09
Mar

හොදම නිළිය චාන්දනී ද? නදී ද? හිමාලි ද?

rigam actress

අද රාත්‍රී කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් නිර්දේශ නාම ප්‍රකාශ උලෙලේදී  2017 වසරේ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය වූ ටෙලි නාට්‍ය   සහ අනෙකුත් වැඩසටහන්  වෙනුවෙන් සම්මාන පිදීම  සඳහා  නිර්දේශ වුණු ශිල්පීන්  මෙසේය.

03
Feb

ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙල පෙබ 08දා තරංගනියේ

අචාර්ය ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙලක්  සහ සමරු උත්සවයක් පෙබරවාරි 08 දා දවස පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙයි 

එදින උදේ 10.00ට ‘පාරදිගේ‘ චිත්‍රපටයද  දහවල් 1.00ට   ‘මතුයම් දවස‘  චිත්‍රපටයද  සවස 3.00ට A Search of a road වාර්තා චිත්‍රපටයද රාත්‍රි 7ට ‘ස්වරූප‘  චිත්‍රපටයද තිරගත කෙරෙන අතර සමරු දෙසුම පවත්වනු ලබන්නේ අශෝක හඳගම විසිනි

21
Dec

බ්‍රැන්ඩෝට අම්මා කියාදුන් ගී එළි දකී

සුප්‍රකට බොලිවුඩ් සිනමා නළු මාලන් බ්‍රැන්ඩෝ ගේ  චරිතාපදානය ‘අම්මා මට කියා දුන් ගී‘ නමින් දෙසැම්බර් 5දා සවස 4ට  ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා  ශාලාවේදී එළි දකී.

13
Nov

ප්‍රසන්න- හඳගම සහ විමුක්ති ත්‍රිමූර්තියෙන් තුන්ඈඳුතු චිත්‍රපටයක්

උතුරේ තිස් වසරක යුද්ධය ගැන චිත්‍රපට හැදු සිනමාකරුවන් තිදෙනකු පශ්චාත් යුද සමය තුළ සිදුවීම් ඇසුරින් එකම තේමාවක් යටතේ හැදූ තුන් ඈඳුතු චිත්‍රපටයක්  ‘තිදෙනෙක්‘ නමින්  ළඟදීම තිරයට එක්වෙයි.

08
Nov

දමයන්තිගේ හදවත කතා කරවූ ලෙස්ටර්ගේ ගොළුහදවත

රේඛාව-  සංදේශය - ගම්පෙරළිය- දලොවක් අතර- රන්සළු සහ රන්සළු හැදුවට පස්සේ  ලෙස්ටර්  අතින්   යෞවන  ප්‍රෙමය ගැන මෙතරම් රමණිය චිත්‍රපටයක්  නිර්මාණය වූයේ කොහාමදැයි  ප්‍රෙමසිරි  කේමදාස  චිත්‍රපට උළෙල ආරම්භ කරමින් තිරගත  කළ  ‘ගොළු හදවත‘  නැරැඹු තරුණ තරුණියන් වගේම  සිනමාව ගැන ඇසූපිරූ තැන්  ඇති විද්වතුන් තුළත් ඇති ඇතිවූවාට සැකයක් නෑ.

06
Mar

රයිගම් ටෙලීස් නිර්දේශ ලාභීන් අගැයීම් උළෙල 9දා

මාර්තු 24 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන රයිගම් ටෙලීස් සමමාන උළෙලලේ සම්මාන සඳහා නිර්දේශවන ශිල්පීන් හඳුන්වා දෙමින් ඔවුනට සහතිකපත් පිරිනැමීමේ උත්සවය මාර්තු 9 දා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වෙයි

26
Dec

2018 රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රීය මාර්තු 24 දා

රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන වසරේ සිට ආදාල වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට තීරනය කළ බව ‘ද කිංඩම් ඔෆ් රයිගම්‘ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා පවසයි.

24
Nov

ගාමිණි සමරසිංහගෙන් අලුත්ම සිනමා පත්තරයක්

‘සරසවිය‘ ‘තරුණි ‘ ‘දියණිය‘ පුවත්පත්වල කර්තෘත්වය දැරූ ප්‍රවීණ පුවත්පත්කලාවේදී ගාමිණී සමරසිංහ සංස්කරණය කරන අලුත්ම සිනමා පුවත්පත ‘චලන ‘ නමින් නොවැම්බර් 30 දා වෙළෙඳපොළට එයි.

11
Nov

නීටා යළි වේදිකාවේ

ජාත්‍යන්තර සම්මාන දිනූ ප්‍රවීණ සිනමා  නිළි නීටා ප්‍රනාන්දු ගේ අපූරු වේදිකා රංගනයක් දැක ගැනීමේ අවස්ථාවක්  ‘හඳ එළියට වෙඩි තියන්න‘ නාට්‍යය තුළින් උදාවී තිබේ.

08
Nov

‘ස්වරූප‘ -ලාංකේය තරුණයාට හිමි තැන දාර්ශනිකව ප්‍රශ්න කිරීමක්

ධර්මසේන පතිරාජයේ  ‘ස්වරූප’ ‘අහස්ගව්වසහපාරදිගේමේ රටේ තරුණයාට හිමි තැන ඔහුගේ සාමාජීය හා ආධ්‍යාත්මික ඛේදවාචකය දේශපාලනිකවද-  දාර්ශනිකව සාකච්ඡා  කරන තුන් ඈඳුත්තක් ලෙස මම දකිමි.

