Point of View

10
May

හින්දි සිනමාවේ කඳුළු බිඳුව

'Tragedy queen'
මා සිතින් පෙම් කළ එකම සිනමා නිළිය 'මීනා කුමාරී'(Mahjabeen)

Baiju Bawra චිත්‍රපටය තුළින් ඇය බෞතිස්ම ලැබුවා පැවසුවොත් එය නිවැරදිය. එයින් ඇය සම්මානයටද පාත්‍රවිය. ඉන් අනතුරුව තිරයට පැමිණි පරිනීතා, ශාර්දා , කොහිනූර්, zසාඩ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, දිල් ඒක් මන්දීර්, චේරාග් කහීන් රෝශ්නී කහීන්,සාන්ජ් ඕර් සවේරා වැනි චිත්‍රපට තුළින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනි.

01
May

කෑම්ප්එක වත්ත නවකතාව පිළිබඳ විමසීමක්

සාහිත්‍ය හා සමාජය අතර ඇත්තේ ප‍්‍රබල සම්බන්ධයකි. සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමට වස්තු විෂය සපයනු ලබන්නේ සමාජයයි. නිර්මාණයන්ට පාදකවන සමාජ පරිස්ථිතිය පිළිබඳ අවබෝධය සාර්ථක රසවින්දනයකට උපකාරී වේ. සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, සමාජ විද්‍යාත්මක විචාර න්‍යාය වැනි සංකල්ප ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ ද මේ නිසාවෙනි. කුමන හෝ කාලවකවානුවක සමාජ, දේශපාලන, සංස්කෘතික, ආර්ථික සාධක පාදක කොටගෙන නිර්මාණ බිහිවිය හැකිය. බුද්ධිමත් සහෘදයා එම සමාජ, දේශපාලන, ආර්ථික සාධක ඇති යුගය සොයා යයි. අපට නුහුරු නුපුරුදු අද්දැකීම් ග‍්‍රහණය ගත හැකි වනුයේ එවිටය.

28
Apr

සුදුස්සාට සුදුසු තැන- හුණුවටයේ කතාව

සෘජුවම විරෝධාකල්ප දනවන බොහෝ නිර්මාණවල ගැබ්වන සටන්පාඨ ස්වරූපය මා සිත නොගනියි. අනිත් අතට අවනත ව පවත්නා ක‍්‍රමයට මෙහෙකරන නිර්මාණ ඊටත් වඩා සිත් නොගනියි. කලාත්මක විරෝධය සමග එකග නොවී බැරිය. විසිවන සියවසේ විවාදාපන්නම නාට්‍යකරුවා ලෙස හඳුනාගත හැකි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නම්වූ ජර්මන් ජාතික නාට්‍යකරුවා අප ග‍්‍රහණය කරගන්නේ මෙකී ප‍්‍රබල කලාත්මක විරෝධයෙනි.

02
Apr

අධිරජ ධර්මාශෝක

නූතන සමාජය පුරා ම ව්‍යාප්ත ව පවතින්නේ ගුණාත්මක භාවයෙන් තොර අටෝප සාටෝපභාවයෙන් ආඪ්‍ය සර්ව පිත්තල ලෝකයකි. එය අධ්‍යාපනය මගින් ද විශද වේ. එනිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සැබෑ දක්ෂයා යටපත් වී කට පාඩම් කිරීමේ හැකියාවෙන් යුතු ගිරා පෝතකයින් ජයග‍්‍රහණයේ සීමාව කරා සැපත් වේ. මම බලාපොරොත්තු වූ කැම්පස් ජීවිතය මෙය නම් නොවෙමි. එනිසා නිවසින් විශ්වවිද්‍යාලය කරා පිය නගන්නේ ද නැවත නිවස බලා පැමිණෙන්නේ ද තැවුල් සිතකින් යුතුවය.

25
Mar

කෑම්ප්එක වත්තේ සරනු රිසියෙමි

දුරවබෝධ සංකීර්ණතාවෙන් යුතු නවකතා එකහෙළා බැහැර කිරීමට ද මා කැමති නැත. එක හුස්මට, ඉතා පහසුවෙන් කියවා හමාර කළ නොහැකි නවකතා ප‍්‍රතික්ෂේප කරන්නේ නම් පියදෝර් දොස්තයෙව්ස්කි, ජේම්ස් ජොයිස් හා ඇතැම් විට ගාර්ෂියා මාර්කේස්ගේ නවකතා ද අපට මඟහැරෙනු ඇත. අනෙක් අතට පහසුවෙන් කියවා හමාර කළ හැකි අති සරල නවකතා වුව ද මඳක් කියවන කල ඇති දෙයක් නැතැයි සිතෙයි.

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday16
mod_vvisit_counterYesterday175
mod_vvisit_counterThis week905
mod_vvisit_counterLast week11212
mod_vvisit_counterThis month21003
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2054138

Follow us on Facebook

Online Users

We have 16 guests online