01
Feb

ආදරවන්තයන්ට ඉනෝකාගෙන් ආදර තිළිනයක්

ආදරයත් චමත්කාරයත් එකට මුසුකළ අපූර්ව සිනමා ආස්වාදයක්   සහිත නැවුම් ප්‍රේමනීය අනුභුතියකින් තරුණ  පරපුර අමතන්ට ඉනෝකා  සත්‍යංගනී සූදානම් වෙයි.

ඉනෝකා මෙසේ තරුණ පරපුර අමතනන්ට සැරැසෙන්නේ ඇගේ අලුත්ම සිනමා කෘතිය වන සින්ඩ්‍රෙල්ලා   තුළිනි.

25
Jan

ලාංකේය සාහිත්‍ය සම්මානයේ නව වෙනසක්! Lankalive සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල පෙබ 03 දා

ජනාධිපති- සරසවි  -ස්වර්ණ  සංඛ  ඇතුළු මේ රටේ එතෙක් පැවැති සිනමා සම්මාන උළෙල සියල්ල නතර කොට තිබූ වකවානුවක  2014 වසරේදී  lankalive film awards නමින් සිනමා සම්මාන උළෙලක් පවත්වමින් ලාංකේය සිනමා ශිල්පීන්ට සම්මානයේ අභිමානය ප්‍රදර්ශනය කළ lankalivestar.com වෙබ් අඩවිය ලාංකේය සාහිත්‍ය යේ ප්‍රගතිය උදෙසාද ස්වකීය මැදිහත්වීම සනිටුහන් කරමින් අලුත්ආකාරයේ  සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

19
Jan

සිනමා කර්මාන්තයේ අභිවෘධිය ගැන සනත්ගෙන් ග්‍රන්ථයක්

ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක  සිනමාව අරබයා ලියූ අලුත්ම කෘතිය ‘සිංහල සිනමාව සහ මම‘ හෙට සවස 2.30 කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලීය ශාලාවේදී එළි  දැක්වෙයි

08
Jan

සේරි ප්‍රකාශන තුනක් අද දොරට වඩී

මණ්ඩාවෙල පඥ්ඥාවංහ හිමියන් විසින් රචිත  ස්වතන්ත්‍ර කාව්‍ය නිර්මාණය ‘විප්‍රවාසිකයාගේ  ස්වදේශාංටනය‘  ඇතුළු සේරි ප්‍රකාශන  තුනක් අද (8) සවස 3.00 ට පාතික පුස්කාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී  එළි දකී

31
Dec

පැතුම් ඉටුකරගත හැකි සුබ නව වසරක් වේවා !

ශ්‍රී ලංකාවාසී සැමට පැතුම් ඉටුකරගත හැකි  සුබ නව වසරක් වේවායි පතමු ! එසේම නව වසරේ අප සමග    ඔබට සුබ පතන්නට  ඔබේ  ප්‍රියතම   කලාකරුවෝත් මෙසේ  එකවූහ

30
Jan

සීතලේ උණුහුමෙන් - පෙම් කළා රෑ පුරා-සාරංග දිසාසේකර

වැඩි සද්ද බද්දයක් නැති වුණාට සාරංග මේ දවස් වල හුඟක් කාර්ය බහුලයි නේද?

කොහොමටත් කවදත් මගේ ලොකු සද්ද බද්ද නැහැනෙ. ලැබෙන වැඩ කරගෙන යනවා.

මොනවගේ වැඩත් එක්කද මේ දවස්වල කාලය ගත වෙන්නෙ?

ටෙලි නාට්‍ය  තුනක් විකාශය වෙනවා. ඒවායේ රූගත කිරීමුත් තියෙනවා.

21
Jan

ප්‍රබුද්ධ කාව්‍යය සිනමාවට නගන්න තාත්තාගේ අදහසක් තිබුණා- සේකරගේ දියණි නිරූපමා

මහගමසේකරයන් මෙන්ම කේ. ජයතිලකයන්ද අද ජීවතුන් අතර නැත. මේ දෙදෙනාම පාසල් වේදිකාවේ එකට රඟපා ඇති බව මේ දෙදෙනාගේම රසිකයන් වැඩි දෙනෙකු නොදන්නා කරුණක් යයි සිතමි. ඔවුන් මෙසේ එකට රඟපා ඇත්තේ මීට වසර හැත්තෑ පහකට පමණ පෙරය. මේ පිළිබඳව ඔවුන් මා සමග විස්තර කළේ 1975 දෙසැම්බර් මාසයේ සරසවියපුවත්පතට මා ලියූ ලිපියක් සඳහාය. එදා මගහමසේකරයන් මට ඒ සිද්ධිය විස්තර කළේ මෙසේය.

