06
Jul

ඔබ නැතුව ඔබ එක්ක ඩී වී ඩී තැටිය දැන් වෙළෙඳපොලේ

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ  නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටයේ සංයුක්ත තැටිය දැන්  වෙළෙදපොළට නිකුත්කොට ඇත. 

27
Jun

සිනමා කතිකාව 30දා තරංගනියේ


‘සිනමාව සහ පවුල- ඇතුළෙ ඒවා ඇතුළෙ තියන් පිට ඒවා පිටට දීම‘ මැයෙන් සිනමා කතිකාවක් ජූනි 30 දා සවස3.30ට ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වෙයි.

13
Jun

‘ ඇගේ ඇස අග‘ දැන් ලිඩෝ සහ රීගල් සිනමා ශාලාවලට අමතරව අන්තර්ජාලයෙන්

'ඇගේ ඇස අග'. දැන් කොළඹ රීගල් සහ ලිඩෝ සිනමා හල් වල සවස 04:30 ටත් රීගල් සිනමා හලේ සති අන්තයේ රාත්‍රී 10:00 ට විශේෂ දර්ශනයකුත් තියෙනවා. තවද. ශාලාවලින් සෙමින් ඉවත් වන 'ඇගේ ඇස අග' දැන් ඔබේ අතේ දුර TV එකට, මේසේ උඩ desktop එකට, උකුල උඩ Laptop එකට, අත්ල මත smart-phone එකට පැමිණෙනවා. එහි පළමු පියවර ලෙස ලොව හතර දිග්භාගයේ ප්‍රේක්ෂකයින්ට ට දැන් ඇගේ ඇස අග’ www.cinemasofsrilanka.com හරහා අන්තර් ජාලයේ නරඹන්න පුළුවන් අවස්ථාව උදා කෙරෙනවා.

04
Jun

හොඳම නළුවා රොෂාන්- හොඳම නිළිය මේනකා- ජනප්‍රිය නළුවා සාරංග- ජනප්‍රිය නිළිය ශලනි තාරකා

ඊයේ (3) නෙළුම්  පොකුණ රඟහලේදී පැවැති රයිගම් ටෙලි සම්මාන උලෙළේදී 2015 වසරේ හොඳම නිළිය  ලෙස මේනකා  පීරිස් (සත් පතිනි) හොඳම නළුවා ලෙස රොෂාන් රවීන්ද්‍ර (දස්කොන්) සම්මාන  දිනූහ.

31
May

ඇගේ අැස අග විචාර කතිකාව 7දා

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හදගම ගේ නවතම සිනමා නිර්මාණය   "ඇගේ ඇස අග" පිළිබඳ   විචාරාත්මක කතිකාවතක් ජුනි 07 ප.ව 3.00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

27
Jun

15 වසරකට පසු කපිල කරළියට

ප්‍රවීණ නාට්‍ය වේදියකු- නවකතාකරුවකු- කෙටිකතාකරුවකු  වන කපිල කුමාර කාලිංග  වසර 15 කට පසු ‘බැංකු වීරයා‘ මැයෙන් වේදිකා නාට්‍ය යක් නිර්මාණය කරන්නට සූදානම්වෙයි.

20
Jun

තනිකඩ ජීවිතේ හරිම සාමකාමියි- යශෝධා විමලධර්ම

වසර 25 ක් පුරා කලා ක්‍ෂේත‍්‍රය තුළ රැඳෙමින් විශිෂ්ට චරිතාංග නිළියක ලෙස නමක් දිනා ගනිමින් ඉතා යහපත් කලා දිවියකට උරුමකම් කීමට සමත් වූ ඇය තමාට රඟපාන්නට ලැබුණූ සෑම චරිතයකටම තම නිසර්ග වූ රංග කුසලතාවයන් මනාව හසුරුවමින් පේ‍්‍රක්‍ෂක විචාරක දෙපාර්ශ්වය තුළින්ම ඇගයීම්වලට නිරන්තරයෙන් ලක් වූවාය. ‘හිරු දහස’ වේදිකා නාට්‍යය තුළින් රංගනයට අත් පොත් තබා මේ වන විට විකාශනය වන ජැක්සන් ඇන්තනීගේ ‘සී රජ’ දක්වා ඉතා විශිෂ්ට රංග ප‍්‍රතිභාවන් ප‍්‍රකට කළ මේ කතා නායිකාව වන්නේ සුරූපී යශෝධා විමලධර්මයි.

07
Jun

සාක් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය කෞශල්‍යා

ඊයේ(6දා) තරංගනී සිනමා ශාලාවේදී පැවැති සාක්  චිත්‍රපට උළෙලේදී 2015 වසරේ හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ) සම්මානයෙන් පිදුම් ලැබුවාය.

