Point of View

04
Mar

ලාංකික දේශපාලන සිනමාවේ විකාශනය මෙතැන් සිට කොතැනටද?

පළමු කොටස: සාහිත්‍ය මූලික සිනමා ජාතිකවාදයේ සිට 

පෙර කී ප්‍රවර්ගයට වඩා සරලමතික නියෝජනයක් ලෙස සැලකිය හැකි රාජපක්ෂ රෙජීමයේ අනුහසින් බිහි වූ රජ කතා හා බෞද්ධ කතා දෘෂ්ටාන්තමය රැල්ල සෘජු ජාතිකවාදයටත් එහා ගිය ජාතිවාදී සිනමාවකි. එක අතකින් කර්මාන්තයක් ලෙස ලංකාවේ සිනමාව අධික ලෙස බිඳවැටුණු හා පිරිහුණු යුගයක් ගෙවන මේ මොහොතේ සිනමාව තුළ ජාතිකත්ව සාධකය නැවත නැවත වතුරේ යට ගැසූ බෝලයක් මෙන් මතුවෙමින් තිබේ. ජාතික රාජ්‍යක් ලෙස හා ජාතික ආර්ථියක් ලෙස කිසිදු සංගත හෝ ස්ථාවර බවක් ලංකාවට තවදුරටත් හිමි නැත. මෙවන් යුගයක සමාජ දේහය තුළ මෙන්ම සිනමාවේ ද ජාතිකත්වය විවිධ මුහුණුවරින් උත්කර්ෂයට නැංවීම කුතුහලය දනවන සුළු ය.

28
Feb

'සින්ඩ්‍රෙල්ලා' වියුක්ත අවකාශයක වියුක්ත චිත්‍රපටියක්.


(ප්‍රවීණ සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටය මෙ දිනවල ඩයලොග් සැටලයිට් රූපවාහිනියේ 7th sircuite (චැනල  අංක 20) තිරගත වෙයි. මේ විමර්ශනය ඒ නිමිත්තෙනි)

සිනමාවේ කෝණයෙන් පසුගිය රාජපක්ෂ රේජීමයේ දේශපාලන අවධිය නරඹන විට සලකුණුකල හැක්කේ ආන්තිකකරණයක් පමණි. එක අතකින් ජැක්සන්ගේ 'අබා'(2008) චිත්‍රපටියෙන් ඇරඹි රජකතා රැල්ලක් වූ අතර අනෙක් පසින් මායිම් ගම්මාන ආශ්‍රිත හෝ අඩු වැඩි වශයෙන් ජාතික ගැටලුවේ අන්කොන් රැගත් සම්භාව්‍ය සිනමාවක් දක්නට ලැබිණ. රාජපක්ෂලා දේශපාලනයේ මෙන්ම සිනමාවේද අතරමැද නැති කළේය. එසැනින් ලංකාවේ සිනමා විචාරයද දෙපලු විය. සිනමාවට සෘජු සම්බන්ධයක් නැති ජාතිවාදීන් පිරිසක් දේශප්‍රේමී නොහොත් දෘෂ්ටාන්ත ( allegorical) සිනමාවට කත ඇදීය. තවත් අපි වගේ පිරිසක් එහි දෘෂ්ටිවාදයට එරෙහිව විශ්ලේෂණ ව්‍යාපෘතියක නිරත විය.

26
Jan

ප්‍රොමිතියස්ගේ ගින්දර

ගී‍්‍රසියේ ඇතන්ස්වාසීන් ප්‍රොමිතියස් දුටුවේ මිනිස් වර්ගයාගේ යහපත උදාකළ උත්තුංග අයකු ලෙසයි. මිනිසාගේ සකල කලාවන්ගේ, විද්‍යාවන්ගේ හා තාක්ෂණික ජයග‍්‍රහණයන්ගේ පියා විදිහටයි. සුප‍්‍රකට ගී‍්‍රක ට‍්‍රැජඩි නාට්‍යකරුවන් තිදෙනාගෙන් අයකු වූ ඊස්කිලස් prometheus bound  (කි‍්‍ර. පූ. 467 ‐ 457* යන නාට්‍යයට පාදක කරගත්තේ ඒ වන විටත් කතාන්දර ම`ගින් ජනයා අතර ව්‍යාප්ත ව තිබූ ප්‍රොමිතියස්ගේ චරිතයයි. ආරියවංශ රණවීර මේ නාට්‍යය ප්‍රොමිතියස් බන්ධනය නමින් සිංහලයට පරිවර්තනය කළා. නාට්‍යාරම්භයේ ප්‍රොමිතියස් පැමිණෙන්නේ බලය හා භීෂණය විසින් දෙපසින් අල්ලාගන්නා ලද අත් ඇතිවයි.

25
Jan

මගේ ප්‍රථම ප්‍රෙමය ස්වර්ණා ය

ලාංකේය  සිනමාවේ ස්වර්ණමය ස්වර්ණමය යුග වශයෙන් සැලකෙන 60-70 දශකවල ජනප්‍රිය  සිමා රැල්ලේ  පිනුම් ගැසු සිනමා තාරකා හැටියට පොදුජන ප්‍රෙක්ෂක  මනසේ කිරුළු පලන් රැජනන් වූයේ ජිවරානිලාය. සන්ධ්‍යා  කුමාරිලාය. මාලිනි ෆොන්සේකලාය. කලාත්මක සිනමාව තුළ පරමාදර්ශි ස්ත්‍රි ෆැ  න්ටසි  වූයේ පුන්‍යා හීන්දෙනිය -  ශ්‍රියානි අමරසේන -  අනුලා කරුණාතිලක  සහ ස්වනීතා වීරසිංහලාය. එම තාරකාවන්ට සිතින් පෙම් බඳිමින් එදා අපේ ප්‍රෙක්ෂකයෝ ඔවුන්ට පෙම් හසුන් ලියූහ. ඔවුන් ගිය ගිය තැන් පසු පස හඹා ගොස් සමරු පොත්වලට අත්සන් ඉල්ලා පොර කෑහ.

29
Dec

යළි යළිත් බලන්නට සිත්දෙන බඹරු ඇවිත්


මෙතරම් නව චිත‍්‍රපට නිපයෙද්දී වුවත් බමරු ඇවිත් ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමක් නොවන්නේ එය පහසුවෙන් බැහැරකළ හැකි චිත‍්‍රපටයක් නොවන නිසාය. එහි ගැබ්වන නිර්මාණාත්මක තානය නැවත නැවතත් ඉස්මතු වෙමින් අපූර්ව චමත්කාරයක් ධ්වනිත කරයි. කිසිසේත් ම මගහැර යා නොහැකි වූ කටුක යථාර්ථය ද ඒ සමග ඈදී ඉස්මතු වෙයි. වැල්ලේ එතෙක් පැවති ජීවන වාතාවරණයත් බැහැරින් පැමිණෙන්නන් ඒ මත ඇති කරන උහුලාගත නොහැකි කම්පනයත් රැගත් රූප රාමු යළි යළිත් පෙනී නොපෙනී යයි.

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday91
mod_vvisit_counterYesterday456
mod_vvisit_counterThis week547
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month14197
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2127700

Follow us on Facebook

Online Users

We have 17 guests online