21
Feb

ස්වර්ණ පුස්තක සම්මානය සමග මෙවර මුදලින් හත්ලක්ෂ පනස් දහසක්

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 2017 ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේදී සම්මානය සමග හත් ලක්ෂ පනස් දහසක තෑගි මුදලක්ද පිරිනැමේ. අවසන් වටය සදහා තෝරාගනු ලබන නවකතා 5 වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමටද සංගමය කටයුතු යොදා ඇත.

26
Jan

ප්‍රොමිතියස්ගේ ගින්දර

ගී‍්‍රසියේ ඇතන්ස්වාසීන් ප්‍රොමිතියස් දුටුවේ මිනිස් වර්ගයාගේ යහපත උදාකළ උත්තුංග අයකු ලෙසයි. මිනිසාගේ සකල කලාවන්ගේ, විද්‍යාවන්ගේ හා තාක්ෂණික ජයග‍්‍රහණයන්ගේ පියා විදිහටයි. සුප‍්‍රකට ගී‍්‍රක ට‍්‍රැජඩි නාට්‍යකරුවන් තිදෙනාගෙන් අයකු වූ ඊස්කිලස් prometheus bound  (කි‍්‍ර. පූ. 467 ‐ 457* යන නාට්‍යයට පාදක කරගත්තේ ඒ වන විටත් කතාන්දර ම`ගින් ජනයා අතර ව්‍යාප්ත ව තිබූ ප්‍රොමිතියස්ගේ චරිතයයි. ආරියවංශ රණවීර මේ නාට්‍යය ප්‍රොමිතියස් බන්ධනය නමින් සිංහලයට පරිවර්තනය කළා. නාට්‍යාරම්භයේ ප්‍රොමිතියස් පැමිණෙන්නේ බලය හා භීෂණය විසින් දෙපසින් අල්ලාගන්නා ලද අත් ඇතිවයි.

20
Jan

සුනිල් ආරියරත්න යශෝදරාවක සොයයි

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ  නවතම චිත්‍රපටය ‘යශෝදරා‘ මුහුරත් උත්සවය අද උදේ එහි නිෂ්පාදක එච් ඩී ප්‍රෙමසිරි මහතාගේ නිවසේ පැවැත්විණි

මෙහෙණින් වහන්සේලා  විසින් සිදුකරනු ලැබූ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවැසුවේ යශෝදරා පූජනීය චරිතයක් ලෙස ඉතිහාස ගතව බැවින් එම චරිතය සඳහා මෙන්ම සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔවුන් ගේ අතීතය- වර්තමානය පමණක් නොව අනාගත ජීවිතය ගැනද විමසා බලන්නට සිදුවී ඇති බැවින් මෙම කාර්යය දුෂ්කර බවය.

13
Jan

කුමාර තිරිමාදුර 23වැනි විවාහ සංවත්සරය සමරයි

 

ප්‍රවීණ රංගන ශිල්පී කුමාරතිරිමාදුර- ඔහුගේ කලා ජීවිතයට දැවැන්ත ශක්තියක්වූ ජීවන සහකාරිය සමග විවාහ දිවියට ඇතුළත්ව ඊයේට (12) විසිතුන්  වසරක් සපිරිණි. ඔවුන්ගේ 23 වැනි සංවත්සරය මෙසේ චාම් ලෙස දෙහිවල barracuda හෝටලයේදී සමරණු ලැබුවේ ලලිත් ප්‍රෙමතිලක හාපුරා කියා අධ්‍යක්ෂණය කරන ‘රයිගමයයි ගම්පලයයි“ ළමා චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුණු අවස්ථාවේදීය.

15
Dec

සරසවිය සම්මාන උළෙලේ හොඳම තිරනාටකය සහ හොඳම අධ්‍යක්ෂණය සම්මාන ප්‍රසන්නට

අද(15) රාත්‍රී නෙළුම් පොකුණ රඟහලේ පැවැති 33 වැනි සරසවිය සම්මාන උළේලේදී 2015 වසරේ හොඳම තිර නාටකය- හොඳම අධ්‍යක්ෂණය- හොඳම  නිළිය සඳහා වූ සම්මාන හිමිවූයේ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතිව ඔබ එක්ක‘ චිත්‍රපටයටය.

16
Feb

ප්‍රේමය නම්...‘පෙබ 17 සිට තිරයේ

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන් එක්ව නිර්මාණය කළ ‘ප්‍රේමය නම්‘ චිත්‍රපටය  පෙබරවාරි 17 දා සිට කොළඹ රීගල්- බොරැල්ල ලිඩෝ- මහරගම ඇමිටි ලයිට්-කොල්ලුපිටිය ලිබර්ටි ලයිට්-නිව් ඉම්පීරියල් කුරුණෑගල- නිව් ඉම්පීරියල් රත්නපුර ඇතුළු දිවයින පුරා සිනමා ශලා රැසක තිරගතවෙයි.

26
Jan

ස්වර්ණා සිනමා අභිනන්දනය අද

ස්වර්ණා මල්ලවආරච්චි 50 වසරක් සිනමා අභිමානය උදෙසා වන අභිනන්දන උපහාර උළෙල  අද (26) සවස 6.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරංගනී සිනමා ශාලාවේද පැවැත්වෙයි.

13
Jan

මව සහ දුව

මවකට තම දියණිය තරම් වටිනා කිසිවක් ලොව තිබේද? මේ සිටින්නේ තම මවගේ හැකියාවන් ගැන සාඩම්බරයෙන් කතා කරන එවන් මවකගේ දියණියකි.  දුව නරේන්ද්‍රාය.  මව ස්වර්ණාය. නරේන්ද්‍රා මේ සිටින්නේ ‘ස්වර්ණාය -සිනමාවේ ගැහැනිය‘ සිනමා උළෙල පිළිබඳ  මාධ්‍ය හමුවේය.

