Point of View

14
Dec

තමන්ට අයිති නැති ආදරයක සුවඳ...

samanala sandawaniya2

ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා කියන වදනක්, හෙලූ බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හදගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටලු රේණුවක්, උදෑසන විලෙක දිලිසෙන තරු කිරණ කණිකාවක් මේ සියල්ල රන්සුනුයි. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් යටි සිතෙන් මෙවැනි අනන්ත අප්‍රමාණ රන්සුනු අවුලමු. අවුලා දිනෙක ඒවා ගෙන එකට තළා අපේම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබාගෙන සිටිමු. ඒ රන් රෝස මල කතාන්දරයක්, නවකතාවක් හෝ කවියක් වෙන්න පුළුවන්. සාහිත්‍ය නිර්මාණ උපදින්නේ මේ අගය නොමිණිය හැකි රන්සුනුවලින්" පවුස්තොව්ස්කි කොන්ස්ටාන්ටික් නම් ලේඛකයාගේ අපූරු කතාව මට මතක් කළේ ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

20
Jul

පිටපත් 55 මාෆියාවෙන් සිනමාව සුනේ සුං

nikiniwassa

35 සීමාව යටපත් කොට චිත්රපට පිටපත් 55ක් මුදාහැරීමේ සටනින් සේරසිංහ පරදවා සෝමරත්න ජයගත්තේය. 50 වෙනුවට ඔහු චණ්ඩිකමට මෙන් පිටපත් 55ක්ම මුදා හැරියේය. ඔහු එය ජය ගත්තේ ඒ සම්බන්ධයෙන් උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිද්දීය. සෝමරත්නලා පිටපත් 50ක් වෙනුවෙන් නඩු කියන්නට ගත්තේ චිත්රපට සංස්ථාව සමඟය. රාජ්ය සංස්ථාවක තීරණයකට එරෙහිව පෞද්ගලික අංශයෙන් නඩුවක් පවරා තිබියදී එම සංස්ථාව අයත් වන ජනමාධ්ය අමාත්යංශයෙන්ම ඇමැතිවරයාගේ මැදිහත් වීමෙන් පෞද්ගලික අංශයට වාසිදායක වන අයුරින් තීරණයක් ගැනීම ආශ්චර්යයට යන ගමනේදී දැන් දැන් අහන්නට සිදුවන දේවල් හැටියට පුදුම විය යුතුද නැත.

05
Jul

කමල්ලාගේ ඛේදවාචකය

kamal1

ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි පසුගිය සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වූයේය. එනම් තමන් වසර තිහක් මේ ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටියත් ලොකු වැඩක් කරන්නට නොහැකි වූ බවට ඔහු නැඟූ මැසිවිල්ලයි.

02
Feb

යථාවක් මගහැර යන්නට උත්සාහ කරන - ප‍්‍රතිරූ

20120113 01p1-620x413

ආඛ්‍යානවේදය පිළිබඳ අධ්‍යයනයන්හි පුරෝගාමී න්‍යායධරයෙකු ලෙස සැලකෙන ට්වේසාන් ටොඩරොව් ආඛ්‍යානයක හෙවත් ඕනෑම කතාන්දරයක පවතින අවස්ථා තුනක් පිළිබඳව විග‍්‍රහයක යෙදෙයි. ඒ අනුව විිශ්වයේ පවත්නා යම් සාමාන්‍ය ස්වභාවයක්, එය එම ස්වභාවය බිඳ හෙළන හෝ කම්පනය කරවන තත්ත්වයක්, එම කම්පනයෙන් ඇති කරන වෙනස නිම වී නැවත සාමාන්‍ය තත්ත්වයකට පත් වීමක් යන කොටස් තුන යම් ආඛයානයකින් හ`දුනාගත හැකි වන බව ඔහු පෙන්වා දෙයි.

