Point of View

21
May

... මේ.... සීත සුව දෙන රැයේ....

රඟහලක ඇතුළත දර්ශනයකි.

විදුලි බුබුලු වලින් විහිදෙන ආලෝක ධාරා රැස් විහිදුවාලයි.

සිහින් සංගීත රාවයක් ඇසේ.

පැද්දෙමින් නැළවෙමින් නැටුමෙහි යෙදෙන යුවල අතරින් කැමරාව අසුන් ගෙන සිටින යුවලක සොයා ගනී.

තරුණයා තරුණියගේ අත්ල මත දෙතොල් තබමින් සිපගනී.

තරුණිය වහා තම අත ඉවතට ගෙන බිම බලා ගනී.

17
May

විජය වගේ කඩවසම් තරුණයෙක්වත් තාම මං දැකල නෑ-සබීතා

‘සබීතා’  චිත්‍රපටයේ රඟපෑමෙන් එක රැයකින් සබීතා පෙරේරාට රට පුරා මහත් ජනප්‍රියත්වයක් ලැබීමට හැකි වුවද සත්‍ය වශයෙන්ම සබීතා නියම සිනමා මාවතට යොමු වුණේ එච්. ඩී. ප්‍රේමරත්න‍ගේ ‘දෙවැනි ගමන’ චිත්‍රපටයෙන් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

එතෙක් බොළඳ පෙම්වතියකගේ චරිතයට පණදුන් සබීතාට යුවතියකගේ කන්‍යාභාවය පිළිබඳ වූ ප්‍රබල තේමාවක් පසුබිම් කරගෙන නිර්මාණය වූ ‘දෙවැනි ගමන’ වැනි ප්‍රේක්ෂක විචාරක කතාබහට ලක්වූ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමෙන් ජනප්‍රිය සබීතා සම්භාව්‍ය මාවතටද අවතීර්ණ වූවා.

16
May

විජය- මාලිනී සම්බන්දෙ ගැන ගාමිණීගෙ හිතේ කහටක් තිබුණා-විමලදාස පෙරේරා

ඔහු සැණකෙළිය චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාය. සමනල කුමරියෝ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා මෙන්ම නිෂ්පාදකද ඔහුය. එවකට චිත්‍රපට ප්‍රචාරණ කලාව තුළ ඔහු රැදුණේ අංක එකෙහිය. පුන් සඳ හිනැහේ වන මල් පිබිදේ, මා ඉන්නේ අන්ධකාරේ දැන්, රස මිහිරිකතා සිඟිති සිනා, සුදාගේ මූණේ වැනි ජනප්‍රියම චිත්‍රපට ගීතවල ගීත රචකයාද ඔහුය. අධ්‍යක්‍ෂවරයෙක්, නිෂ්පාදකයෙක්, දෙබස් රචකයෙක් ගී ප්‍රබන්ධකයෙක්, රංගන ශිල්පියෙක් ආදී වශයෙන් ඔහු සිනමාවට දැක්වූ දායකත්වය පුළුල් පරාසයක පැතිර තිබුණු අතර ඊටත් වඩා සිනමාවට ළබැඳියන්, සිනමා තාරකාවන් සමඟ ඔහුට තිබුණේ ආත්මීය ගනුදෙනුවකි. විමලදාස පෙරේරා නම් ඔහු ළබැඳි එදවස මිතුරන් ගැන මතකය අවදි කළේය

15
May

දයාගෙන් වැඩක් ගත්තේ තිස්ස

රජයේ සේවයේ අවුරුදු ගාණක් වැඩ කරලා අත්දැකීම් තියෙන කෙනෙක් විදියට මං අරවින්දට එකක් කියන්නම්. රාජ්‍ය සේවයේ පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන තරමට ඇඟට ගුණයි."

"අරවින්දගේ දුවෙක් තියා මගේ දුවෙක් කාත් එක්ක හරි පැනල ගියත් මම ගනන් ගන්නේ නැහැ. පැනල ගියොත් ඒ දැරිවි ඒ හාදයට බන්දල දෙන එකනේ ඇත්තේ. තරුණ ජෝඩු බන්දලා දීලා මට හොඳට පුරුදුයි."


"
අරවින්ද හිතනවා වැඩියි. මං කිසිම දෙයක් ගැන මුකුත් හිතන්නේ නැහැ. වෙන්න තියෙන දෙයක් ගැනවත් සිදුවුණු දෙයක් ගැනවත් මං හිතන්නේ නැහැ."

12
May

දෝතින් ගෙන ආ ආදරේ......

මුහු‍දේ ඔරුවක අඳුරු සෙවනැලි වන් මිනිසුන් දෙදෙනෙකි.රැල්ලක් පෙරලී ඇවිත් වැල්ලේ වැතිරෙයි. තරුණියක් ඒ දෙසට දිවයයි. තරුණියගේ මුහුණ සෙමෙන් සෙමෙන් කැමරාව දෙසට හැරෙයි. පියකරු සිනහවකින් මුව සරසාගත් ඇය ගීතා. ගීතා කුමාරසිංහ.

වැටකෙයියා පඳුරක සෙවනටවී මුහුදේ චමත්කාරය තම කැමරාවට හසුකරගනිමින් සිටින්නේ විජය කුමාරතුංගයි. එකවරම විජයගේ කැමරා කාචයට ගීතාගේ රුව හසුවෙයි.වික්ෂිප්තවන ඔහුගේ මුවගට සිනහවක් නැගෙයි.

ගීතා ඇඟ දවටා සිටින රෙදිකඩ උනා දමයි.

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday267
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1211
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12774
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099865

Follow us on Facebook

Online Users

We have 63 guests online