29
Dec

කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය ඩිප්ලෝමාවට අයදුම්පත් කැඳවයි

Written by Administrator.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශය මෙහෙයවන ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2017 අධ්‍යයන වර්ෂය සඳහා මේ දිනවල අයදුම්පත් භාර ගැනේ. ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවල නියුක්ත හා අදාළ සේවා පළපුරුද්ද ඇති මාධ්‍යවේදීන්ට මේ සඳහා අයදුම් කළ හැකි ය. මීට අමතරව, නිදහස් මාධ්‍යවේදීහු ද දැනට ලේඛන කටයුතුවල නියුක්ත සාහිත්‍යවේදීහු ද ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිර්මාණ ශිල්පීහු ද මෙම පාඨමාලාවට අයදුම් කිරීමට සුදුසුකම් ලබති.

13
Dec

සරසවි සම්මාන 15 දා

Written by Administrator.

සරසවි සම්මාන උළෙල දෙසැම්බර් 15දා සවස  6.30ට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

03
Feb

‘මංගල .තෑග්ග‘දෙවෙනි කොටස සනත් අතින් ටෙලියකට

මීට දශක තුනකට ඉහත සනත් ගුණතිලක ප්‍රධාන චරිතය රඟ පෑ ‘ මංගල තෑග්ග‘ චිත්‍රපටයේ දෙවෙනි කොටස ටෙලි නාට්‍යයක් ලෙසින් මේ දිනවල සනත් අතින් නිර්මාණය වෙමින් පවතී.
එකල පැවති සිනමා සම්මාන උළෙල කිහිපයකින් සම්මානයට පාත්‍ර වූ සහ විවිධ විචාරක අවධානයට හසුවූ එච්. ඩී ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ දෙවෙනි කොටස සනත් ටෙලි නාට්‍යයක් ලෙසින් නිර්මාණය කරනුයේ එදා රංගනයට එක් වූ නළු නිළියන් එකතු කරගෙනය.

25
Jan

මගේ ප්‍රථම ප්‍රෙමය ස්වර්ණා ය

ලාංකේය  සිනමාවේ ස්වර්ණමය ස්වර්ණමය යුග වශයෙන් සැලකෙන 60-70 දශකවල ජනප්‍රිය  සිමා රැල්ලේ  පිනුම් ගැසු සිනමා තාරකා හැටියට පොදුජන ප්‍රෙක්ෂක  මනසේ කිරුළු පලන් රැජනන් වූයේ ජිවරානිලාය. සන්ධ්‍යා  කුමාරිලාය. මාලිනි ෆොන්සේකලාය. කලාත්මක සිනමාව තුළ පරමාදර්ශි ස්ත්‍රි ෆැ  න්ටසි  වූයේ පුන්‍යා හීන්දෙනිය -  ශ්‍රියානි අමරසේන -  අනුලා කරුණාතිලක  සහ ස්වනීතා වීරසිංහලාය. එම තාරකාවන්ට සිතින් පෙම් බඳිමින් එදා අපේ ප්‍රෙක්ෂකයෝ ඔවුන්ට පෙම් හසුන් ලියූහ. ඔවුන් ගිය ගිය තැන් පසු පස හඹා ගොස් සමරු පොත්වලට අත්සන් ඉල්ලා පොර කෑහ.

13
Jan

ගිරිරාජ් - තිරිමාදුර ‘රයිගමයයි ගම්පලයයි‘ වෙති

රංගන ශිල්පියකු සහ නාට්‍ය වේදියකු වන ලලිත් ප්‍රේමතිලක හාපුරා කියා අධ්‍යක්ෂණය කරනු ලබන ‘රයිගමයයි- ගම්පලයයි‘ ළමා චිත්‍රපටයෙන් කුමාර තිරිමාදුර සහ ගිරිරාජ් කෞශල්‍ය  ප්‍රථම වතාවට එක්ව ප්‍රධාන චරිත නිරූපනය කරති

29
Dec

යළි යළිත් බලන්නට සිත්දෙන බඹරු ඇවිත්


මෙතරම් නව චිත‍්‍රපට නිපයෙද්දී වුවත් බමරු ඇවිත් ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමක් නොවන්නේ එය පහසුවෙන් බැහැරකළ හැකි චිත‍්‍රපටයක් නොවන නිසාය. එහි ගැබ්වන නිර්මාණාත්මක තානය නැවත නැවතත් ඉස්මතු වෙමින් අපූර්ව චමත්කාරයක් ධ්වනිත කරයි. කිසිසේත් ම මගහැර යා නොහැකි වූ කටුක යථාර්ථය ද ඒ සමග ඈදී ඉස්මතු වෙයි. වැල්ලේ එතෙක් පැවති ජීවන වාතාවරණයත් බැහැරින් පැමිණෙන්නන් ඒ මත ඇති කරන උහුලාගත නොහැකි කම්පනයත් රැගත් රූප රාමු යළි යළිත් පෙනී නොපෙනී යයි.

12
Dec

රූපා ගී සරණිය - දෙසැම්බර් 30 දා

Written by Administrator.

 

ප‍්‍රවීණ ගායන ශිල්පිණි රූපා ඉන්දුමතීගේ ‘රූපා ගී සරණිය’ ඒක පුද්ගල සංගීත ප‍්‍රසංගය දෙසැම්බර් 30 වන දින සවස 6.00 බත්තරමුල්ල සුබෝධිපුර, සුහුරුපායේදී විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් හමුවේ නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday139
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1416
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6878
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966147

Follow us on Facebook

Online Users

We have 82 guests online