01
Oct

බොලිවුඩය ගිනි ගනී

හින්දි සිනමාව තුළ කපූර් පවුලට හිමි වී තිබෙන්නේ ඉහළ ස්ථානයකි. ඉන්දීය සිනමාවේ ප්‍රථම සිනමා පවුල ලෙස සැලකෙන්නේ ද කපූර් පවුල වන අතර පරම්පරා හතරක අභිමානය ඔවුන් සතුව පවතී. ඉන්දීය සිනමාවට පිවිසි ආරම්භක කපූර් සාමාජිකයා වන්නේ ප්‍රීති විරාජ් කපූර්ය. 1929 වසරේ සිට ඉන්දීය සිනමාව සිය රංගන ප්‍රතිභාවෙන් කලඑළි කළ ප්‍රීති විරාජ්ගේ වැඩිමහල් පුතු රාජ් කපූර් ඉන්දීය සිනමාව තුළ කපූර් පරම්පරාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වූ සාමාජිකයා ද වේ. නළුවකු පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු ලෙසින්ද රාජ් කපූර්ගෙන් ඉන්දීය සිනමාවට වූ සේවය අති විශාලය.

1935 වසරේ සිනමාවට පිවිසි රාජ් කපූර් සිය ප්‍රථම අධ්‍යක්ෂණය ලෙස Aag චිත්‍රපටය නිර්මාණය කළේ 1948 වසරේදීයි. Aag චිත්‍රපටය සමඟින් රාජ් කපූර් නාමය සේම R.K. චිත්‍රපට සමාගම සහ R.K. චිත්‍රාගාරයද බැඳී පවති. R.K. චිත්‍රපට සමාගම සහ මුම්බායේ පිහිටි R.K. චිත්‍රාගාරයේ ආරම්භය ද ඒ සමඟින් සිදුවීම එයට හේතුවයි. R.K. චිත්‍රාගාරයට සාර්ථකත්වය ගෙන ආවේ 1949 වසරේ තිරගත වූ Barsaat චිත්‍රපටය යි. අනතුරුව Awaara (1951), Boot Polish, Jagte Raho and Shri 420 R.K. චිත්‍රාගාරයෙන් එළිදුටු ලොව ඉහළ ජනප්‍රියත්වයක් ලද චිත්‍රපට වූවා.

Jis Desh Men Ganga Behti Hai (1960), Mera Naam Joker (1970), Bobby (1973), Satyam Shivam Sundaram (1978), Prem Rog (1982) සහ රාජ් කපූර්ගේ අවසන් චිත්‍රපටය වන Ram Teri Ganga Maili (1985) ද ඇතුළුව චිත්‍රපට රැසක් මෙහිදී නිර්මාණය කෙරුණා. පසුව රාජ් කපූර්ගේ පුතුන් තිදෙනාගෙන් රන්ධීර් කපූර් සහ රිෂි කපූර් R.K. චිත්‍රාගාරයට සම්බන්ධ වී කටයුතු කළා. Kal Aaj Aur Kal (1971), Prem Granth (1996)  චිත්‍රපට සහ 1999 වසරේ b Laut Chalen (1999) චිත්‍රපටයෙන් පසුව R.K.චිත්‍රපට නාමය යටතේ චිත්‍රපට නිර්මාණය කෙරුණේ නැතත් මෙතෙක් කල් එම සිනමා නිර්මාණ වෙනුවෙන් භාවිත කළ බොහෝ දේ ඇතුළත්ව වටිනා එකතුවක් R.K. චිත්‍රාගාරය සතු වුණා.

පසුගිය 16 වැනිදා ඇති වූ ගින්නක් R.K. චිත්‍රාගාරය මොහොතකින් අළු කර දැමුවේ ලොව පුරා පැරණි බොලිවුඩ් නිර්මාණවලට පෙම් බැඳි සියල්ලන්ගේ ද හදවත් කම්පා කරමින්. මේ ගින්න හේතුවෙන් ඉන්දීය සිනමා ඉතිහාසයේ සිහිවටන ලෙස වූ බොහෝ දේ ද විනාශ වී ගියා. ඒ අතර 1970 වසරේ තිරගත කෙරුණු රාජ් කපූර්ගේ Mera Naam Joker චිත්‍රපටයේ විකට වෙස් මුහුණ සහ ඇඳුම් කට්ටලය ද හින්දි සිනමාවේ නාර්ගීස් ගේ සිට ඓශ්වර්යා දක්වා නිළියන් සිනමා නිර්මාණවල ඇඳී ඇඳුම් පැලඳී ආභාරණ ආදිය ද රැසක් වෙනවා. ගින්න ඇති වූ සෙනසුරා දා පෙරවරුවේ R.K. චිත්‍රාගාරයේ රියැලිටි සන්දර්ශනයක් පැවති අතර ඔවුන් එය නිමවා පිටව ගිය පසු පස්වරු 2.22ට පමණ මෙම ගින්න ඇති වී තිබෙනවා. මේ පිළිබඳ පුවත් දැනගත් වහාම ලන්ඩනයේ රූගත කිරීම්වලට දායක වෙමින් සිටි රන්බීර් කපූර් වහාම මුම්බායට පැමිණියා.