නමුත් මෙහිදී ඔහු විශේෂයෙන්ම සඳහන් කොට ඇත්තේ දෙවන අදියරේ චංචලභාවයෙන් පසුව ඇති වන්නේ පළමුව පැවති සංහි`දියාවක් නොවන බවය. එය වෙනත් තත්ත්වයකි. එනම් තුන්වන අවස්ථාවේ ඇති වන නිසංසලත්වය කැළඹීීම නිසා ඇති වූ වෙනස්කම් අන්තර්ගතකොට ගෙන හි`දී.

ප‍්‍රතිරූ චිත‍්‍රපටය පිළිබ`දව කතිකාවේ එක්තරා තැනකදී මේ සංකල්පය වැදගත් වෙයි. ඒ එය ආඛ්‍යානෙවේදී අධ්‍යයනයකට නතු කිරීමේදී නොව එවන් චිත‍්‍රපටයක් සඳහා නිර්මාණාවේශය සපයන්නට ඇත්තේ කවරකාර මානසිකත්වයක් විසින් දැයි විමසීමේදීය.

උක්තව සඳහන් කළ පරිදි මෙම සංකල්පය තව දුරටත් විග‍්‍රහ කිරීමට ඔහු දිය කඩිත්තක් උදාහරණ කොට ගනී. දිය කඩිත්තක් නිසලව පැවතීම පළමුවන අවස්ථාවයි. යමක් දියට වැටී එහි නිසලතාව බි``දී යාම එහි දෙවන අවස්ථාවයි. එම දියෙහි ඇතිවන චංචලභාවය නැති වී ගොස් නැවත සන්සුන් වීම තුන්වන අදියරයි. නමුත් කැළඹුණ විලක් නිසසල වූ විට එහි පවතින්නේ පළමු අවස්ථාවේ පැවති නිසලතාවම නොවේ. විලකට ගල් පහරක් එල්ල කළ පසු නැගෙන දිය රැුළි මගින් ඉවුර සේදී යයි. ජල පැලෑටිවලට හානි සිදුවී තිබෙන්නට පිළිවන. මැඩි, මසුන් ආදී ජීවී වර්ගයා කම්පනයට පත්වනු ඇත. කැළතුණු දියේ ප්ලවාංග සහ වෙනත් කාබනික ද්‍රව්‍ය කැළඹෙමින් තිබෙන්නට පුළුවන. ඒ අනුව යුද අත්දැකීමෙන් පීඩිත ලාංකිය සමාජයේද පශ්චාත් යුධ අවධියේ පවතින්නේ එවන් තත්ත්වයකි. ප‍්‍රතිරූ තනන්නට එහි අධ්‍යක්ෂකවරයා පොළඹවා ඇති එම සමාජිය තත්ත්වය අපට හඳුනාගන්නට හැක්කේ කාංසාවක් වශයෙනි.

යුද ජයගහණයෙන් පසු මෙවන් කාංසාවක් ඇතිවන්නට ප‍්‍රධාන කරුණු කිහිපයක් මග පෙන්වා තිබේ. යුද්ධය තුළින් සිදු වූ සුවිශාල ජීවිත හානිය කවරාකාරයෙන් හෝ සාධාරණීකරණය කළ නොහැකි වීම ඉන් පළමුවැන්නයි. යුද්ධයත් සමග රටක් වශයෙන් ජ්‍යාත්‍යන්තර ලෝකයෙන් දිගු වූ ඇගිල්ල එහි දෙවැන්නයි. මේවා තවමත් අපේ පොදු ජන ආකල්ප රිදවමින් සිටී. ඒ අනුව යුද්ධයෙන් පසුව මෙරට ජන ජීවිතයේ මතුව ඇති සංහිඳියාව තුළ පවතින, පොදු නිරීක්ෂණයට හසු නොවන කැළඹීම, සාංකාව වන්නේ එයයි.


හෘද සාක්ෂින්හි ඇති වූ මේ කැළඹීමෙන්් මිදෙනු වස් ගත් එක් වෑයමකි ප‍්‍රතිරූ චිත‍්‍රපටය. ඒ අනුව චිත‍්‍රපටය තුළ අන්තර්ගතව ඇත්තේ අප තුළ ඇති වරදකරී හැඟීම සහ අප සම්බන්ධව මැවී ඇති වරදකාරී ප‍්‍රතිරූපය යටපත් කරගැනීමේ වැයමකි. ප‍්‍රතිරූ යනු හෘද සාක්්ෂියක අෙ`දා්නාවක් යැයි කිව හැක්කේ එබැවිනි.


