24
Mar

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නාට්‍ය හුණුවටයේ කතාව

drama1

පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදි පැවැති රාජ්‍ය නාට්‍ය ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී  2013 වසරේ හොදම නිෂ්පාදනය සහ හොදම අධ්‍යක්ෂණය ලෙස පරාක්‍රම නිරිඇල්ලගේ ‘හුණුවටයේ කතාව‘  සම්මානයෙන් පිදුම් ලැබීය.

18
Mar

සම්මානයේ ප්‍රමිතිය ගැන විශ්වාසයක් තිබුණා - චාන්දනී සෙනවිරත්න

 chandani

පුණ්‍යාද - සෝමලතාද', 'පියසිරි ද වාගීෂ ද' ලංකා ලයිව් සිනමා උළෙලට පැමිණි කලාකරුවන්ගේ හදගැස්ම වෙනදාට වඩා වැඩිවෙද්දී සෝමලතා වූ චාන්දනී සෙනෙවිරත්නත්, පියසිරි වූ ජගත් මනුවර්ණත් වසරේ හොඳම නිළිය සහ නළුවා වුණා. සම්මානය ගැන විමසන්නට ජගත් ලංකාවේ නැහැ. එහෙත් චාන්දනී ඒ ගැන කියන්න දයාබර වුණා. ඒ වගේම මව්බිම කූපන් සහ www.Lankalivestar.com වෙබ් අඩවියේ මනාප මඟින් තේරුණු වසරේ ජනප්‍රියම නළුවාටත් නිළියටත් අඩුවක් නැතිව හදගැස්මේ ඉඩ වෙන් කරන්නට අපි තීරණය කළා...

15
Mar

ධර්මසිරි- ස්වර්ණා යළි තිරයේ

dharmairi-sawarna

ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවාරචිචි සහ ප්‍රවීණ සිනමා‍වේදී ධර්මසිරි බණ්ඩාරනායක දීර්ඝ කලකට පසු යළිත් තිරයේ එක්වන දුර්ලභ අවස්ථාවක්  දැකීමේ භාග්‍යය ළගදීම සිනමා ප්‍රේක්ෂකයනට උදාවෙයි.

12
Mar

සිරි දළදාගමනය දැන් තිරයේ

siri-daladagamanaya7

ශාස්ත්‍රපති පූජ්‍ය අකරිට සංඝානන්ද හිමිපාණෝ හා අචාර්ය සෝමා එදිරිසිංහ නිෂ්පාදනය කළ, සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ “සිරි දළදාගමනය“ දැන් ඊ.ඒ.පී මණඩල සිනමාහල් වල තිරගතවේ.

08
Mar

lanka live star සම්මාන උළෙල, සෙසු උළෙලවලට අභියෝගයක්

livestarසාහිත්‍යය, නාට්‍යය, චිත්‍රපට, ටෙලිනාට්‍යය මතු නොව වෙනත් ඕනැ ම කලා කෘතියක් හෝ අදාළ නිර්මාණයට දායක වූ කලාකරුවා හෝ කලාකාරිය සම්මානයෙන් පිදීම එම කලාකරුවා/කලාකාරිය ගේ නිර්මාණාත්මක හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගන්නට උපස්ථාපකයක් වන බව නොරහසකි. එමෙන් ම සම්මානයට පාත්‍ර වූ නිර්මාණය රස විඳීමට ප්‍රේක්ෂක/පාඨක/රසික ජනයා පෙළඹීම ද අරුමයක් නොවේ.

එහෙත් ගැටලුව නිර්මාණය වන්නේ සම්මානයට පාත්‍ර වූ නිර්මාණය සහ එයට දායක වූ කලාකරුවා/කලාකාරිය සැබැවින් ම සම්මානයට පාත්‍ර විය යුතු තරම් අගනේ ද යන්න ය.

රාජ්‍යය නාට්‍යය උළෙලේ සිට වෙනත් සියලු ම නාට්‍යය උළෙලවල් මෙන් ම රාජ්‍යය චිත්‍රපට උළෙලේ සිට වෙනත් ඕනැම චිත්‍රපට උළෙලක් ද රාජ්‍යය සාහිත්‍යය සම්මාන උළෙලේ සිට වෙනත් ඕනැම සාහිත්‍යය සම්මාන උළෙලක් ද අවසානයේ අදාළ සම්මාන උළෙල අරභයා විවිධ මතිමතාන්තර, විචාර, විවේචන ගොඩ නැගෙන්නේ එබැවිනි. මෙය විවිධ පුද්ගලයන්ගේ /කණ්ඩායම්වල භින්න රුචිකත්වය මත ද සිදු විය හැකි ය.

22
Mar

‘රූපාන්තරණ‘ ජාත්‍යන්තර අවධානයට

 arosha

දේශබන්දු ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ  රූපාන්තරණ  චිත්‍රපටයේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මැයි 4දා ඔස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වෙයි.

18
Mar

ජනප්‍රිය නිළිය වුණේ මව්බිම නිසා - සෙනාලි ෆොන්සේකා

Lanka-Live-Awards-11

හිතුවෙ නෑ නේද සම්මානය ලැබෙයි කියලා?

ඇත්තටම නෑ... මගේ නම කියැවෙද්දි මොකක්ද ඊළඟට කරන්නේ කියලා හිතාගන්න බැරි වුණා...

ඒ තරම් කම්පනයක්...?

මම ආවේ ඩිනක්‍ෂි අක්කි සම්මානය ගන්නකොට අත්පුඩි ගහන්න. ජනප්‍රිය නිළිය කියනකොට අතේ තිබුණු Phone එකත් ඔඩොක්කුවෙ තියලා මම ලෑස්ති වුණේ අත්පුඩි ගහන්න. හීනෙන් වගේ මගේ නම ඇහෙද්දි මම අත්පුඩි ගහනවාද, නැඟිටිනවාද, වේදිකාවට යනවාද කියලා හිතාගෙන්න බැරි වුණා...

