27
Dec

සමාන්තර සිනමාවේ විදග්ධ කතිකාවක් ගොඩනැඟූ සිනමාවේදියා

wasantha-boesekara

අතිශය ජනප්‍රියවාදී ලක්ෂණවලින් බැහැරව, සිනමාත්මක ලක්ෂණ රැක ගනිමින් පොදුජන ප්‍රේක්‍ෂක විඥානය කෙරෙහිද ඉව අල්ලන්නට වෙර දරන සමාන්තර සිනමාව තුළ විදග්ධ කතිකාවක් ගොඩනැඟූ සිනමාකරුවා වසන්ත ඔබේසේකර ලෙස ලාංකේය සිනමාව තුළ සනිටුහන් වෙයි.

24
Dec

ජනප්‍රිය නළු-නිළි තරගයෙන් සුදර්ශන-සාරංග දිනක්ෂි-සෙනාලි ඉදිරියෙන්

lanaka-live-star-film-award

Lankalivestar වෙබ් අඩවිය  සහ  endless events එක්ව සංවිධානය කරන Lankalive film awrds ජනප්‍රිය නළුවා සහ නිළිය තේරීමේ තරගයෙන් ‘අබිනික්මන‘ චිත්‍රපටයේ රඟපෑ සුදර්ශන බණ්ඩාර සහ It’s a matter of love චිත්‍රපටයේ  රඟපෑ සාරංග දිසාසේකර ඉදිරියෙන් සිටින අතර ‘ඩබල් ට්‍රබල්‘ චිත්‍රපටයේ රඟපෑ දිනක්ෂි ප්‍රියසාද් සහ ‘සිරි පැරකුම්‘ චිත්‍රපටයේ රඟ පෑ සෙනාලි ෆොන්සේකා ඉදිරියෙන්ම සිටිති.

15
Dec

වසන්ත ඔබේසේකර අභිනන්දනය දෙසැම්බර් 29 දා

wasantha-boesekara

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් 75 වැනි වියට පා තබන දෙසැම්බර් 29 වැනි දින ඔහුගෙන් සිනමාවට සිදු කෙරුණු විශිෂ්ට මෙහෙ‍ය අගැයීම සදහා ‘වසත්සිරි අභිනන්දනය‘ මැයෙන් උපහාර උළෙලක් දෙසැම්බර් 29 දින ජාතික චිත්‍රපට සංස්ථා සිනමාහලේ දී පැවැත්වෙයි.

 වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව ඊළග පරම්පරාවට බලපාන්නේ කෙසේද යන මැ‍යෙන් එදින ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ප්‍රවීණ සිනමාවේදී අසෝක හදගම විසිනි.

වසන්තගේ සිනමාව පිළිබද වාර්තා චිත්‍රපටයක්ද එදින තිරගත කෙරෙන අතර එය සමන් අතාවුදහෙට්ටිගේ තිරනාටකයක් අනුව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රකට සංස්කරණ ශිල්පි රවීන්ද්‍ර ගුරුගේ විසිනි.

වසන්ත ඔබේසේකරයන් අධ්‍යක්ෂණය කළ ‘දඩයම‘ චිත්‍රපටයද  එදින තිරගත කිරීමට නියමිතය.

11
Dec

මගේ ජනප්‍රියත්වය නිසා රසිකයෙක් මැරුම් කෑවා - ජීවරාණි

jeewarani

• ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින් දැන් කොච්චර කල්ද?

අවුරුදු 40ක්ම ඕස්ට්‍රේලියාවෙ. කොහොම වුණත් අවුරුදු දෙකකට විතර වරක් අපි ලංකාවට එනවාමයි.
සිනමා ජීවිතෙන් සමුගත්තේ කොයි කාලෙද?


1973දී අන්තිමට රඟපෑවෙ ශීලා චිත්‍රපටයේ. ඒකත් බොහොම ජනප්‍රිය වුණා. ඕධය ධටටඪජඥ වාර්තා බිඳහෙළුවා.