එමෙන්ම ප‍්‍රතිරූ තුළ සිංහල ජනයා අතිශය සාධාරණ සානුකම්පිත උදාර ජන වර්ගයක් ලෙසින් ගොඩනැගීමේදී නොදැනුවත්වම දෙමළ ජනයා දෙවන තැනට පත් වී තිබේ. ඒ අනව පාර්වතී (වීණා ජයකොඩි* ගල් විහාරයට කැඳවාගෙන යාම (සැබැවන්ම එය පන්සල් යෑමක් නොව, කඬේ යෑමකි* තුළ සිදුවන්නේ එයයි. එය සියළු ආගමිකයක් එක්ව සහයෝගයෙන් වසන්නේ නම් මැනවයි යන මානව හිතකාමී සිහිනයක සංඥාවක් ලෙසින් කිසිවෙකුට කියවා ගන්නටද පුළුවන. සැබැවින්ම එය එසේ හැගවීම අධ්‍යක්ෂකවරයාගේද අරමුණ වී තිබේ. නමුත් එහි වැසී තිබෙන්නේ ආක‍්‍රමණශීලී ජාතික උන්නතිකාමී සිහිනයකි. ඒ අනුව අපේ සිහිනය වී ඇත්තේ ඔවුනොවුන් තම තමුන්ගේ පාඩුවේ් ඒ ඒ ආගම් අදහන ලෝකටකට වඩා අන් ජාතීන්ද අපේ ආගමට බැඳෙනු ඇත්නම් අගනේය යන්නයි. උඩු කෝණීයව කැමරාගත කොට ඇති රූපරාමුවක, ගල් විහාරයේ උත්තුංග පිළිමය පාමුල මිනිස් පොදියේ, දශක ගණනාවකට පෙර ද්‍රවිඩ සමාජය හැර පියා පැමිණි තවමත් අද ඊයේ එසේ පැමිණි ආකාරයෙන් කැඩුණු සිංහල කතා කරන පාර්වතී නම් ද්‍රවිඩ ගැහැණියද රඳවා ඇත්තේ එබැවිනි. එමෙන්ම චිත‍්‍රපටය තුළ හමුවන්නේ දෙමළාට අසීමිත ස්නේහයෙන් සලකන සිහලූන් පිරිසකි. එය සාංකාවෙන් මිදීමේ අවශ්‍යතාව නැවත නැවතත් ඉස්මතු කරයි.


ප‍්‍රතිරූ යුද්ධය නොපෙන්වා යුද්ධය පිළිබඳව කතා කරන චිත‍්‍රපටයක්් බව නොයෙක් තැන්වල සඳහන් විණි. යුද්ධය නොපෙන්වනවා සේම එය යුද්ධය පිළිබ`දව බොහෝ යථාවෙන් හැර දමා යයි. ඉන් යුද්ධය පිළිබඳව ගෙන හැර පාන්නේ අතිශය නොගැඹුරු වූ අදහසකි. එය චිත‍්‍රපටයේ් චරිතයක මුවින්ම කියවන්නට තිර රචකයා වූ අධ්‍යක්ෂකවරයා සමත් වී තිබේ. ඒ මෙය සිංහල දෛමළ මුස්ලිම් ප‍්‍රශන්යක් නොවන බවය. එසේ්නම් එය කුමක්ද? පිළිතුර කවුරුන් දනියිද? එමෙන්ම සියල්ලෝම යුුද වැදුණෝ මව්බිම පමණක් නොව මෙරටේ සියලූ දෙනාගේම යහපත පිළිිබඳව සිතමිනි. නමුත් යථාව මෙයද? මෙහිදී අමතක කර දමා යන කරුණු කෙතරම්ද? නමුත් අධ්‍යක්ෂකවරයා තමාගේ සහ උක්ත කාංසා සහගත මනස ඇත්තවුන්ගේ සැනසීම වෙනඅවෙන් දරන වෑයම තුළ ඒවා අමතක කිරීමට සිදුවී/සිදු කොට තිබේ. එමෙන්ම මෙහි නිරූපිත සංහල ජනතාව තරම් මානව ගුණයෙන්් පිරිපුුන් ජනතාවක් ලොව නැත යන සංකල්්පය කෙතරම් කෙතරම් නොගැඹුරුද? එම අදහසෙහි ඇති අංගවිකලභාවය නෙතේරී යාමම අධ්‍යක්ෂකවරයාගේ ලෝකාවබෝධය පිළිබඳව අපට ඉඟි සපයයි.

