08
Nov

‘ස්වරූප‘ -ලාංකේය තරුණයාට හිමි තැන දාර්ශනිකව ප්‍රශ්න කිරීමක්

ධර්මසේන පතිරාජයේ  ‘ස්වරූප’ ‘අහස්ගව්වසහපාරදිගේමේ රටේ තරුණයාට හිමි තැන ඔහුගේ සාමාජීය හා ආධ්‍යාත්මික ඛේදවාචකය දේශපාලනිකවද-  දාර්ශනිකව සාකච්ඡා  කරන තුන් ඈඳුත්තක් ලෙස මම දකිමි.

පතිරාජ හාපුරා කියා මේ රටේ සිනමාව ආක්‍රමණය කරන්නේ සංවෘත ආර්ථිකය තුළ එදා මේ රටේ තරුණ පරපුර මුහුණ දුන් විරැකියාව පිළිබඳ ්‍රශ්නයඅහස් ගව්වචිත්‍රපටය ඔස්සේ දේශපාලනිකව සාකච්ඡා කරමිනි.

70 දශකයේ සංවෘත ආර්ථිකය තුළ විරැකියාවෙන් පෙළෙනඅහස් ගව්වේතරුණයා 80 දශකයේ දීපාරදිගේචිත්‍රපටය තුළින් මුණ ගැසෙන්නේ විවෘත ආර්ථිකය විසින් ජනිත කරන කරන ලද නව පාරිභෝගික වාදයේ සැඩ පහරට ලක්ව ඉන් ගොඩ එන්නට දඟලන්නකු වශයෙනි.  ස්වරූපතිරගතවන අවස්ථාව වන විට තරුණයා ගෝලීය ධනවාදය විසින් ජනිත කරන ලද නව ලිබරල් ආර්ථිකය තුළ කරවටක් ගිලී සිටී. 70 දශකයේ දී විරැකියාව නිසා අපේක්ෂා භංගත්වයට පත්වන තාරුණයා (අහස්ගව්ව) 90 දශකයේ දී පරාරෝපිතයකු (පාරදිගේ) බවට පත්ව නව සහශ්‍රයේ දී මුළුමනින්ම මිනිස් ආත්මයේ සිට සත්ත්ව ආත්මයක් දක්වා රූපාන්තරණය වීමේ අවදානමට ගොදුරුවෙයි.

අහස්ගව්වේඑන පාතාල සාමාජිකයකු පාපැදියක බෙල් කප් එක සොරකම් කරගෙන හැල්මේ දුවන ආකාරයත් විරැකියාවෙන් පෙළෙන තරුණයා ඔහු ලුහුබඳින ආකාරයත් අද දවසේ තරුණයන්ට විසුළු ජනක සිද්ධියක් විය හැකිය. එසේම විජේ (කලංසූරිය)  සහ ගුනේ (කොස්තා) වරායෙන් පැන්නූ අත් ඔරලෝසුවක් විකුණා ගන්නට කොළඹ වීදි පුරා රස්තියාදු වන අයුරුත් රටේම නැති බොරු කියා ඔරලෝසුවක් විකුණාගෙන දවසේ ගතමනාව සොයාගෙන සැනසුම් සුසුම් හෙළන ආකාරයත් අද දවසේ තරුණයාට නුහුරු අත්දැකීමකි.

එසේමපාරදිගේතුළ එන චන්දරේ තම පෙම්වතියගේ දරු ගැබ විනාශ කරන්නට රුපියල් තුන්දහක් සොයාගන්නට නොහැකිව අතේ තිබුණු මුදලින් කැසිනෝ ගසා සියල්ල විනාශ කර ගන්නා අන්දමත්-  අවසානයේ දී රුපියල් තුන්දාහ සොයාගත නොහැකිව දරු ගැබ සහිත පෙම්වතිය විවාහ කර ගන්නා අන්දමත් අද තරුණයන්ට නුහුරු අත්දැකීම්ය. දරු ගැබ විනාශ කරගන්නට නොහැකි වූ තැන ස්ථිර රැකියාවක් ගෙයක් දොරක් නැති චන්දරේ හිතුමතේ තම පෙම්වතිය විවාහකර ගැනීම පිටුපස අපට හමුවන්නේ පරමාදර්ශී පෙම්වතෙකි පෙම්වතා අද නැත.