28
Nov

යසෝධා තනිව සිටීමේ රහස

yasoda

ප්‍රවිණ නිළි යසෝධා විමලධර්ම තවමත් අවිවාකව සිටීමේ රහස කුමක්දැයි යන්න බොහෝ දෙනකුගේ කතා බහට ලක්ව තිබෙනවා. ඇය මේ දිනවල තිරගතවන ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධවනිය‘ චිත්‍රපටයේ පුණ්‍යාගේ චරිතයට සාර්ථකව පණ දෙන නිසා ඇය ගැන කතා බහත් වැඩිවී තිබෙනවා. ඇය අවිවාහකව සිටින්නේත් ‘මගේ නොවන මගේම ආදරයක්‘ නිසාද කියාත් කතාබහට ලක්ව තිබෙනවා.

26
Dec

හංසවිලේ රඟපෑම මං මුහුණ දුන්න ඇබැද්දියක් - ධර්මසිරි බණ්ඩාරනායක

dharmasiri bandaranayake

හංසවිලක් චිත්‍රපටය තිර නාටකය ලියනකොට ඒකෙ නිශ්ශංකගෙ චරිතය මා විසින්ම නිරූපණය කරන්න ඕනෑ කියලා අදහසක් තිබුණේ නෑ. ඒ චරිතයට ප්‍රවීණයකු යොදා ගැනීමේදී ලොකු මුදලක් ගෙවන්න සිදුවීම නිසා එහි නිෂ්පාදකයාගේ ඉල්ලීම පිට මං නිශ්ශංකගෙ චරිතය බාරගත්තා. ඒක ඇත්තටම මට මුහුණ දෙන්න සිදුවුණු අකරතැබ්බයක්. ඒ මං ලියූ තිර නාටකයක් මමම අධ්‍යක්‍ෂණය කරමින් මමම ඒකේ ප්‍රධාන නළුවා හැටියට රඟපාන්න බාර ගැනීම ලොකු අභියෝගයක්. එහිදී තිරනාටකයෙන් කෙරෙන විධානය වගේම අධ්‍යක්‍ෂණයෙන් ලැබෙන විධානයටත් යටත්වයි මට රඟපාන්න වෙන්නේ.

20
Dec

විජයත් විවාහ යෝජනාවක් ගෙනාවා - ස්වර්ණා කහවිට

swarana-kahawita2

• මුලින්ම රඟපෑ ‘බිනරමලී’ චිත්රපටයෙන්ම ඔබ සම්මානයට පාත්ර වුණා නේද?

ඔව්... ඒ වසරේ ‘සරසවි’ සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ මං.

14
Dec

තමන්ට අයිති නැති ආදරයක සුවඳ...

samanala sandawaniya2

ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා කියන වදනක්, හෙලූ බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හදගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටලු රේණුවක්, උදෑසන විලෙක දිලිසෙන තරු කිරණ කණිකාවක් මේ සියල්ල රන්සුනුයි. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් යටි සිතෙන් මෙවැනි අනන්ත අප්‍රමාණ රන්සුනු අවුලමු. අවුලා දිනෙක ඒවා ගෙන එකට තළා අපේම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබාගෙන සිටිමු. ඒ රන් රෝස මල කතාන්දරයක්, නවකතාවක් හෝ කවියක් වෙන්න පුළුවන්. සාහිත්‍ය නිර්මාණ උපදින්නේ මේ අගය නොමිණිය හැකි රන්සුනුවලින්" පවුස්තොව්ස්කි කොන්ස්ටාන්ටික් නම් ලේඛකයාගේ අපූරු කතාව මට මතක් කළේ ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

10
Dec

සිරිල් බී.පෙරේරා සම්මානය රමේෂ් උවයිස්ට

uwise

පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැති 37 වැනි සිග්නීස් උත්තමාචාර උළෙලේදී  ඩේලි මිරර් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මොහොමඩ් රමේෂ් උවයිස් මහතාට සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය පිරිනමන ලදී.