යුද්ධය සාධාරණීකරණය කරමින් මතවාදයක් ගොඩනැංවීමට නිර්මාණකරුවෙකු අයිිතියක් තිබේ. එහෙත් ඔහු එය පේ‍්‍රක්ෂකාධිකරණය හමුවට ඉදිරිපත්කළ පසු එය විමසීමේ අයිතිය පේ‍්‍රක්ෂක විචාරකාදීන්ටද තිබේ. එසේ නම් අධ්‍යක්ෂකවරය, ඔබ යුද්ධය පිළිබඳව ගොඩනංවන මතවාදය තුළ මගහැර යන නමුත් යුද්ධයේ යථා ස්වභාවයට අදාළ වන කරුණු කොතෙක් නම් වෙත්ද?

යුද්ධය සාධාරණීකරණය පමණක් නොව යුද්ධය සැමරීමද ප‍්‍රතිරූහි යහමින් අන්තර්ගතව තිබේ. යුද්ධය යුද්ධය ලෙසින්ම දකිනවා විනා ඒ වෙත අන් ආකාර දෘෂ්්ඨියක් හෙළීම මනා යැයි කිසිම පදනමක සිට කිව නොහැක. එහෙත් චිත‍්‍රපටකරුවාට සමරන්නට යමක් යුද්ධය තුළින් සොයාගෙන තිබේ. ඒ යුද්ධය තුළ ඇති වීරත්වයයි. යුද්ධයට ගිය මිනිසුන්ගේ උදාර බවත් ඉන් එක් පාර්ශ්වයක් දිනනු බලා එහි ප‍්‍රමෝදය දරාගනු නොහැකිව ළය පැළී මිය යන මිිනිසුන් කණ්ඩායමක පරමාදර්ශී බවත් නැවත නැවතත්් ඔහුගේ් නිර්මාණය තුළ උත්කර්ෂවත් වන්නේ එබැවිනි. ඒ තුළ යුද්ධය සර්ව සාධාරණ බෝධි පූජාවක් තරම් දැහැමි එකකි. යුද්ධය වීීරෝධාර යමක් ලෙසින් දකිමින් එය පේ‍්‍රමයෙන් යුතුව වැළඳගන්නා මිනිසුන්ගේ උදාර ගුණය ඔහු නැවත නැවතත් කියා පාන්නේ එබැවිනි.

සුපර්මෑන්ලා වීරයෙකු වන යුුගයක සොල්දාදුවා වීරයෙකු කරන්නට තමා සිතූ බව අධ්‍යක්ෂකවරයා කියයි. එය නිවැරදි විතැන් කිරීමක්ද යන්න කේවලව ගෙන විග‍්‍රහ කළ යුත්තකි. යුද්ධය තුළින් වීරයෙකු මතු කරගන්නට උත්සාහ දැරීමම දෘෂ්ටිවාදී මන්දපෝෂණයකි. කෙසේ වුුවද ඔහු විසින් ගොඩනගන්නට උත්සාහ කරන යුධ විරුවා කෙතරම් මෙරටට අදාළවන සුළුද යන්න විමසිය යුත්තකි.