17
Jan

නිළියක් හැටියට මං ගතකළේ හරිම සරුවපිත්තල ජීවිතයක්-අනෝජා

‘1955 බදුල්ල කයිලගොඩ දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක හත්වැන්නියව උපන් ඇය පරණ පල්ලියගුරුගේ අනෝජා කාන්ති සිරිවර්ධන‘

පූර්ව කථනය එසේ ඇසෙද්දී දුරස්ථ රූපයක්ව තිරයේ ඇඳුණු ඇගේ රුව කෙමෙන් කෙමෙන් සමීප රූපයක් බවට පත්වුණා. මුහුණේ තැනින් තැන මතුව ඇති රැළි මැදිවියද ගෙවා දමන දෑස්, නොකියාම බැරි දෙයක් කියා දමන්න සැරසෙන්නාක් මෙන් මුවගෙහි මදහසක්ද මතු වුණා.

අනෝජා වීරසිංහ ජාත්‍යන්තර සම්මානලාභී රංගවේදිනිය. පසුගියදා ජාතික රූපවාහිනියේ විකාශය වූ විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කළ ‘ආලකමන්දාවේ‘ කථානායිකාව වූයේ ඇයයි.

08
Jan

සින්ඩ්‍රෙල්ලා තිරගතවීමත් විවාහයත් සිදුවෙන්නේ නොසිතූ වෙලාවක. දිය යට පෙම් රැඟුම් ගැන රසිකයන් මොනවා කියයිද බ යයි-උපේක්ෂා

ජනප්‍රිය නිළි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මේ මස 24 වැනිදා කොළඹ  කිංස්බරි හෝටලයකදී යළිත් විවාහ දිවියට එළැඹෙන අතර  තමන් අත ගන්නා මනාලයාගේ නම හෙළි නොකරන ලෙස ඇය තමන්ට හිතවත්ම මාධ්‍ය වේදීන්ට පවසා ඇත.

ඔහු ව්‍යාපාරිකයකු බවත් තමන්ට වඩා අවුරුදු අටකින් වැඩමහල් බවත් විවාහ වන්නට පෙර දෙදෙනාගේ  කේන්දර ගැලපෙනවාදැයි සොයා බැලූ බවත් ඇය පවසා ඇත.

27
Dec

60 දශකයේ නිළි රැජණ රුක්මණී - රුක්මණීගෙන් පස්සේ නිළි රැජණ මාලිනී- අර්නස්ට් වඩුගේ

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිග්නීස් සිනමා උත්තමාචාර උළෙල පැවැත්වුණේ ප්‍රවීණ නිළි පුණ්‍යා හීන්දෙනියගේ ප්‍රධානත්වයෙනි. එහිදී පුණ්‍යා හීන්දෙනිය 60 දශකයේ සිංහල සිනමාවේ නිළි රැජන ලෙස අවධාරණය කිරීම බොහෝ දෙනෙකුගේ කතාබහට සහ විවාදයට තුඩුදුන් කරුණක් විය. පුණ්‍යා හීන්දෙනිය විශිෂ්ටතම චරිතාංග නිළියක වුවද 60 දශකයේ නිළි රැජන ලෙස අවධාරණය කිරීම මේ රටේ සිනමා ඉතිහාසය හදාරණ විද්‍යාර්ථීන් නොමඟ යැවීමක් බැවින් එය නිවැරදි කළ යුතු බවද බොහෝ දෙනාගේ අදහස විය. ඒ අනුව අපේ සිනමා ඉතිහාසය සමඟ සමීපවම කටයුතු කළ ඒ සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතම මාධ්‍ය වේදියකු වන අර්නස්ට් වඩුගේ මහතාගෙන් අදහස විමසුවෙමු.

25
Jan

පණ අදින සිනමාවට ඔක්සිජන් දෙන්න පුළුවන්ද?

අපේ මුල්ම කථානාද චිත්‍රපටය ලෙස සැලකෙන ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වූ 1947 ජනවාරි 21 දා ලාංකේය සිනමාවේ උපත සිදු වූ දිනය හැටියට ගත් විට අපේ සිනමාවට ඉකුත් ජනවාරි 21 දාට 69 වසරක් සපිරුණේය.

‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වූ දා සිට 1956 ‘රේඛාව‘ බිහිවෙන තෙක් ද ඉන් අනතුරුව ද ජයවිලාල් විලේගොඩ , කරුණාසේන ජයලත් වැනි සිනමා විචාරකයන් සටන් කළේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිනමා මුහුණුවරින් අපේ සිනමාව මුදා ගැනීමටය.

19
Jan

ජනප්‍රිය නළු නිළියන් සමග සින්ඩ්‍රෙල්ලා මංගල දර්ශනය නොමිලේ නරඹන්නට පෙම්වතුන්ට අවස්ථාවක්

ආදරය පිළිබඳ සංවේදී සංකල්පනාවක් අකරුවලට පෙරලන්න ඔබ කැමතිද?  එසේනම්  ඔබේ පෙම්වතා  හෝ පෙම්වතිය සමග පෙබරවාරි 5දා සවස කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වෙන  ඉනෝකා සත්‍යංගනී ගේ ‘සින්ඩ්‍රෙල්ලා‘ මංගල දර්ශනය නොමිලේ  ජනප්‍රිය නළු නිළියන් සමග එකට  හිඳ නරඹන්නට  ඔබට හැකිය.

14
Jan

ලාංක්ය සිනමාවට 69 වසරක් සපිරෙන ජන 21 දා සිංහල චිත්‍රපට උළෙලක්

2016 ජනවරි 21 දිනට ලාංකේය සිනමාවට 69 වසරක් පිරිම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන සිංහල චිත්‍රපට උළෙලක් ජනවාරි 17 දා සිට 20 දා තෙක් චිත්‍රපට සංස්ථවේ  තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙයි.

01
Jan

අලුත් අවුරුද්දේ මුලින්ම තිරයට එන්නේ ඉනෝකාගේ සින්ඩ්‍රෙල්ලා

2016 නව වසරේ හපුරා කියා තිරයට එන්නේ ඉනෝකා සත්‍යංගනී  කීර්ති නන්දගේ ‘සින්ඩ්‍රෙල්ලා‘  චිත්‍රපටයයි.

උපේක්ෂා ස්වර්ණමාලි සමග අකලංක ගනේගම ප්‍රධාන චරිත නිරූපණය කරන  එම චිත්‍රපටයේ පුබුදු චතුරංග -ඉන්ද්‍රචාප ලියනගේ -සෙසු චරිත නිරූපණය කරති

නදීක ගුරුගේ සංගීතවත් කළ ‘සින්ඩ්‍රෙල්ලා‘  මෙතෙක් සිංහල සිනමාවේ නොවූ විරූ යොවුන් ප්‍රෙමය පිළිබඳ අපූර්ව අනුභුතියකි.

19
Dec

මම රඟපාන්නේ ආසාවට මිසක් සම්මාන ගන්න නෙවෙයි-මිෂෙල්

සිනමාවට එන්න අපහසුයි. සිනමාවේ හොඳම නිළිය වෙන්න ඊටත් වඩා අපහසුයි. හැබැයි කෙටි කාලයක් ඇතුළත සිනමාවට ඇවිත් හොඳම නිළියක් ලෙස සම්මානනීය වෙන්නත් මිෂෙල්ට පුළුවන් වුණා? ඒ ගැන මොකද හිතෙන්නේ?

මම වේදිකාවත් එක්ක එකතු වුණේ පුංචි කාලේ. සිනමාවට එකතු වෙලා නම් එච්චර කාලයක් නැහැ. මම සම්බන්ධ වුණු කර්ම චිත්‍රපටය වෙනුවෙනුත් මට හොඳම නිළිය සම්මානයක් ලැබුණා 2013දී. ඒක මගේ පළමුවැනි චිත්‍රපටය. හිරු  සම්මාන උළෙලේදීත් මාව හොඳම නිළියට නිර්දේශ වුණා. මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය ලැබුණේ කේසරා චිත්‍රපටය වෙනුවෙන්. ඇත්තටම ලොකු සතුටක් තියෙනවා සම්මානනීය වෙන්න ලැබීම ගැන.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday140
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1417
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6879
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966148

Follow us on Facebook

Online Users

We have 83 guests online