10
May

චමරිලා තවමත් ජිවත්වෙති

ඉර මැදියම චිත්‍රපටයේ චමරි මතකද? එයාගෙ මහත්තය පයිලට් කෙනෙක් . යුද සමයෙදි එල්. ටී ටී. ඊ. ය සතුව තිබූ   ප්‍රෙදශයකට කඩා වැටුනු ප්ලේන් එකේ පයිලට් එයා. චමරි විශ්වාස කළේ එයා එල්. ටී.ටී. ය මගින් අත්අඩංගුට ගෙන ඇති බවයි. ඉතින් ඔහු බේරා ගැනීම වෙනුවෙන් එල්. ටී. ටී. සාමාජිකයන් හමුවෙන්න වුනත් සූදානමින් සිටි ඇයට ලන්ඩනයේ සිට ගුවන් විදුලි වැඩ සටහනක් මෙහෙය වන සමන් මුන ගැහෙනවා. මාධ්‍යවේදියකු හැටියට ඔහුට එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හමුවීමටත් එම ප්‍රෙද්ශවලට යෑමටත් අවසර තිබූ නිසා තම සැමියා බේරා ගැනීම සදහා තමන්ට සහය කරගත හැකි හොදම පුද්ගලයා සමන් බව ඇය විශ්වාස කළා

04
May

සමකෝණී ත්‍රිකෝණෙට හැමෝම පෙම් බැන්දා දයාරත්න රණතුංග


හුඟ කාලයකින් අලුත් ගීතයක් ඇහුණෙ නෑනෙ?
මේ ළඟදිත් අලුත් සී.ඩී. එකක් කළා. මාධ්‍යවලටත් දුන්නා. ඒවා ප්‍රචාරය නොවෙන ප්‍රශ්නෙ තමයි අපටත් තියෙන්නෙ.
අන්තිමට ගීයක් ගැයුවෙ කොයි දවස්වලද?
ඊයෙත් කිව්වා. ඒ බෞද්ධ ගීත කීපයක් පැරැණි පන්සලක් ගොඩනඟන්න දායක වෙන්නයි මමයි, අමරායි, දුවයි එකතු වෙලා ඒ ගීත පටිගත කළේ.

02
May

නූල් පොටක්වත් නැතිව නටන්න ගැම්ම දුන්නේ මං

02

කොහොමද යුරේනි?

හොඳයි. මේ දවස්වල කාර්යබහුල නෑ. ඒ නිසා විවේකීව ඉන්නවා. ජුනි මාසේ ඉඳන් නැවැත වැඩ කිහිපයක්ම කරන්න තියෙනවා.

පහුගිය දවස්වල නිර්මාණවලින් යුරේනිව වෙනස් විදියට දැක්කා. ඒ විදියේ වෙනස්කම්වලින් ආයෙම දකින්න පුළුවන්ද?

ඔව්. මට හුඟක් නිර්මාණවලට කතා කළා. ඒත් මට ඕන වුණේ වෙනස් විදියට ප්‍රේක්‍ෂකයන් අතරට එන්න. රූ සපුව දිහා බලලා ගොඩක් අය හිතන්නේ මට බටහිර පන්නයේ චරිත විතරයි කරන්න පුළුවන් කියලා. මම ඒ සම්මතය බින්දා. සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ අයෝධ්‍යා ලෙස ඉදිරියට තිබ්බ පය මම ආපස්සට ගන්නෑ. මම අභියෝගාත්මක චරිත කරන්න කොහොමත් කැමැතියි. ඉදිරියේදී ටෙලි නාට්‍ය දෙකකම රූගත කිරීම් ආරම්භ කරනවා.

27
Apr

මගේ නමයි, පරම්පරාවයි විකුණනවා - සේනානායක වේරලියද්]

වේරලියද්ද, ලියාරා සංගීත කණ්ඩායමේ සමාජිකයෙක්. දුලාන්ගේ ඥාතියෙක් වුණ
සේනානායක වේරලියද්ද දුලාන් සමඟ ගැටුමක් ඇති කරගෙන. ආරංචියේ හැටියට ගැටුමට මුල පරම්පරා ප්‍රශ්නයක්. ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි ඒ අයටම කතා කළා...
දුලාන්
'දුලාන් වේරලියද්ද' ඔබේ ඥාති පුතෙක්ද?