චිත‍්‍රපටය තුළ යුද විරුවන් දෙදෙනෙකි. ඒ සොල්දාදුවා (වික‍්‍රම- ජගත් බෙනරගම* සහ ඔහුගේ මව (ලීලා- මාලනී ෆොන්්සේකා* යි. සටන් බිමට පිවිසීම තුළින් සොල්දාදුවාද යුද මනස නිර්මාණය වෙනුුවෙන් දර දිය ඇදීීම තුළින් මවද වීීරයෙකු කරන්නට සිනමාකරුට අවශ්‍ය වී තිබේ. නමුත් ඔහු අස්වද්දන්නට අතගැසූ කුඹුරේ වපසරියද පමණින් විසල් වැඩිය. එය මෙලෙස පැහැදිලි කරන්නට හැකිය. ඔහු යුධ විරුවා ගොඩනගන්නට උත්සාහ කරන්නට තෝ්රාගන්නේ සීමිත අවකාශයක් නොවේ. එයට වීරයන්ගේ ගමද ගමක සිටිය හැකි සියළුම චරිතයන් පාහේ යොදාගන්නට සිනමාකරු දෙගඩියාවකින් තොරව තීරණය කොට තිබේ. ඒ සඳහා සහයට හමුදාවේ උසස් නිළධාරීන්ද, විහාර මහා දේවියද කැඳවාගෙන තිබේ. ඒ අනුව නිර්මාණකරුවා අර වීරයා ගොඩනගන්නේ පුද්්ගල අභ්‍යන්තරයක් තීක්්ෂණව නිරීක්ෂණය කරමින් නොව පුළුල් සමාජ ඓතිහාසික සන්දර්භයක් තුළිනි. ඔහු අස්වද්දන්නට බාරගත් කුඹුර ලොකු වැඩි බව පැවසන්නට හැක්කේ එබැවිනි. ඇතැම් විට වීරත්වය චරිත රැුසක් අතරේ විසුරුවා නොයවා පුද්ගලයෙකුගේ අනන්‍යතාවක් ලෙසින් වර්ධනය කිරීමට උත්සාහ ගත්තා නම් ඔහු සාර්ථක වන්නට ඉඩ තිබිණි.


මේ ලොකු වපසරිය තුළින් වීරයෙකු මතුකර ගැනීමට යත්න දැරීම අසාර්ථක වෑයමක් වන්නේ මෙරට ජන විඥාණය තුළ යුධ වීරයාට නිරායාසයෙන්ම අත් පත් වූ සුවිශේෂී ස්ථානයක් හිමි නොවන බැවිනි. ඒ ශ‍්‍රී ලාංකියන් යුද්ධය කෙරෙහි උද්‍යෝගීමත් වූ ජාතියක් නොවන බැවිනි. අප යුධ වැදුණු හා යුද්ධවලින් දිනූ අවස්ථා කිහිපයක් මූලාශ‍්‍ර පෙරළීමෙන් සොයා ගත හැකි වන නමුදු ඉතිහාසයේ කාලයට සාපේක්ෂව ඒවා මහඟු ලෙසින් සලකන්නට නුපුලූවන. එමෙන්ම යුධ විරුවන් බිහි වන රටවල්වල යුධ ඉතිහාසය දෙස සකුණාක්ෂියක් හෙළීමෙන් මේ වෙනස අවබෝධ කරගන්නට පුළුවන. ඉතිහාසය සහ සාමූහිික විඥාණය මගින් අපට හිමි කොට ඇති හා හිමි කොට නැතිදේ වෙනස් කරන්නට, තිස් වසරක් වැනි, ශිිෂ්ටාචාරයේ වයසට සාපේක්්ෂව කෙටි කාලයක් තුළ සිදු වන යුද්ධයක් සමර්ථ නොවේ.

අධ්‍යක්්ෂකවරයා මේ චරිත මතු කරන රටාව අනුව ඔහු ආවේශය ලබා ඇත්තේ සෝවියට් රුසියානු යුධ සාහිත්‍ය්‍ය ඇසුරින් වන්නට ඇතැයි සිතිය හැකිය. මව හා මාතෘ භූමිය යන සංකල්පය බද්ධ කිරීමත්, මව තුළින් වීීරත්වය මතු කිරීමේ උත්සහයත් මේ අනුමානයට සාක්ෂි සපයයි. එය එසේ වූවා හෝ නොවූවා වේවා, යුධ වීරයන්් බිහිවනනේ කවරාකාර පසුබිමකද යන්න අවබෝධ කරගැනීමට සෝවියට් දේශය හොඳ උදාහරණයකි.