චන්දරේට හිමි තැනපාරදිගේචිත්‍රපටයෙන් කියැවෙන්නේ මෙසේය.

අපි අහකදාපු එඬරු දඬු වගේ. අපට මුල් නෑ. ඒත් දළු එනවා

හදිසියේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් තමා විවාහ කරගන්නා චන්දරේගෙන් පෙම්වතිය අසන්නේ මෙසේය.

චන්දරේ අපි කොහේද යන්නෙ..?

දන්නෙ නෑ

චන්දරේ අපි කොහේද යන්නෙ...???

දන්නෙ නෑ

චිත්‍රපටය අවසාන වන්නේ දරු ගැබ සහිත පෙම්වතියගේ අතින් අල්ලාගත් චන්දරේ කොළඹ පාර දිගේ යන දර්ශනයකිනි.

අද වන විටඅහස් ගව්වේවිජේ සහ ගුනේගේ ්‍රශ්ණයත්පාරදිගේචන්දරේගේ ප්‍රශ්නයත් වෙනස්ය. විජේ සහ ගුනේගේ ප්‍රශ්න තරම් අද තරුණයා මුහුණ දෙන ප්‍රශ්න සරල නැත. ‘පාරදිගේචන්දරේ මෙන් නන්නත්තාර වන්නට අද තරුණයා තුළ කැමැත්තක් නැත. මේ අන්ත දෙකම නැති වත්මන් තරුණයා අධ්‍යාත්මිකව පරාජයට පත්වූ පසු සියල්ල හැරපියා සතෙකු ලෙස රූපාන්තරණය වීම එක් අතකින් ඔහු ලබන විමුක්තියකි. එය සිය දිවි නසාගැනීමකට වඩා වෙනස් අත්දැකීමකි.

ස්වරූපතුළ ඒක ග්‍රෙගරි  ඖෂධ වෙළෙඳාමේ නියැලෙමින් සිය පියා මව සහ නැඟණිය පෝෂණය කරමින් ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්නට දරන පරිශ්‍රමය තුළ සිරකරවකු බවට පත්ව එකී සිර ගෙයින් මිදෙන්නට නොසිතූවිරූ ලෙස කැරපොත්තෙකු ලෙස රූපාන්තරණය වෙයි.

ධනේෂ්වර ක්‍රමය තුළින් ජනිත කරවනු ලබන අසීමාන්තික අපේක්ෂා ඉටුකර ගැනීම උදෙසා බලු පොරයක යෙදී සිටින සංවේදී මිනිසකු තුළ ඇති වන මානසික ආතතිය ඔහු එම ජීවිතයෙන් පලා යන්නට පොළඹවන සුළුය. ඇතැම්විට මනුෂ්‍යත්වය හැරපිය සතෙකු ලෙස රූපාන්තරණවීම   ආධ්‍යාත්මිකව ලබනවිමුක්තියකි.

ග්‍රෙගරි ස්වකීය පීඩාව දරාගත නොහැකිවීම තැන කැරපොත්තකු බවට පත්වීමත් සමඟ ඔහුගෙන් යැපුණු පියා, මව සහ නැඟණිය කැරපොත්තා සමඟ එකට විසීමේ සම්මුතියකට එළැඹෙති. එහෙත් සම්මුතිය නොසිතූ විරූ ලෙස බිඳ වැටෙන්නේ ඔවුන්ගේ සමාජ ජීවිතයට අභියෝගයක් එල්ලවූ අවස්ථාවේදීය. මුල දී කැරපොත්තා තම දයාබර සොහොයුරා ලෙස බාර ගනිමින් මහත් සෙනෙහසින් ඔහුගේ සත්ව චර්යාවන් ඉවසූ නැගණිය යථෝක්ත සම්මුතිය බිඳ වැටුණු පසු මව සමඟ කියන්නේ මෙසේය.

සතෙක් එක්ක මේ ගෙදර ජීවත්වෙන්නෙ කොහොමද

ග්‍රෙගරි කැරපොත්තෙකු බවට පත්වූ පසු මව පියා සහ නැඟණිය ඇතුළු පවුලේ ආර්ථිකය බිඳ වැටෙයි. හමුදා නිලධාරියකු වූ ග්‍රෙගරිගේ පියා වසර පහකට පෙර විශ්‍රාම යන්නේ පවුලේ බර ග්‍රෙරිගේ කරපිට තබාය.

