01
Apr

රන්ජන් 10 වෙනි වරටත් හොඳම සහ ජනප්‍රියම නළුවා

රන්ජන් රාමනායක 2016 වසරේ ස්ලිම් නිල්සන් ජනතා  සම්මාන උළෙලේදී ජතාවගේ හොඳම  නළුවා ලෙසත් තරුණ තරුණියන් අතර ජනප්‍රියතම නළුවා ලෙසත්   සම්මානයෙන් පිදුම් ලැබීය

ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙලේ රන්ජන් රාමායක  පිට පිටම 10 වෙනි වතාවටත් මෙසේ  සම්මනයෙන් පිදුම් ලැබීම  වාර්තාගත විශෙෂත්වයකි

16
Mar

මරියාගේ රමණය ‘ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි

නදීකා බණ්ඩාර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘මරියාගේ රමණය‘ නාට්‍යය මාර්තු 19 සවස 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවෙයි

08
Mar

කුලියාපිටියේ දරුවා HIV ආසාධිතයෙක් නෙවෙයි. -රන්ජන්

HIV ආසාධිතයකු යැයි කියා පාසලක්ද අහිමිව සිටි කුලියාපිටියේ දරුවා සොයා ගිය ජනප්‍රිය නළු සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට මාධ්‍ය සංදර්ශනකාරයකු ලෙස මඩ ප්‍රහාර එල්ල වුවත් ඔහුගේ මැදිහත්වීමෙන් එම දරුවා HIV ආසාධිතයකු නොවන බව හෙළිදරව් කොටගෙන ඇත.

26
Feb

ප්‍රේමය පිළිබඳ මගේ හැඟීම් කියා ගන්න හැකිවුණේ වික්ටර්ගේ හඩින්-මහාචාර්ය සුනිල් ආරියරත්න

වික්ටර් රත්නායක ගැයූ ගී අතරින් ප්‍රේමය අරබයා ගැයූ ගීත සුවිශේෂයි.  වික්ටර් රත්නායකට ලියු ඒ ප්‍රේම ගීත  අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු ගී සුවිශේෂය.

ඔබ හිතන විදහට වික්ටර් රත්නායකයන් කොහොමද අපේ රටේ අනෙකුත් ගායකයන්ගෙන් වෙනස් වෙන්නෙ?

වික්ටර් ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ අපේ සංගීත ක්ෂේත්‍රය අලුත් හඬක් ප්‍රාර්ථනා කරමින් සිටින යුගයක. ඒක  එච්.ආර්.ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා අතිශය ජනප්‍රියත්වයට පත්වෙච්ච යුගයක්. ඇත්තටම ඒක  ජෝති - මිල්ටන් යුගය හැටියට හැඳින්වූවොත් නිවැරදියි. දශකක ගණනාවක් තිස්සේ ජෝති - මිල්ටන් හඬ ඇසූ රසිකයන් අලුත් හඬක් සොයමින් සිටි යුගයකයි  වික්ටර්ගෙ හඬ බිහිවෙන්නෙ ..

08
Feb

අතුල-සමිතා හදිසියේම ගුවන් ගතවෙති

අතුල-සමිතා.... අතුල-අමායා... අතුල-අමායා-සමිතා...පසුගිය කාලයේ  මාධ්‍ය යට නිතර පුවත් මවන්නන් බවට පත් වුනා.

26
Mar

ලලිත්ප්‍රෙමතිලකගේ ‘නෝනි නෝනා‘ අද

Written by Administrator.

කෙටි නාට්‍ය රචකයකු - අධ්‍යක්ෂවරයකු-  රූපවාහිනී දැන්වීම් ශිල්පියකු සහ රංගන ශිල්පියකු වන ලලිත් ප්‍රේමතිලක හාපුරා කියා අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යය  ‘නෝනි නෝනා ‘ අද (27) සවස 7ට කොළඹ බස්නාහිර පලාත් සොන්දර්ය නිකේතනයේ දී ( NADA-ග්‍රහලෝකාගාරය ඉදිරිපිට) රංග ගතවෙයි.

16
Mar

මැජික් ලැන්තෑරුම සමග Bergman Island 23දා තරංගනියේ

igmarn

ඉංග්මාර් බර්ග්මාන්ගේ ස්වයං  ලිඛිත චරිතාපදානය ‘මැජික් ලැන්තෑරුම‘ කෘතිය එළි දැක්වීම නිමිත්තෙන්  Bergman Island  චිත්‍රපටය මාර්තු 23 දා සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී තිරගතවෙයි.

05
Mar

උපේක්ෂා අද යළි කුලගෙට

ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලිගේ විවාහ මංගල්‍යය අද  (05)  සවස කොළඹ කින්ස්බරි හෝටලයේදි පැවැත්වෙයි.

තම අත ගන්නා මනාලයා ව්‍යාපාරිකයකු බව ප්‍රකාශ කළ නමුත් ඔහුගේ නම ඇය මෙතෙක් මාධ්‍යයටහෙළි  කොට නැත.

