Point of View

04
Aug

පේමතෝ ජායතී ශෝකෝ

අසම්මත පෙමක පැටලිලා හිටිය පෙම්වතෙක් දවසක් තමන්ගේ පෙම්වතියට මෙහෙම කිව්වා.

‘මට මහා විඩාවක් දැනෙනවා. අපට දැන් කතා කරන්න දේවලුත් නෑ වගේ ඔයාට දැනෙන්නේ නැද්ද? අපි සතියකට විතර පුචි විරාමයක් ගනිමුද?’

ඒක අහල පෙම්වතිය තිගැස්සෙනවා.

‘විරාමයක්! ඒ කියන්නේ දැන් ඔයාට මාව ඇති වෙලා... මං හිතුවා කවදාහරි ඔහොම කියයි කියලා.’

31
Jul

පතී නවතී!

ධර්මසේන පතිරාජගේ නවතම සිනමා නිර්මාණය වන සක්කාරංහි විශේෂ මාධ්‍ය දැක්මක් පසුගියදා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. බොහෝ කලකට පසු පතිරාජ අතින් නිර්මාණය වූ චිත‍්‍රපටයක අර්ථය අත්විඳින්නට ගිය (පතිරාජගේ චිත‍්‍රපට භාව ගෝචර වීමට වඩා බුද්ධිගෝචර වීම නිසා) බොහෝ දෙනකු ශාලාවෙන් ආපසු එළියට ආවේ අරුත්සුන් වූ අපේක්ෂාභංගත්වයෙනි.

08
Jul

ප්‍රඥාව පහළවන්නේ ඇල්මෙන් මිදුණු විටය

මේ දවස්වල F.B එකේ share වෙන මඩ post අතරෙ පොඩි ගැම්මක් තියෙන Post එකක් දකින්න ලැබුණ මෙයාලා. ‘ලබා ගැනීම තුළ නොමැති සතුටක් අතහැරීම තුළ ඇත’ ඒ වැකිය පළ කරලා තිබුණෙ පාවහන් නැති අසරණ යුවතියකට කාරුණික සුදු මහත්තයෙක් තමන් පයලා හුන් සෙරෙප්පු දෙක ගලවලා ඇගේ දෙපා අසල තබන පින්තූරයකටයි මෙයාලා. ඒ වුණත් ඒ වැකිය තවත් බොහෝ දේවල්වලට ගැළපෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ඔයාලට...?

17
Jun

පුද්ගල ප්‍රතිරූපය බැහැරකළ අපූර්ව ප්‍රතිභාව

ටෝනි රණසිංහ නමැති රංගධරයා සතුව තිබූ අපූර්ව කඩවසම් මුහුණ ලාංකේය සිනමා සංස්කෘතිය තුළ සුපිරි තරුවක් ලෙස වැජඹෙන්නට තිබූ ඉහළම සාධකය විය. ටෝනි කොයි තරම් කඩවසම් නළුවකු වූවාද යත් එවකට ඔහු සමඟ රඟපෑම තමන් ලබූ භාග්‍යයක් ලෙස එදා ඔහුගේ සමකාලීන නිළියෝ සැලකූහ. ස්වර්ණා මල්ලවාරච්චි වැනි විශිෂ්ට රංගධාරිනියක පවා ටෝනි සමඟ රඟපාන්නට ලැබීම විශාල භාග්‍යයක් කොට සැළකූ බව ඇය ප්‍රකාශ කරයි. ඉඳින් රිදී තිරයේ සුපිරි ‘තරුවක‘ ලෙස බැබළෙන්නට ඉහළ සුදුසුකම් තිබූ ටෝනි එම ‘තරු‘ සංකල්පය ප්‍රතික්‍ෂේප කොට චරිතාංග රංගනය කෙරෙහි පමණක් අවධානය යොු කිරීම නිසා ඔහු ජනප්‍රියත්වයෙන් ඈත් කරනු ලැබීය.

30
May

සෝමලතාගේ සුවිසල් මෙහෙවර

ප‍්‍රතිභාන්විත රංගන ශිල්පිනියක, නාට්‍ය රචිකාවියක, නාට්‍ය අධ්‍යක්‍ෂවරියක, රංගකලා ආචාර්යවරියක, රංගායතන අධ්‍යක්‍ෂිකාවක, නාට්‍ය හා රංගකලා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙ හි උපදේශිකාවක වශයෙන් හා විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක වැනි නන් වැදෑරුම් අංශයන්ගෙන් දෙස් විදෙස් හි ඉටු කලා වූ සුවිශේෂී මෙහෙවර හේතුවෙන් සිංහල නාට්‍ය කලාවෙහි කාන්තා නියෝජනය තුළ අද්විතීය නාමයක් සෝමලතා සුබසිංහ නාට්‍යවේදනියට හිමිවන්නේ ය.

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday8
mod_vvisit_counterYesterday175
mod_vvisit_counterThis week897
mod_vvisit_counterLast week11212
mod_vvisit_counterThis month20995
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2054130

Follow us on Facebook

Online Users

We have 8 guests online