එහෙත් ග්‍රෙරිගේ රූපාන්තරණයත් සමඟ පවුලේ ආර්ථිකය රැක ගන්නට ඔවුන්ට නිවසෙන් කොටසක් බෝඩිමක් කරගන්නට සිදුවෙයි. ශාන්ත බ්‍රිජට් විද්‍යාලයේ සංගීත ගුරුවරියක වන්නට සිහින දුටු නැඟණියට සිහිනයෙන් මිදී වෙනත් රැකියාවකට යන්නට සිදුවෙයි. මවට සිය නිවසේ කළ මැහුමක් විකුණා ගන්නට රෙදි සාප්පු ගානේ යන්නට සිදුවෙයි. කැරපොත්තකු වූ පසුද ඔහුට උපස්ථාන කළ නැඟණියට කල් යෑමේ දී ඔහුගේ සහෝදරකමෙන් තව දුරටත් පලක් නොවන්නේ ඔහුගේ ආර්ථික වටිනාකමක් නැති බැවිනි.

අලුතෙන් සේවයට එන ගෘහ සේවිකාව අතින් කැපොත්තා මිය යෑම ආර්ථික වශයෙන් පලක් නොවූ මිනිසා සහ සත්ත්වයා අතර සම්මුතියෙන් මිදෙන්නට වූ ආකාස්මික සිදුවීමකි.

ස්වරූප චිත්‍රපටයේ පුවත ්‍රාරාන්ස් කෆ්කාගේ metomorposis නවකතාව ඇසුරින් නිර්මාණය වූවකි. කෆ්කාගේ සමස්ත සාහිත්‍යකරණයම  තාත්ත්විකත්වය ඉක්ම වූ අධි තාත්ත්විකත්වයට ළං වූවකි. එබැවින්ස්වරූපචිත්‍රපටය විග්‍රහ කරගන්නට අපට බල කෙරෙන්නේ හුදු යාථාර්ථවාදී දෘෂ්ඨියකින් නොව කෆ්කාගේ සාහිත්‍යකරණය තුළ එන සාංදෘෂ්ටිකවාදී දාර්ශනික පදනම තුළ සිටය. එකී දාර්ශනික කියැවීමෙන් බැහැරවන්නකුටස්වරූපදුරවබෝධ කෘතියක් වීම ස්වභාවිකය.

ධර්මසේන පතිරාජඅහස් ගව්වෙන්ආරම්භ කළ මේ රටේ තරුණයා පිළිබඳ කියැවීමපාරදිගේතුළින් එම තරුණයා පරාරෝපිතයකු ලෙස ස්වරූපතුළින් මනුෂ්‍යත්වය හැරපියා යන සතෙකු ලෙස දැකීම ඔහුගේ දේශපාලන දෘෂ්ටියේ විදග්ධ අවස්ථාව ලෙස මම දකිමි.  ‘ස්වරූපචිත්‍රපටයේ රූප රචනය සංගීතය සංස්කරණය සමස්ථ චිත්‍රපටයේ අර්ථය කුළුගන්වන සුළුය.ග්‍රෙගරි ලෙස  තුසිත ලක්නාත් පියා සහ  මව ලෙස ඩබ්ලිව්. ජයසිරි සහ නීටා ප්‍රනාන්දු ඉදිරිපත් කරන රංගනයන්ද ලක්ෂ්මන් මෙන්ඩිස්- විශ්වජිත් ගුණසේකර සහ බෝඩිංකාරයන් ලෙස විමල් කුමාර කොස්තා, දයා නෙත්තකෝන්සමග ඩී බී ගංගොඩ තැන්න ගේ  රංගනය චිත්‍රපටයේ සමස්තාර්ථය දනවන්නට සමත් වෙයි.

-Gunasiri silva

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday208
mod_vvisit_counterYesterday188
mod_vvisit_counterThis week396
mod_vvisit_counterLast week4095
mod_vvisit_counterThis month5007
mod_vvisit_counterLast month12073
mod_vvisit_counterAll days1976349

Follow us on Facebook

Online Users

We have 17 guests online