14
Feb

happy valentine"s day! හොඳම ආදරවන්තයා තමන්ගේම කුප්කම් තමන්ටම දකින්න පුළුවන් කෙනායි. - ප්‍රසන්න විතානගේ

‘ඇත්ත වශයෙන්ම ආදරය විටෙක අතිශය කුරිරු විය හැකියි. තවත් කෙනෙකුට එය කෘරතර අත්දැකීමක් විය හැකියි. ප්‍රේමය තුළ කෘරත්වය, වෛරය, අතපසුවීම් , නොතකාහැරීම් සියල්ල තිබෙනවා. මේ නිසා ප්‍රේමය හරිම සංකීර්ණ යි. මං හොඳම ආදරවන්තයා හැටියට දකින්නේ තමන්ගේම කුප්කම් තමන්ටම දකින්න පුළුවන් කෙනාවයි.

07
Feb

වෙන්වූවන්- ඈත් වූවන්- එකට එක්කළ සින්ඩ්‍රෙල්ලා

පෙම්වතුන් හමුවෙති. එක්වෙති. වෙන්වෙති. යළි එක්වෙති! ගලන ගඟක් බඳු ජීවන රිද්මයේ අරුමය එයයි.

කලාකරුවන්ගේ පමණක් නොව සෑම මනුෂ්‍යයකුම ජීවිත කාලය තුළ මුහුණ දෙන අරුමය එයයි.

26
Mar

අලුත් විවාහය හරිම නැවුම්-උපේක්ෂා

Written by Administrator.

උපේක්‍ෂා අලුත් ජීවිතයක් පටන්ගත්තා.
ඒ වෙනස දැනෙන්නේ කොහොමද?
ඒක ලොකු වෙනසක්. මේක මගේ දෙවැනි විවාහය වුණාට පුදුම නැවුම් බවක් දැනෙන්නේ. ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ.

10
Mar

රැලිවලට මං අහුවෙලා නෑ -ශෂිකා නිසංසලා

මේ දවස්වල ‘ආදරෙයි‘ ‘ඇස් දෙකයි‘ ඔක්කොම පටලවාගෙන නේද?

‘ඇස්‘ නිසා වැඩියෙන් ජනප්‍රිය වුණා කියලා දැනෙනවා. ‘ඇස් පිය නොහෙලා බැලුවා‘ ගීතයේ මුල වෙන්නේ ‘ඔබ මා හමුවුනදා‘ ප්‍රියන්ත මාවලගේ පද මාලාවක් රිපීට් කරන එක ඔහු ළඟ තියෙන අනන්‍යතාවයක්. විරහ ගීත පෝළිම අතරේ ‘ඇස්පිය නොහෙලා‘ ගීතය නැවුම් කමක් තිබුණා. මගේ රසික පිරිස වැඩි වුණා. ගීතය ගායනා කරලා අවුරුද්දක් වුණත් ජනප්‍රියත්වය තවමත් එහෙම්මමයි.

28
Feb

අජන්තා අද සමු ගනී

සිංහල ගීතාවලියට අමරණීය  ගීත රැසක් දායාද කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගීත රචක  අජන්තා රණසිංහ මහතාගේ දේහය කොට්ටාව හොරණ  පාරේ රණසිංහ මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කොට ඇති අතර එය අද (29)  මහජන ගෞවරවය  සඳහා දහවල් 11 සිට සවස 3 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැනපත් කෙරේ.

අවසන් කටයුතු අද සවස 4 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ

13
Feb

සිරකරුවෝ ජේ. ඒ. ඩී. පෙරේරා කලාගාරයට

සමාජ- ආර්ථික -දේශපාලන-සංස්කෘතික ප්‍රශ්න මත මිනිසා වෙත එල්ල කෙරෙන විවිධ පීඩාවන් හමුවේ සිරගතකිරීම්වලට සහ  ඝාතනය කිරීම්වලට එරෙහි  සමාජ කතිකාවක් ගොඩනැගීමේ අරමුනින්සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය උපාධිධාරීන් වන  ඒ මංජුල මේයි- තිලංකා තිලකරත්න - වාසනා වීරසිංහ -සංජීවනී කොඩිකාර -නිරෝෂා වනිගසූරිය  එක්ව ඉදිරිපත් කරන චිත්‍ර දැක්මක් ‘සිරකරුවෝ‘ මැයෙන්  පෙබරවාරි 19  සවස 6.00ට  කොළඹ 7 සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයීය ජේ.ඩී.ඒ. පෙරේරා යේදී විවෘත වෙයි.

06
Feb

කිසිම දේකට වටිනාකමක් නැති එකේ නළුවන්ට විතරක් වටිනාකමක් තියේවිද?-කමල්

කමල් අද්දරආරච්චි කියන නළුවා ආගිය අතක් නෑ... මොකද මේ වෙන්නේ?

වෙලා තියෙන්නෙද? මේ ලංකාවනේ... ඒකයි එහෙම වෙලා තියෙන්නේ.

ලංකාවේ දක්‍ෂ නළුවන්ට වටිනාකමක් නෑ කියලද ඔය කියන්නේ?
කිසිම දේකට වටිනාකමක් නැති එකේ නළුවන්ට විතරක් වටිනාකමක් තියේවිද?

More Articles...

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday202
mod_vvisit_counterYesterday421
mod_vvisit_counterThis week1580
mod_vvisit_counterLast week3643
mod_vvisit_counterThis month15563
mod_vvisit_counterLast month22523
mod_vvisit_counterAll days1954560

Follow us on Facebook

Online Users

We have 67 guests online