03
Jun

ඇගේ ඇස අග ගිනි පුපුරු

ඔබ විවාහක පුරුෂයෙක්ද? එසේනම් ඔබේ කුටුම්භයේ අංශු මාත්‍රයක් ‘ඇගේ ඇස අග‘ ඇත .

ඔබ විවාහක කාන්තාවක්ද? එසේනම් ඔබේ කුටුම්භයේද  අංශු  මාත්‍රයක් ‘ඇගේ ඇස අග‘ ඇත.

ඔබ අසම්මත ප්‍රේමයක මැදිවූ විවාහක පුරුෂයෙක් නම් ඔබේ ජීවිතයේ අංශු මාත්‍රයක්ද ‘ඇගේ ඇස අග ‘ ඇත.

27
May

අපේ සංස්කෘතිය, සදාචාරය සහ අපේ විදිහ හදන්නේ ‘තහනම’ විසින්

සිනමාවේදී අශෝක හඳගම සුපුරුදු පරිදි ලාංකේය ප්‍රේක්ෂකාගාරය නමැති දෙබරයට යළි ගල් ගසා ඇත. එයින් ප්‍රේක්ෂකාගාරය කිසියම් කැළඹීමකට ලක්ව ඇති සෙයකි. ආන්දෝලනාත්මක ඔහුගේ සිනමා භාවිතය බොහෝ විට ප්‍රේක්ෂකයා ප්‍රකම්පනය කරවන සුළුය. ඒ ප්‍රකම්පනය හරහා ඇතිවන තිගැස්ම ප්‍රේක්ෂක විඥාණය විනිවිද යන්නේ හීයක වේගයෙනි.

ඇගේ ඇස අග  නමැති හඳයාගේ නවතම චිත්‍රපටය ඔහු තනා ඇත්තේ ද එකී ආස්ථානය මත පිහිටා බව පෙනෙන්නට තිබේ. එය මේ වන විට පුළුල් සමාජ කතිකාවක් බවට පත්වෙමින් ඇත. හඳයා මෙසේ අප සමඟ සංලාපයට එක් වන්නේ ද ඇගේ ඇස අගපිළිබඳ වෙනස් මානයකින් සිය මාතවාදයන් ගෙන හැර පෑමටය.

27
Jun

අමිලා නදීෂානිගෙන් නවකතාවක්

ජනප්‍රිය ගායන ශිල්පී අමිලා නදීශානි නවකතාවකින් රසිකයන් අමතන්නට සූදානම් වෙයි

15
Jun

ප්‍රසන්නලාගෙන් ප්‍රශස්ත කාර්යයක්

ප‍්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර ඇතුළු පිරිසක් අලූත් කටයුත්තකට මුල පුරා ඇති බව ආරංචියි. එනම් ලංකාවේ සාමාන්‍යයෙන් ප‍්‍රදර්ශණය නොකෙරෙන සම්මානනීය විදෙස් සිනමා නිර්මාණ ගෙන්වා ප‍්‍රදර්ශණය කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමයි. මේක ඉතා අගය කළ යුතු කටයුත්තක්.

04
Jun

ප්‍රියන්තගේ ආදරණිය කතාව 10 දා සිට

ප්‍රියන්ත කොළඹ ගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ‘ආදරණිය කතාවක්‘ ජූනි 10 දා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවෙයි.

01
Jun

රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය 3දා

 

12 වැනි රයිගම් ටෙලි සම්මාන ප්‍රදානොත්සවය ජූනි 3 දා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි.

27
May

නූතන ලාංකීය සිනමාවේ ආරම්භය දෙලොවක් අතරට පනස් වසරයි

්කොළඹ මහ බැංකුවේ ගොඩනැඟිල්ල ඇතුළු නිශ්චල ඡායාරූප රාශියක කෙළවර අප යොමු වනුයේ සම්පූර්ණයෙන් විකල රූපයකටය. එයින් පසු කොළඹ විශාල ගෘහයන් සපිරි මාවතක් දිගේ සයිකලයක් පැදගෙන එන්නෙකි. ඔහු සමඟ වත්තකට ඇතුළු වන කැමරාව මේ හාදයා පුවත්පත් අලෙවි කරන්නෙකු බව පෙන්වයි. ඔහු විසින් වීසි කරනු ලබන පුවත්පත නිවසක වසා ඇති දොර ළඟ වැටෙයි.

ගේ ඇතුළේ සිටින මැදිවියේ ගැහැනිය තේ ට්‍රොලියක තබාගෙන එන්නේ සැමියාටය.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday118
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1395
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6857
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966126

Follow us on Facebook

Online Users

We have 62 guests online