14
Mar

Lanka Live සම්මාන අභිමානය ගැන විශිෂ්ටයෝ කතා කරති.

lanka-live27

10
Mar

Lanka Live සම්මාන උළෙලේ විශිෂ්ටයෝ

Lanka-Live-Awards-32

ලංකා ලයිව්' සිනමා සම්මාන උළෙලේදී 'නිකිණි වැස්ස' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් චාන්දනී සෙනෙවිරත්න හොඳම නිළිය ලෙසත්, ජගත් මනුවර්ණ හොඳම නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර වූහ. එහිදී වසරේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 10ක් දිනා ගැනීමට 'නිකිණි වැස්ස' චිත්‍රපටය සමත් වූ අතර සමනල සංධ්වනියෙන් සිනමාවට පිවිසි පූර්ණිමා කස්තුරිආරච්චි සහ සූර්යාලෝක දයාරුවන් නැඟී එන නිළිය සහ නැඟී එන නළුවා ලෙස සම්මාන දිනා ගත්හ.

08
Mar

Lanka Live සම්මාන විශිෂ්ටයන්ගේ ඇගයුමට

Lanka-Live-Awards-01

පෙරේදා (06) අත්තිඩියේ ඊගල් ලේක් සයිඩ් හෝටලයේදී පැවැති Lanka Live සම්මාන උළෙල සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන්ගෙන් පිරී ඉතිරී ගිය, මෑත යුගයේ දිවයිනේ පැවැති අතිශයින්ම සුන්දර වූත් අභිමානවත් වූ උළෙක් බවට පත්විය.

22
Mar

ඇයි ගයාන් ඔයා අපිට මෙහෙම කළේ?

Siththi-20140320

ගයාන්ගේ බිරිය සිත්ති සරසවියට කතා කරයි

 

පුංචි පවුල රත්තරං කියලයි ගයාන් හැම තිස්සෙම කිව්වේ. එක වහලක් යටට වෙලා ගෙවන පවුල් ජීවිතය ගැන එයා නිතරම කතා කළේ හරිම තෘප්තියෙන්. එයා සිංහල බෞද්ධ. ඒ හේතුව නිසාම විවාහ වෙද්දී අපට ආපු ප්‍රශ්න අනන්තයි. අප්‍රමාණයි. ගයානුයි මමයි ටිකෙන් ටික ඒවා විසඳගෙන අපේම කැදැල්ලකට ආවේ දහසකුත් බලාපොරොත්තු ඇතුව.

17
Mar

මේ සම්මානය මව්බිම පාඨකයන්ටත් අයිතියි - සාරංග

saranaga

සාරංගට ජනප්‍රිය නළු සම්මානය දැන් බොහොම සාමාන්‍ය දෙයක් වගේ..?

අපෝ නෑ ලැබෙන හැම සම්මානයක්ම මට බොහොම සුවිශේෂයි. විශේෂයෙන් මේ ලැබුණු සම්මානය (ලංකා ලයිව් සිනමා උළෙලේ ජනප්‍රිය නළුවා) කොහොමටත් සුවිශේෂියි. මොකද ප්‍රථම වතාවටයි මට සිනමා සම්මාන උළෙලක ජනප්‍රිය නළු සම්මානය හිමි වුණේ.

14
Mar

හේමමාලාගේ චරිතය ලැබුණේ මගේ පිනකට - ප්‍රසාදි සමරකෝන්

prasadi samarakoon

නවක ශිල්පීන් බොහෝ දෙනකු කලා ක්‍ෂේත්‍රයට යොමුවන්නේ නිරූපණ ශිල්පීන් ලෙසිනි.

වසර ගණනාවක් නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ප්‍රසාදි සමරකෝන් ද එසේ සිනමාවට එක්වූ ශිල්පිනියකි. ඇය රසික අවධානයට වඩාත් යොමුව ඇත්තේ "සිරි දළදාගමනය" චිත්‍රපටයේ හේමමාලා කුමරිය ලෙස රංගනයෙනි.

09
Mar

මේ කටහඬ මට දෙවියන් දුන්න තෑග්ගක් - ලතා වල්පොල

Latha Walpola

  • පාසල් යන කාලයෙත් ඔබ ලස්සනයිලු නේද?

ගොඩක් අය එහෙම කිව්වා. ගෙදර අයයි හැමෝමයි මට ආදරේ කළෙත් ඒ හින්ද වෙන්නැති.

  • පුංචි පුංචි හැඩ වැඩ එහෙමත් කළාද?

ඉස්කෝලෙට නම් ඒවා තහනම් දේවල්නෙ. ඒත් හැම ඉරිදාම පල්ලියට ඇඳගෙන යන්න මම්මාගෙන් මට අලුත් ගවුමක් ලැබෙනවා. ගවුමෙ එම්බේ‍රායිඩර් වැඩ කරල දුන්නෙ අක්කා. ඕවා තමයි ඉතින් මෝස්තර හැටියට තිබුණෙ.

06
Mar

හොඳම චිත්‍රපටය නිකිණි වැස්ස

nikini-wassa

Lanka Live සම්මාන උළෙලේ 2013 හොඳම තිර රචනය හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ අරුණ ජයවර්ධන ගේ නිකිණි වැස්ස චිත්‍රපටයයි.

සම්මාන උළෙලේ සෙසු ප්‍රතිපල සහ ජයාරූප හෙට පළ කෙරේ.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday276
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week425
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4670
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150223

Follow us on Facebook

Online Users

We have 44 guests online