගී තත්වයෙන් හින්දි සිනමාවේ කඳුළු බිඳුව අවසන් හුස්ම හෙලීය.

ඇය අවසන් වරට රඟපෑ 'පාකීzසා චිත්‍රපටය එතෙක් මෙතෙක් මා වැඩිම වාර ගණනක් නැරඹූ හින්දි චිත්‍රපටයද වේ. ඒ ඇරෙන්න ඇය ධර්මේන්ද්‍ර හා එක්ව රඟපෑ පූල් ඕර් පත්තර්, පූර්නිමා, මේන් භී ලඩ්කී හූන් යන චිත්‍රපටද ඉතා සොඳුරු මතකයන්ය. 

ඇය මිය යනවිට යාන්තම් අවුරුදු හතිලිහකට අස්සන්න වූවා පමණි. මේ වනවිට ජීවත් වූවා නම් අවුරුදු 84 කි.

දයාබර මීනා කුමාරී මට ඔබේ රංගනයත් රුවත් කිසිදිනෙක අමතක නොවේ. ඒ ඔබ මගේ සිහින පෙම්වතිය බැවිනි. 
මේ සිතුවම ඔබ වෙනුවෙනි....!

-ජානක ඉලුක්කුඹුර

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday139
mod_vvisit_counterYesterday259
mod_vvisit_counterThis week1382
mod_vvisit_counterLast week1488
mod_vvisit_counterThis month5137
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1987926

Follow us on Facebook

Online Users

We have 35 guests online