ඥාතියෙක් බව ඇත්ත. 'දුලාන්' වේරලියද්ද කෙනෙක්වත්, මගේ පුතෙක්වත් නෙමෙයි. පුතෙක් වෙන්න නම් මගේ ලේ තියෙන්න ඕනෑනේ. මගේ පුතාලා ඉන්නවා. හැබැයි එයාලා සින්දු කියන්නේ නෑ.

21
Apr

මොරින්ට මම හැමදාමත් ආදරෙයි - ක්ලීටස් මෙන්ඩිස්

 kitas-mendis1

  • හාපුරා කියා ඔබ රංගනයට එක්වන්නේ?

මම වේදිකාවෙන් පැමිණි රංගන ශිල්පියෙක්. මම වේදිකාවට ආවේ 1974දී "දි දස්කොන්" නාට්‍යයෙන්. ඒකේ දස්කොන් හැටියට රඟපෑවේ.

  •  කාලයක් ඔබ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා?

ඔව්. ඒක නම් මගේ ජීවිතේදී මම ලබපු ලොකුම භාග්‍යයක්. ඒ චරිත නිරූපණයත් එක්ක මගේ ජීවිතේ ඇතුළෙත් ලොකු වෙනසක් වුණා.

07
May

‘සීමා නෑ ආකාසේ ‘ට සීමාවක්

sema-na

නිහාල් බණ්ඩාර තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘සීමා නෑ ආකාසේ‘ චිත්‍රපටය වැඩිහිටියන්ට වඩා සුදුසු චිත්‍රපටයක් ලෙස රැගුම් පාලක මණ්ඩලය  විසින් සීමා කොට ති‍බේ.

03
May

ඔව් මම විකිනෙනවා-උපුල් සාන්ත සන්නස්ගල

මොකක්ද මේ අලුත් ගුවන්විදුලි වැඩසටහන?

ලංකාවේ මාධ්‍ය අවකාශය මේ වෙලාවේ තියෙන්නේ ප්‍රාග්ධන අවශ්‍යතාවක් මත හෝ දේශපාලන ව්‍යාපෘතියක කොටසක් විදියට. මේක අපි වගේ පුද්ගලයන්ට වෙනස් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි කියලා මම දන්නවා. ඒ ප්‍රාග්ධනයත් එක්ක අපිට හැප්පෙන්න බැහැ. මොකද ඒක ඒ තරමටම විශාල ප්‍රාග්ධනයක්. ඕනම මාධ්‍ය ආයතනයක දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ දේශපාලන න්‍යාය පත්‍රයත් එක්ක තමයි ඒගොල්ලො වැඩ කරන්නෙ. හැබැයි ඛේදවාචකය තමයි මේ අය පත්තර කියවන, රේඩියෝ අහන, රූපවාහිනි නරඹන මිනිස්සු කොහාටද ඇදගෙන යන්නෙ කියන එක. මම විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ නිර්මාණකාරයො කියන ජාතිය වැඩ කරන්න ඕන මාධ්‍ය වෙනුවෙන් නෙවෙයි. මිනිස්සු වෙනුවෙන් කියන එක.

01
May

DADA SAHED PHALKE සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ‘තණ්හා රතී රඟා‘

Thanha-Rathi-Ranga-1 2

ඊයේ ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවති DADA SAHED PHALKE සිනමා සම්මාන උළෙලේදී නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තණ්හා රතී රඟා‘ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

26
Apr

අපි ස්වයංවාරණයක හිරවෙලා- රංග බණ්ඩාරනායක


80
දශකයේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ 'හංස විලක්', 'තුන්වැනි යාමය' චිත්‍රපට තුළින් කුඩා වියේදීම රංගනයට අත්පොත් තැබූ රංග බණ්ඩාරනායක දීර්ඝ කාලයක් මුළුල්ලේ ජාතික රූපවාහිනියේ සේවය කරමින් ඉතා නිහඬව නිර්මාණකරණයෙහි යෙදුණු තරුණයෙකි. දීර්ඝ නිහැ¾ඩියාවකට පසු ඔහු 'භවාන්තර' නමින් සිය ප්‍රථම ටෙලි වෘත්තාන්තය සමඟින් දැන් රූපවාහිනි ප්‍රේක්ෂකයා හමුවට පැමිණ සිටී. 'භවාන්තර' සුපුරුදු ටෙලි නාට්‍ය රැල්ල අක්‍රමණය කළ නිර්මාණයක් ලෙස අද බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.