24
Nov

50 වසරක රංගනයට මාලිනීට එතෙරින් උපහාර

malani-fonseka

නිලි රැජිනි මාලිනී ‍පොන්සේකාගේ  වේදිකා සහ සිනමා රංගනයට 50 වසරක් පිරීම නිමිත්තෙන් ඇයට උපහාර දැක්වීමට ඔස්ට්‍රෙලියාවේ  ආසියා පැසිපික් සිනමා සම්මාන ඇකඩමිය සූදානම් වෙයි

26
Dec

හුණුවටයේ කතාව වෙනත් ඇහැකින්

hunwate

බ්‍රටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ The Chalk Circle නාට්‍ය ඇසුරින් හෙන්රි ජයසේන නිර්මාණය කළ ‘හුණුවටයේ කතාව‘ අලුත් දැක්මක් සහිතව අලුතින් නිෂ් පාදනය කිරීමට ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සූදානම් වෙයි.

නිරිඇල්ලගේ නව නිෂ්පාදනය කේරළ අන්තර් ජාතික නාට්‍ය උළෙලේ රග දැක්වීමට පෙර එහි විශේෂ දර්ශනයක් දෙසැම්බර් 29 දා රජගිරිය ජනාධිපති විද්‍යාලයීය රගහලේදී පැවැත් වෙයි.

මෙය ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයකි.

17
Dec

සිංහල සිනමාවේ තුන්වැනි කැරැලිකරුවන් යුද අධිකරණයක් හමුවට ගෙනආ යුතු ලු - අනෝමා

anoma2

අසෝක හඳගමගේ ‘මේ මගේ සඳයි‘ ප්‍රසන්න විතානගේ ගේ ‘පුරහද කළුවර ‘ විමුක්ති ජයසුන්දර ගේ ‘ සුළග එනු පිණිස‘ සුදත් මහදිවුල්වැව ගේ ‘සුදු කළු සහ අළු‘ යන චිත්‍රපට මගින් යුද සෙබලා අපකීර්තියට ලක්කොට ඇති බැවින් ඔවුන් යුද අධිකරණයක් හමුවට පැමිණ යුතු බව සිනමා හා ටෙලි නාට්‍ය නිළි අනෝමා ජනාදරී පවසයි.

13
Dec

අනෝමාගෙන් තවත් ක්ලේමෝවක්

Anoma Janadari

සම්මානනීය නිළි අනෝමා ජනාදරි තවත් ක්ලේමෝවක් පුපුරුවා හරින්නට සූදානම් වෙමින් සිටියි. ඒ ඇගේ ස්වයං චරිතාපදානයේ ඉතිරි කොටස් එළිදක්වමිනි.

29
Nov

ඒවා මගේම කඳුළු නෙවි

09

සමනල සංධ්වනිය පළමු සිනමා අත්දැකීම නේද?
ඔව්.

පාසල් කාලේ රංගනය ගැන අත්දැකීම් ලැබුවද?
ඔව්. මම පාසල් වේදිකාවේ රඟපාලා තියෙනවා.

මේ දවස්වල මොනවද කරන්නේ?
මේ අවුරුද්දේ උසස් පෙළ විභාගය කෙළේ. මේ දවස්වල ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නවා.

22
Nov

සිනමා රචනා කලාවේ තිස්ස සලකුණ

tissa-abeysekara

ශ්‍රී ලංකේය ඉතිහාසයේ සිනමාව සහ සාහිත්‍ය යන මහා කලා මාධ්‍යයන් දෙක හරහා රස වින්දනය මුල් කර ගත් දිගු අධ්‍යයන චාරිකාවක නිරත ව මහා කලාවන් දෙකෙහිම අරටුව, අතැඹුලක් සේ දැනගත් සියුම් කලාකරුවන් ඇත්නම් ඒ අතලොස්සකි.

සංස්කෘතික විචාරකයකු, සාහිත්‍යකරුවෙකු, තිර රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ඉහත කී සාහිත්‍ය සිනමා ගුණාංගවල මුල් රස අරුත් දැන හඳුනා ගෙන ඒවා මනාව සිනමාවට මුසු කළ විශිෂ්ට කලාකරුවකු ලෙස සිනමා වංශ කතාවේ සඳහන්වේ.

More Articles...

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday637
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week637
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12200
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099291

Follow us on Facebook

Online Users

We have 121 guests online