රුසියාවේ ඉතිහාසය දෙස බැල්මක් හෙළන විටම පෙනී යන එක්කරුණක් වන්නේ එහි යුද්ධ නම් නොඅඩුවම පවතින බවයි. ලිඛිත ඉතිහාසය පුරාම එරට අභ්‍යන්තරිකව හා වෙනත් රටවල් සමඟ ඇති වූ යුද ගැටුම් දැකගන්නට පුුලූවන. විප්ලවීය සමය තුළද හොල්මන් කරන්නේ ඒ යුදකාමී බවේ සෙවනැලිය. අනතුරුව ඇති වූ ලෝක යුද්ධ වඩාත් බියකරු අත්දැකීමක් ඔවුන්ට ලබා දෙන ලදී. සෝවියට් දේශයේ යුද සාහිත්‍යය වෙඩි උණ්ඩයක් තරම් ප‍්‍රබලව නැගී සිටියේ එබැවිනි.

ඒ අනුව යුද වීරයා අපේ සමාජ විඥාණය තුළ අන්තර්ගතව නොමැති බව තේරුම් ගත්තේ නම් මෙවන් චිත‍්‍රපටක් නිපදවීමෙන් වලකින්නට අධ්‍යක්ෂකවරයා තීීරණය කරනු නියතය.

අවධාරණය කරනු ලැබූ පරිදි යුද්ධයේ ජය පැරදුම කවර පාර්ශ්ව වෙත හිමි වුවද ඉන් සමස්තයට හිමි කරන්නේ පරාජයකිි. එමෙන්ම එය මානව ශිෂ්ඨාචාරයේ ප‍්‍රගමනය ආපසු කැ`දවාගෙන යන බව මගහැර යා නොහැකි සත්‍යයකි. කෙතරම් ස`ගවන්නට උත්සාහ ගත්තද අධ්‍යක්ෂකවරයාටද නොදැනීම ඔහුගේ චිත‍්‍රපටය තුළ එය ප‍්‍රතිරූපණය වෙයි. අවසාන දර්ශනයෙන් දැක්වෙන පරිදි යුද්ධය නිමවා ඔහු ගමට පැමමිණෙන්නේ කකුලක් අහිිමි වූවෙකු වශයෙනි. එමෙන්ම ඔහුගේ ජීවිතය සමග අත්‍යන්ත ලෙස බැදී සිටි මවද මිය පරලොව ගොසිනි. හමුදා රෝහලේදී මුණ ගැසුණු හෙදිය සමග ඇරඹෙමින්් පවතින පේ‍්‍රමයක බලාපොරොත්තුවක් ඔහු සතුය. එවන් අත්දැකීම් යනු අහම්බ මිස පොදු තත්ත්වය නොවේ. ඒ අනුව මේ අවසන් දසුන ප‍්‍රබල සානුකම්පාවක් විනා වීීරත්වයක් කුළුගන්වන අයුරින් නිිමැවී නැත. යුද්ධය පිළිබ`දව සත්‍යය එනම්, ජයග‍්‍රහණයේ අභිමානයෙන් හෝ පේ‍්‍රමයක සංහිදියාවෙන් සනසන්නට නොහැකි වේදනාවක් යුද්ධය මගින් ජනිත කරවන බව දන්නා අයෙකුට නම් යුද්ධය ඛේදාන්තයක් බව අමතක කරවන්නට එය සමත් නොවේ. මෙම ජවනිකාවෙන් ඔහුටද නොදැනීම ඉස්මතු වන්නේ ඔහු බලාපොරොත්තු වන වීරත්වය නොව යුද්ධයේ විනාශකාරී යථාවම බව පැවසිය හැක්කේ එබැවිනි.


බී. ජී. එම්. ජනප‍්‍රිය
071 908 308 6

This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday204
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week353
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4598
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150151

Follow us on Facebook

Online Users

We have 35 guests online