මේ ගින්න හේතුවෙන් රාජ් කපූර්ගේ පුතු රිෂි කපූර් දැඩි කම්පනයට පත්ව සිටිනවා. එදා සුන්දර පැරණි මතක අද ඔහු යළි යළිත් සිහිපත් කළා. Shree 420 චිත්‍රපටයේ Pyaar Hua Iqraar Hua චිත්‍රපටයට එදා තමන් සොයුරු රන්ධීර් සහ සොයුරිය රිතූ සමඟින් දායක වූ මතකය දැන් ඔහුට ගෙන දෙන්නේ දැඩි වේදනාවක්. R.K. චිත්‍රාගාරයේ කෘත්‍රිම වර්ෂාවේ තෙමෙමින් එම දර්ශනයට පෙනී සිටින්න නොහැකි බව කියමින් ඔහු හඬන්නට පටන් ගත් විට නාගීස්ගේ චොක්ලට් පොරොන්දුව මත එම දර්ශනයට පෙනී සිටියේ මීට වසර 63කට පෙරදීයි.

R.K. චිත්‍රාගාරය යනු සැමදා සෞභාග්‍යයෙන් සපිරි චිත්‍රාගාරයක් නොවූ බවද නොරහසකි. කාලයෙන් කාලයට විවිධ ඛේදවාචකවලට මුහුණ දුන් එය  Mera Naam Joker චිත්‍රපටයේ ආසාර්ථකත්වය හේතුවෙන් උකසට තබන්නත් රාජ් කපූර්හට සිදු වෙලා. මූල්‍යමය ගැටලු හේතුවෙන් පසු කලෙක මෙහි වූ වේදිකා දෙකක් කුළියට ලබා දුන් බවත් සඳහන්. රාජ් කපූර් සිනමාව සිය ආගම සේ සැලකූ නිසා මුළු සේසතම සිනමාව වෙනුවෙන් වැය කළ අයෙකු බව පුත් රිෂී අද පවසන්නේ දරාගත නොහැකි දුකකිනි. තම පියා වෙනුවෙන් R.K. චිත්‍රාගාරයේ පෞරාණික වටිනාකම සැමදා රඳවා ගන්නට උත්සාහ කළ බවත් ඔහු පවසනවා.

1951 වන තෙක්ම R.K. චිත්‍රාගාරයේ බිත්ති හතරක් පමණක් තිබී ඇති අතර එයට හේතුව වී ඇත්තේ රාජ් කපූර්හට ස්වභාවික ආලෝකය යටතේ චිත්‍රපට රූප ගත කිරීමට අවශ්‍ය වූ නිසා බව කියවෙනවා. එකල බොහෝ රූගත කිරීම් සිදුකර ඇත්තේ ද, ඉර බැසීමත් සමඟින්. එයට හේතුව විදුලි බලය ලැබෙන්නේ, රාත්‍රී කාලයට පමණක්වීම ය. උදය වරුවේ අනෙකුත් අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ සඳහා දායක වන රාජ් කපූර් රාත්‍රිය උදා වූ පසු තම සිනමා අධ්‍යක්ෂණ කටයුතු ආරම්භ කිරීම පුරුද්දක්ව සිටි බවත් R.K. චිත්‍රාගාරය හා සබැඳී කතාපුවත් අතරේ වෙනවා.

ලොව ගිනි ගත් චිත්‍රාගාර පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්දියාවේ මදාන් චිත්‍රාගාරය ද කිසි විටෙක අමතක නොවේ. 1925 වසරේ දී කල්කටාවේ මදාන් චිත්‍රාගාරය සහමුලින්ම ගිනිගෙන දැවුණු අතර එහි තිබී මුල්වරට ශ්‍රී ලංකාවේ රූගත කළා යැයි පැවසෙන රාජකීය වික්‍රමය චිත්‍රපටය ද ගිනි ගත් බව පැවසේ. අළු බවට පත් වුවද වසරක් ඇතුළක යළිත් නැඟී සිටියත් 1936 වසරේදී එය වසා දමන ලදී.

ලොව එකම දිනයේ චිත්‍රාගාර දෙකක් ගිනි ගන්නේ ශ්‍රී ලංකාවේදි ය. 1983 වසරේ ඇති වූ කලබලකාරි වාතාවරණය හමුවේ විජය සහ ලංකා චිත්‍රාගාර දෙක ගිනි තබා විනාශ කළේය. 2008 වසරේදී ලෝ ප්‍රකට ලොස් ඇන්ජලීස්හි යුනිවර්සල් චිත්‍රාගාරය ද ගින්නකට හසු වීමෙන් එහි එක් පැත්තක් විනාශ වුණා. පැය 12ක් පුරා පැතිරී ගිය එම ගින්න හේතුවෙන්  King Kong, Ben Hur ඇතුළු චිත්‍රපට රැසක පසුතල විනාශ වුණා. මෙයින් නරඹන්නන් කිසිවෙකුටත් හානියක් නොවුණත් ගින්න මැඩපැවැත්වීමට පැමිණි ගිනි නිවන භටයන් පන්සිය දෙනාගෙන් නව දෙනෙකුට තුවාල සිදු වුණා.

අමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනාහි පිහිටි පැරණි ටුක්සන් චිත්‍රාගාරයත් මේ ලෙසින්ම ගින්නට හසු වූ තවත් චිත්‍රාගාරයක්. 1940 වසරේදී තිරගත වූ Arizona චිත්‍රපටය වෙනුවෙන් 1939 වසරේදී ඉදිකෙරුණු එය, Gunfight at the O.K. Corral (1957), El Dorado (1966) චිත්‍රපට මෙන්ම ජනප්‍රිය Little House on the Prairie වැනි රූපවාහිනි කතාමාලා ද රැසක් නිර්මාණය කෙරුණු තැ

 -yatheja (sarasaviya)

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday207
mod_vvisit_counterYesterday188
mod_vvisit_counterThis week395
mod_vvisit_counterLast week4095
mod_vvisit_counterThis month5006
mod_vvisit_counterLast month12073
mod_vvisit_counterAll days1976348

Follow us on Facebook

Online Users

We have 16 guests online