පතිරාජ හාපුරා කියා මේ රටේ සිනමාව ආක්‍රමණය කරන්නේ සංවෘත ආර්ථිකය තුළ එදා මේ රටේ තරුණ පරපුර මුහුණ දුන් විරැකියාව පිළිබඳ ්‍රශ්නයඅහස් ගව්වචිත්‍රපටය ඔස්සේ දේශපාලනිකව සාකච්ඡා කරමිනි.

20
Feb

පරාරෝපිත මිනිසා ගේ පිළිබිඹුව

ධර්මසේන පතිරාජ, අපේ සිනමාවේ දෙවෙනි පරම්පරාවේ මුල් පුරුක, ඔහුගේ සමකාලීනයන් ගේ පතී, අපගේ ආදරණීය පති අය්යා  පසුගිය 27 වෙනිදා අපෙන් සමු ගත්තා. සමීපතමයෙකු ගේ මරණය කියන්නේ ජීවත්වන අයට ක්ෂතිමය අත්දැකීමක්. භාෂාවකින් විස්තරකරගන්න බැරි මේ ක්ෂතිය ඉවසාගන්න අපි විවිධ දේවල් කරනවා. පන සුන් දේහය දින කිහිපයක් නිවසේ තබාගන, විවිධ අවමඟුල් චාරිත්‍ර වාරිත්‍ර කරමින් අප ගැලවෙන්න උත්සාහ කරන්නේ ඒ ක්ෂතියේ කම්පනයෙනුයි. පතිරාජ නික්ම ගියේ ඒ කිසිවකට විරාමයක් නොතබා. එමෙන්ම එසේ නොකරන්නැයි, ඉල්ලීමක්ද කරමින්. ඔහුගේ නික්මයාමත් සමඟම නිසල වන්නේ අපේ සිනමාවේ එක්තරා යුගයක හද ගැස්මයි.

24
Dec

ජාත්‍යන්තර සම්මාන දිනූ අනෝමා ජනාදරී අගැයුම් උළෙළ 30 දා

ලොස්ඇන්ජලීස්  නුවර පැවැති ආසියානු ලෝක සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස  සම්මාන දිනූ ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී ඇගැයුම් උළෙලක් දෙසැම්බර් 30 දා සවස 4 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙයි.

13
Nov

සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී දායකත්වය

මේ වන විට සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී දායකත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. කවිය, කෙටිකතාව, ළමා සාහිත්‍යය ඇතුළු සෑම සාහිත්‍යාංගයක ම දකින්නට ලැබුණු ස්ත්‍රී දායකත්වය මෑත යුගයේ කෙතරම් වර්ධනය වී තිබේද යත් කලක් සිංහල සාහිත්‍යයේ දැවැන්තයන් ලෙස ඉහළින් වැජඹෙමින් සිටි ලේඛකයන්ගේ කෘති අභිභවා ලේඛිකාවන්ගේ කෘති ගුණාත්මක වශයෙන් ඉහළ තලයකට සේන්දු වෙමින් පවතී.

09
Nov

ඒෂියන් වර්ඩ් සිනමා උළෙලේ හොඳම නිළිය අනෝමා

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති  ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ (Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන්අනෝමා ජනාදරිට හිමිවිය. අනෝමා ජනාදරි හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ ආසියානු කලාපයෙන් හොඳම විදේශීය ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් චිත්‍රපටය සඳහා සඳහා තරඟවදින චිත්‍රපට 16ක් අතුරිනි.

01
Oct

ලෝක ළමාදින ජාතික රූපවාහිනිය ළමුන් බඩගින්නේ තබයි!

හොඳම දේ ළමයින්ට කියා කියා ජාතික රූපවාහිනිය මගින් අද (ඔක් 01) දවස පුරා පැවැත්වූ ලෝක ළමා දින උළෙලේදී රාජ්‍ය බැංකු- බිස්කට්- කිරි සමාගම් -සහ අභ්‍යාස පොත් සමාගම් රූපවාහිනි සජීවී වැඩසටහන  ඔස්සේ නොසෑහෙන්නට  ඔවුන්ගේ නිෂ්පාදන සහ වෙළෙද නාම ප්‍රචාරය  කරගත්තා මිස ළමා දිනය සමරන්නට පැමිණි දරුවන්ට  දහවල් කෑම  පැකට්ටුවක් තබා බිස්කට් පැකට් එකක්වත්  කිරි පැකට් එකක් වත් අඩුම තරමේ වතුර බෝතලයක්වත්  නොමිලේ ලබාදෙන්නට තරම් කාරුණික වී නැත.

More Articles...

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday22
mod_vvisit_counterYesterday237
mod_vvisit_counterThis week22
mod_vvisit_counterLast week1543
mod_vvisit_counterThis month10550
mod_vvisit_counterLast month19586
mod_vvisit_counterAll days2067308

Follow us on Facebook

Online Users

We have 51 guests online