15
Apr

බොලිවුඩ් නිළියො මාලිංගට ආදරෙයි කියද්දි මට ආඩම්බරයි

මාලිංග කප් එක ඉස්සුව මැච් එක ඔයා බැලුවේ කොහේ ඉඳන්ද?
අපේ ගෙදර ඉඳන්. බබාලා දෙන්නා ඉන්නවානේ. ඒ දෙන්නත් එක්ක බැලුවා ගෙදරට වෙලා.

05
May

මාත් එක්ක නිදාගන්න අධ්‍යක්ෂවරියකට ඕනෑ වුණා-අමීර් ඛාන්

තමන්ගේ සුළු වෙනස්කම්වලින් හින්දි සිනමාවේ තීරණාත්මක දැවැන්ත විපර්යාසයකට ලක්කළ සුපිරි තරුවක් වුණු අමීර් ඛාන් පසුගිය දිනෙක Koffe with Karan වැඩසටහනකට සහභාගිවෙමින් ක්‍ෂේත්‍රය ගැනත් පෞද්ගලිකත්වය ගැනත් රසිකයන් මවිත කරන අදහස් වගයක් පළ කළා. සාමාන්‍ය නළුවකු සාමාන්‍ය වැඩසටහනක නොකියන බොහෝ කතා අමීර් ඛාන් Koffe with Karan වැඩසටහනේදී කිව්වේ මේ විදියට.

03
May

ශ්‍රියානිගෙ අහංකාර බැල්මට බැදි ආදරේ

29
Apr

පටාචාරා යළි නෙලුම් පොකුණේ

ප්‍රවීණ නර්තන ශිල්පිනී ජානකී හිල් අධ්‍යක්ෂණය කළ පටාචාරා නෘත්‍ය නාටකය යළිත් මැයි 10 සහ 11 සවස 6.30 ට නෙලුම් පොකුණේ රගදැක්වෙයි.

ප්‍රවීණ බැලේ නර්තන ශිල්පී කපිල පලිහවඩන සහ නර්තන ශිල්පිනී කෝසලා රෝෂිනී ප්‍රධාන චරිත නිරූපණය කරන පටාචාරා ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයේම ආකර්ශනයට ලක්වූ දැවැන්තම නිෂ්පාදනයකි

 

26
Apr

හිතුවක්කාර චරිතත් මට කරන්න පුළුවන් - තිසුරි යුවනිකා

thisuri

කොහොමද තිසුරි. මේ දවස්වල විදේශ ගත වෙලා ඉන්නවා කියලා ආරංචියි?
ඔව්. ශි්‍රයානි ආන්ටිගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරන්න ස්විට්සර්ලන්තයට ඇවිත් ඉන්නේ. මැයි මාසේ මුල වගේ ලංකාවට එනවා.

අලුත්ම ටෙලි නාට්‍යයේ ඔබට රංගනයෙන් දායක වෙන්න ලැබුණ චරිතය ගැනත් කියමු?
ඇත්තටම මම මේ ටෙලි නාට්‍ය ඩබල් ඇක්ටින් එකක් කරන්නේ. ස්විට්සර්ලන්තයේ ජීවත් වෙන සැහැල්ලු හිතුවක්කාර චරිතය නිරූපණය කරන්න තමයි ස්විට්සර්ලන්තයට ඇවිත් ඉන්නේ. ඒ වගේම ඒ චරිතෙම ලංකාවේ ජීවත් වෙන චරිතය බොහොම අහිංසක චරිතයක්. ඇත්තටම මෙය වෙනස් අත්දැකීමක්. ඒ වගේම රංගනය තුළ කරන්නත් දෙයක් තියෙනවා. ඒ නිසා ආසාවෙන් රඟපානවා.

15
Apr

මම දැකපු හීනෙ හැබෑ වුණා...

2014-04-04 අපේ දක්ෂ නළුවෙක්ගේ ජීවිතයේ ලස්සනම දවසක් වුණා. ධනංජය සිරිවර්ධන ශෂිනි ප්‍රනාන්දුව තමන්ගේ සහකාරිය කරගන්නේ හතර වංසයේම හිතවතුන් ඒකරාශී කරගෙන. ධනංජය පෙම්වතෙක් කියන කාරණයත්, ශෂිනි ධනංජයගේ පෙම්වතිය කියන කාරණයත් මුලින්ම පාඨක ඔබට කිව්වේ හදගැස්මේ අපි. එදා අපි ශෂිනි ගැන ධනංජයගෙන් විමසුව නිසා අද අපි අලුත් මනමාලිට කතා කරන්න ඉඩ දුන්නා.

More Articles...

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday214
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week448
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5007
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169232

Follow us on Facebook

Online Users

We have 60 guests online